IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මං එන්නේ රටට යුතුකම කරලා

(අංජුල මහික වීරරත්න)

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ ගාල්ලේ  අවසන් ජනරැලි අමතමින් අද (18) පැවසීය.

ශ්‍රී ලංකාව  බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුම හෙට (19) අත්සන් කරන බව කී ජනාධිපතිවරයා ලංකාව බංකොලොත් බවින් මිදීම  පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය අවසන් වී සති දෙකක් ඇතුළත මූල්‍ය අරමුදල ලංකාවට පැමිණෙන බවද සඳහන් කළේය.

අවසන් ජනරැළි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මම වසර දෙකකට පෙර මේ රටේ වගකීම බාර ගත්තේ රටේ තිබෙන ආර්ථික අර්බුදය විසඳන්නයි.2022 මැයි මාසයේ  කවුරුත් රටේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා.අගමැතිකම භාරගන්න කියන කොට දිව්වා.

ජුනි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ විට මම ජනාධිපතිකම බාරගත්තා.එදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. අප රට  බංකොලොත් යැයි  ප්‍රකාශ කළා.

අපට විදේශ විනිමය තිබුණේ නැහැ. ඒ යුගය ගැන අලුතෙන් කිව යුතු නැහැ.මෙතන සිටින අනෙක් අය මට වඩා හොඳින් ඒ ගැන කියාවි.පෝලිමේ හිටපු නැති ගෙයක් හොයන එක කිසා ගෝතමිය අබ මිටක් හෙව්වාට වඩා අමාරු වේවි.

බංකොලොත් බවින් මිදීමේ පළමු අදියර මම අවසන් කර තිබෙනවා.මම මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට අපගේ ණය තිරසර බවකට පත්  කර  ලංකාව  මධ්‍යම ආදායම් රටකට සුදුසු පියවරකට පැමිණියා.

එමෙන්ම අපට ණය දුන් රටවල් දාහතක් සමගත් චීනය සමගත් වැඩසටහනක් ඇරඹුවා. අදාල කණ්ඩායම් තුනෙන් දෙකක් සමඟ වැඩසටහන ඇරඹුවා.ණය බංකොලොත් බව නැති කරන්න තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමගත් ගිවිසුමකට එන්න තිබෙනවා.ඒ ගිවිසුමත් හෙට වන විට අවසන් කරන බව කිව යුතුයි.

මම මේ චන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටුකර මේ රටේ බංකොලොත් බව නිල වශයෙන් නැතිකර තිබෙන තත්ත්වයක් යටතේයි.

මම ආර්ථිකය ස්ථාවර කළත් එය තහවුරු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා තව වසර දෙක තුනක් අවශ්‍යයි .නැතිනම් ආර්ථිකය නාය යනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැතිනම් ණය ගෙන නැවත රට වැටෙනවා. සැප්තැම්බර් 21 වැනිදා මා ඔබෙන් ඉල්ලන්නේ ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වරමක්.

අපි මේ ගිවිසුම් පිළිගන්නවාද? නැතිනම් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය කියන අයුරින් නැවත ගිවිසුම වෙනස් කරනවාද? ගිවිසුම අලුත් කරනවා නම් අපට ලැබෙන මුදල් නතර වෙනවා .එවිට අප බංකොලොත් භාවයෙන් මුදා ගත්තා කියා ප්‍රකාශ කෙරෙන්නේ නැහැ. අප සති දෙකකින් මූල්‍ය අරමුදලට  පිළිතුරු දිය යුතුයි. ඒ පිළිතුර ලබා දෙනවාද?නැද්ද? යන කාරණය  ලබන විසි එක් වෙනිදා ලබාදිය  යුතුයි.

වසර දෙකකට පෙර අප  බාර ගත්තේ අලුත් අත්දැකීමක්.ජනතාව ඡන්දය දී පත්කර ගත් නායකයන්ට ,ජන වරම තිබූ අයට ප්‍රශ්නය විසඳගන්න බැරි වුණා. සජබෙ දිව්වා.ජාතික ජන බලවේගය හොයා ගන්න බැරි වුණා.එහෙම අවස්ථාවක මට රට බාරගන්න සිදුවුණා.මම මේ ගැන ගොඩක් සිතුවා.

දේශපාලන ජීවිතයක් යනු අභියෝග පිරුණු ජීවිතයක්.සතුට මෙන්ම දුක තියෙනවා. හොඳ මෙන්ම නරක තිබෙනවා.

