IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක්

(අංජුල මහික වීරරත්න)

පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය.

අද මාලිමාවේ සිටින පිරිස කවුදැයි ජනතාව හඳුනන්නේවත් නැතැයි කී විජයවර්ධන මහතා ගෑස් සිරින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කණ්ඩායම සතුව දක්ෂ පළපුරුදු කණ්ඩායමක් සිටින බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජන හමුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපගේ බලාපොරොත්තුව වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.මේ රටේ ආර්ථිකය හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණයි.රට බංකොලොත් වූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ එතුමා පමණයි.අප සියලු දෙනාට ජීවත්වීම සඳහා ඔහු වාතාවරණය හදා දුන්නා.

නමුත් අවාසනාවකට ජනතාව වෙනත් තීන්දුවෙන් ගත්තා. පත් වූ ජනාධිපතිගේ කකුලෙන් අදින්නට අප බලාපොරොත්තු වන්නේ නැහැ.නමුත් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ ගැන අප සතුටු වන්නේ නැහැ.එතුමාට අත්දැකීම පලපුරුද්ද ටිකක් අඩුයි.රටේ නායකත්වය භාර ගැනීම යනු ලේසි පහසු වගකීමක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය පිළිබඳව තිබෙන දැනුම නිසා රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණා. එදා අනුර එදා කියූ දේ සහ අද කියන දේ බලන විට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණයේදී වත් රටට හරි නායකත්වයක් දෙන්නට අප කල්පනා කළ යුතුයි.

වත්මන් පාලකයන්ටත් වගකීම අතහැර යන්නට සිදුවුණහොත් යළි රටේ වගකීම බාරගන්නට පළපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි" යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.

ඡායාරූප:- ප්‍රදීප් පතිරණ

 

 



දේශපාලන

’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 1024 4

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


‘‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි‘‘
2024 ඔක්තෝබර් මස 28 163 0

ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අලුත් අය වුවත් මේ කිසිවකු දේශපාලනයට අලුත් අය නොවන බැව් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා බද්දේගම දි පැවසි


පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක්
2024 ඔක්තෝබර් මස 27 1759 2

පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂ


‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘
2024 ඔක්තෝබර් මස 25 3405 39

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.


රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු
2024 ඔක්තෝබර් මස 23 4083 21

මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘
2024 ඔක්තෝබර් මස 22 1365 2

’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 598 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site