IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ප්‍රධාන විපක්ෂය වීමට විපක්ෂයේ කණ්ඩායම් අතර සටනක්

සජබ කොළඹ සටනද සිතන තරම් ලෙහෙසි එකක් නොවේ. මේ වනවිට ඔවුන් ගණන් බලා ඇත්තේ කොළඹින් ආසන 
5 ක් දිනාගැනීමට සජබට හැකි බවයි. එහෙත් ආසන පහක් දිනාගැනීම ලෙහෙසි නොවනු ඇත්තේ මාලිමාව කොළඹට මුස්ලිම් ජාතික අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් කිරීමට ඉඩ කඩ වැඩි වී ඇති නිසාය. මේ නිසා කොළඹ නගරයේ සජබට ඇති මුස්ලිම් ජාතික ඡන්ද ප්‍රමාණයේ කැඩීමක්ද මෙවර බලාපොරොත්තු විය හැකිව තිබේ.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම පෙරේදා (04) ආරම්භ වූ අතර, එය ලබන එකොළොස්වැනි දා දක්වා සිදු කෙරේ. මේ නිසා දේශපාලන පක්ෂ මේ වෙන විට අතිශයින් කාර්යබහුල වී ඇති අතර, ජාතික ජන බලවේගය හැරුණු විට විපක්ෂයේ සියලු‍ පක්ෂ මහ මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බව පැහැදිලිව පෙනේ. 
මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් විවිධ සන්ධාන ගොඩනැගෙමින් හා විවිධ සලකුණුවලින් තරග කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්‍ෂ අතර සාකච්ඡා බොහොමයක් පැවැත්වෙන අතර, ඒවායේ  කෙළවරක් තවමත් පෙනෙන්නට නැත. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකින් පසුව පැවැත්වෙන මහ මැතිවරණයකදී, ජනාධිපතිවරණයෙන් ජයගත් පක්ෂයට හෝ අපේක්ෂකයාට වඩාත් වාසිදායක බව පැහැදිලිය. 2010, 2015, 2019 යන  වසරවල පැවති ජනාධිපතිවරණවලින් අනතුරුව පැවති මහමැතිවරණවලදීද ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ පක්ෂය විශාල ජයග්‍රහණයක්  ජනාධිපතිවරණයේදී ජයගත් කණ්ඩායමට හැකියාව ලැබිණි. මෙවර ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන  මහ මැතිවරණයට ද එම කාරණය පොදු ලක්ෂණයක් වෙන බැවින්, විපක්ෂයේ පක්ෂ බොහොමයක් මේ වෙන විට දැඩි කැලඹීමට ලක්ව සිටින්නේ නාමයෝජනා සකස් කර ගැනීම සහ මැතිවරණයට මුහුණ දෙන සන්ධානය හෝ ලකුණ සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම වෙනුවෙනි.


සජබ - එජාප 
හවුල කැඩෙයි 

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දුන්  පොහොට්ටුවේ මැති ඇමතිවරුන් ඇතුළු කණ්ඩායම් මහ මැතිවරණයේදී කුමක් කරන්නේදැයි යන්න සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. ඊට පෙර, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිව තිබිණි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රුවන් විජයවර්ධන ඇතුළු කිහිප දෙනෙකු පත් කරනු ලැබූ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  සහ  එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අතර සාකච්ඡා වට කිහිපයක්ම ඇතිව තිබිණි. එහෙත් පොදු එකඟතාවකට ඒමට නොහැකිව එම සාකච්ඡා බිඳවැටිණි. අවසානයේ සමගි ජන බලවේගය වෙනම තරග කිරීමට තීරණය කළ අතර, ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දුන් කණ්ඩායම් ද සමගි ජන සන්ධානය යටතේ එක්ව තරග කිරීමට තීරණය කර ඇත. ඒත් රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතැම් දිස්ත්‍රික්කවලට තනිව තරග කිරීම සම්බන්ධයෙන් කරන යෝජනා හේතුවෙන් සමගි ජන බලවේගය තුළ ද ගැටලු‍වක් නිර්මාණය වී ඇතැයි පැවසේ. රිෂාද්ගේ පක්ෂය සමගි ජන  බලවේගය සමග එක්ව දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට තරග  කිරීමට තීරණය කර ඇති අතර දිස්ත්‍රික්ක  කිහිපයකට තනිව තරග  කිරීමට ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත. එහෙත් සමගි ජන බලවේගය ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළ කර නැති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ද ගෙන නැත. ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය දුන් කණ්ඩායම් එක්ව තරග කිරීම හා පොදු ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධයෙන්  සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි.  එක්සත් ජාතික පක්ෂය ගෑස් සිලින්ඩරය යටතේ මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත. රනිල් වික්‍රමසිංහට සහාය දුන් පොහොට්ටුවේ කණ්ඩායම හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් වෙනම සන්ධානයක් ගොඩනගාගෙන ඇති අතර තරග කරන්නේ කුමන ලකුණකින් ද යන්න තවමත් අවසන් තීරණයකට එළඹ නැත. ඒත් වාර්තාවෙන අන්දමට, මෙම පිරිස ද රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමටම එක්ව ගෑස් සිලින්ඩර ලකුණ යටතේ තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇත
බබාල දෙනකොට
නර්ස්ලත් දුන්න

