IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


මේක ඡන්ද නොතියන කොමිසමක්ද කියලා සමහරු අපෙන් අහනවා

(ආරියරත්න රණබාහු)

ඡන්ද නොපැවැත්වීම සඳහාත් නීති හදන්නේ අපේ ඡන්දෙන් පත්වී ගිය මන්ත‍්‍රීවරුන්ම යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කොළඹදී (පෙරේදා) 13 පැවසීය.

වසර දෙකක්ම කිසිදු ඡුන්දයක් නොපැවැත්වීම නිසා ඇතැමුන් තම කොමිසම ඡන්ද නොපැවැත්වීමේ කොමිසම ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇතැයි ද දේශප‍්‍රිය මහතා කීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් පවත්වනු ලබන දේශපාලනය හා දේශපාලන නායකත්වය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ආරම්භක උත්සවය අමතමින් ඒ මහතා එසේ කීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉකුත් 13වැනිදා පස්වරුවේ පැවැති එම උත්සවයේදී අදහස් දැක්වූ මහින්ද දේශප‍්‍රිය මහතා මෙසේද කීය.

ලංකාවේ මූලික නීතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. දේශපාලනය කරන කාහටත් මේකේ පළවෙනි, දෙවැනි, තුන්වැනි ව්‍යවස්ථා පමණක් නොවේ සියලූම ව්‍යවස්ථා දැනගෙන තිබීම අවශ්‍යයි.

බුද්ධාගම අදහන අය ත‍්‍රිපිටකය සහ ධම්මපදය ද, හින්දු ආගම් අදහන අය වේදය ද, ඉස්ලාම් භක්තිකයින්ට ශුද්ධවූ කුරානයද ක‍්‍රිස්තියානි සහ කතෝලික ආගම් අදහන අයට ශුද්ධවූ බයිබලයද වගේ දේශපාලනය කරන සැමටම අත්‍යවශ්‍ය පළමු ලියවිල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි.

එය නිශ්චිතව දැනගන්නේ නැති කිසිකෙනෙකුට දේශපාලනය කරන්න බැහැ. පසුගිය දිනෙක පත‍්‍රයක මිත‍්‍රයෙක් මාව ඉන්ටව්වි කරන්න ආවා. ඔහු මගෙන් ඇහුවා, දැන් ඡුන්ද නැති නිසා මොකද කරන්නේ කියලා ඇහුවා.

මම කිව්වා ඔයා හිතුවද නයා මැරිච්ච අහිකුණ්ඩකයා වගේ අපි නිකම් ඉන්නවද කියලා.

අපි නයා මැරිච්ච අහිකුණ්ටකයා වගේ නැහැ. ඡන්දවලට අදාළ කරුණුවලින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. මොකක්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මොකක්ද පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලයේ වැදගත්කම, යනාදී කරුණු ගැන සාමාන්‍ය පෙළ ළමයින්ගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා කියා දෙනවා.

උතුරේ පේදුරුතුඩුව සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වාත් බස්නාහිරින් කොළඹත් නැගෙනහිරින් සංගමන් කන්ද දක්වා සහ මධ්‍යම කඳුකරය දක්වා මේ දේවල් කතා කරමින් යනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළමුවෙන්ම කියන්නේ ජනරජයේ නම ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජය දෙවැනියට ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් දැන් මේ ගැන විවාද කරනවා, ඒකීයද එක්සත්ද කියලා. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තවමත් වැදගත් තැනක් ඒකීය කියන එකට ලැබෙනවා.

රට ඒකීයයි. නමුත් කුණු කසළ ෆෙඩරල් කුණු කසළ බැහැර කිරීමේදී වෙනත් ප‍්‍රදේශයක කුණු අපට එපා කියලා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව ඉතාම වැදගත්. එයින් කියන්නේ ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව මත පිහිටා ඇත්තේය. එය අත්හළ නොහැකිය.

පරමාධිපත්‍යයට පාලන බලතලත් ඡුන්ද බලයත් මූලික අයිතිවාසිකම් ලෙස ඇතුළත් වෙනවා.

පරමාධිපත්‍යය කියන්නේ අපට අයිතියි කියන එක. දොන් ජුවන් ධර්මපාල රජු අපේ රට ලිස්බන් නුවර අධිරාජ්‍යයාට ලියලා දුන්නා. එහෙම ලියලා දුන්නේ පරමාධිපත්‍ය බලය අයිති වෙලා තිබුණේ රජුරුවන්ට නිසයි. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඉංග‍්‍රීසින්ට අපේ රට ලියලා දුන්නා එහෙම ලියලා දුන්නේ රජුරුවන්ට රට අයිති නිසයි. ජනතාවට අයිති වෙලා තිබුණා නම් එහෙම ලියලා දෙන්න බැහැ.

ඒ නිසා තමයි දැන් අපේ රටේ සමහරු කරුණු ගැන තීරණය කරන විට ඒවා ජනතා පරමාධිපත්‍යයට විරුද්ධද කියලා බලන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙන් කියනවා සමහර දේවල් ජනමත විචාරණයක් නැතුව වෙනස් කළ නොහැකියි කියලා. ඒකට 3 වැනි ව්‍යවස්ථාවක් අයිතිියි. ඊට 4 ව්‍යවස්ථාවක් බැඳිලා තියෙනවා.

