IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


පළමු ජනපතිවරණයේ මතක සටහන්


 

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.

 
1978 අගෝස්තු මස 16 වැනි දින පාර්ලිමේන්තුවේදී හයෙන් පහක වැඩි ඡන්ද බලයකින් සම්මත කර ගත් ‘‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’’ අනුව ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රථම ජනාධිපතිවරණය ද මෙයයි
 
එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව, ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයේ ජී.ජී. පොන්නම්බලම්, නව සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර යන මහත්වරු සිය නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්දානන්ද ද සිල්වා මහතා වෙත භාර දුන්හ.
 
එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රථම ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ 1977 ජූලි 21 වැනි දින පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ලබාගත් හයෙන් පහක පාර්ලිමේන්තු බලය ද සහිතවය.
 
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ‘‘යූ.ඇන්.පී. විරෝධී පොදු අපේක්ෂකයෙක්’’ යන කතිකාව රට තුළ ගොඩනැඟී තිබුණි.
 
1980 ඔක්තෝබර් 16 වැනි දින විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශය මත පාර්ලිමේන්තු සම්මතයෙන් ලොව ප්‍රථම අගමැතිනිය වූ අත්තනගල්ල මන්ත්‍රිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය සත් වසකට අහෝසි කොට ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලදී.
 
1980 ජූලි මහා වැඩවර්ජනය හදිසි නීති යොදා පුවත්පත් පාලනයක් ඇති කොට මර්දනය කරමින් දහස් ගණන් සේවකයන් රැකියාවලින් නෙරපා සිය අනුගාමිකයින් රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවලට අනුයුක්ත කරන ලදී.
 
මෙම කරුණු නිසාම පොදු ජනතාව තුළ ආණ්ඩු විරෝධයක් විපක්ෂය විසින් ගොඩනගන ලදී.
 
 
ජේ.ආර්. හෙක්ටර් සමග රෝහණ විජේවීර මැතිවරණ කාර්යාලයේදී
 
ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේදභින්න වී දැඩි අර්බුදයකට ලක්ව තිබුණි. පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමිවීම නිසා ප්‍රජා අයිතිය අහෝසි කෙනෙකුගේ නායකත්වයෙන් ගන්නා තීරණවල වලංගුභාවය ගැන පක්ෂය තුළ දැඩි මතගැටුම් ඇති විය. ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් දහතුන් දෙනෙක් මැතිනියට එරෙහිව නැගී සිටියහ. ශ්‍රී.ල.නි.ප. නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක හා මැතිනියගේ එකම පුත් අනුර බණ්ඩරනායක මහත්වරු මෙහි මූලිකත්වය ගත් අතර, පක්ෂයේ බෙදීම් උග්‍රවීම නිසා අධිකරණය හමුවේ පක්ෂයේ අයිතිය ගැන නඩු කියා ගත්හ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එජාප ආණ්ඩුව ශ්‍රීලනිප මූලස්ථානයට සීල් තැබීය.
 
ල.ස.ස.ප. නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ‘‘ඒකාධිපති වියරුව පරදවමු’’ මැයෙන් රට පුරා රැස්වීම් සංවිධානය කරමින් ජනතාව දැනුවත් කළ අතර, ඔහුගේ දේශපාලන ජීවිතයට පනස් වසක් සපිරීම වෙනුවෙන් විශේෂ උපහාර රැස්වීම් මාලාවක්ද සංවිධානය විය. ජනතාව අතර යූ.ඇන්.පී. විරෝධී පොදු අපේක්ෂකයා කොල්වින් බවට මතයක් ගොඩනැගිණි.
 
ජනතා විමුක්ති පෙරමුණ හා සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශයට පත් කොට තිබූ අතර, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණය වර්ජනය කරන බව ප්‍රකාශ කළේය.
 
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට සතියක් දෙකක් ගෙවී යත්ම පොදු අපේක්ෂක කතිකාව බිඳ වැටිණි. යූ.ඇන්.පී. විරෝධී අපේක්ෂකයන් පස් දෙනක්ම වෙන් වෙන්ව තරග කළහ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වටා ගොනුවෙමින් පැවැති යූ.ඇන්.පී. විරෝධී බලවේගය ශ්‍රීලනිප අපේක්ෂකයා  වටා එක්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ශ්‍රීලනිප අපේක්ෂකයා දිනවීමට පෙරමුණ ගත්තේය.
 
