IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“

(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)

මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.

ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපාලනය කරන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙඩි නොවදින වාහන යකඩ කූඩු අතර සිරවූ ජනාධිපතිවරයෙකු වන්න තමා කිසි කලෙක සූදානම් නැතැයිද අවධාරණය කළේය.

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එම්. ඩිල්ශාන් සහ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එච්.ජී. පියරත්න මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප ක්‍රියාකාරීහු පනස්දෙනෙක් එක්වූහ.

හොරොව්පොතාන ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් මුලතිව්, සේරුවිල, මැදිරිගිරිය, මින්නේරිය සහ මහියංගනයේදීද ජන රැලි පැවැත්විණි.

ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

රටේ දියුණුව වගේම හොරොව්පොතානේත් දියුණුව මා අතට ගන්නවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් ක්‍රියාමාර්ග නිසා ප්‍රදේශයේ ජනතාවට වගා කිරීමට මෙන්ම ඉන්න හිටින්න තැනුත් නැති වෙලා. පරිසරයට හානියක් නොවන ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමග කතා කර වගා බිම් හා පදිංචියට සුදුසු තැන් ජනතාවට දෙනවා.

පරිසරයත්, වන වගාවත්, රටේ වන ගහනයත් වැඩි කරන්න ජනතාව උනන්දු කරවන වැඩසටහනක්ද මා ක්‍රියාත්මක කරනවා. දිවංගත මගේ පියාගේ වැඩපිළිවෙළ තමයි, අගනුවරින් ගමට කර්මාන්ත රැගෙන එන්නේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තපුර ගෙන එනවා. මේ ප්‍රදේශයට කර්මාන්තපුර තුනක් දෙනවා. ගමේ තරුණයාට - තරුණියට ගමේම සිට රැකියාව කරන අවස්ථාව මා උදා කර දෙනවා.

මගේ පියා එදා හදපු කර්මාන්තශාලාව අද වෙනත් කෙනෙකුට බදුදීලාලු. ලබන 16 වැනිදායින් පසු එය යළි විවෘත කර තරුණ තරුණියන් 500 - 800 කට රැකියා දෙනවා.

මොරගහකන්දෙන් හුරුළු වැවට ජලය ගෙනල්ලා යාංඔය හරහා සුදුසු පරිදි ඇනිකට් දමා කුඹුරු අක්කර 5000 ක් අස්වද්දන්න යෝජනාව පැමිණ තිබෙනවා. මේ වාරි යෝජනා ක්‍රමයේ පීතෘවරයා ලෙස සජිත් ප්‍රේමදාස මේ කටයුත්ත කරනවා.

මගේ ප්‍රතිවාදියා රුපියල් 350 ට තිබෙන පොහොර නොමිලේ දෙනවා කියනවා. රක්ෂණයත් සමග එය රුපියල් 500 යි කියාවත් ඔහු දන්නේ නැහැ. පොහොර ගැන දන්නේ නැති කෙනා කොහොමද පොහොර ගැන දැනගන්නේ? මා වී ගොවියට පමණක් නොව හැම වගාවකටම නොමිලේ පොහොර දෙනවා. කෘෂිකාර්මික විප්ලවය ඇති කර පිටරටින් ආහාර ගෙන එන වැඩපිළිවෙළ නතර කර මෙරට ආහාර නිෂ්පාදනය වර්ධනය කරනවා. රටේ ගොවියාට රටේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න හැකියි.

මහපොළව කොතනද කියා නොදන්න, කැටි වළාකුළුවල, කෙඳි වළාකුළුවල ඉන්න ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැහැ. ඒ ඇත්තෝ කරන්නේ ප්‍රභූ දේශපාලනයයි. මා කරන්නේ පොඩි මිනිහාගේ සමාජ සේවයයි.

සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ විශාල රණවිරුවන් ප්‍රමාණයක් ඉන්නවා. අපේ ආණ්ඩුව තමයි, මේ අයගේ රැකියා ස්ථිර කර විශ්‍රාම වැටුප් හිමිකම දුන්නේ. සිවිල් ආරක්ෂක රණවිරුවන් මගෙන් ඔවුන්ගේ විශ්‍රාම යන සේවා කාලය අවුරුදු 22 ක් කරන්න කියා ඉල්ලනවා. ඒ යුතුකමත් මා ඉටු කරනවා.

ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. වකුගඩු රෝගීන් ඇතිවීමට හේතුව පසුගිය ආණ්ඩු කාලේ බාල පොහොර, බාල කෘෂි රසායන මෙරටට ගෙන ඒමයි. සජිත්ගේ ආණ්ඩුව යටතේ බාල පොහොර ගෙන්වීම සිද්ධ වෙන්නේ නැහැ. කාබනික පොහොර භාවිතය රට පුරාවටම ප්‍රචලිත කරනවා.

වකුගඩු රෝගයෙන් විපතට පත්වූ මේ ප්‍රදේශවල රෝහල් සඳහා අලුතින් වකුගඩු ඒකක ස්ථාපනය කරනවා. ඒවායේ රුධිර කාන්දු කරන යන්ත්‍ර වැඩි කර හැම පුරවැසියකුම රැකගන්න මා කටයුතු කරනවා. රටේ පළමු වතාවට වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ඒකකයක් පටන් ගත්තේ අපයි.

හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය නවීකරණය කර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා. එමගින් මේ ප්‍රදේශය සංචාරක පාරාදීසයක් කර ජනතාවගේ අත මිට සරු කරනවා.

ලබන 16 වැනිදා මා රටේ ජනාධිපතිවරයා වූ පසු පැය 72 ක් ඇතුළත හොරොව්පොතාන කොට්ඨාස තුනට ජාතික පාසල් 3 ක් දෙනවා. මා අනෙක් අය වගේ බල බල ඉන්නේ නැහැ. මහ පොළොවට බැස අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.
අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස විදුලි වැටවල් සේම නවීන ක්‍රමෝපායන් මගින් ස්ථිර විසඳුමක් දෙනවා. වැව් ප්‍රතිසංස්කරණය කර කෙත්වතු සරුසාර කරන යුගය ඇරඹෙනවා.

2025 දී රටේ සැමට සෙවන දෙද්දී හොරොව්පොතාන නිවාස ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව ඇති සියලුදෙනාට ජාති, ආගම්, පන්ති, පක්ෂ බේදයකින් තොරව ගෙවල් ටික හදා දෙනවා.

කිරි ගොවි ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ භූමි ටික වගේම ගුණාත්මක සතුන්දී බහු ජාතික සමාගම්වලට යට නොවී මෙරට කිරි වලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කරනවා. මට කොම්පැණිකාරයන්ට වඩා මහපොළොවේ පය ගහලා ජීවත් වන මිනිසා වටිනවා.

යොවුන් පරපුර වෙනුවෙන් අලුත් යුගයක් නිර්මාණය කරන්න අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කිරීම මේ විද්‍යාලවල අරමුණයි.

පෙර පාසල් ගුරුතුමියන්ට, සහාය පාලිකාවන්ට අගතියක් නොවන ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා රජයෙන්දී අනිවාර්යෙන්ම පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ශාලා සංකීර්ණ සහිතව මානව භෞතික සම්පත් සමග දිවා ආහාරයද දෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙර පාසල් නිදහස් නිවහල් පෙර පාසල් බවට පත්කරනවා.
අපේ ප්‍රතිවාදීන් මේවා කරන්න කොහෙන්ද සල්ලි කියලා අසාවි. සල්ලි ඕනෑ තරම් තිබෙනවා. සල්ලි එදා ගියේ අනවශ්‍ය දේවල්වලටයි. ලබන 16 වැනිදායින් පසු ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පාර්ලිමේන්තුවේ 225 ටවත් ඩියුටි ෆ්‍රී වාහන නෑ. ඒ ඔක්කොම මුදල් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කරනවා.

