IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.

ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.

“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්‍ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.

මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්‍ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.

එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්‍ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්‍ෂයක්.

අපි ඒ පක්‍ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්‍ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.

අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්‍ෂ දෙකේ අය ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.

අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්‍ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්‍ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්‍ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.

මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්‍ෂා විය යුතුයි. අපි මෙතැන පක්‍ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමාන අදහස් ඇති පක්‍ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්‍ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්‍ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්‍ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.

“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්‍ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්‍ෂයක්. ඉන්පසු වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්‍ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්‍ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්‍ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ලබාදුන්නා.

අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්‍ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්‍ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.

මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න ආරක්‍ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්‍ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්‍ෂය ආරක්‍ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි.
 
ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.

ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්‍ෂිකයින් අපි පක්‍ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්‍ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්‍ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.

මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්‍ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්‍ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි.
 
දැන් අපි අපේ පාක්‍ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්‍ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්‍ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්‍ෂ 50ත් ලක්‍ෂ 15ත් එකතු වී ලක්‍ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්‍ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.

නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.

ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (6)

“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“

Chathuri Friday, 11 October 2019 12:07 PM

මේ ටික කොන්ඩේ බැදපු රාජපක්ෂලාටම හොඳයි , රට ජනතාව ගැන හිතුවනම් ,රටේ දේපල මුදල් හොර කන්නේ කොහොමද . මල් වානේ ඉඩමේ රබුටන් තියෙනවද . මේද සැරේ පැරදුනාම තමුන්ට නම් ඇමරිකා යන්න පුළුවන්. ඇග තැලෙන්න කලින් ගෝටා කොහෙද යන්නේ , අර හදපු සොහොනේ , මුළුතැන්ගේ ,නිදන කාමර එහෙම ඇති නේද ,. වියදම් කරපු විදියට , එකතු වුන පක්ෂ දෙකෙන් කි දෙනකුට කොන්දක් තියෙනවද . කොන්දක් තියෙනවනම් පොහොට්ටුවට එකතු වෙයිද . අවුරුදු ගානක් පවත ගෙන ආපු පක්ෂය , මයිත්‍රී ,මහින්දයි ,දෙන්නම එල්ලෙව්වනම් ශ්‍රී ලංකා පක්ෂය. ගොඩ දාගන්න පුළුවන් , කොන්දක් නැති ,අවංක පපුවක් නැති දෙන්නෙක් මුලසුන දරුවම පක්ෂයක් කඩා විසිරෙනවා , රනිල් මහතාගෙන් උපදෙස් ගන්න , ඉවසීමට හොඳ බෙහෙත් ඇති, මහින්දට ඉවසීම දෙයක් ලැබෙනකම් ඉන්නේ නැහැ ඉවසීම නැතිනිසා..., මෙවර අනිවාර්යයෙන් පරදිනවා. ඊටපසු, රාජපක්ෂලා, සිරිසේනලා ඉල්ලා අස්වෙයි. අනිත් සාමාජිකයින්ට මෙය බාරදෙන්න. ඒ කට්ටියගේත් කොන්ද පණ තියෙන අය පමණයි...

:       1       314

vidya Friday, 11 October 2019 06:59 PM

ඇමරිකාවට වීරවන්සල වගේ සට්ටම්බියන් බැන්නට වැඩේ ගෙනියන්නේ ඇමරිකන් පුරවැසියෝ ටිකක් . ඒ ගොල්ල දිනුම් පැරදුනත් දිනුම්. අපි තමයි කෝච්චිවල පුඩ් බෝර්ඩ් වල එල්ලිලා යන්නේ . ළමයිනේ බලපල්ලා චන්දෙ ඉල්ලන හැම එකාගෙම වතගොත . රාජිතල . ගෝටල අසනීප වෙනකොට යන්නේ සිංගප්පුරුවට . අපි උඹලට පැනඩෝල් පිහිට තමයි. ඇවිල්ල අපිට බන දේශනා කරනවා.

:       0       0

Truth Behind Saturday, 12 October 2019 12:29 AM

මෙයා කියන්නේ මෙයාට අසාධාරනයක් වෙන්නේ නෑ කියල ඒ කියන්නේ හොරකම් කරපුවට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියල

:       0       307

Rata Perata Saturday, 12 October 2019 07:45 AM

අනේ හොරෝ. අපිව අමනුස්සයෝ කරන්නේ නැතුව ඉන්නවා.

:       0       280

vidya Saturday, 12 October 2019 07:14 PM

මෙය නේද ගණන් හිලව් පියවන්නේ නැතිව පෑල දොරෙන් ඇමරිකාවට පැන්නේ ?

:       0       270

amith - negombo Sunday, 13 October 2019 03:57 PM

ජනාධිපතිවරණයට ඔබලටවත් කොල පාටටවත් ඡන්දය දෙන්න වහල් ගෝත්‍රිකයින් මෙහෙ නැහැ. දකුණේ හැර. අපි ඔක්කොම එකතුවෙලා මහේෂ් සේනානයකව බලයට ගේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 571 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 783 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6317 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 732 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site