IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“මගේ බෙල්ල ගියත් ජනතාවත් රණවිරුවනුත් රකිනවා මිස කවදාවත් පාවාදෙන්නේ නෑ“

(අංජුල මහික වීරරත්න, මාවතගම කාන්චනමාලා බණ්ඩාර සහ නිකවැරටිය ප්‍රියානි මංගලිකා)

“බෙල්ල දී හෝ රණවිරුවන් සහ ජනතාව රැකගන්නවා මිස ප්‍රශ්න ගැටලු හමුවේ රණවිරුවන් පාවාදී තමා කිසිවිටෙක පලා යන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපති ධුර අපේක්‍ෂක එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දොඩන්ගස්ලන්ද හිරියාල-වාරියපොළ, නිකවැරටිය සහ යාපහුව ජන රැලිවල දී පැවැසීය.

“සැබෑ යුද වීරයා කවුරුන් දැයි ප්‍රතිවාදියාගේ කටින්ම හෙළි වුණා සේම ජනාධිපතිවරණයේ දී සත්‍ය ජයගනු ඇති බව කී ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා යුද ජයග්‍රහණය සඳහා ඔවුන් ලියාගත් සින්නක්කර ඔප්පුව ඔවුන් විසින්ම කැන්සල් කරගත්තේ යැයි ද” සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැලි පහක් පැවැත්වුණු අතර ජන රැලි සඳහා විශාල ජනකායක් සහභාගි වී සිටියහ.

දොඩන්ගස්ලන්ද-රිදීගම, දෙවොල හන්දියේ දී පළමු ජනරැලිය පැවැත්විණි.

“මා රටේ ප්‍රශ්නවලින් පැන යන නායකයෙක් නොවෙයි. රණවිරුවා පරිත්‍යාග කර ඔවුන් බිත්තියට හේත්තු කර මගේ පවුල බේරගන්න යන්නේ නැහැ. මගේ බෙල්ල දී හෝ ජනතාව රැක ගන්නවා” යැයි ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා දොඩම්ගස්ලන්දේ දී තවදුරටත් ප්‍රකාශ කළේය.
දොඩම්ගස්ලන්ද-රිදීගම, දේවලහන්දියේ-ජයන්ති පිටියේ පැවැති ජන රැලියට එක් වෙමින් ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

එම රැලියට අමතරව හිරියාල, වාරියපොළ, නිකවැරටිය හා යාපහුව යන නගරවල දී තවත් ජන රැලි මාලාවක් පැවැත්විණි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

“සුළු අපනයන බෝග වගාවේ නිරත ගොවීන් වෙනුවෙන් ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කර ස්ථාවර මිල ඔවුන්ට දෙනවා. රට පුරාවටම පිහිටුවා තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කෘෂි උපකරණ දී තට්ටු මාරු ක්‍රමයට නොමිලයේ ගොවි උපකරණ දිය හැකි ක්‍රමයක් මා ඇති කරනවා.

අරුම පුදුම ජවනිකාව ඊයේ දවසේ පැවැත් වුණා. මාධ්‍යවේදීන්ගෙන්  පැනගිය අපේක්‍ෂකතුමා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙලා ඇති තතු හෙළි කළා. යුද ජයග්‍රහණයෙන් පස්සේ ඒ ඇත්තෝ මුළු රටම රැවැට්ටුවා. ඔවුන් මුළු රටටම කිව්වේ එයාලයි, එයාලගේ පවුලේ අය තමයි යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ කියලයි. ඒත් ඊයේ දවසේ ඇත්ත හෙළි වුණා.

තිස් වසරක යුද සාපය ඉවර කළා යයි කියමින් මොනවද නොකළේ? කටවුට් ගැහුවා, චිත්‍රපට හැදුවා, පොත් ගැහුවා, වෙනත් නාට්‍ය හැදුවා. වේදිකාවක්-වේදිකාවක්, ගමක්-ගමක් පාසා ගොස් කීවේ අප තමයි යුද්ධය දිනුවේ, අප තමයි යුද ජයග්‍රහණයට නායකත්වය දුන්නේ කියලයි. රටටම බොරුවක් පොම්ප කළා.
ඒත් ඒ බොරුව මගේ ප්‍රතිවාදියා පිළිගත්තා. ඔහු දැන් යුද්ධය කළේ මමවත්, අයියාවත් නොව ජනරාල් සරත් ෆොන්සේකා යයි කියනවා. 2009 ඉඳලා රට රවට්ටපු මහා බොරුව, මහා වංචාව මහා මිත්‍යාව ජනතාව දැක ගත්තා. වසර 10ක් මුළුල්ලේ තමන් කළේ රටට බොරු කීම කියා මගේ ප්‍රතිවාදියා පිළිගැනීම දෛවයේ සරදමක් නොවේ ද?

