IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘

(ආරියරත්න රණබාහු)

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මහරගමදී  පැවසීය.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකි අතර ව්‍යවස්ථාවට අනුව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 කාලයේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවද හෙතෙම කීය.

ජනාධිපතිරණයට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට  ලංකා පොදු ජන පෙරමුණට මෙන්ම සමගි ජන බලවේගයටද අවශ්‍ය වී ඇතැයි පැවසූ දිසානායක මහතා ජනාධිපතිවරණය පවත්වා ඉන් පසු පවත්වන මහ මැතිවරණයේදී අත්වන ඉරණම ගැන ඔවුන් දන්නා නිසා වැඩි කැමැත්ත මහ මැතිවරණයකට බව රහසක් නෙවේ යයිද කිය.

එම පක්ෂවලට විශාල මාධ්‍ය බලයක් ඇති නිසා දැනට මාස ගණනාවක සිටම ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පවත්වන බවට ප්‍රචාර  ගෙන යන බවද ඔහු පැවසීය.

රටේ තිබෙන ඇත්ත ප්‍රශ්නය වසන් කර වෙනත් ප්‍රශ්න මවමින් ජනතාව කැලෑ පාරවල්වල අතුරු පාරවල්වල ගෙන ගොස් මුලා කිරීමට ඔවුන් යත්න දරන බවද දිසානායක මහතා කීය.

එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක බලය හුවමාරු වීමේ අවස්ථාවක් හෙයින් එම කණ්ඩායම් දෙකම වැඩි කැමැත්තක් මහ මැතිවරණය කෙරෙහි දක්වන බව කී දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවාට වඩා එම පක්ෂයේ සිටින අනිකුත් අයට ආසන මට්ටමින් යම් ජයග්‍රහණයක් ලබාගත හැකි නිසා ඔවුන් ද මහා මැතිවරණයට වැඩි නැඹුරුතාවයක් දක්වන බවද පැවසීය.

 

 

 

 

 

 

 



අදහස් (17)

‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘

දන්නෝ දනිති Sunday, 19 May 2024 08:13 PM

මාධ්‍ය බලයත්, සමාජ මාධ්‍ය බලයත් (ව්‍යාජ ප්‍රොෆයිල් හරහා) තිබෙන්නේ ඔබගේ පක්ෂයට. එසේම, බොරු කීම කලාවක් නම් එහි පිකාසෝ වන්නේ ද ඔබතුමා. ටිරාන් අලස්, රනිල් වික්‍රමසිංහ, ධම්මික පෙරේරා වැනි ප්‍රබලයින් සමග අත යට ගනුදෙනු සහ ඩීල් තිබෙන්නේත් ඔබතුමා ඇතුළු කණ්ඩායමට. එමනිසා කුමන මැතිවරණය ආවත් අවුලක් නැහැ නේන්නං...!

:       19       124

විජිත් Sunday, 19 May 2024 09:58 PM

ඡන්දය කුමක් වුනත් ..උත්තරය මාලිමාව !!! ජාතික ජනබලවේගය වටා එක්රැස්වී ඇති රටේ අති බහුතරයේ එකම ප්‍රාර්ථනාව .." වෙනස් රටක් " කියන තේමාවයි. අවුරුදු 76 තිස්සේ රට පාලනය කල දේශ කාපාලුවන් ,රටේ මහජනතාවට නැති විශේෂ වරප්‍රසාද රැසක් භුක්ති වින්දා.මාලිමාව බලයට පැමිණි පසු ඒවා අවසන්. රටේ සාමාන්‍ය ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් දේශපාලුවන්ට හිමි නොවන ආකාරයට වියවස්තාවෙන්ම " සදහටම " වෙනස්වේ. කොටින්ම කිවොත් .. මෙතෙක් කල් රට කාපු දේශ කාපාලුවා ,දෙස්පාලනඥයෙක් ලෙස රූපාන්තරණය වන පළමු පියවර ඡන්ද ප්‍රතිපලය නිකුත්වී පළමු දිනයේදීම පටන් ගැනේ.

:       123       48

Jinapriya Monday, 20 May 2024 06:17 AM

විජිත් අවුරුදු 76 දෙගොල්ලම පාලනය කලා කියලා අබමල් රේණුවක තරම් මොළයක් තියෙන කෙනෙකුට කියන්න බැහැ මොකද 1971.04.04 සිට ජෙප්පො විවිධාකාරයෙන් රටේ සංවර්ධනය අඩාල කිරීමට කටයුතු කලා ඒකාලේ නූපන් විජිත් වගේ මොළයේ ආබාධ පවතින එවුන්ට ඒවා තේරුම් ගන්න බැහැ 1971 න් පස්සෙ කල විනාශයන්හි වටිනාකම තක්සේරු කරන්න පුළුවන් කමකුත් නැහැ ඔය අතරේ රජයේ උසස් නිළධාරි සිදුකළ වැඩ පරක්කු කිරීම තව තවත් රට පස්සට යාමට ප්‍රභලම හේතුවක් වුනා එහෙම නිසා දෙගොල්ලම පාලනය කල කාලය අවුරුදු 38 ක් හැටියට සලකන්න වෙනවා තවත් එකක් දෙගොල්ලම පාලනය කලා කිව්වට පක්ෂ දෙකේ නායකයො දෙන්නෙක් පමණක් මෙතෙක් කාලයක් රටේ පාලනය කලේ නැහැ ඒකත් දෙගොල්ලම කීම අසත්‍ය වෙන්න හේතුවක් වෙනවා...

