IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘‘පරිසරය විනාශ කිරීමේ වගකීම අරගෙන ඇත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්‘‘ - ජනපති

(කුෂාන් ජයවර්ධන)

ඇතැම් දේශපාලඥයින්ගේ ආශිර්වාදය මැද ගෙවුන වසර 50-60 තුළ මෙරට සිදු කර ඇති බරපත, පරිසරය විනාශය නිසාම තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පරිසර අමාත්‍යංශය බාර ගැනීමට හේතු වූ බව ජනාධිපති මෛත‍්‍රSපාල සිරිසේන මහතා පැවැසීය.

දකුණු ආසියාවේ පිහිටි විශාලතම රෝස තිරුවානා නිධිය පිහිටි  ගල්කිරියාගම ජාතික නාමල් උයනේ අද (26) පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයන සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් එහි අභීනවයෙන් ඉදිවන භාවනා මධ්‍යස්ථානයේ කටයුතු ඇරඹීමත් වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබිණ.

ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධානය කර තිබිණ.

එහිදී අදහස් දැක්වූ ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීය.

 ‘‘පරිසරය විනාශ කිරීමේ ප‍්‍රධාන වගකීම අරගෙන ඇත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්. ඔවුන් තම බලය පාවිච්චි කරල තමාගේ ගෝල බාලයින් සම`ග පහුගිය වසර 50-60 ඇතුලත මෙරට කරලා තියෙන ස්වභාවික සම්පත් විනාශය ජාතියේ අවාසනාවක්.

අපේ රටේ වන ඝනත්වය තිබෙන්නේ 28-29 පමණ. අපේ රටේ වසරකට වරක් 1.5ක් පමණ වනන්තර විනාශ වෙනවා. රටේ තිබෙන ජලමූලාශ‍්‍ර ජල උල්පත් සියල්ල විනාශ කරන්න වගේම අහසින් වැටෙන වැසි බිදු අපට නොලැබෙන්නත් කරන මහා පාපකර්මයක්. ඒ නිසා අප සෑම විටම අපේ ස්වභාවික සම්පත් රැක ගත යුතුයි.

මම රටේ ජනාධිපතිවරයා ලෙස බලයට පත්වූ අවස්ථාවේ මට යෝජනා කළා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ලැබෙන ආරක්ෂක අමාත්‍යධූරය අමතරව රටේ සංවර්ධනය සඳහා ගන්න කැමැති  ඕනෑම අමාත්‍යංශයක් ගන්න කියලා. ඒ යෝජනාව කරපු වෙලාවේ මම එක තත්ත්පරයක්වත් පසු බාන්නේ නැතිව මම කිව්වේ ආරක්ෂක අමාත්‍යංශයට අමතරව මට පරිසර අමාත්‍යංශය ලබා දෙන්න කියලා.

මම එහෙම ඉල්ලූවේ මම දැක්කා ඊට පෙර මේ රටේ ස්වභාවික සම්පත් විනාශ කරන්න මොන තරම් දේශපාලන බලයේ ආශීර්වාද ලැබුණද කියලා.

ඔබ දන්නවා පසුගිය වසර 3-4 ගත්තම මේ ප‍්‍රදේශය වගේම අපි බරපතල නිය`ගයකට මුහුණ දුන්නා අපිට සහල් පිටරටින් ගේන්න සිද්ධ වුණා. මේ පැත්තේ අවුරුදු 3-4ක් නිය`ගය අනික් පැත්තේ ගංවතුර ඒ තත්ත්වයන්ට ප‍්‍රධාන වශයෙන් හේතුව අපේ ස්වභාවික සම්පත් විනාශ කර තිබෙන එක.

වනන්තරය මහ ගල්පරුවත පස් කපලා වැලි ගොඩදාලා ඒ සියල්ල පහුගිය අවුරුදු 50කට වැඩි කාලයක් විනාශ කිරීමේ ප‍්‍රතිපලයතමයි අපි අද අත්විදින්නේ.  

මම පරිසර සංරක්ෂණය සඳහා යුද ,නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාවම යොදවලා තියෙන්නේ. රටේ වනාන්තර විනාශ කරනවද ගස් කපනවද කියන සිය`ථ තත්ත්වන් අධිතාක්ෂනය යොදා ගෙන ගුවන් හමුදාව මගින් නිරීක්ෂණය කර මට වාර්තා කරනවා. ඊට අමතරව සියලූ වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න යුද හමුදාවට බලය පවරලා තියෙනවා. අපේ  දැව ඇතුලූ ස්වභාවික සම්පත් රටෙන් එළීයට ගෙනයනවද කියලා නාවික හමුදාව මගින් නීරීක්ෂනය කරනවා.

පළමු වතාවට තමයි ත‍්‍රීවිධ හමුදාව මේ රටේ පරිසර සංරක්ෂණයට ගස කොල ඇල දොළ මහපොලොව සතා සිව්පාවා රකින්න පාවිච්චි කරලා තිබෙන්නේ. මම ඉතාම සතුටු වෙනවා අපේ ත‍්‍රිවිධ හමුදාව යුද්ධ කරන්න වගේම මේ රටේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න ඉහළම දක්ෂකම් පෙන්වමින් බොහොම කැප කිරීමක් කරනවා.