අලුත් ආණ්ඩුවක් බිහිවුණාම මැති ඇමතිවරුන් ඇතුළු සෑමදෙනාටම වාහන ගෙන්වන්න පුරුදු වෙලා. ඒ පුරුද්ද නවතා මුදල් ජනතාවට දෙනවා. මගෙන් ඒ ආදර්ශය දෙනවා. මගේ කාලවකවානුව තුළ වෙඩි නොවදින වාහන හෝ වෙඩි වදින වාහන හෝ මා ගෙන්වා ගන්නේ නැහැ. මගේ බලාපොරොත්තුවක් නැහැ, වෙඩි නොවදින වාහනවල යන්න. එහෙම ගියොත් මමත් ජනතාවත් අතර දුරස්ථභාවය ඇති වෙනවා. වාහනයේ ගමන් යන අතරතුර කණ්නාඩිය පහත දමා ජනතාවට අත වැනීමේ නිදහස මට තිබිය යුතුයි. යකඩ කූඩුවල ජනාධිපති ලෙස හිරවෙන්න මා යන්නේ නැහැ.
මගේ පියා පුරුදු කළ දෙයක් තිබෙනවා. එනම්, උපදින්නේත් ජනතාව අතර, ජීවත් වෙන්නේත් මහජනතාව අතර, මිය යන්නේත් මහජනතාව අතර කියලයි. මා බියගුල්ලකු නොවෙයි. මෙදා පාර බිහිවන ආණ්ඩුවේ නියෝජිතයන්ට සුර සැප විඳින්න ලැබෙන්නේ නැහැ. දුෂ්කර ක්‍රියාව පටන් ගන්නේ මගෙනුයි. උදේ හතරට මා පටන් ගෙන රාත්‍රිය වන තෙක් ජනතාවටත්, රටටත් විප්ලවීය සංවර්ධනය මා ගෙන එනවා.

මට දැන් අවුරුදු 52 යි. මට හොඳ හයියක් ජවයක් තිබෙනවා. මා සතු ප්‍රතිපත්ති තුළ පවුල්වාදයට ඉඩක් නැහැ. මෙදා පාර රජයක් පිහිටුවන විට පාලකයෝ දුක් විඳ මහන්සි වෙලා කඩිසර වෙලා පොදු ජනතාව අතර ඉඳගෙන සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ලෑස්තිවිය යුතුයි.

ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න, නීතිය හා සාමය සුරකින්න සරත් ෆොන්සේකා සෙන්පතිතුමාට වගකීම බාර දෙනවා. යාළු හිතවත්කම මත මා තනතුරු දෙන්නේ නැහැ. කුසලතාව දක්ෂතාවට නිපුණත්වයට හා හොඳ වැඩකාරයින්ට මා තනතුරු දෙන්නේ ගසා කාපු හොරාකාපු, අල්ලස් ගත්තු කිසි කෙනෙකුට මගේ අලුත් ආණ්ඩුව තුළ ඉඩක් නැහැ.

ප්‍රතිවාදී අපේක්ෂකතුමාට දර්ශනය - ප්‍රතිපත්ති ගැන කතා කරන්න විවාදයකට එන්න කිව්වා. සති දෙකකට පසුවත් තවම උත්තරයක් නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද? කියා.

විවාදය සජීවීව යන විට මාධ්‍යයට පුළුල් තිරය පෙන්නන්න වෙනවා. මොකද දැන් පෙන්නන්නේ අඩු කළ තිරයක් පමණයි. දෙපැත්තේ තිබෙන වීදුරු කෑලි පෙන්නන්නේ නැහැ. ඒවා එනම් ටෙලිෆොන්ටර් හංගන පචවාහිනී මොනවද කියා ජනතාව දන්නවා.

මුළු රටේම හැම පවුලක්ම හැම පුරවැසියකුම ශක්තිමත් කර තේජවන්ත ශක්තිවන්ත ශ්‍රී ලංකාවක් බිහි කරන්න 16 වැනිදාට මට හයිය දෙන්න කියා ඉල්ලා සිටිනවා යයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, හොරොව්පොතාන ආසන සංවිධායක එම්. සහිඳු යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 761 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6170 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site