රටම මෙන්ම ලෝකයම බලා සිටි ජනාධිපතිවරණය ඉකුත් සති අන්තයේ නිමා වූයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්කරමිනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයත්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයත් බලාපොරොත්තු නොවුණද අනුර දිසානායක ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා කල්තියාම විශ්වාස කළහ.
සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවද අවසානයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අනුර දිසානායක ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය. අනුර දිසානායකගේ ජයග්‍රහණය කිරීම මෙරට දේශපාලන ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක් මෙන්ම ඓතිහාසික අවස්ථාවක් ද විය. ජනතා විමුක්ති පෙරමුණ මූලික කොටගත් වාමාංශික බලවේගයක් මෙරට පාලන බලය අත්පත් කරගත් පළමු අවස්ථාවද
මෙය වෙයි.
මහ මැතිවරණය
අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර හරියටම දින දෙකකට පසුව එනම් ඉකුත් සඳුදා උදේ දිවුරුම් දුන්නේය. ඔහු දිවුරුම් දී හරියටම දිනකට පසුව එනම් ඉකුත් අඟහරුවාදා මැදියම් රැයේ පාර්ලිමේන්තුවද විසුරුවා හැරියේ මහ මැතිවරණය සඳහා දින තීන්දු කරමිනි. ඒ අනුව මහ මැතිවරණය ලබන නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ. අනුර සිය මැතිවරණ ව්‍යාපාරයේදී කීවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟම පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින බවය. ඒ අනුව යමින් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර, මේ තත්ත්වය හමුවේ මහ මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවක් පෙනේ.
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදී ලැබූ ජයග්‍රහණයත් සමග මහ මැතිවරණයට මුහුණ දෙන්නේ ජයග්‍රාහී ස්වරූපයෙනි. විපක්ෂයේ පක්ෂ බෙදී වෙන් වීමත් සමග ඇතිව තිබෙන අර්බුදය හමුවේ ජාතික ජන බලවේගයේ අයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඔවුන්ට තිබෙන ප්‍රධාන ගැටලුවකි. ඔවුන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වී සිටින්නේ ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජයත් සමඟ මහ මැතිවරණයට එක්ව මුහුණ දීම සම්බන්ධයෙනි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක් කිරීම සඳහා සාකච්ඡා කිරීමට පසුගිය සතියේදී රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායමක් පත් කළේය. දැනගන්නට ඇති පරිදි එජාපය හා සමගි ජන බල වේගයේ නායකයන් අතර ඉකුත් දා සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති නමුත් දෙපාර්ශ්වය අතර තවමත් අවසන් එකඟතාවක් නොමැති බව වාර්තා වෙයි. සමගි ජන බලවේගය සමග සාකච්ඡාවට හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායමක් පත්කළද සාකච්ඡා පැවැත්වෙන්නේ රුවන් විජයවර්ධන සහ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනා අතර බව දැනගන්නට ඇත. එජාපයෙන් පත් කර ඇති අනෙක් කිහිපදෙනා සමග සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය එතරම් කැමැත්තක් නොදක්වන බවද දැනගන්නට ඇත. මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග තරග කරන්නේ නම් එජාපයේ නායකත්වය වෙනස් විය යුතු බව සමගි ජන බලවේගයේ එක් කොන්දේසියක් බව පැවසේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කිරීම තවත් කොන්දේසියකි.
ඒත් මේ කොන්දේසිවලට එජාපය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් තවමත් දක්වා නොමැති බව
වාර්තා වේ.
රනිල් එක්ක ගිය
පොහොට්ටුවෙන්
නව සන්ධානයක්
මේ අතර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී සහාය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගණනාවක් පවත්වා ඇත. මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා හැන්දෑවේ රනිල් වික්‍රමසිංහගේ පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසේදී පැවැත්විණි. එහිදී සාකච්ඡා වී ඇත්තේ වික්‍රමසිංහට සහාය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ අනෙකුත් කණ්ඩායම් එක්ව සන්ධානයක් ලෙස තරග කිරීමය. රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දුන් කණ්ඩායම අතර සාකච්ඡාවක් රනිල්ගේ පස්වෙනි පටු මගේ නිවසේදී පැවැත්විණි. දැනගන්නට ඇති පරිදි එහිදී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දුන් සියලු පක්ෂ හා කණ්ඩායම් එක්ව මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ
තරග කිරීමටය.
කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡා සාර්ථක වුවහොත්, පොදු ලකුණක් යටතේ සමගි ජන බලවේගය සමග එක්ව මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාකර ඇත. එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහට සහාය දුන් පොහොට්ටුවේ පිරිස කුසලානය යටතේ වෙනම තරග කරනු ඇත. කෙසේ හෝ අවසන් තීරණය මේ සතිය තුළ අවසන් වීමට නියමිතය.
