IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


’බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි බිල්ලට දී ඇඟ බේරාගන්න හදනවා’

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි කරුණානායක බිල්ලට දීලා ඇඟ බේරගන්න හදනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැ. නිධානය ගොඩගත්ත අයයි ඒකට උදවු කරපු අයයි, ඔත්තු බලපු අයයි සියලූදෙනාම නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (08) පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ විජිත හේරත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

ජනාධිපතිවරණය වෙලාවේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් වංචාවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම. මේ ආණ්ඩුව බලයට එද්දි ප‍්‍රධාන සටන් පාඨය වුණෙත් හොරකම් වංචාවලට එරෙහි වීම හා යහපාලනය ඇති කිරීමයි. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාසයක් යන්න කලින් මේ රටේ දැවැන්තම වංචාව මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොට රාජපක්ෂ පාලනයේ හොරකම් පවා යටගහමින් ඒ අයත් එකතු කරගෙන ආණ්ඩුව වැඩකරගෙන ගියා. ප‍්‍රධානම සිදුවීම තමයි ඇවන්ගාඞ් සිදුවීම. ඇවන්ගාඞ් වංචාව පිළිබඳ තොරතුරු හෙළිවී තිබියදී මේ ආණ්ඩුවේ ඇමැතිවරු තුන්දෙනෙක් ඒවා යට ගහන්න හැදුවා. අපි ඒවා හෙළිදරව් කළා. ඒ සමග මේ අයට එරෙහිව ජනතා විරෝධය ඇති වුණා. තිලක් මාරපන ඇමැතිවරයා ඉල්ලා අස්වෙලා මේක තාවකාලිකව යටපත් කරන්න උත්සාහ කළා. දැන් නැවතත් එතුමාට ඇමති ධූරයක් ලබාදී තිබෙනවා. ඒ වගේම මෙම සිදුවීමට අදාළ ප‍්‍රධාන චූදිතයන්ට නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. බරපතළ චෝදනා ලද එදා හිටි ඇමතිවරු මේ ආණ්ඩුවෙත් ඇමැතිවරු වෙලා තිබෙනවා.

මහබැංකු බැඳුම්කර වංචාව ගැනත් දැන් සියල්ල හෙළි වී අවසන්. අධිකරණයක් මගින් වැරැදිකරුවන් කවුද කියලා තීන්දු නොකළාට ජනතා අධිකරණය හමුවේ වැරැදිකරුවන් කවුද කියලා තීන්දු කර හමාරයි. කෝප් කමිටුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරද්දී එයත් යටපත් කරන්න ඇතැම් මන්ත‍්‍රීවරු කෝප් කමිටුව තුළදීත් උත්සාහ කළා. කෝප් වාර්තාව පදනම් කරගෙන නීතිපතිට නඩු පැවරිය හැකියි. නමුත් එසේ කළේ නැහැ. ජනාධිපති කොමිසම පත්කළේ ඒ අතරයි. එයින්ද අලූත් කරුණු ඇවිත් තිබෙනවා. මේ තරම් තොරතුරු හෙළිවී තිබියදීත් රවි කරුණානායක මහතා අතින් වරදක් සිදුවී නැහැයි කියන්න ඇතැම් මැති ඇමැතිවරුන් කටයුතු කරමින් ඉන්නවා. 

බැඳුම්කර වංචාව නිසා රුපියල් කෝටි පන්දාස් පන්සීයකට වැඩි මුදලක් මේ රටේ ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලේ මුදල් තමයි මේ හොරකම් කරලා තමන්ගේ සුඛ විහරණයට මේ ඇමැතිවරු හා නිලධාරින් යොදාගෙන තිබෙන්නේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් වගේ කියලා. එතුමාත් ඒ ආණ්ඩුවේ හිටියා. එදා ඒ හොරකම් ගැන කිව්වේ නැහැනේ. රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ රාජිත නැති එකක් නෙවෙයි. ඒ ආණ්ඩුව කාලේ තමයි රාජිත සේනාරත්න ධීවර ඇමැති හැටියට සිටියදී මසකට රුපියල් ලක්ෂ දාහතකට බදු දෙන්න පුළුවන් මෝදර ධීවර වරාය මසකට රුපියල් දෙලක්ෂ පනස්දාහකට බි‍්‍රතාන්‍ය සමාගමකට වසර විසිපහකට බදු දෙන්නේ. එහි පාඩුව කීයද? රුපියල් කෝටි හතළිස් හතක්. මේක ලූනු බිකක්ද? ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.