ප්‍රසිද්ධිය ලබනවා. මේ සියල්ල දේශපාලනයේ කොටසක්. ඒ ගැන මට හිතන්න තිබුණා.නමුත් ජනතාව වෙනුවෙන් මා රට බාර ගත්තා.

ජනතාව මා කෙරෙහි විශ්වාසය නොතැබුවත් මා ජනතාව කෙරෙහි විශ්වාසය තබා මේ අභියෝගය භාර ගත්තා. ලංකාව තිබුණේ ටයිටැනික් නැව වගේ ගිලෙන්න යන අවස්ථාවක. හැමතැනම හිල්. විදුලි බලය නැහැ. කපිතාල්ලා නැහැ.කොහොම හරි මම රට භාර ගත්තා .නැවේ හිටපු කීපදෙනෙක් සමග මා ඉදිරියට ගියා. දැන් කෙසේ හෝ අප හොඳ තැනකට ගෙනවිත් තිබෙනවා.නමුත් නැව තාම වරායට ගිහින් නැහැ.

නැව වරායට ගෙන යෑම සඳහා අප මේ වරම ඉල්ලනවා.වසර දෙකක් මේ වැඩකටයුතු අමාරුවෙන් කළා. රට වෙනුවෙන් තීරණ ගන්න සිදුවුණා. ඒ තීරණ අර ගත්තේ අනාගතයේ දෙස බලලා .මා ගත්ත තීරණ එකක්වත් ජනප්‍රිය තීරණ නොවේ . බදු වැඩි කරන්නට සිදුවුණා.

ණය ගන්න බැරි නම් ,මුදල් අච්චු ගහන්න බැරි නම්, බැංකුවෙන් මුදල් ගන්න බැරි නම් රට ගෙනියන්නේ කොහොමද? රුපියල ශක්තිමත් කරන්න ආදායම හොයාගත යුතුයි. සැමට ප්‍රශ්න තිබුණා .බඩු මිල දෙගුණයක් වූ අවස්ථාවේදී බදු ගහන්න සිදුවුණා .ගෙවල්වල එක වේලක් කන අය හිටියා.  දරුවන්ගේ ටියුෂන් මුදල ගෙවන්නේ කොහොමද කියා සිතා බැලුවා.

අවසානයේ රුපියල ශක්තිමත් කරන්නට අපට හැකි වුණා .එවිට බඩු මිල යම් පමණකට අඩු වුණා  අස්වැසුම ලබා දුන්නා.

සමෘද්ධිය වගේ තුන් ගුණයක දීමනාවක් ලබා දුන්නා. දැන් රජයේ සේවකයන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවා .එමෙන්ම මේ පැති වලට සංචාරකයන් එනවා. ටිකෙන් ටික ආර්ථිකය දියුණු වෙනවා.

නමුත් ආදායම සහ වියදම අතර තවමත් ප්‍රශ්නයක් තිබෙනවා .එන වසර වන විට ඔබේ ජීවන වියදම තවත් සැහැල්ලු කරනවා.මෙය නොකර හිටියා නම්  රටේ ආර්ථිකය කඩා වැටී අමාරුවේ ඉන්න තිබුණා. අප කාටත් තිත්ත බෙහෙත් ගන්න අවස්ථා තිබෙනවා. මා කළේ එයයි .එයින් රට ශක්තිමත් වුණා.

ණය ගන්න වුනොත් තව වසර පහකින් ලොකු ප්‍රශ්නයක් එනවා.සංචාරක ව්‍යාපාරය, කෘෂි නවීකරණය මෙන්ම ආයෝජන කලාප බිහි කළ යුතුව තිබෙනවා.මේ සියල්ලකින්ම රැකියා උත්පාදනය කරන්න පුළුවන් .ඒ සඳහා පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහ තිබෙනවා.

අප අපනයන ආර්ථිකයක් වී විදේශය විනිමය අතිරික්තයක් ඇතිවන විට රුපියලේ වටිනාකම වැඩිවෙනවා  අප හිඟමනේ යන ජාතියක් නොවේ. නැවත හිඟමනේ යන්න දෙන්න බැහැ. නම්බුව තියාගෙන ඉන්න රටක් අප හදමු. පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ ඒකයි. තුන් සිංහලය නැවත හිඟා කන ජාතියක් විය  යුතු නැහැ.

තරුණ තරුණියන්ට ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි.මේ ගිවිසුම් සමග ඉදිරියට යමු.අනුර කුමාර කියන්නේ කුමක්ද ?සජිත් ප්‍රේමදාස කියන්නේ මොකක්ද? නැවත මේ ගිවිසුම්  අහෝසි කර අලුත් ගිවිසුම් ඇති කරන බවයි .එය වෙන්නේ නැහැ.