බොරුවට වැඩි ආයුෂ නැහැ. කොයි මොහොතක හරි සත්‍ය හෙළි වෙනවා. සැබෑ යුද වීරයා  කවුරුන්ද කියන එක  ප්‍රතිවාදියාගේ කටින් හෙළි වුණා සේම 16 වැනිදා ජනාධිපතිවරණයෙන් සත්‍ය ජයග්‍රහණය කරනවා කියන කාරණයත් සත්‍යයි.

තමනුයි, තමන්ගේ පවුලයි යුද්ධය දින්නා කියා ජනගත කරන්න කොච්චර උත්සාහ කළා ද? යුද ජයග්‍රහණය පේටන්ට් බලපත්‍රයකින් සින්නක්කරව පවුලට ලියාගෙන තිබුනේද? යුද ජයග්‍රහණයේ සින්නක්කර ඔප්පුව එයාලම දැන් කැන්සල් කර ගත්තා. සරත් ෆොන්සේකා යුද්ධයේ සැබෑ හිමිකරුවා කියා මගේ ප්‍රතිවාදියාටම කියන්න සිද්ධ වුණා.

ඒත් යුද සෙන්පතිවරයාට එදා මොකක්ද ඔවුන් කෙරුවේ? යුද්ධය දිනපු මනුස්සයා හිර ගෙදරට ඇදලා දැම්මා. යුද සාපය ඉවර කළ වීරෝදාර පුද්ගලයා වැලිකඩට දාමා මාංචු දැම්මා. ජම්පරය ඇන්දුවා. මොකක්ද ඒකට හේතුව? හේතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි.

අනෙක් හිරකරුවන්ට ටීවී ෆෑන් තිබෙන කාමර දුන්න ද අපේ රණවිරු සරත් ෆොන්සේකාට දුන්නේ කළුවර කාමරයක්. එතුමාට හිරබත් කන්න සිද්ධ වුණේ පැදුරක් උඩ ඉඳගෙන. රට බේරාගන්න ගිහිල්ලා එතුමාට බෝම්බ කන්න වුණා. බෝම්බ කෑලි අදටත් එතුමාතේ ඇඟේ තිබෙනවා. පැදුරේ නිදා ගන්න ගියාම එතුමාගේ ඇඟේ තිබෙන බෝම්බ කෑලි ඇනී එතුමාට වාවා ගන්න බැරි දුකකින් ඉන්න සිද්ධ වුණේ.

සරත් ෆොන්සේකා මහතාට දස වද දුන්නා. පුළුවන් තරම් හිරිහැර කළා. රටට ආදරේ කරනවා කියපු කණ්ඩායම තමයි ඒක කළේ. එහෙම කළේ යුද ජයග්‍රහණයේ අයිතිකරුවා තමන් බව රටට කියන්නයි. ඒත් දැන් යුද්ධයේ නියම අයිතිකරුවා තමන් නොවෙයි සරත් ෆොන්සේකා මැතිතුමායි කියනවා.

එදා හිර ගෙදර ඉන්න විට කූඹි හිටපු කෑමයි එතුමාට දුන්නේ. දූවිලි පිරුණු වතුරයි එතුමා පානය කළේ. රටටත්-ජාතියටත් හුස්ම ගන්න නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ වෙන කවුරුත් නොව සරත් ෆොන්සේකා මැතිතුමායි. මහ පොළොව නුහුලන අපරාධය මේ දේශප්‍රේමියෝ කියන කණ්ඩායම එතුමාට එදා කළා.

ඒත් ඔවුන්ගේ කටින්ම සැබෑ යුද වීරයා කවුරුන් ද කියා හෙළිවීම සත්‍යයේ ජයග්‍රහණයක්. මා රටේ ජාතික ආරක්‍ෂාව-නීතිය හා සාමය මෙහෙයවීමේ සැබෑ වගකීම යුද වීරයා වන සරත් ෆොන්සේකා මහතාට දී තිබෙනවා.
සැබෑ වීරයෝ ඉඳිද්දි අපට ඩුප්ලිකේට් නායකයන් අවශ්‍ය නැහැ. මගේ ප්‍රතිවාදියා රටේ වාර්තාව තියා තිබෙන්නේ යුද සෙන්පතියන් එක පෑන් පහරින් අස් කළ පළමු පුද්ගලයා හැටියටයි. ඒක ලෝක වාර්තාවකුත් වෙනවා.