එදා රාජපක්ෂලා කරපු හොකරම් අබිබවා යාමේ තරගයක මේ ආණ්ඩුව ඉන්නවාද කියලා අපිට හිතන්න වෙලා තිබෙනවා. ලොකු හොරුන්ට දඬුවම් ලබාදී පොඩි හොරුන් නිදහස් කිරීමද රාජිතලාගේ න්‍යාය? ඒ ආණ්ඩුවේ සිටියදී නැව් ගිලපු මේ ආණ්ඩුවේත් සිටින ඇමැතිවරුන්ට මේ හොරකම් ලූනු බිකක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේ මහාපරිමාණ හොරකම් එදා වුණත් අද සිදුවුණත් ඒ හොරුන්ට නීතීය ක‍්‍රියාත්මක කළ යුතුයි. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා කියනවා හොරු නැති ආණ්ඩුවක් මෙතෙක් බිහිවෙලා නැහැ කියලා. ඒ කියන්නේ එතුමා පිළිගන්නවා අවුරුදු හැට නවයක් තිස්සේ මේ රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම හොරුන්ගෙන් පිරි තිබුණා කියලා. ඒ කියන්නේ ජනතාව පත්කරලා තිබෙන්නේ හොරුන්ගේ ආණ්ඩු. දැන් ජනතාවට අවස්ථාව ලැබිලා තිබෙනවා හොරුන්ගෙන් තොර ආණ්ඩුවක් බිහිකර ගන්න.

බැසිල් රාජපක්ෂ කියනවා ජනතාවගේ මුදල්වලින් පෞද්ගලිකව ප්ලේන්ටියක් වත් බීලා නැහැ කියලා. මල්වානේ මාලිගාව හැදුවේ කොහොමද? මේ හොරකමින් ඒ හොරකම් වහන්න බැහැ. අද විශ්වාසභංගය ගේන්නේ ඒ වගේ චෝදනා තිබෙන අය. ඒ අයට මෙවැන්නක් ඉදිරිපත් කරන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා. එහෙත් මෙවැනි විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි කියලා අපිත් අදහසක සිටියා. ඒකාබද්ධයෙන් එය ගෙනත් තිබෙනවා. ගෙනාපු කෙනා කවුරු වුණත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි එයට සහයෝගය ලබාදෙන්න තීරණය කර තිබෙනවා. 

ඒකාබද්ධ විපක්ෂය කියනවා අපි කරපු හොරකම මේ තරම් විශාල ඒවා නෙවෙයි කියලා. මේ ආණ්ඩුව කියනවා අපේ අයගේ හොරකම් ඒදා ඒවා තරම් ලොකු නැහැ කියලා. මුට්ටිය කේතලේට කියනවා අපිට වඩා ඔයා කළුයි කියලා. කේතලේ මුට්ටියට කියනවා නෑ අපිට වඩා ඔයාලා කළුයි කියලා. ජනතාවට පේන්න  ඕන දැන් මේ දෙකම කළුයි, දෙකම එකයි කියලා. දෙක දෙකෙන් බෙදුවාම ශුන්‍ය වෙන්නේ නැහැ වගේ එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ හොරකම් වංචා නැවැත්වීමට ආණ්ඩුව පැත්තෙන් ක‍්‍රියාමාර්ග ගත යුතුයි.

