“සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය.
ඔහු මේ බව පැවසූවේ තිස්සමහාරාම නගරයේදී පැවති ජනරැලියකට සහභාගී වෙමිනි.
ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
“රටට නව පාලනයක්, නව පාලකයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ඇවිල්ලා. මේක ඒ වෙනුවෙන් ආව පළමුවැනි අවස්ථාව නොවෙයි. වැඩි ඈතක නැතිව 2015ට ගියොත්, අපේ රටේ ජනතාවට මේ අවස්ථාව උදා වුණා. ඒ වෙනකොට තිබුණු පාලනයේ හොරකම් නතර කරයි කියලා විශාල අපේක්‍ෂාවන් සහිතව ජනතාව අලුත් පාලනයක් හැදුවා. හොරුන්ට දඬුවම් කරයි කියලා ජනතාව හිතුවා. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ටික විසඳලා, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනියි කියලා බලාපොරොත්තුවෙන් ජනතාව මේ පාලනය හැදුවා. එතෙක් තිබුණු විනාශකාරී පාලනය ලක්‍ෂ හැටදෙකහමාරක් ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළා. අවුරුදු පහකට ආසන්න කාලයකදී ඔප්පු කර තිබෙන්නේ, දෙදහස් පහළොවේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් බවයි. ඒ නිසා මේ පාලනය බිඳවට්ටන්න ඕනෑ.
මේ පාලනය බිඳවට්ටවලා, නැවත බලයට ගේන්නේ දෙදහස් පහළොවේ පරාද කළ කට්ටියමද? එහෙම නම්, ඒක පරාද නොකර ඉන්න තිබුණා. පරාද කිරීම හරි. ආයේ ගේන්න උත්සාහ කරනවා නම්, ඒක වැරැදියි. මේ පාලනය බිඳවැට්ට විය යුතුයි වාගේම පලවා හරින ලද පාලනයට නැවත ඉඩ ලබා නොදිය යුතුයි. අපි ඔබ සැම හමුවෙන්න ආවේ, නොවැම්බර් දහසය වැනිදාට අලුත් පාලනයක් ගෙන එන්න, අලුත් පාලකයෙක් අපේ රටට තෝරා පත් කරගන්න ආරාධනා කරන්නයි. ඇයි ඒ ? මේ රට හදන්න.
රටකට වෙන්න පුළුවන් සියලු විනාශයන් මේ රටට අත්කර දී හමාරයි. අපේ රට දුප්පත් කරලා. ණය බර, රටේ නිෂ්පාදනය කඩාවැටීම, රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් දුප්පත්. හැම පැත්තෙන්ම දුප්පත්. හැබැයි, පාලකයෝ පොහොසත්. රජයේ මුළු ආදායම ණය පොළිය, වාරිකය ගෙවන්නත් මදි. අමතරව කෝටි දහතුන්දහස් පන්සියයක් ගිය අවුරුද්දේ ගන්න ඕනෑ වුණා ණය ගෙවන්න. හැබැයි, පාලකයන්ගේ ගිණුම් පිරිලා. අවුරුදු හැත්තෑ එකක් තිස්සේ කළේ රට දුප්පත්භාවයේ පතුලට දාලා, පාලකයෝ පොහොසත්කමේ හිණිපෙත්තට නැඟීම. මේ දුප්පත්භාවයට ඇදලා දාපු රට පොහොසත් රටක් බවට පත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. අපට එක අවස්ථාවක් දෙන්න. අපි සහතික වශයෙන් මේ රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම්, හොරකම, නාස්තිය නතර කරන්න ඕනෑ. එය කළ හැක්කේ, ජාතික ජන බලවේගයට විතරයි.