මේජර් ජනරාල්වරුන් පස් දෙනකු එක පෑන් පහරින් ගෙදර යැව්වා. ඒ වගේම බි්‍රගේඩියර්ලා පස් දෙනකු එක පෑන් පහරින් ගෙදර යැව්වා. කර්නල්වරයකු, කැප්ටන්ලා දෙන්නකු ගෙදර යැව්වා. පැය 24ක් තුළ රණවිරුවන් ගෙදර යැව්ව පුද්ගලයන්ට පුළුවන් ද රටට සාධාරණය ඉෂ්ට කරන්න? පොදු ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න?

දේශප්‍රේමයේ නාමයෙන් පපුවට ගහ ගන්නවා. පොළොව ඉඹිනවා. පපුවට ගසා ගනිමින් පොළොව ඉඹිමින් රට බේරාගත් රණවිරුවන්ට හිරිහැර කළා. ඔවුන් සිරගත කළා. දැන් ඔබට මගේ ප්‍රතිවාදියා මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තෙ ඇයි කියා පැහැදිලියි.

ජනරාල් ජානක පෙරේරා මැතිතුමා මතකද...? ජානක පෙරේරා කියන්නේ යුද හමුදාවේ එස්.එෆ්. බළකායේ ආර්.ඩී.එෆ්. බළකාය මෙහෙයවපු රණවිරුවායි. එතුමා  විශ්‍රාම ගොස් එක්සත් ජාතික පක්‍ෂයෙන් උතුරුමැද පළාතේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වනවිට එතුමාට ආරක්‍ෂාව දුන්නේ නැහැ.  

මේ රටේ රණවිරුවා ආරක්‍ෂා කරන සැබෑ නායකයකු නම් කවදාවත්  අපෝ මා නොවෙයි මේකට වගකියන්නේ. අයියා නොවෙයි යුද්ධ කළේ කියා ප්‍රශ්නය රණවිරුවාගේ කරේ තියන්නෙ නැහැ. වගකීමෙන් පැන ගොස් තවකෙකුට බෝල පාස් කරන්නේත් නැහැ.

 රටේ වෙච්ච දේවල් ගැන ප්‍රශ්න කරන විට රාජ්‍ය නායකයා වෙන්න බලාගෙන ඉන්න කෙනා මෙහෙමද උත්තර දෙන්නේ? මෙහෙම කෙනකු කොයි විදියට රටේ සම්පත්-දේපළ පිටරටවලට විකුණයි ද? තමන්ගේ ආරක්‍ෂාවට කුමක්වේදැයි කියන ප්‍රශ්නය ජනතාවට දැනටමත් පැන නැගිල තියෙනවා.

කවුරුන් හරි බලපෑමක් කළොත් තමන්ගේ පුරවැසිභාවය ජන්මය, හැදුනුම්පත පිළිබඳව එතැනදි රටයි-ජතියයි-ජනතාවයි තුට්ටු දෙකට විකුණලා තමන්ගේ ඇඟ බේරා ගන්න ප්‍රතිවාදියෙකු තමයි අපට ඉන්නේ.
මා ප්‍රශ්නවලින් පැන යන නායකයකු නොවෙයි. රණවිරුවව පාවිච්චි කර ඔවුන්ව බිත්තියට හේත්තු කර මගේ පවුල බේරාගන්න යන්නේ නැහැ. ශක්ති සම්පන්න කොන්ද පණ තියෙන නායකත්වය රටට දෙන්න සජිත් ප්‍රේමදාස ලැහැස්තියි” යයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:-
“ඇල්පිටිය ඡන්දය දිනලා පොහොට්ටු කල්ලිය බොරු හීනයක ගිලී සිටිනවා. රටේම ඡන්ද සජිත් වටා එක් වෙලා. අපට මේ මැතිවරණය දිනන්න දඟලන්න අවශ්‍ය නැහැ. සියලු බෙදීම් අතරතුර එකමුතුව අප ජනපතිවරණයට මුහුණ දෙනවා.