ආණ්ඩුව බලයට එද්දී මැතිවරණ පොරොන්දුවක් දුන්නා හොකරම් වංචා පිළිබඳව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන්න විශේෂ අධිකරණයක් පත් කරනවා කියලා. දැන් අජිත් පෙරේරා ඇමැතිවරයා කියනවා ඒක කරන්න බැරි වෙලා තිබෙන්නේ අධිකරණ ඇමැතිවරයාගේ විරෝධය නිසා කියලා. එක ඇමැතිවරයෙක් විරුද්ධ වුණා කියලා කළ යුතු දේ පස්සට දමන්න අවශ්‍ය නැහැ. දැන් හම්බන්තොට වරාය විකුණනවාට ඇමැති විරුද්ධ වුණා කියලා නොකර හිටියාද? නැහැනේ. ඇයි ඒ ආදර්ශය මේවාට අදාළ නොවන්නේ? බැඳුම්කර කොමිසමටත් බැහැ දඬුවම් දෙන්න. කොමිසම වාර්තාව යවනවා නීතිපතිට. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නඩු පවරලා නඩු අහන්න ගන්නකොට තව වසර දෙකක්වත් යනවා. එතකොට මේ ආණ්ඩුවේ කාලය අවසන්. ඒ නිසා විශේෂ අධිකරණයක් පිහිටුවීම වැනි ව්‍යාවස්ථා සංශෝධනයකට යන්නේ නැතිව වෙනම අධිකරණයක් පිහිටුවා මේ හොරකම් පිළිබඳ නඩු විභාග කඩිනම් කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.

දැන් ආණ්ඩුව උත්සාහ කරනවා මේ වැරැද්ද සම්පූර්ණයෙන්ම රවීගේ පිටින් යවලා නිදහස් වෙන්න. නිධානය ගන්න භාවිත කරන බිල්ල බවට අද රවි කරුණානායක අමාත්‍යවරයා පත්වෙලා පත් කරලා නිධානය ගත්ත අය පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා බිල්ල විතරක් නොවෙයි නිධානය ගත්ත අයත් අල්ලලා නීතිය හමුවට පැමිණවිය යුතුයි. මේ විශ්වාසභංගය ගෙනත් එය ජයගත්තොත් එය ආණ්ඩුවේද පරාජයක් වන නිසා රවි කරුණානායක ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා බල කරමින් තිබෙන බව දැනගන්න තිබෙනවා. එහෙම නිදහස් වෙන්න ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැහැ. මේ වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ ප‍්‍රබලයන්වත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න සුදානම්.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට විජිත හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය - අගමැතිවරයා කියනවා තමන්ගේ කැබිනට්ටුවේ හොරු තියාගන්නේ නැහැ කියලා. එතුමාට අගමැති ලෙස මේ හොරකම් පිළිබඳව වගකීමක් නැද්ද?

පිළිතුර -- මහබැංකුව තවමත් තිබෙන්නේ අගමැතිවරයා යටතේ. ඒ වගේම මේ වංචාවට අදාළ වගකිව යුත්තන් පත් කිරීමට අගමැති මැදිහත් වුණා. ඒ නිසා එතුමාට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ.

ප‍්‍රශ්නය -- රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ගේන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු මේ වගේම චෝදනා ලබපු පිරිසක්. එවැනි පිරිසක් ගේන විශ්වාසභංගයකට ඔබතුමන්ලා සහාය දක්වන්නේ කොහොමද?

පිළිතුර -- මේ හොරකමෙන් පරණ හොරකම් වහගන්න බැහැ. එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි විශ්වාසභංගයට සහාය දැක්වීමෙන් අදහස් වෙන්නේ නැහැ හොරු සමඟ හිටගත්තා කියලා. මේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුත් මෙයට පක්ෂව ඡන්දෙ දෙන බව කියනවා. නමුත් ඒ අය ඒකාබද්ධයත් සමග එකතු වෙලා නැහැනේ.

ප‍්‍රශ්නය -- මේ සමග රවි කරුණානායක, අගමැති, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් වගේ අයගෙත් නම් සම්බන්ධ වි තිබෙනවා. මේ සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන්. මොකක්ද මේ ගැන හිතන්නේ?