අයි.එම්.එෆ් ප්‍රත්‍යක්ෂකවරිය පැවසූයේ මේ ගිවිසුම් මාරු නොකරන බවයි.

චන්දෙ ඉවර වී සති දෙකකින් මේ වැඩකටයුතු අවසන් කරන්නට ඒ අය එනවා.රට බංකොලොත් බවින් මිදී ඇති බව කියන්න ඔවුන් එනව.එවිට අප ගිවිසුම්  අලුත් කරන බව කිව්වොත් එම ගිවිසුම එතනින් ඉවරයි. ඔවුන් තවත් ඉදිරියට මුදල් දෙන්නේ නැහැ.එවිට ඩොලර් එකකට රුපියල් 500 ක් වේවි.

අනුර කුමාර හිටපු ඇමති කියන්නේ කුමක්ද? මා යටතේ ආර්ථිකය වර්ධනය වූ බව එතුමාම පිළිගන්නවා. ඉතින් ඔහු  එන්නේ කුමටද? ඇතැම් විට මේ ක්‍රමයම ක්‍රියාත්මක වේවි කියා එතුමා කියනවා. ඉතින් එයාට දෙන්නේ මොකටද? මටම කරන්න පුළුවන්නේ.ඔහු

අවුරුදු  එකහමාරක් කරලා බැරි නම් දීලා යනවා කියනවා .අවුරුදු එකහමාරක් කරන්නේ කොහොමද ?ඒ කියන්නේ මේක කරන්න බැහැ කියලා කියලා. තව මොනවා කියන්නද?

ඒ අය ප්‍රශ්නය උග්‍ර කරනවා මිස විසඳන්නේ නැහැ.සජිත් කරන්නේ කුමක්ද?මම දෙරණ බැලුවා.  නමුත් ආවේ නැහැනේ.මෙයා මූණ දෙන්නෙ නැහැනේ. 

ඒ නිසා ඔබේ අනාගතය ගැන හිතන්න. නැවත පරණ තත්ත්වයට යන්න දෙන්න එපා.අපි ශක්තිමත් රටක් බිහි කර ගමු . වෙනසක් ඇති කළ යුතු බව සමහරු කියනවා.

කරන්න බැරි අයට දීලා වැඩක් නැහැ.කතා කරන අයට වැඩ කරන්න බැහැ. වැඩකරන මිනිස්සු කතා කරන්නේ නැහැ.

මගේ මේ ඇමතිවරුන්ට ඒ වැඩකටයුත්ත එලෙසින්ම කරන්න පුළුවන්.මම කිව්ව යුතුකම කර තිබෙනවා. මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව, සමග එක්ව ප්‍රශ්නය විසඳා තිබෙනවා.

පුද්ගලික බැඳුම්කරුවන් සමග ප්‍රශ්න විසදා තිබෙනවා  දැන් අප ඉදිරියට යමු. අලුත් රටක් හදමු .අලුත් රටක් නිර්මාණය කරමු. පුළුවන් ශ්‍රී ලංකා. මම දිනනවා! මම දිනනවා!මම දිනනවා! මම දිනූ පසු අප සියලු දෙනාම දින ජයග්‍රහණය කරවනවා යැයි ජනාධිපතිවරයා කීය.

ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා:-

වැටුණු රට ගොඩ ගැනීම සඳහා මේ දකුණේ නායකයන් එකතු වුණා. අනෙක් අය විවිධ තැන්වල හැංගුනා. 

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජතාන්ත්‍රික  බවට අභියෝග කළ හැකි වන කිසිවකු සිටීද? ඉන්නේ අභියෝගයෙන් පැන දිවූ පිරිසක් පමණයි.මේ දෙමළ සිංහල මුස්ලිම් සියලු නායකයන් මරා දැමුණු රටක්.රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව භාර ගෙන ආසියාවේ ඉහළ රටක් බවට පත් කරනවාට දෙස් විදෙස් බලවේග අකමැති වෙන්න පුළුවන්. අපෙන් කැඩිලා ගිය කුක්කු බබාට රටක් කරන්න පුළුවන්ද? ගාල්ල දිස්ත්‍රික්කය වැඩි චන්ද ලක්ෂ දෙකකට වැඩි ඓතිහාසික ජයක් අප ලබා දෙනවා.

මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලි සඳහා  සහභාගී වූහ.