එජාපය ප්‍රමුඛ පොදු සන්ධානය මහ මැතිවරණයට තරග කරන ආකාරය ගැන සාකච්ඡා ඉකුත් බ්‍රහස්පතින්දා අවසන් වූයේ ගෑස් සිලින්ඩරයෙන් තරග කළ යුතුය යන එකඟතාවට පැමිණීමෙන් අනතුරුවය. ඉකුත් සතිය පුරාම එම සාකච්ඡා එජාප සිරිකොත  මූලස්ථානයේ මෙන්ම කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ද පැවැත්විණි.
සමගි ජන බලවේගය එජාපය ඇතුළු විපක්ෂයේ සියලු‍ බලවේග එක්ව තරග කළහොත් මන්ත්‍රී ආසන සියය ඉක්මවා ලබා ගත හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබිණි. කෙසේ වුවද, අවසානයේ සමගි ජන බලවේගය එජාපය ප්‍රමුඛ බලවේගයෙන් වෙන්ව තරග කරන්නට තීරණයට එළඹිණි.


එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නම් සියලු‍ දෙනා ටෙලිෆෝනයෙන් තරග කළ යුතු බවත් රනිල් එජාප සන්ධානයෙන් ඉවත් විය යුතු බවත් සජිත් කොන්දේසි පනවා තිබිණි.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට රැස්වූ එජාප නායකයන්ගේ ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙයයි.
“ටෙලිෆෝන් එකෙන් තරග කරන්න අපේ අය වගේම පොහොට්ටුවේත්, ශ්‍රීලනීප අයත් කැමති නෑ. පොදු ලකුණක් අවශ්‍යයි”‍ අනික මේ වෙලාවේ සර්ට ලොකු ජනප්‍රසාදයක් තියෙනවා. සර්, නැති සන්ධානයක් ගැන කතා කරන එකම විහිළුවක්.” වජිර කීවේ රනිල්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
‘‘කොහොමත් මම මැතිවරණයට තරග කරන්නෙත් නෑ. ඔබලා සුදුසු තීරණයක් ගන්න. අවශ්‍ය නම් මට දේශපාලනයෙන් ඉවත් වෙන්නත් පුළුවන්.” රනිල් ස්ථිර හඬින් පැවසීය.
“ආණ්ඩුවේ ඇත්තෝ දැන් විපක්ෂ නායක සජිත්ට පහර ගහන එක නවත්තලා රනිල්ට මඩ ගහන්න පටන් අරගෙන. කුඩ ඉල්ලු‍වාලු‍, ඇල්ගී කෑවලු‍”‍ මහින්දානන්ද  කීවේ සභාවේ කතාව වෙන පැත්තකට හරවමිනි.
“දැන් දේශපාලනය නොකරන මිනිහටනේ ඒ අය බය වෙලා තියෙන්නේ”‍ රනිල් කීවේ උපහාසයක් මතු කරමිනි.
“අනුරගේ ආර්ථික උපදේශක, ඔබ තුමාගේ ලේකම් මහින්ද සිරිවර්ධන, අනුරගේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා නන්දලාල් වීරසිංහ, ඔබතුමාගෙ ආර්ථික සංවර්ධන කණ්ඩායමේ වැඩ කරපු දුමින්ද හුලංගමුව අනුර ළඟත් වැඩ” ආශු කීවේ ආණ්ඩු දෙකේ සමානකම් කිහිපයකි.
“ජනාධිපති මාරු වුණා කියලා උපදේශකලා මාරු වෙලා නෑ නේද? ඉතින් වෙනස මොකක්ද කියලා මිනිස්සු අහනවා” ශෙහාන් කීය.
මේ සංවාදය දෙස සාවධානව කන් යොමා සිටි රනිල් “බබා දෙන කොට නර්ස් ලත් දුන්නා”‍ යැයි කීවේ මුළු සභාවම සිනාවේ ගිල්වමිනි.
“ආණ්ඩුව  වාහන ප්‍රශ්නයක් මේ දවස්වල ඇදගෙන යනවා. මං හිතන්නේ හැම ආණ්ඩුවක්ම මාරු වෙනකොට නිලධාරීන් පාවිච්චි කරපු වාහන ගෙනත් බාර දෙනවා. ඒක තමයි ඔය සිද්ධවෙලා තියෙන්නේ” ආශු කීවේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා නීත්‍යානුකූලව කටයුතු කරල තියෙනව. එච්චරයි. නිලධාරීන්ට වැඩ කරන්න වාහන දෙන්න ඕනැනේ, ඕවා ඉතින් ආපු අලු‍ත කරන රඟපෑම් විතරයි” 
වජිර පැවසීය.
“ජනාධිපති, මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද නැවත සලකා බලන්න කැබිනට් කමිටුවක් පත් කරලා තියෙනවා.” රුවන් පැවසුවේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අදහස දැනගැනීමේ අටියෙන් මෙනි.
“ඔය කාරණේ දෙපැත්තක් තිබෙනවා. චන්ද්‍රිකා ජනාධිපතිනිය ප්‍රභාකරන්ට විරුද්ධව වැඩ කරලා ඇසක් නැති කර ගත්තා. මහින්ද කොටි සංවිධානය පරාජය කළා. ඔහු අගමැති ලෙස ආර්ථිකය වට්ටන්න දායක වුණා කියන කතාව වෙනම එකක්. කොහොම වුණත් මේ අයගේ ආරක්ෂාව ඉවත් කරන්න පුළුවන්ද?” හිටපු ජනපති රනිල් පැවසීය.
සජබ තනිවම 
යන ගමන 