1982 ඔක්තෝබර් 20 වැනිදා ජනාධිපතිවරණය පැවැති අතර, ඡන්දදායකයන් 65,22,1147ක් සිය ඡන්දය පාවිච්චි කොට තිබුණි.
 
මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකින් විසි එකකම එජාප නායක ජේ.ආර්.  ජයවර්ධන මහතා ජයග්‍රහණය කොට තිබුණි. යාපනය දිස්ත්‍රික්කය ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජයගෙන තිබුණේ මැතිවරණය වර්ජනය කරන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියදීය.
 
සමස්ත ඡන්ද ප්‍රතිඵලය මෙසේ විය.
 
ජේ.ආර්. ජයවර්ධන එජාප 34,50,811
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී.ල.නි.ප. 25,48,438
රෝහණ විජේවීර ජ.වි.පෙ. 2,73 428
කුමාර් පොන්නම්බලම් ස.ල.ද්‍ර.ස. 1,73934
ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා ල.ස.ස.ප. 58531
වාසුදේව නානායක්කාර න.ස.ස.ප. 17005
 
මෙම මැතිවරණ ප්‍රතිඵල මත සියයට 52.91ක ප්‍රතිශතයක් ජේ.ආර්. ජයවර්ධන මහතා ලබා තිබිණි.
 
1982 ඔක්තෝබර් 21 දින සවස කොළඹ නව නගර ශාලාවේදී ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කෙරුණි.
 
ජයග්‍රාහී අපේක්ෂක ජේ.ආර්. ජයවර්ධන මහතාට අමතරව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන අවස්ථාවට පැමිණ සිටියේ එකම පරාජිත අපේක්ෂකයෙකි.
 
ල.ස.ස.ප. ප්‍රධාන ලේකම් බර්නාඩ් සොයිසා මහතා සමග පැමිණ සිටි ඔහු ල.ස.ස.ප. අපේක්ෂක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය.
 
මැතිවරණ කොමසාරිස්වරයා සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵපලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජයග්‍රාහී අපේක්ෂක ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතාව ඇමතීය. එම අවස්ථාවන් රූපවාහිනිය මගින් රට පුරා ජනතාව නරඹද්දී ඊළඟට ජනතාව ඇමතුවේ ල.ස.ස.ප. අපේක්ෂක ආචාර්ය කොලිවින් ආර්. ද සිල්වා මහතාය.
 
පරාජයෙන් කම්පාවට පත් නොවූ ඔහු තමාට සුපුරුදු වාග් ශෛලියෙන් ජනතාව ඇමතීය.
 
මෙහි වැදගත්කම වන්නේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාට වඩා ඡන්ද ලබාගත් අපේක්ෂකයන් තිදෙනකුම එම අවස්ථාවට සහභාගි නොවී සිටීමයි.

  • ඊ.එල්. ජයන්ත ද සොයිසා

 
 



අදහස් (0)

පළමු ජනපතිවරණයේ මතක සටහන්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’
2024 සැප්තැම්බර් මස 16 672 1

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘
2024 සැප්තැම්බර් මස 16 624 2

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ


‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘
2024 සැප්තැම්බර් මස 15 1053 18

ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා, ජනතා නියෝජිතයින් පක්ෂ හා පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට තමාගේ ප්‍රධානත්වයෙ


‘ගල්කැටයකින් - නියතුඩකින් හෝ කාටවත් හානි කරන්න එපා‘
2024 සැප්තැම්බර් මස 15 1488 16

‘අපි ප්‍රවේසම් මෙන්ම සාමකාමී වෙන්න ඕනෙ. ගල් කැටයක් වත් අතට ගන්න එපා. ජයග්‍රහණය හරි හැටි සමරමු‘යැයි ජාතික ජන බල වේගයය බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 601 11

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මාලිමාවට ’’චාන්ස් එකක්’’ දුන්නොත් ජනතාවගේ ’’චාන්ස් එක’’ නැති වෙනවා
2024 සැප්තැම්බර් මස 14 2231 38

’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site