පිළිතුර -- කොතැන හිටියත්, තරාතිරම මොකක් වුණත් වංචාවට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

මෙහිදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රවි කරුණානායක ඇමැතිවරයාගේ පිටින් රිස්ස ඇරලා කාටවත් බේරෙන්න බැහැ. මේ වංචාවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් සම්බන්ධයි වගේම ඔවුන් සමග ගනුදෙනු කරලා අල්ලස් ගත්තේ රවි කරුණානායක මහතා පමණක් නෙවෙයි. කෝප් කමිටුවට සහභාගී වු ෆුට්නෝට් කල්ලියේ දුරකථන පරීක්ෂා කර බැලූවොත් ඒ අයගේ ගනුදෙනුත් හොයාගන්න පුළුවන් යැයි කීය.

ප‍්‍රශ්නය -- ඔබතුමාලා දිගින් දිගටම මල්වානේ ඉඩම ගැන කතා කරනවා. පාර්ලිමේන්තුව තුළත් කතා කරනවා. නමුත් තවම කිසිම හැකියාවක් ලැබිලා නැහැ නේද බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්න?

පිළිතුර -- හොරුන්ගේ ආණ්ඩුවකින් හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එක හොරෙක් ඉවත් කරලා තවත් හොරෙක් ගේන්නේ නැතිව ජේවීපී එකට බලය දෙන්න අපි දඬුවම් දිලා පෙන්වන්නම්. හොරකම දුෂණය වංචාව නවත්වන හැටි අපි පෙන්වන්නම්. අපි අමාත්‍යංශ හතරක් කරලා පෙන්නුවා. අල්පෙනෙත්තක තරම් දෙයක් අපි හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව පාලනය කළා. හොරකමක් කරලා නැහැ.

ප‍්‍රශ්නය -- මේ ආණ්ඩුවේ සාධනීය බවක් දකින්නේ නැද්ද? කලින් වගේ නෙවෙයි හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරලා තිබෙනවා.

පිළිතුර -- කතාවෙන් වැඩක් නැහැ, ක‍්‍රියාවෙන් පෙන්වන්න තමන් වංචාවට දුෂණයට විරුද්ධයි කියලා. කොමිසම් පත්කරලා වැඩක් නැහැ. ඒවායින් හෙළිවන කරුණු අනුව වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන්න. නමුත් එවැනි කිසිදෙයක් තවම සිදුවී නැහැ.

ප‍්‍රශ්නය -- තව වසර දෙකකින් මේ ආණ්ඩුව පැරදුණාම මේ ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් කිරීමක් සිදුවන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. මේ ආණ්ඩුව වසර දෙකකදී පරදියි කියලා විශ්වාසයක් තිබෙනවාද?

පිළිතුර -- අනිවාර්යයෙන්ම පරදිනවා. ජනතාව මේ ආණ්ඩුවට තවත් වසර පහක් බාරදෙන්න සූදානම් නැහැ. ඔවුන් බලා සිටින්නේ මේ අය ගෙදර යවන්නයි.

ප‍්‍රශ්නය -- ඊළඟට මොනවගේ ආණ්ඩුවක්ද එන්නේ?

පිළිතුර -- අලූත් හොරු වෙනුවට පරණ හොරු ගේන්නේ නැතිව හොරකම් කරන්නේ නැති පිරිසක් බලයට ගේන්න ජනතාව කල්පනා කළ යුතුයි. අපි ජනතාවට කියනවා හොරකමට වංචාවට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පිිහිටුවා වෙනස තේරුම් ගන්න කියලා.



අදහස් (1)

’බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි බිල්ලට දී ඇඟ බේරාගන්න හදනවා’

raveendra Wednesday, 09 August 2017 12:29 PM

මෙය නිධානයක් නොව මෙය මගේ, ඔබගේ, අපේ, ලංකා මාතාවගේ මුදල්ය. මොනම අයෙක් එම මුදල් හොරා ඇත්නම් එවැන්නකුට සහ එවැන්නකුගේ පවුල් වලටද වන්දිගෙවීමට සිදුවනු නියතය. ලෝක ධර්මය විසින් මෙවැන්නන් හට දඬුවම් දෙනු ඇත.

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 480 4

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 638 17

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5995 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 706 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2030 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 26 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 214 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site