(ඡායාරූප ලහිරු හර්ෂණ )

 



අදහස් (27)

මං එන්නේ රටට යුතුකම කරලා

ගමේ එකාලා Wednesday, 18 September 2024 07:16 PM

හොඳට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා බන්කොලොත් කෙරුවේ බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත, දේශපාලුවන් මිසක් වෙන කවුරුවත් නෙවෙයි. 47 වසරක් දේශපාලනේ කරලා විවිධ තනතුරු අගමැතිකම පවා පස් වතාවක් දරපු පින් ජනපතියාගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .

:       43       87

karolisThursday, 19 September 2024 04:07 PM

21 වෙනිදාට උත්තර දීමට ඇති ප්‍රශ්නය ඉතා සරලය. එනම් රටේ මීළඟ පාලකයන් විය යුත්තේ මිනීමරුවන්ද නැද්ද යන්න පමණි.

:       0       4

Perera Wednesday, 18 September 2024 07:20 PM

යුතුකම කරලා? මහබැංකුව සුද්ද කරලා... ගෝලයින්ට රට පනින්න සලස්වපු එක ගැනද ඔයා කියන්නේ...?

:       43       90

පිටිගල මිලානෝ Wednesday, 18 September 2024 07:35 PM

මහබැංකුවට නම් කරා...

:       39       77

karolis Wednesday, 18 September 2024 07:40 PM

වාමාංශික ත්‍රස්තවාදීන් පවතින දේශපාලනයට විසඳුමක් නොවේ. මිනිසුන්ගේ කෝපය සාධාරණයි. නමුත් වෙලාවේ හැටියට ජනතාව කළයුතු දෙය නම් ඉවසීම... නැත්තන් කොටි නිසා දෙමළ ප්‍රජාව සිය අනාගතයෙන් වන්දි ගෙව්වා වගේ දකුණේ මිනිස්සුන්ටත් ගෙවන්න වෙනවා. ඉවසලා ඉවසලා බැරිම තැන වැඩියෙන් ඉවසිය යුතු වෙනවා...!

:       47       48

Santha Wednesday, 18 September 2024 07:53 PM

මැකෝ කිව්වා නේද ජාතික කොඩි ප්‍රදර්ශනය ඡන්ද නීති කැඩීමක් කියලා...?

:       18       61

Nana Wednesday, 18 September 2024 08:05 PM

මේ රට ගොඩදාපු නායකයා රනිල් දිනනවා නියතයි.

:       82       51

ලුම්බිණි Thursday, 19 September 2024 07:27 AM

දිනුවත් නැතත් මේ රට විනාශ කරපු කණ්ඩායමෙන් එක්කෙනෙක් .

:       6       10

පොඩිඑකාThursday, 19 September 2024 08:44 AM

එයාට ගොඩදාන්න රට වලදැම්මෙ ඔහෙගෙ අප්ලුච්චද?

:       5       7

Amila Wednesday, 18 September 2024 08:33 PM

රනිල් දිනනවා

:       7       4

Asela Wednesday, 18 September 2024 08:39 PM

ඔය දැන් නාහෙන් අඬන්නේ පරදින බව දැනගෙන , ලංකාව බංකොලොත් උනේ අදික ණය නිසා ,එකෙන් වැඩිම ප්‍රතිශතයක් අරන් තියෙන්නේ මේ උන්දැ , මේ සැරෙත් කරපු එකමේ දේ අයිඑම්එෆ් ණය ගන්න එකයි මිනිසුන්ට බදු ගහපු එකයි ඊට පස්සේ රටේ සල්ලි නාස්ති කරමින් අර මොකක් ද දේශගුණික විපර්යාස කියලා වැඩකට නැති සමුළුවලට ගෝලයෝ රෝත්තත් අරන් ලෝකේ වටේ රවුන් ගහපු එකයි

:       3       7

Dasa P Wednesday, 18 September 2024 10:05 PM

අපි දැන් නම් සල්ලි වලට වැඩ කරන්නේ නෑ හොදේ? පුළුවන් නම් අයිඑම්එෆ් එකට සුමාන දෙකක් කලින් එන්න කියන්න.. ඇවිත් කියන්න කියන්න අපි දැන් බංකොලොත් නැ කියලා.. එහෙම කලොත් සළකන්නම්...

:       2       3

විජිත් Thursday, 19 September 2024 01:06 AM

මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්.