ජනාධිපතිවරණයේ
ප්‍රතිඵලයම ආවොත්
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එක් එක් පක්ෂ ලැබූ ජයග්‍රහණ සමඟ ඒ ඒ පක්ෂවලට හිමිවෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන්ද මේ වන විට කතිකාවක් ආරම්භ වී තිබේ.
එම ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රීවරුන්ද සමඟ හිමි වන මන්ත්‍රී සංඛ්‍යාව 104කි. එම ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයට හිමි වන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 78ක් වන අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොහොට්ටුවේ කණ්ඩායමට හිමි වන මන්ත්‍රී සංඛ්‍යාව තිස් අටකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව හිමි වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. එම ප්‍රතිඵලය අනුව දෙමළ හා මුස්ලිම් පක්ෂ ඇතුළුව සෙසු පක්ෂවලට මන්ත්‍රී ධුර හතරක් හිමි
වනු ඇත.
මහ මැතිවරණය සම්බන්ධයෙන් කෙරෙන කතාබහවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ද ජනාධිපතිවරණයේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යා අනුව ඒ ඒ පක්ෂවලට හිමි වන මන්ත්‍රී ධුර සංඛ්‍යාවය. ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර සංඛ්‍යාව සීය ඉක්මවා ලැබෙන බැවින් විපක්ෂයේ පක්ෂවල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ජාතික ජන බලවේගයට මුහුණ දිය හැකි ශක්තිමත් කණ්ඩායමක් එක්ව සන්ධානයක් ගොඩනගා මහ මැතිවරණයට මුහුණ දීමය.
පොහොට්ටුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහ මැතිවරණයට වෙනම තරග කිරීමට තීරණය කර ඇත. ඒ පිළිබඳ සාකච්ඡාවක් මහිත්දා රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු කාර්යාලයේදී ඉකුද්දා පැවැත්විණි. නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ පිරිසක් ද ඊට සහභාගි වූහ. එහිදී කතාබහට ලක්වුණේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙනි. නාමල් රාජපක්ෂ කීවේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දීමට ගිය පොහොට්ටුවේ විශාල පිරිසක් නැවත පක්ෂයට ඒමට අහන බවය. ඒ කවුරුන්දැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විමසීය. ගොඩක් අය එන්න අහනව නාමල් කියද්දී ඉන්දික අනුරුද්ධ කීවේ, ගත්තට කමක් නෑ චෝදනා නැති අය විතරක්
ගන්න කියාය.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නාමල් කීවේ මේක සියලු පක්ෂවලට පාඩමක් උගන්වන්න දීපු ඡන්දයක් කියාය.
සමගි මාධ්‍ය
කණ්ඩායම
සමගි ජන බලවේගයේ මාධ්‍ය කණ්ඩායම ඉකුත් දා ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. ඉරාන් වික්‍රමරත්ත, මහාචාර්ය චරිත හේරත්, ඉමිතියාස් බාකිර් මාකර්, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී කතාබහට ලක්වුණේ ඉකුත් ජනපතිවරණයේ සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන මහ මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙනි. ඔවුන්ගේ අදහස වූයේ මහ මැතිවරණයටද සමගි ජන බලවේගය ටෙලිෆෝනය
ලකුණෙන්ම ඉල්ලීමය.
ජාජබ සූදානම්
ජාතික ජන බලවේගය මහ මැතිවරණය සඳහා දැන් සිටම සූදානම් වෙමින් සිටී. දැනගන්නට ඇති පරිදි ඔවුන් ගම් මට්ටමින් දැනටමත් ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇත. අනෙකුත් පක්ෂ මෙන් නොව ජාතික ජනබලවේගය මහ මැතිවරණයට තරග කරන්නේ අපේක්ෂකයන් සඳහා වෙන වෙනම මනාප ඉල්ලීමකින් තොරව ය.
ඔවුන් මනාප වෙනුවට පක්ෂයට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින බවක් දැනගන්නට ඇත. මෙය මීට පෙර පැවති මැතිවරණවලදී ද ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් කණ්ඩායම් විසින් සිදු කළ තත්ත්වයකි. අනෙක් අතින් අනුර කුමාර දිසානායක සන්නාමයක් බවට පත්ව ඇති හෙයින් මහ මැතිවරණ ජයග්‍රහණයද එම සන්නාමය හරහාම ජයගැනීම පහසු බව ජාතික ජනබලවේගයට පෙනී ගොස් තිබේ.
රාජ-දූත
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක
ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පාජාබට එරෙහිව පොදු සන්ධානයක් ගොඩ නැගීමේ උත්සහයක්