පොලිසිය ඇතුලූ ආරක්ෂක අංශ මේ සඳහා කරන කැප කිරීම ඉතාමත් විශිෂ්ඨයි.

ගුවන් හමුදාපතිතුමා සති දෙක තුනකට වතාවක් මට එවන වාර්ථාව යම් කිසි ප‍්‍රදේශයක වනය විනාශ කරන බවක් පෙන්නුම් කරනවනම් ඒ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මම දන්වනවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වහාම ගන්නැයි කියලා.

රටේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න විවිධ ආයතන රැසක් තිබියදී ත‍්‍රිවිධ හමුදාව මේ සඳහා යෙදෙව්වේ මෙහි තිබෙන වැදගත් කමත් සමඟ හෙට දවසේ දරුවන්ට යහපත්වූ රටක් සමාජයක් ගොඩ නගන්නයි.

ඊට අවස්ථාව ලැබෙනුයේ අනූන වූ ස්වභාවික සම්පත්වලින් සපිරි මේ සුන්දර වූ රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කලොත් පමණයි.

අතීත රජදවසේ 4වන දප්පුල රජතුමා විසින් නාමල් උයන ඇති කිරීම සඳහා එතුමාගේ කාලයේ කටයුතු කළ බවක් දැක්වෙන සෙල් ලිපි පවතින බව මට දැනගන්න ලැබුණා. ඒ නිසා මේ සියල්ල අපි ආරක්ෂා කළ යුතුයි.

බුදුන් වහන්සේලා බුද්ධත්වය ලබන්න සිය සෙවනට ගත්තේ නා ගසක් බෝ රුඛක්. මගේ මතකයේ හැටියට බුදුන් වහන්සේලා වැඩි පිරිසක් බුද්ධත්වය ලබන්න සෙවන ලෙස යොදාගෙන තිබෙන්නේ නා ගස. එවන් වූ නා ගස්වලින් පිරි ජාතික නාමල් උයන රැකගන්න රාහුල හිමියන් කළ අති මහත් කැප කිරීමට ජාතියේම ගෞරවය උන්වහන්සේට හිමිවනවා. රටට ආදරය කරන සෑම කෙනෙකුගේම ගෞරවය ඔබ වහන්සේට පිරිණැමෙනවා.‘‘ යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අනුරාධපුර දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ යන මහත්වරුන් ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා මෙන්ම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් රැසක්ද මහ සංඝරත්නය ද මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුලූ  රාජ්‍ය ආයතන සක ප‍්‍රධානීහු ද විදේශීය ආරාධීතයින් රැසක් ද එම අවස්ථාවට එක්වූහ.



අදහස් (2)

‘‘පරිසරය විනාශ කිරීමේ වගකීම අරගෙන ඇත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්‘‘ - ජනපති

Raveendra Friday, 27 July 2018 05:11 AM

දේශපාලඥයින් විසින් කිසිවිට කිසිදින තම උපන් මවුබිමේ සම්පත්, පරිසරය හෝ දියුණුවට ඇති මංමාවත් විනාශ නොකරන්නෝය. රටේ මුල් පුරවැසිය විසින් " දේශපාලුවන්ට " වැරදි අර්ථකතනයක් දීමෙන් අපගේ මෙන් ඔබගේත් මවුබසට නිගරුකර ඇතිබවක් කනගාටුවෙන් උවද කිවයුතුය. රටේ මුල් පුරවැසියාට මෙන් අනෙකුත් පුවවසියන් සැමගේ දැනගැනුම සදහා දැනුම වර්ධනය කර ගැනීම සදහා "දේශපාලඥය" යන වැදගත් වචනයේ නියම අර්ථය නැවත්ත මෙසේ සදහන් කිරීමට කැමැත්තෙමු. "දේශපාලඥය" යනු තමන් උපන් මවුබිමේ ආරක්ෂාව, දියුණුව, රටවැසියන්ගේ සුබ සිද්දිය හා පැවැත්ම වෙනුවෙන් දුරදිග බලා ඥනාන්විත ලෙස නිර්බිතව ,ඍජුව තීන්දු, තීරණ ගන්නා පුරවැසියන්ටය.අද අප රටේ 225 න් කීදෙනෙකු මෙම වැදගත් වචනයට අදාළ වන්නේද යන්න අප සැම " මුසල පක්ෂ, පාටවලින් තොරව " අපගේ සිත්වලට එකගව සිතා බැලීමෙන් අපටම"දේශපාලඥය" යනු කවුරුන්ද යන්න වටහා ගැනීමට එතරම් අපහසු නොවන්නේය.

:       0       37

THILAK Sunday, 05 August 2018 09:26 AM

ඔබතුමාත් අවුරුදු 40ක් තුළ මේවට වගකීම බාරගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6174 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 227 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site