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර කතා බහ දින කිහිපයක් පැවැත්වුණත් එහි ප්‍රතිඵලය වූයේ දෙපාර්ශ්වය වෙන්වීමය. මේ නිසාම සජබ තනිවම ගමනක් යන්නට තීරණය කර තිබේ. මේ ගමනේ දී ඇතැමුන් කියන්නේ ආසන 60 ක් දිනා ගැනීම සජබට අභියෝගයක් බවයි. කෙසේ වුවත් පක්ෂ අභ්‍යන්තරයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ‘ඩබල් ගේම්’ ගැසීම නිසා පක්ෂයේ සංවිධාන කටයුතුවලට බාධාවක් පැන නැගී ඇතැයි ඇතැමෙකුගේ මතයයි. 


මේ වනවිට සජබ සමස්ත මැතිවරණ ව්‍යාපාරය කරන්නේ කවුද යන්න ගැන අවසන් තීරණයක් ගෙන නැත. පාඨලී චම්පික රණවකට ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරය භාර දී රට පුරා සංවිධාන කටයුතු ඔහුට භාර දීමට ජනාධිපතිවරණ පරාජයෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණි. එහෙත් පසුගිය සතිය වනවිට එය යළිත් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට පවරන්නේ යැයි කතාවක්ද පැතිර ගියේය. කෙසේ වුවද තවමත් මහ මැතිවරණ ඡන්ද ව්‍යාපාරයේ බර කරට ගන්නේ කවුද යන්න ගැන අවසාන නිගමනයකට පැමිණීමට සජබට නොහැකි වී තිබේ. 
මේ අතර, උතුරේ සජබට අපේක්ෂකයන් නොමැති වීම ගැනද කතාබහක් ඇති වී තිබේ. මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තද එය මහ මැතිවරණයේ දී රැක ගැනීමට සමත් අපේක්ෂකයන් නැති බවයි මැදිහත් විචාරකයන්ගේ අදහස වී ඇත්තේ. මේ අනුව, මෙවර මාලිමාව අනුගමනය කරමින් ටෙලිෆෝනය දිනවන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටීම වඩාත් යෝග්‍ය බවයි උතුරේ ඡන්දය කැරකෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇති බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ. 
සජබ කොළඹ සටනද සිතන තරම් ලෙහෙසි එකක් නොවේ. මේ වනවිට ඔවුන් ගණන් බලා ඇත්තේ කොළඹින් ආසන 5 ක් දිනාගැනීමට සජබට හැකි බවයි. එහෙත් ආසන පහක් දිනාගැනීම ලෙහෙසි නොවනු ඇත්තේ මාලිමාව කොළඹට මුස්ලිම් ජාතික අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් කිරීමට ඉඩ කඩ වැඩි වී ඇති නිසාය. මේ නිසා කොළඹ නගරයේ සජබට ඇති මුස්ලිම් ජාතික ඡන්ද ප්‍රමාණයේ කැඩීමක්ද මෙවර බලාපොරොත්තු විය හැකිව තිබේ. මේ නිසා සජබ ආසන හතරින් නතර වේදෝයි බියක් ඇති වී තිබේ. එසේ වුවහොත් කොළඹ සිටින ප්‍රධාන සජබ සාමාජිකයන් කිහිප දෙනෙකුටම ඊළඟ පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානමක් තිබේ.
දිනන්න බැරි අය 
මේ අතර තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ, රනිල් වික්‍රමසිංහට සහාය දුන් පොහොට්ටුවේ මැති ඇමතිවරුන් ගණනාවකට මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙනි
එම කණ්ඩායමේ බොහෝ දෙනෙක් සිටින්නේ කළකිරීමෙනි. මේ තත්ත්වය තුළ, මැති ඇමතිවරුන්  බොහෝ දෙනකු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවී සිටීමට තීරණය කර ඇත. හිටපු ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, හිටපු මන්ත්‍රී විමලවීර දිසානායක ඇතුළු පිරිසක් මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර තවත් පිරිසක්  තවමත් සිටින්නේ මැතිවරණයට තරග කරනවාද නැද්ද යන දෙගිඩියාවෙනි.
පොහොට්ටුවේ හිටපු මැති ඇමතිවරුන්  කිහිප දෙනකුට සමගි  ජන බලවේගයෙන්ද ආරාධනා කර ඇති අතර, ඔවුන්ද  තවමත් අවසන් තීරණයක් ගෙන  නැත. මෙසේ ආරාධනා ලැබ ඇති පොහොට්ටුවේ හිටපු මැති ඇමතිවරුන්  වැඩි දෙනෙකු තරුණ දේශපාලකයන් බව පැවසේ.  


මෛත්‍රීගේ පුතා 
දිලිත්ට ගියේ ඇයි?

දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් මව්බිම ජනතා පක්ෂය ද මැතිවරණයට සූදානම් වෙමින් සිටියි. පොහොට්ටුව නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු ගණනාවක් ම පසුගිය දා දිලිත්ගේ පක්ෂයට එක් වූහ. රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට දැඩි උත්සාහයක් ගත් මහනුවර දිලු‍ම් අමුණුගම ගිය සතියේ දිලිත්ගේ  පක්ෂයට එක්විය. ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත්කරනු ලැබීය. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ ක්‍රීඩා ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ ද දිලිත් ගේ පක්ෂයට එක් වූ අතර, ඔහු එම පක්‍ෂයේ සභාපති ධුරයට පත් කරනු ලැබීය. හිටපු ඇමතිවරයකු වන මහාචාර්ය චන්න ජයසුමන ද දිලිත්ගේ පක්ෂයට එක්වූ අතර, චන්නට පක්ෂයේ උපසභාපති ධුරය හිමි විය. දිලිත්ගේ පක්ෂයට අලු‍තින් එකතු වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනයි. දහම් පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ අතර, ජනාධිපතිවරණයේදී ඔහුගේ සහාය සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමි  වූ බව පැවසේ.
එහෙත් දහම් සිරිසේන සජිත්ගේ වේදිකාවල කතා කරන බවක් නම් දක්නට නොලැබිණි. මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, බොහෝ දෙනා සිතා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉහළ තැනක් දහම්ට ලැබෙනු ඇතැයි කියාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙන විට තිබෙන්නේ  ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකය.  නිදහස් පක්ෂයේ අයිතිකාරයෙක් හොයාගන්නටවත් නැත. එහි අයිතිය කාටද? නිලධාරී මණ්ඩලයේ කවුද? යන්න තීරණය වෙන්නේ අධිකරණයෙනි. ඊට හේතුව, කොළඹ දිසා අධිකරණයේ මෙන්ම කඩුවෙල අධිකරණයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නඩු ගණනාවක්ම මේ වෙන විට පවතින නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සීසී කඩ විසිරී ගොස් හමාරය. නිමල් සිරිපාල සිල්වා ඇතුළු කණ්ඩායමක් පක්ෂයේ කොටසක් අල්ලාගෙන සිටින අතර, එම පිරිස සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟය. ඒ  අතර මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කිහිපදෙනෙකු සමගි ජන බලවේගයට එක්ව සිටින අතර, එහි සභාපති ධුරයට  මෛත්‍රීපාල සිරිසේන විසින්ම යෝජනා කර පත්කරනු ලැබූ,ආචාර්ය විජයදාස රාජපක්ෂ සිටින්නේ වෙනත් තැනකය. ජනාධිපතිවරණයට විජයදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කරන්නට තීරණය කළේද මෛත්‍රිය. ඒත් අවසානයේ මෛත්‍රී සහ විජයදාස අතර  අර්බුදයන් නිර්මාණය වීම හේතුවෙන්, විජයදාසට මෛත්‍රීගේ ද සහාය  අහිමි විය.
