IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පොහොට්ටුවේ ප්‍රචාරයට ජී.එල්.ගේ රුව යොදා නොගැනීම කනගාටුවක්

(රංජන් කස්තුරි)

 පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ රුව යොදානොගැනීම ගැන තමා කනගාටුවන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

මහාචාර්යතුමා කණ්ණාඩි පැළැඳ සිටින අලංකාර ඡායාරූපයක් ප්‍රචාරණ කටයුතුවලට යොදා ගත්තේනම් ඡන්දදායකයින්ට එය වැදගත් වනු ඇතැයි ඇමැතිවරයා කීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම ඒ අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා ඒවාට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- දයාසිරි ඇමැතිතුමනි, ඔබ තුමාගේ ගුරුතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා. එතුමාගේ පක්‍ෂයට වෙනත් නායකයන්ගේ ඡන්දය යොදා ගැනීම ගැන අදහස මෙකක්ද?

දයාසිරි ජයසේකර මහතා

අපටත් තියෙන කනගාටුව ඒකම තමයි. බලන්න කොච්චර ලස්සනද කණ්ණාඩි දෙකක් දාලා මහාචාර්යතුමා ඉන්න ලස්සන පින්තූරයක්  දැම්මානම් කොච්චර හොඳද?

ප්‍රශ්නය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අයිති කුමන පක්‍ෂයටද?

රාජිත සේනාරත්න මහතා

කිසිම පක්‍ෂයකට අයිති නැහැ. එයා රිටයර්ඞ් නිකම්ම නිකම් මන්ත්‍රීකෙනෙක්. ඒවගේ 225 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

දයාසිරි ජයසේකර මහතා:-

ඇත්තටම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක්. ශ්‍රීලනිපයට අනුශාසකවරු හතර දෙනෙක් ඉන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්‍ෂ මහතා, දි.මු. ජයරත්න මැතිතුමා සහ චමල් රාජපක්‍ෂ මැතිතුමා.

ඒ වගේම හිටපු නායකයින් වන බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපේ පක්‍ෂයේ හිටපු නායකයෝ. අපි එම නායකයින්ගේ ඡායාරූප භාවිත කරනවා. කවුරු හරි ඒකට අකැමැතිනම් පක්‍ෂයට ලිඛිතව දැනුම් දුන්නොත් අපට ඉල්ලීම සලකා බලන්න පුළුවන්.

ප්‍රශ්නය- නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා කියනවා ඒ අයගේ ආණ්ඩුවක් යටතේ එෆ්.සී.අයි.ඩීයේ නිලධාරීන් විදේශ සංචාරවලට වියදම් කළ මුදල් ගැන සොයා බලනවාය කියා.

රාජිත සේනාරත්න මහතා

ඔව්.ඔව්. නාමල් මන්ත්‍රීතුමාද? එතුමාට බය ඇති ඩුබායි ගිහින් බැංකු ගිණුම් ගැන සොයානවාට. සොයා බලන්න ඕනේ ආණ්ඩුවක් ගත්තොත්නේ. ආණ්ඩුවක් ගන්න ඉන්න එපායැ. හෙට අනිද්දාම පිළිතුරු ලැබේවි. ඩුබායිවල බැංකු ගිණුම් සොයනවාට නාමල් බය ඇති. තවත් සමහරුත් බයයි එෆ්.සී.අයි.ඩී ය රටගිහින් කාගේ ගිණුම්ද සොයා ගත්තේ කියලා මේ අයට බය ඇති. පුතාගේ ගිණුම් ද, ලේකම්ගේ ගිණුම් ද මන්ත්‍රීගේ ගිණුම් ද එහෙමත් නැත්නම් සභාපතිගේ ගිණුම් ද කියලා දැන ගන්නකම් මේ අයට ඉවසිල්ලක් නැතිව ඇති.

ප්‍රශ්නය:-මේ ආණ්ඩුව දෙසැම්බර් මාසෙන් ඉවර කරනවා කිව්වා. ඊට පස්සේ තව අවුරුද්දක් දිග් කරනවා කිව්වා. මොකක්ද ඇත්ත කතාව.