අපගේ වැඩපිළිවෙළ තව වසර දහයකටවත් එහා ගෙනයන්න අවස්ථාව ලැබෙනවා. පවුල් පාලනයට තවත් ඉඩක් නැහැ.”

ස්වදේශ, අභ්‍යන්තර කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා:-
“මේ ආසනයට සංවර්ධනය ගෙන ආවේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙනුයි. එතුමා මගේ පියාට විශාල ශක්තියක් දුන්නා. අද නැවත යුගයක ආරම්භය සනිටුහන් වෙලා. ප්‍රේමදාස යුගය නැවතත් ආරම්භ කිරීමට හැකියි.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-
රට ඉල්ලූ සජිත් අපේ අපේක්‍ෂකයා බවට පත්වී තිබෙනවා. එතුමා නියෝජනය කරන්නේ ඔබේ පංතියයි. එතුමාගේ අනෙක් පැත්තේ ඉන්නේ කවුද? ඒ ගැන රටම දන්නවා.

සජිත්ට තිබෙන චෝදනා මොනවාද? සෙරෙප්පු ගෙවිලාලු. එකම ඇඳුම අඳිනවාලු. එතුමා සිතන්නේ තම ඇඳුම ගැන නොවෙයි ගොවි කම්කරු ඔබේ ජීවිත නගා සිටුවීම පිළිබඳවයි.

ඇල්පිටියේ ඡන්දයෙන් දැන් පොහොට්ටුකාරයන් ජොලියෙ ඉන්නවා. අප ජනාධිපතිවරණය ජයගෙන රටේම ජනතාව සමග කිරිබත් කනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුද මෙහිදී කතා කළහ. විශාල ජනතාවක් රැලිවලට සහභාගිවී සිටියහ.

 



අදහස් (8)

“මගේ බෙල්ල ගියත් ජනතාවත් රණවිරුවනුත් රකිනවා මිස කවදාවත් පාවාදෙන්නේ නෑ“

mp Friday, 18 October 2019 09:50 AM

බලාගෙන යනකොට මෙයා බෝධිසත්ත්වයෙක් නේ. නිවන් යන්න ඔන්න මෙන්න. කිසිම වරදක් අඩුපාඩුවක් නැහැ නේ!

:       6       243

sisira Friday, 18 October 2019 12:02 PM

හරි පුදුමයි මෙයා මේ පවතින රජයේ කෙනෙක් නෙමේද?

:       4       179

senarath Friday, 18 October 2019 02:52 PM

එහෙම කරන්න පුළුවන් නම්, මේ අබාධිත රණවිරුවන්ට අතපය කැඩෙන්න ගහපු වෙලාවේදීවත් කොටුවේ උපවාසය වෙලවේදීවත් ඒ රණවිරුවන්ට යමක් කළාද? අනුමත වූ වැටුප දෙන්නේ නැතුව නවතාගෙන ඉන්නේ මංගල ඇමතිතුමා. මෙතුමාගේ පැත්තේ ඉන්න මංගල ඇමතිට කියලා වැටුප දෙන්න බැරි මොකද?

:       2       4

Ananda Friday, 18 October 2019 06:34 PM

මෙයාගේ ගජ මිත්‍රයා, මංගල නේද අපේ රණවිරුවන්ට ඔය ලෙඩ දැම්මේ? මෙතෙක් කට ඇරියේ නැති මේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨා කොහෙද මෙච්චර කල් හිටියේ? ඔහොම යන්... රටේ ජනතාව ළඟදීම උත්තර දෙනවා.

:       1       6

ajith Saturday, 19 October 2019 04:35 AM

මෙයා කරලා තියෙන්නේ ප්‍රතිවාදියාට බනින එක විතරයිනේ. රට හදන හැටි කියලා නෑ..

:       1       114

Bandara Saturday, 19 October 2019 06:34 AM

මෙච්චර කල් හිටියේ රනිල්ගේ ආණ්ඩුවේ නෙමෙයිද?

:       2       53

ධම්ම Sunday, 20 October 2019 02:43 AM

වචන හරඹ මිසක් වැඩ නැහැ.

:       6       3

Lelwala Sunday, 20 October 2019 04:20 AM

කතාවට රැවටුණු ජනතාව නොමග ගිය කාලය අවසන්. හැමදාම කැරට් අල දීපු කාලය අවසන්.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6296 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site