සර්ව ජන ඡුන්ද බලය 1931 සිට මේ දක්වා අපි අවුරුදු 87ක් පාවිච්චි කරනවා. අපට කලින් ආසියාවේ කිසිම රටකට සර්ව ජන ඡුන්ද බලය හිමිවුණේ නැහැ. දැන් අවුරුදු දෙකක් ඡුන්ද නොතිබු නිසා අපේ කොමිසම ඡුන්ද නොතියන කොමිසමක් ද කියලා අහනවා.

නීති හඳන්නත් ඡුන්දය  ඕන. ඡුන්ද නොතියන්නත් නීති හදන්නේ අපේ ඡුන්දෙන් පත්වෙන ව්‍යවස්ථාදායක මණ්ඩලයයි. ජනාධිපතිතුමා ඉන්නෙත් ජනතාවගේ ඡුන්ද බලයෙනුයි.

ඡුන්ද බලය මූලික අයිතිවාසිකමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ සඳහා සුප‍්‍රසිද්ධ නඩු තීන්දු තුනක් තිබෙනවා.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා:x ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඞී, බණ්ඩාරනායක මහතා දේශපාලනය ආරම්භ කළේ කොළඹ මහ නගර සභාවෙන් එවකට තිබූ මරදාන කොට්ඨාසය ජයග‍්‍රහණය කරලයි. 56 දී මේ රටේ වෙනසක් අවශ්‍යව තිබුණා ඒ සඳහා එතුමා එදා සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ඒකරාශී කරගන්නා. වරප‍්‍රසාද නොලත් පන්තියේ අයට වරප‍්‍රසාද ලැබිය යුතුයි කියලා එතුමා සටන් කළා.

වෘත්තීය දේශපාලනයේ බිම් මට්ටමේ සිට සකස් කළ යුතු යුගයක් පැමිණ තිබෙනවා. ඒ සඳහා මේ පාඨමාලාව ඉමහල් වේවායි පතනවා.

ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා:x අපේ රටට පදනම් වූ දේශපාලන ඉතිහාසය නොදැන දේශපාලනය කරන්න බැහැ. ෆෙඩරල් යෝජනා ඉස්සෙල්ලාම ආවේ දකුණින්. රජයට විරුද්ධව පළමුවෙන් ආයුධ අරගෙන කැරළි ගැහුවේ දකුණේ. පළමුවෙනි දේශපාලන ඝාතනය දොරේ අප්පා නොවෙයි එයත් සිදුවුණේ දකුණේ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී, බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම, ඒ පළවෙනි ඝාතනයයි. දැන් මේවා හැම එකක්ම උතුරේ එකවුන්ට් එකට දාන්න හදනවා.

යාපනය දිස්ත‍්‍රික් (දෙජාස* මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා:x බටහිරකරණය වීම ගැන රටේ පොඩි භීතිකාවක් ඇතිවී තිබෙනවා. අප අදහන හැම දේශපාලන සංකල්පයක්ම ආවේ බටහිරින් පාර්ලිමේන්තුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ෆෙඩරල් ක‍්‍රමය, ඒකීයභාවය, මේ හැම එකක්ම බටහිරින් ආපු දේවල්. බටහිර කියලා හැම දෙයක්ම විසි කරලා දාන්න බැහැ.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා:x ලංකාවේ දේශපාලනය අපි පිරිසිදු කර ගන්න  ඕන යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම අපි සැමටම තිබෙන වගකීමක් රටක දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිව කවර හෝ විසඳුමක්, බලය බෙදීමක් ගැන කතා කිරීම උචිත නොවෙයි.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකාර් මහතා:x දේශපාලන දැනුම පළපුරුද්ද වගේම දේශපාලන සදාචාරයත් ඉතා වැදගත්. නිදහස ලබා දශක හතක් ගිහින් අප සිටින තැන ගැන සතුටුවිය නොහැකියි කියලා හැමෝම කතා වෙනවා. අපට පිටුපසින් සිටිය රටවල් අපව හසුකර ගෙන ගිය බවත් කියනවා.

රටක් ඉදිරියට යැවීමට සංහිඳියාව ඉතාම අත්‍යවශ්‍යයි. බය, සැක අවුලමින් එයින් පෝෂණය වෙන දේශපාලනයට අප ඉඩදී සිටියහොත් මේ රටට අනාගතයක් නැහැ. යුද්ධය නැහැ කියන්නේ සංහිඳියාව තියන එකට නෙවෙයි. මොන ආගම් ජාතීන් වශයෙන් සිටියත් අප ශ්‍රී ලාංකිකයන් කියන තැනට ආ යුතුයි.

මෙහිදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ, පාඨමාලා අධ්‍යක්ෂ ආචාර්ය අරුණ ජයතිලක, අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය සමන් වීරවංශ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් තුසිත මලවිතන්ත‍්‍රි යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

මේක ඡන්ද නොතියන කොමිසමක්ද කියලා සමහරු අපෙන් අහනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2144 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 497 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 732 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site