:       23       112

රනේMonday, 20 May 2024 08:33 AM

ජය! ජය!! ජය!!!

:       97       22

kumara Monday, 20 May 2024 04:16 AM

මෙහෙමයි, දිනන්න ලොකු ඉඩක් තිබෙනවා. නමුත්, අර සරත් ෆොන්සේකා මහත්මයා අවසන් මොහොතේ කළ කථාවෙන් සියල්ල වෙනස් වුණා වගේ, පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. හුරේ දාන දේශපාලනය කාටත් පොදු තත්ත්වයක්. ඔබලාටත් එහෙමයි. ඒක අපි කාලයත් එක්ක වෙනස් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ ඔබලාගේ ආගමනය සමග නිරාගමික යයි කියා ගන්නා භෞතික වාදීන් රටක මිනිසුන්ගේ හදවත පෑරීමයි.

:       86       9

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:26 AM

අපි ඔබ සමගයි, ජයවේවා! තනි තනි පුද්ගලයන්ට වඩා ප්‍රතිපත්ති වලට රටක් යහපත් තත්ත්වයට ගෙන ආ හැකියි. මාලිමාවේ හැර අන් සියලුම පක්ෂවල රැලිවල එක් එක් අපේක්ෂකයාගේ බොඩ් ඔසවා සිටීමෙන්ම ඔවුන් වඩා කැමති තනි තනි ගමනක් බව පැහැදිලි වෙනු ඇත.

:       102       22

සල්මල් Monday, 20 May 2024 07:05 AM

ජනාධිපතිවරණය පවත්වා ඉන් පසු පවත්වන මහ මැතිවරණයේ දී අත්වන ඉරණම ගැන ඔවුන් දන්නා නිසා..... මින් පැහැදිලි වන්නේ අනුරටත් එයාගෙ පොඩ්ඩො ටික ගැන තියන අවිශ්වාසය නේද.

:       13       73

SaththayaMonday, 20 May 2024 12:34 PM

තවමත් දෙමව්පියන්ගෙන් යැපෙන, දුරකථන අතේ තියාගෙන ඉන්න.., කම්මැලි පිරිස, දාඩිය මහන්සියෙන් රටට සේවයක් කරයිද? මේ රටේ සිටින පාලකයින් 225ම වැදගම්මක් නැහැ නේද? තේරීමක් නැහැ.

:       0       29

නිමල් Monday, 20 May 2024 07:06 AM

මොන ඡන්දෙ ආවත් මාලිමාව දිනනවා...

:       65       29

Surain Monday, 20 May 2024 07:48 AM

මේ දේවල් හීන දකිමින් ඉන්නවා... මෙයාලාත් ලංකාවේ විනාශ කරන්න දායක වෙච්ච ප්‍රධාන කොටස් කරුවන්

:       20       68

duplicate Ralahami Monday, 20 May 2024 07:58 AM

ජනතාව ඔයාට ඡන්දේ දෙන්න ඔය අපේ රටට කරපු හොඳ දේවල් ටිකක් කියන්න 88 / 89 කැරැල්ල ගිනි තිබ්බා. විනාශ කිරිම් රජයේ ගොඩනැගිල් පිච්චිම අහිංසක මිනිස්සු මැරුණා..

:       22       69

mahanama Monday, 20 May 2024 08:03 AM

මේ තරම් වයසට ගිය කෙනෙක් තාමත් කෙස් ගහක් දෙකක් ඇරෙන්න සුදු නැති එකෙන්ම පේනවා මොන තරම් අව්‍යාජ මිනිස්සු ද කියලා. දිනන්නෙ උඩින්! අහිංසක මිනිස්සු! පව් ජීවිතේම රට වෙනුවෙන් කැප කිරීම නිසා සියල්ල අහිමි කර ගෙනයි තිබෙන්නේ.

:       70       10

සෙනෙවිරත්න Monday, 20 May 2024 10:40 AM

ඩුප්ලිකේට් තාමත් ආච්චිගෙ අයිඩෙන්ටිය හොයනවද? ඊට වඩා රටට හානිකරපු, දරුවන්ට අනාගතයක් නැති කරපු, බෙහෙත් ටිකක් නැති කරපු, රටම උලාකාපු රෑනක් ඉන්න බව දන්නවද? දැන් ඔය 88/89 මැතිරුව ඇති. රටම මාලිමාවටයි.

:       57       30

fairoos Monday, 20 May 2024 12:46 PM

ජයවේවා...! ලංකාවේ ඉන්න බයියෝ නැතිවෙච්චි දවසට තමයි රටට සෙත...

:       26       9

Vithana Monday, 20 May 2024 12:46 PM

මෙයාව ජනාධිපති කරනවාට වඩා හොඳයි ඇමරිකන් තානාපතිව ජනාධිපති කරන එක...

:       12       42

Nishan Monday, 20 May 2024 02:30 PM

විතාන කිව්වා හරියටම හරි. මෙයාව ජනාධිපති කලොත් ඇමරිකන් කොඩිය ඉස්සරහා හිටගෙන දිවුරුම් දෙයි. එතන ඉඳන් ඇත්තටම රට පාලනය කරන්නේ ඇමරිකන් තානාපතිනිය තමයි.

:       8       44

lelwala Saturday, 25 May 2024 03:49 AM

මොන මැතිවරණය ආවත් ජෙප්පන්ගේ තුනත් නැතිවෙනවා. ජෙප්පන් බලන්නේ මිනිස්සුන්ගේ ඡන්දය බලෙන් ලබාගන්න. රටේම ඉන්න කාලකණ්ණි.

:       6       37

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1079 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6377 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6184 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2189 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site