අපේ රටට ණය ගත්තේ, අවශ්‍ය වත්කම් නිෂ්පාදනය කරන්න නොවෙයි. ගාල්ලේ ඉඳලා මාතරට රේල් පාර අධිවේගී කළා. කිලෝ මීටර් හතළිස්අටට රුපියල් කෝටි නවසීයක් වියදම් කළා. වැඬේ පටන් ගන්න කොට ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම. වැඬේ අවසාන කරන කොට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම. රේල් පාර අධිවේගී කරන්න කලින් ගාල්ල- මාතර කෝච්චියට විනාඩි හතළිස් දෙකක් ගියා. අධිවේගී කළාට පස්සේ විනාඩි තිස්නවයක් යනවා කියලා, පාර්ලිමේන්තුවේ මම අහපු ප්‍රශ්නයකට කුමාර වෙල්ගම ඇමැතිවරයා උත්තර දුන්නා. අර තරම් වියදම් දරලා හදපු පාර නිසා විනාඩි තුනයි අඩුවෙලා තියෙන්නේ. ඉතින්, ණය බරක් වෙන්නේ නැද්ද? අපේ රට විශාල ණය උගුලක හිර කළා. ඒ ගොල්ලෝ ගොඩක් කැමැතියි, වාණිජ වෙළෙඳපොළෙන් ණය ගන්න. හැබැයි, ශක්‍යතා අධ්‍යයන නිසි පරිදි සම්පූර්ණ කරන ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙන්නේ සියයට 0.75 පොලියට. සියයට පහේ පොළියට අවුරුදු හතළිහක විතර දීර්ඝකාලීන ණය ගත්තොත්, ණය මුදල වාගේ තුන්ගුණයක් ගෙවන්න වෙනවා. හැබැයි, සියයට එකේ පොළියට ගත්තොත්, ගන්න ණය මුදලෙන් හරි අඩක් විතරයි පොලිය ගෙවන්න වෙන්නේ. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න මේ වාගේ ණය තමයි ගන්නේ.
ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන්නේ, තොරතුරු තාක්‍ෂණ වෙළෙඳපොළයි. ඇමෙරිකාවේ පෙන්ටගන් යුද මධ්‍යස්ථානයේ මෘදුකාංග පද්ධතියේ කොටසක් හයි කරලා තියෙන්නේ, ලංකාවේ ‘මිලේනියම් අයි ටී’ කියන සමාගම. එංගලන්ත කොටස් වෙළෙඳපොළේ මෘදුකාංග පද්ධතියෙන් කොටසක් නිර්මාණය කළේ ලංකාවේ සමාගමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු ආණ්ඩුවේම මෘදුකාංග පද්ධතියෙන් කොටසක් හැදුවේ ලංකාවේ සමාගමක්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය ලබා දුන්නේ සිංගප්පූරු සමාගමකට. මේ ක්‍ෂේත්‍රයෙන් ලෝක වෙළෙඳපොළෙන් විශාල කොටසක් අපට අත්පත් කර ගන්න පුළුවන්. ප්‍රතිපත්ති හදන්න ඕනෑ මෙතැනට. තොරතුරු තාක්‍ෂණයෙන් විතරක් අපේ රටට විශාල වත්කමක් උපයා ගන්න පුළුවන්. අපේ රට ලෝකයේ ශක්තිමත්, පොහොසත් රටක් කිරීමේ ආර්ථික සැලැස්මක් හදලා තියෙන්නේ.
ජනතාව දුප්පත්භාවයෙන් මුදාගන්න පුළුවන් වෙන්නෙත්, මේ වාගේ ක්‍රියාමාර්ගවලින්. එහෙම නැතිව “සතියකට හාල් සේරු දෙකක් දෙන්නම්, ධාන්‍ය වර්ග රාත්තල් අටක් දෙන්නම්” වගේ පොරොන්දුවලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලනවා. දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ, ජනතාවගේ දුප්පත්කම විකුණන එකයි. දුප්පත්කම විකිණීමේ ඔවුන්ගේ දේශපාලනය නැවැත්විය යුතුයි.
මේ අවුරුදු තිහේ මුදල් ඇමැතිකම් කළ හැමකෙනාටම වඩා අධ්‍යාපනයෙන් අපේ හඳුන්නෙත්ති සහෝදරයාට සුදුසුකම් තිබෙනවා. මම මේ මුදල් ඇමැති කියලා කියනවා නොවෙයි, අත්දැකීම්වලින්, භාවිතයෙන්, කැප කිරීම්වලින් ඒ බව තහවුරු කර තිබෙනවා. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත වාගේ විශාල කණ්ඩායමක් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට දැනුම, හැකියාව සහ දක්‍ෂතාව තියෙන අය ඉන්නවා. අපේ නාමල් කරුණාරත්න සහෝදරයා, මාපලාන කෘෂිවිද්‍යා පීඨයේ ආචාර්ය අබේසිංහ මහත්තයා, බතලේගොඩ පර්යේෂණ ආයතනයේ, ආචාර්ය ධනපාල මහත්තයා, ලංකාවේ මුල්වරට බාස්මතී සොයා ගත් ආචාර්ය සුමිත් වාගේ විශාල පිරිසක් කෘෂිකර්මාන්තය පැත්තෙන් ඉන්නවා. ධීවර කර්මාන්තය, පරිසරය, සාහිත්‍ය කලා ක්‍ෂේත්‍ර මේ ඕනෑම පැත්තකින් මේ ජනතාවගේ ජීවිත එක්ක ගැටෙන අධ්‍යාපනයෙන් ඉහළම සුදුසුකම් පෙන්වූ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම දේකට ම වැඩිය ස්වේච්ඡාවෙන්, කැප කිරීම් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ අයට වඩා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ නිසා අපට බලය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ රටට අලුත් පාලනයක් හදමු. සහතික වශයෙන්ම අපේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටිනවා”.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.
