(එෆ්.අස්ලම්)
ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ල වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනා වහාම සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතු යැයි ඊ.පී.ආර්.එල්.එෆ්.පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මොවුන් තිදෙනා ධූරවලින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවද හෙතෙම කීය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් බාර දී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉන් ඉවත්ව ගිය ඊ.පී.ආර්.එල්.එෆ්.පක්ෂයේ ස්ථාවරය පිළිබඳ කරන ලද විමසුමකදී ආනන්දන් මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්දන් මහතා මෙසේද කීය.
"පාස්කු ඉරිදා අයි.එස් ත්‍රස්තයින් විසින් එල්ල කළ ප්‍රහාරයත් සමඟ සිදුකරනු ලැබූ විමර්ශනවලදී කර්මාන්ත හා වාණිජ අමත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාරවර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාරවර අසාද් සාලි යන තිදෙනාටම චෝදනා එල්ල වුණා.ඒ පිළිබඳ පුළුල් විමර්ශන සිදුවිය යුතුයි.
මේ තිදෙනාම අමාත්‍යධූරයක සහ ආණ්ඩුකාරධූර දෙකක සිටින නිසා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන්න බැහැ කියන එක තමයි අපේ ස්ථාවරය සහ අදහස.
මෙනිසා රටේ ඇති වී තිබෙන විරෝධය සැලකිල්ලට අරගෙන මේ තිදෙනාම සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී සිය නිර්දෝෂීභාවය ඔප්පු කර නැවතත් තනතුරු බාර ගත යුතුයි.
එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් නිසා ඇතිවූ විරෝධයේදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇය විසින් දැරූ වනිතා කටයුතු රාජ්‍ය ඇමතිකම අත්හැරියා.
ඒ වගේම විමර්ශන සිදුකරන තෙක් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියල අගමැති රනිල් වික්රමසිංහත් උපදෙස් දුන්නා. නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එවන් උපදේශයක් අගමැතිවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් ලැබී නැහැ.
මෙනිසා මේ චෝදනා පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකර යුතුයි.ඒ විමර්ශන වලට සහාය දැක්වීමක් වශයෙන් රිෂාඩ් බදියුදීන් හිස්බුල්ලා සහ අසාද් සාලි කියන මේ තුන්දෙනාම ඉල්ලා අස්විය් යුතුයි.
එමෙන්ම තමන් ඉල්ලා අස්වන්නේ ජනපති හෝ අගමැති කීව හොත් පමණයි කියා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැන්වත් රිෂාඩ් අමාත්‍යවරායට ඉල්ලා අස්වන්නැයි උපදෙස් දිය යුතුයි.ඒ වගේම මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි" යැයිද ආනන්දන් මහතා කීය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදියුදීන් - හිස්බුල්ලා - අසාද් සාලි ඉල්ලා අස්විය යුතුයි