IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත

චමිල් රුපසිංහ

රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම්  බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.

ලාල් කාන්ත මහතා මේ බව පැවැසුවේ අද (16) යටිනුවර කුරුදුවත්තේදී පැවැති ජන හමුවකදීය.

එහිදි ලාල් කාන්ත මහතා මෙසේද පැවැසීය.

  ‘‘වත්මන් ආණ්ඩුවට කිසිවක් කරන්නටවත් අයහපත් දේ නවත්තන්නටවත් පුලුවන් වෙලා නෑ.තමන්ගෙ බැරිකම් වලට නොහැකියාවට ජනතාවගෙන් චෝදනා එල්ල වෙනකොට ජනාධිපතිවරයා කියනවා මම කට්ටියක් එල්ලල මරන්න අත්සන් කරන්න කැමැතියි කියල.

අපේ රටේ දේශපාලනඥයන්ට කුඩු විකුනන්න නිදහස දීල තියෙනවා. දේශපාලඥයො කුඩු බෙදා හරිනවා. හිටපු අගමැතිවරයෙක් කුඩු කන්ටේනරයක් නිදහස් කරන්න අත්සන් කලා . හිටපු ජනාධිපතිවරයෙක් මන්ත්‍රීවරයෙකුගේ කුඩු එස් ටී එෆ් එකෙන් ගිහින් අල්ල ගත්තයින් පස්සෙ හෙලිකොප්ටර් එකෙන් ගිහින් ඒ මිනිහව බදාගෙන ඉඹලා ආරක්ෂා කළා.

ලංකාවෙ කිසි ජාවාරමක් දේශපාලන රැකවරණ නැතුව කරන්නට බැහැ.

දැන් වෙලා තියෙන්නෙ දේශපාලන රැකවරන ඒ අයට ලැබෙද්දි පොලිසිය අක්‍රිය වෙලා . යම් යම් පොලිස් නිලධාරින්ට මුදල් වාසි ලැබෙද්දි ඒ අයත් මේ දිහා නොබලා අහක බලන් ඉන්නවා . දැන් කියනවා බන්ධනාගාරෙ ඇතුලෙ ඉදන් කුඩු ජාවාරම් කරනවලු. හරිනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්වෙන් ඕනෑ.

මම හිතන විදිහට ඔය එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවනම් සමහර විට බන්ධනාගාර කොමසාරිස්ව එල්ලල මරන්න සිද්ද වෙයිද කියන්නත් දන්නෙ නෑ.බන්ධනාගාර ඇතුලෙ ඉදන් දුරකථන භාවිතා කරමින් කුඩු ජාවාරම් කරනවා නම් බන්ධනාගාර කොමසාරිස් එහි නිලධාරින් රාජ්‍ය සේවය ආරක්ෂක අංශ ඔවුන් මොකටද ?

බන්ධානාගාර ඇතුලෙ ඉදන් මේ ජාවාරම් කරනවන්ම් කොයි බන්ධානාගාර කොමසාරිස්ගෙන්ද ප්‍රශ්න කළේ? කොයි නිලධාරියටද දඩුවම් දුන්නේ? ‘‘



අදහස් (3)

බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත

Nuwan Tuesday, 17 July 2018 04:09 AM

සහතික ඇත්ත

:       0       42

kalani Tuesday, 17 July 2018 04:43 AM

විෂ ඝෝර සර්පයා වලිගයෙන් ගෙන ජනතාවට ප්‍රදර්ශනය කරන ආණ්ඩුව විෂ ශරීරගතව සිහිමුර්ජා වී ඈත. හදිසියේ සිහිනයකින් පිබිදියාක් මෙන් නැගිට ' එල්ල මරා දමනවා ' යයි දොඩවයි. ජනතාවගේ ජීවිතවලට අර්ථවත් බලපෑමක් කල හැකි යහපත් මිනිසුන් වෙනුවට සුදු ඇඳුමෙන් සැරසුන මත්ද්‍රව්‍ය වෙළෙන්දන් බලයට ගෙන මුළු රටම අපායක් කල පාපයෙන් අපි ඔත්පලව සිටිමු. නව යොවුන් විය, යොවුන් විය දරුවන්ගේ ජීවිතවලට සොඳුරු ම, මිහිරි ම අත්දැකීම් එකතු වන බව අමතක කල අමනයෝ මුදල් වෙනුවෙන් මතු පරපුරම අගාධයට තල්ලු කරති. මෙම ව්‍යසනය නතර කල හැක්කේ හාල්මැස්සන් එල්ලා මැරීමෙන් නොව දේශපාලන තෝරුන් එල්ලා මැරීමෙන් පමණි. බන්ධනාගාරය තුල මත් වෙළෙඳපොළක් නිර්මාණය වීම සුළුවෙන් බැහැර කල හැකි දෙයක් නොවේ. එය පාලනය කල නොහැකි නම් බන්ධනාගාර කොමසාරිස් වරයා ඉල්ලා අස්විය යුතුය.

:       0       32

de silva berlin Tuesday, 17 July 2018 06:22 AM

හරිනම් ආණ්ඩුව හිත හිත ඉන්නේ නැතුව රාජකාරි හරි හැටි නොකරන බන්ධනාගාර කොමසාරිස් වරායව සේවයෙන් පහකර , ඔහු මේ ජාවාරම් වලට ඍජුවම සම්බන්ධ වී ඇතිද කියල සොයල බලලා තත්ත්වය එසේනම් ඔහුට විරුධව නීති මගින් කටයුතු කල යුතුය ,

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site