“මේ ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කරගන්න පුළුවන්. අපේ රටේ වමේ ව්‍යාපාරය තුළ මේ තරම් මහජන සහයෝගයක් ලැබුණු ඡන්දයක් මීට පෙර තිබිලා නැහැ. ජාතික ජන බල වේදිකාව ජනතා විමුක්ති පෙරමුණට අමතරව විද්වතුන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, වමේ පක්‍ෂ, ප්‍රගතිශීලී සිවිල් සංවිධාන, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, කලාකරුවන් එකතු කර ගත් සියලුම හොඳ මිනිසුන්ගේ බලවේගය ලෙස එකතු වී ඉන්නවා. ජාතික ජන බලවේගයේ හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අප වටා ඉන්නවා. ඊට නායකත්වය දෙන්න හොඳ අපේක්‍ෂකයෙක් ඉන්නවා. රට දිනවන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව දැන් ඔප්පු වී හමාරයි.”
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා -
“මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණට, ප්‍රාදේශීය සභාවක බලය ලබා දීපු ගෞරවනීය ජනතාව. ඔබලා අපිට ඉගැන්නුවා, රටට ඉගැන්නුවා. මම ජාතික ජන බලවේගය වේදිකාවට ගොඩ වුණේ, ‘ජන නියමු කලාකරුවන්ගේ’ සංවිධානය වෙනුවෙන්.
අපි මෑතක් වනතුරු නැග්ගේ දේශපාලන වේදිකාවලට නොවෙයි, රඟහල්වල වේදිකාවලට. ඒ වාගේම ටෙලිනාට්‍ය, සාහිත්‍ය නිර්මාණ ඇතුළු නිර්මාණවලින් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ. නමුත්, මේ රට අධිවේගයෙන් පරිහානියට යන එක වළක්වා ගන්න නිර්මාණකරුවන් හැටියට නිර්මාණ පමණක් කරමින් සිටීම ප්‍රමාණවත් නැති බව තේරුම් ගත්තා. ජනතාව ළඟට ගිහිල්ලා, නිසි ප්‍රවේශයක් ගන්න ඕනෑ බව අපි කල්පනා කළා. ඒ සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව තේරුම් ගත්තා. පිරිසුදු, පැහැදිලි දේශපාලන ව්‍යාපාරය තියෙන්නේ මෙතැන. කොන්දක් තියාගෙන එතැන හිටගන්න පුළුවන් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි කලාවෙන් කරපු සේවයට වඩා උතුම් වූ සේවයක් දැන් කරනවා කියලා හැඟීමක් ඇති වෙනවා.”
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
ධනුෂ්ක Thursday, 07 November 2019 09:03 AM
ඔබතුමන්ලා බලයට ඇවිත් එහෙම පාලනයක් ගෙනියනවනම් මමත් කැමතියි රැකියාව කරන අතරේ මාසයකට දින දෙකක්වත් සතපහක දෙයක් නොගෙන ස්වෙච්චාවෙන් මිනිසුන් වෙනුවෙන් මම ඉගෙන ගත්ත , දන්න දෙයකින් දායක වෙන්න. ඒක මාරම සතුටක්. මම විතරක් නෙමෙයි මේ සමාජයේ ගොඩක් එහෙම අය ඉන්නවා. හැබැයි අනික් දෙගොල්ල ඉන්න පාලනයක් නම් වැටුපට වඩා සත පහක දෙයක් කරන්නේ නෑ. මොකද අපි ස්වෙච්චාවෙන් දෙයක් කරත්. ඒකටත් බිල් හදලා අපට ගෙව්වා කියලා. යටිමඩ ගහයි.
sirisena Thursday, 07 November 2019 10:51 AM
පොතේ පතේ දැනුම පමණක් ඇති කිසිම ප්‍රයෝගික දැනුමක් නැති විශ්ව විද්‍යාල කලා මහාචාර්ය වරුන් හා ඉතා ස්වල්ප විද්‍යා ආචාර්ය වරුන් හා කලා කරුවන් කිහිප දෙනෙක් ඉන්න බව මා දන්නවා.