එහි අලු‍ත්ම තත්ත්වය වෙන්නේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ හිටපු පළාත් සභා ඇමති හෙක්ටර් බෙත්මගේ, කීර්ති උඩවත්ත ඇතුළු පිරිසක් ගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම කණ්ඩායමේ සහාය මාලිමාවට හිමිවෙන බවය. අයිතිකාරයෙක් නැති, හිමිකරුවෙක් නැති, සීසී කඩ විසුරුණු නිදහස් පක්ෂය අද  බොහෝ දෙනා කියන්නේ බෝඩ් ලෑල්ලකට සීමා වී ඇති බවය.
සර්ව ජන බලය 
මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල  ඇතුළු කණ්ඩායම සිටින්නේ දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්ව ජන බලය සමඟය. ඒ නිසා විමල්, ගම්මන්පිලලා ඇතුළු කණ්ඩායම ද මහ මැතිවරණයට සර්ව ජන බලයෙන් තරග කරනු ඇත. දැනගන්නට ඇති පරිදි, සර්වජන බලය මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ පදක්කමෙනි. එහි  නීතිමය කටයුතු මේ වෙන විට සකස් කරමින් පවතින බව පැවසේ.
විපක්ෂයේ 
මුලට එන සටන 

සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ කටයුතු  කරන්නේ රටේ බලය අල්ලා ගැනීම වෙනුවෙනි. එහෙත් ජනාධිපතිවරණයේ උණුසුම යන්නටත් පෙර මහ මැතිවරණයක් කැඳවා ඇති නිසා, විපක්ෂයේ කිසිදු පක්ෂයක් ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් සටන් කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් සියලු‍ දෙනාම කටයුතු කරන්නේ විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම් බවට පත්වීම වෙනුවෙනි. ඊට තවත් හේතුවක් වී ඇත්තේ, මීට පෙර පැවැති ජනාධිපතිවරණවලදී තරගය පැවතියේ ආණ්ඩුව සහ විපක්ෂය අතරයි. මෙවර ජනාධිපතිවරණයට තුන්වෙනි පාර්ශ්වයක් පැමිණි අතර ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගනිමින්, මෙරට දේශපාලන ඉතිහාසය කණපිට පෙරළුවේය. එය මෙරට දේශපාලනය තුළ අලු‍ත් ප්‍රවණතාවක් බව ඉතා පැහැදිලිය.
ලංසා කණ්ඩායමත් 
ගෑස් සිලින්ඩරය 
අතට ගනී

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු කණ්ඩායමද එජාපය හා එක්ව ගෑස්  සිලින්ඩරයෙන් තරග කිරීමට මේ වෙනවිටත් තීරණය කර හමාරය. එම පිරිස ද ගෑස් සිලින්ඩරය හා එක්වී උත්සාහ කරන්නේ ආණ්ඩු බලය ගැනීමට නොව විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම බවට පත්වීමටය. මෙවර මහ මැතිවරණය සුවිශේෂය. ඊට ප්‍රධානම හේතුව විපක්ෂයේ පක්ෂ ආණ්ඩු බලය ගැනීමට නොව විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම බවට  පත්වීමට වැඩි උත්සාහයක් දරන මහ මැතිවරණය මෙය වීමය.

 



අදහස් (0)

ප්‍රධාන විපක්ෂය වීමට විපක්ෂයේ කණ්ඩායම් අතර සටනක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 2244 3

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 3118 9

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 11013 41

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 7275 24

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 15721 28

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 1173 7

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 633 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site