(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගතවූ වසර හතරහමාරක් තිස්සේ මේ තරම් පන්සල්වලට උදව් කළ යුගයක් නොතිබූ බවත්, එම සේවාවන් තමන් කිසිවිටෙක දේශපාලන වශයෙන් අලෙවි කළේ නැති බවත්, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද(10) මීරිගමදී පැවසීය.
සසුනට අරුණ වැඩසටහන යටතේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේ ලෝලූවාගොඩ ශී‍්‍ර විජයරාජාරාමයේ ඉදිකෙරන චෛත්‍යයට මුල් ගල තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කතානායක කරු ජයසූරිය මහතාගේ හා එම්.කේ ජයසූරිය මහතාගේ සම්බන්ධිකරණයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර එක්සත් ජාතික පක්ෂයේ මීරිගම ආසන සංවිධායක උදේන විජේරත්න මහතාගේ මැදිහත්වීම මත මෙම චෛත්‍යය ඉදිකෙරිණි.
එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද පැවසීය.
“බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම ගැන උදේ හවස අපට ඇහෙනවා. එහෙම කියද්දී ඉරිදාට පන්සල්වල ගස් යට ඉදගෙන ළමයි දහම් අධ්‍යාපනය ලබනවා. සම්පත් අඩුකමින් දිවයිනේ පන්සල් වැසී යනවා. බුද්ධාගම සුරක්ෂා කරන වගන්තිය රැකගන්න ඕනෑ කියලා සාකච්ඡා පවත්වනවා. පන්සල් පද්ධතියේ ධර්ම ශාලා සංඝාවාස, ධාතු මන්දිර, දහම් පාසල් ආදිය නැහැ. තරගෙට කරුණු ඉදිරිපත් කරන මේ යුගයේ තරු පහේ හතේ හෝටල්වල ඒ සදහා ධනස්කන්ධයක් වියදම් කරමින් බුද්ධාගම අනතුරේ කියනවා. තමන්ගේ අනාගතය ගැන තණ්හාව නිසා මේ අය මෙහෙම කියනවා. ඔවුනට අසීමිත බලයක් තිබුණා. රාජ්‍ය මැදිහත්වීමෙන් දහම් පාසල්, චෛත්‍යය ඉදිකලාද? පන්සල් අඩුපාඩු ගැන බැලූවාද?
මේ නිසා තමන්ගේ අසීමිත ආශාවන් කෑදරකම් පෝෂණය කරන්න ගියාම සසුන අනතුරේ, පිරිහෙනවාආදි වශයෙන් ජනතා මනස විකෘති කරන අදහස් අද අහන්න ලැබෙනවා. නමුත් අපි මේ ආකාරයට ශාසනයට සේවාවක් කරද්දී බුද්ධ ශාසනය අනතුරේ කියා කියන්න පුලූවන්ද? මේ වනවිට ගස් යට පවත්වන දහම් අධ්‍යාපනය නැති කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. රුපියල් ලක්ෂ 40 බැගින් වෙන් කර දහම් පාසල් 300 ක් ඉදි කරන්න සූදානම්. ඔය කියන අයගේ කාලයේ මෙහෙම වුනාද?
ශාසනයේ දියුණුවට ඇසට පෙනෙන හදට දැනෙන වැඩසටහන් කරනවා විනා කයිවාරුකම ප්‍රධාන කරගෙන කතා කිරීමෙන් සසුනට රටට ජනතාවට පලක් නැහැ. අද හැමෝම නවවැනි වගන්තිය ගැන කතා කරනවා. එහි ඇති ප්‍රතිපාදන කි‍්‍රයාවට පරිවර්තනය වෙනවාද? කයිවාරු බෞද්ධකම අතහැර ප්‍රායෝගික බෞද්ධයින් වෙන්න ඕනෑ.
වසර හතර හමාරක් තිස්සේ මේ තරම් පන්සල්වලට උදව් කළ යුගයක් තිබිලා නැහැ. අපි කරපු දේවල් දේශපාලන වශයෙන් අලෙවි කළේ නැහැ. දේශපාලන වශයෙන් අලෙවි කළොත් විතරද බුද්ධාගම රැකෙන්නේ කියා රටක් හැටියට අපි ප්‍රශ්න කරන්න ඕනෑ. මගේ පියාගේ දර්ශනය අනුගමනය කරමින් ප්‍රායෝගික බෞද්ධයකු වශයෙන් සියලූ අවශ්‍යතා සපුරන්නට මම ඇප කැප වෙනවා.”
ගම්පහ දිසාපති සුනිල් ජයලත් සහ හිටපු පළාත් සභා මන්ති‍්‍ර උදේන විජේරත්ත විහාරස්ථ චෛත්යප්රතිස්ඨාපන කමිටුවේ සභාපති තිලකරත්න අතුකෝරල යන මහත්වරු ද අදහස් දැක්වූහ.
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, හිටපු පළාත් සබා මන්ත්‍රීවරුන් වන ආචාර්ය කිත්සිරි මංචනායක, ශිරන්ත අමරසේකර, මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික සිල්වා, යන මහත්වරු ද ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බුදුදහමට කළ සේවය කිසිදා දේශපාලනිකව අලෙවි කළේ නැහැ’