:       4       6

විජිත් Thursday, 19 September 2024 01:12 AM

රටට නියමට කළා ... බටලන්දේ මඩුවක් හදාගෙන මිනිස්සුන්ගේ ඇස් ගැලෙව්වා, අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් පන පිටින් පුච්චලා මැරුවා , යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බා , 83 කළු ජුලිය හදලා දෙමල මිනිස්සුන්ව ඝතනයකලා, කොහේදෝ හිටපු අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරෙක්ව ලංකාවට අරගෙන ඇවිල්ලා උත එක්ක මහබැංකුව කොල්ල කෑවා ..අන්තිමට යන්න එන්න තැනක් නැතිව ඉඳලා හොරු 134 දෙනෙක්ගේ ඡන්දෙන් හොර ජනාධිපති වුණා. ඔය හමුසේ රටට කරපු ඒවා...දැන් ඉතින් මකබාවෙයන් කාලකන්නියා.

:       2       8

Nishan Thursday, 19 September 2024 04:33 AM

මාලිමාවේ බලහත්කාරකම් වලට නිහඬ මිනිසුන් විරුද්දයි. ඔවුන් මාලිමාවට විරුද්දව තම කතිරේ පාවිච්චි කරනවා නිසැකයි. ආයෙත් මේ රටට ත්‍රස්තවාදයක් එපා.

:       10       4

wimal Thursday, 19 September 2024 06:03 AM

අවුරුදු ගාණක් තිස්සේ එපා කියද්දිත් අපේ රට ණය උගුලේ සිරකළ පාපතරයා

:       3       8

අරවින්ද මොනරවිල Thursday, 19 September 2024 08:04 AM

ඔහේ රටට කොරපු හරිය හොදටම ඇති, ඒ නිසා ඇණයක් නොවී දැන්වත් ගෙදරට වෙලා ඉන්නවද ?

:       4       8

priyanka Thursday, 19 September 2024 08:30 AM

මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ රට හදන්න . ඒත් තාම හදනවා .රනිල් සජිත් නාමල් නැතුව වෙන ඕන කෙනෙක්ට චන්දෙ දෙන්න .මුන් ඔක්කොම එකම හොරු .රට කාපු කාලකන්නි

:       2       7

රම්සි Thursday, 19 September 2024 08:45 AM

මහබැංකුව වලදාලා රට ගොඩදැම්මා....!

:       2       4

සෙනෙවිරත්න Thursday, 19 September 2024 08:56 AM

මේ වයසක මහල්ලට කවුරුහරි තේරුම් කරල දීපල්ල බංකලොත් බවෙන් මිදෙන එක නිර්නායක කිහිපයක් මත තීරණය වන දෙයක් මිස කවුරුවත් ප්‍රකාශයට පත් කරලා වෙන දෙයක් නොවන බව.

:       14       23

karolisThursday, 19 September 2024 01:38 PM

සෙනෙවිරත්න, මහල්ලන්ගේ පරිණත බව එක්ක හැප්පෙන්න හයියක් තියන තරුණ පරම්පරාවක් මේ රටේ නෑ. තරුණයෝ කරපු තරමක් මේ රටට කලේ විනාශය. ජවිපෙ ත්‍රස්තවාදය, කොටි ත්‍රස්තවාදය, විශ්වවිද්‍යාල ත්‍රස්තවාදය, වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඔක්කොම තරුණයන්ගේ වැඩ තමයි.

:       5       3

රුවන් Thursday, 19 September 2024 09:14 AM

අපිත් අපේ යුතුකම ඉටු කරන්නම් 21 වෙනිදාට බලාගෙන හිටපන්

:       8       21

m. saman perera Thursday, 19 September 2024 10:35 AM

රටට කරපු ලොකුම යුතුකම මහ බැංකුව සුද්ද කරපු එක තමයි

:       3       9

විපරමා Thursday, 19 September 2024 10:57 AM

කරපු යුතුකම් නම් එමටයි.ඒ ගැන කියලා වැඩක් නැහැ..යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්නවනම් තමා හොඳ

:       3       9

Nimal Thursday, 19 September 2024 11:43 AM

රට පුරාම ඉන්න මනස වර්ධනය නොවූ වයස්ගත පුද්ගලයන් බස් වලින් අදාළ පිස්සු කියනවා

:       3       9

Rata Perata Thursday, 19 September 2024 11:55 AM

ඒක නම් ඇත්ත ,රටක මහ බැංකුවට විදලා රටේ නායකයා වෙන්න හදන්නේ ඔයා විතරයි

:       3       12

nanda Thursday, 19 September 2024 04:25 PM

මහබැංකුවට සුද්දයක් දුන්නු එකම ඇතිනේ ගෑස් සිලින්ඩරෙත් අරන් 22 ගෙදර යන්නකෝ .පස්සේ කරපු අපරාධ ගැන උසාවියෙන් විසඳලා දේවි

:       2       3

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 2582 27

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 2018 16

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 6365 16

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 663 4

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 478 7

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 966 11

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 31 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 68 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site