දයාසිරි ජයසේකර මහතා

අපි පෙබරවාරි දහය දක්වා මේ විදියට යනවා. ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ තීන්දුවක් ගන්නවා. අපි ඡන්දයට හොඳින් මුහුණ දෙනවා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කිසිදු අසාධණයක් කරන්නේ නැහැ. පාක්‍ෂිකයින්ගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි හොඳ තීන්දුවක් ගන්නවා.

රාජිත සේනාරත්න මහතා

මුකුත් වෙන්නේ නැහැ. අපි මේ විදියට 2020 දක්වාම යනවා. ඊට පස්සේ බලනවා 2025 වෙනතක් යන්නේ කොහොමද කියලා. ජනාධිපතිතුමාත් කිව්වා  2020 වෙනකන් මේ ආණ්ඩුව යනවා කියලා.

ගයන්ත කරුණාතිලක මහතා

නායකයෝ දෙන්නම ඒ ගැන ප්‍රකාශ කළා. අගමැතිතුමා කිව්වා 2020 වෙනකන්ම මේ ආණ්ඩුව මේ විදියට යනවාය කියලා.



අදහස් (10)

පොහොට්ටුවේ ප්‍රචාරයට ජී.එල්.ගේ රුව යොදා නොගැනීම කනගාටුවක්

anura Thursday, 04 January 2018 02:30 PM

ඔබතුමාට පැවැරී ඇති විෂයන් වල සියළු ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගෙන ඊට පස්සේ පොහොට්ටුවේ ඇති පිංතූරය ගැන සොයන්න. පොහොට්ටුවේ ඇති පිංතූරය ඔබතුමන්ලාට දැවෙන ප්‍රශ්ණයක් උවත් ඒක මහජනතාවට ලොකු දෙයක් නොවෙයි.

:       0       157

බන්ඩා Friday, 05 January 2018 03:31 PM

අහක තිබෙන පෙහොට්ටුවකට හොට දාන්නේ නැතුව පැනලා වැඳලා බදා ගත්ත ක්‍රීඩාව ගැන බලාගන්න...

:       0       166

රාජුන් Saturday, 06 January 2018 08:23 AM

මට හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. ඇයි මේ දේශපාලකයෝ ඔක්කොම කතා කරනකොට අත් දෙක උඩරට නැටුමක් නටනවා වගේ හදාගන්නේ?

:       0       38

senewi Sunday, 07 January 2018 05:22 AM

එජාපෙන් පැනල ආපු අය තමයි අද ශ්‍රීලංනිපෙ අයිති කාරයෝ වෙලා තියෙන්නේ

:       0       72

Kerstin ranasinghe Sunday, 07 January 2018 03:28 PM

කළ යුත්ත, නොකළ යුත්ත මොකක්ද කියලවත් අපේ රටේ දේශපාලකයෝ දන්නේ නැහැ. ලෝකයේ අපි කොහෙද ඉන්නේ කියලා කිසිම දැක්මක් නැහැ...

:       0       12

sunil Monday, 08 January 2018 07:22 AM

අර ඉස්සර බෙරයක් එක්ක කොළඹ ටවුමේ නටපු පින්තුරේ දැම්මා නම් නියමයි. ජී.එල්ගේ පින්තූරේ වෙනුවට....

:       0       3

siri Monday, 08 January 2018 09:28 AM

දයාසිරි මහත්තයෝ, හරියට ඉගෙන ගෙනම බැලුවානන් ඊට වඩා හොදයි නේද? ඒ ෆොටෝ එක දාන්න කිව්වා නම් ... එතකොට ජනතාවට කුමක් හරි කරන්න පුළුවන්...

:       0       2

asanga Sunday, 14 January 2018 05:12 AM

බලමු

:       0       0

rocky Monday, 15 January 2018 02:57 AM

මාර අදහසක්! ජී.එල්.පිරිස් මහත්තයාගේ පින්තුරේ බැනර් වලට දැම්මා නම් පොහොට්ටුව කපෝති!

:       0       0

wijesundara france Tuesday, 16 January 2018 09:29 PM

අර ලසිත් මාලිංග කියපු කතාව හරියි වගේ !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 747 7

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 981 20

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6782 3

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 809 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2041 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3748 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site