IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි

(අංජුල මහික වීරරත්න සහ ලුණුගල ප්‍රසන්න පද්මසිරි) 

‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිබිලදී පැවසීය. 

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට තබාගෙන දේශපාලනිකව ඉදිරියට යාමට තමා මහත් වෑයමක් ගත්තේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ බිබිල මැදගම පොතුබන්දන විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. 

බිබිල මැදගම පොතුබන්දන විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සහ බිබිල පොදු වෙළෙඳපොළ  සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොතුබන්දන විහාරස්ථානයේදී මෙසේ සඳහන් කළේය. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට පැවත එන දීර්ඝ ඉතිහාසය මේ විහාරස්ථානයට තිබෙනවා. ථෙරවාදී බුදු දහම විහාරස්ථානය තුළ අතීතයේ සිට ආරක්ෂා වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය තුළ තිබෙන මුතු ඇටයක් ලෙසත් විහාරස්ථානය හැඳින්විය හැකිය. 
මේ ප්‍රදේශය තුළ අපේ ආණ්ඩුව යටතේ විශාල වැඩකොටසක්  කරමින් පවතිනවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමා මේ වැඩසටහන් පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේ මා එය ඉතා කැමැත්තෙන් බාර ගත් බව කිව යුතුයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකට එක්වී රට පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කළා. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුත් වර්තමානයේ එක්වී වැඩ කරනවා. දේශපාලනිකව විවිධ මත දැරූ වාද විවාද කළ පිරිසක් එක්වී රට පාලනය කිරීම ලෙහෙසි කාර්යය නොවෙයි. ඒ හරහා වසර 40-50 පුරා තිබූ ගැටලු සහ විපාක හඳුනා ගැනීමට සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීමයි. ඒත් මා අවධානය යොමු කළේ බලය ගැනීමෙන් පසුව එක්වී වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බලය ගැනීමට තරග කිරීම සාමාන්‍ය දෙයයි. ඒත් යුරෝපීය රටවල්වල මෙන් සාමකාමී ලෙස මැතිවරණ පැවැත්වීමට හැකි නම් රට තුළ ගැටලු ඇති වන්නේ නැහැ. 

යුරෝපය හෝ ආසියාවේ හෝ වේවා දේශපාලනිකව ගන්නා ඇතැම් තීරණ සාර්ථක වෙනවා. එසේ නැතිනම් අසාර්ථක වෙනවා. ජනතාවත් විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා වෙනස්කම් අවබෝධ කර ගනිමින් දේශපාලනිකව ඉදිරියට යාම පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කළා. අප සෑම උත්සාහයක්ම ගන්නේ මෙම තත්ත්වය පවත්වා ගැනීමටයි. විහාරස්ථානයේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී දායක සභාව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ලෙස බෙදී වෙන් වුණේ නැහැ. බේදයකින් තොරව ගොඩනැගිල්ල ඉදිකිරීමට එක්වූ ආකාරයටම රට ගොඩගැනීමටත් එක්විය යුතුයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග ආණ්ඩුව නිර්මාණය කිරීමේදී පොළොන්නරුවට මෙන්ම මොනරාගලටත් එක හා සමානවම අවධානය යොමු කළා. පොළොන්නරුව ප්‍රදේශය ජනාධිපතිතුමා නියෝජනය කරන අතර රටේ ප්‍රධානම අමාත්‍යධුර 4ක් පාලනය කරන අමාත්‍යවරුන් දෙදෙනකු මොනරාගලට දීමට මා කටයුතු කළා.  එහි කිසිදු වෙනසක් නැහැ. 

එමෙන්ම නියෝජ්‍ය කතානායක ධුරයත් දැන් මොනරාගලටම ලබාදී තිබෙනවා. මෙවැනි තනතුරු විශාල ප්‍රමාණයක්දී තිබෙන වෙනත් දිස්ත්‍රික්කයක් රටේ නැති බව මගේ අදහසයි. ඉන් ඔබ ප්‍රයෝජන ගත යුතුයි. මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශය දියුණු කිරීම සඳහා අප සතුව කෙටි කාලීනව හා දිගු කාලීන සැලසුම් තිබෙනවා. නියඟය සහ ජල හිඟය නිසා මේ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය කඩා වැටිලා. ආර්ථික කඩා වැටීම සමස්තය ලෙස රටටම බලපානවා. 

පසුගිය වසර 10-15 තුළ රටට අවශ්‍ය බඩු භාණ්ඩ පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය රටේ තිබුණේ නැහැ. යුද්ධය හෝ වෙනත් හේතුන් හෝ ඊට බලපෑවා. ඒත් අවසානයේ ජනතාව ජීවත් කරවීම සඳහා පිටරටින් ණය ගැනීමට සිදුවුණා. රට වෙනුවෙන් නව වැඩසටහන් කිහිපයක්ම අපේ ආණ්ඩුව ආරම්භ කළා. ගම්පෙරළිය, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හරහා ජනතාවට මුදල් දීම තවත් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. 

මහවැලි ව්‍යාපාරයේදී ණය ගත්තේ රුපියල් වලිනුයි. ඒත් පසුව විදේශ ණය ගැනීම වැඩි වුණා. 2015 වනවිට ණය ගෙවීමටත් රටේ ආදායම තිබුණේ නැහැ. අප අපහසුවෙන් හෝ ණය ගෙවීමට කටයුතු කළා. ඒ පසුබිම තුළ වැට් වැඩි කිරීම ආදී තීරණ ගැනීමට අපට සිදුවුණා. 

රට බංකොලොත් නොවී ඉදිරියට ගෙන ආවේ ඒ තීරණ නිසයි. එසේ වුවත් බඩුමිල වැඩිවීම සම්බන්ධයෙන් අපට දොස් කියනවා. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට නම් රට වෙනුවෙන් අලුත් වැඩසටහන් ඇතිකළ යුතුයි. නව ආර්ථිකය නිර්මාණය කළ යුතුයි. 

රට හිරවී ඇති ණය උගුලට අමතරව ප්‍රදේශයට බලපාන තවත් විශාල ගැටලුව තිබෙනවා. එනම් කන්න හතරක වර්ෂාව නොලැබීමයි.  

සියලු කරුණු සලකා බලමින් ගමට මුදල් දීම තවත් වැඩි කිරීම අරමුණු කර ගනිමින් ගම්පෙරළිය වැඩසටහනක් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනත් ආරම්භ කළා. ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයන්ට තව තවත් මුදල් දීමට සහනදායී ණය දීමට තම ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ දීමට කටයුතු කළා. වර්තමානයේ ජනතාව මුහුණපාන ලොකුම ගැටලුව නම් බැංකුවකට ගොස් ණය ගැනීමයි. අප මේ වැඩසටහන් ආරම්භ කළේ ඒ නිසයි. 

අනෙක් ප්‍රධානම කාර්ය වැව් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණයයි. මේ ප්‍රදේශයේ වැව් කිහිපයක් අලුතින් ඉදිකිරීමට සූදානම් වෙනවා.  ඇතැම් වැව්වල රොන්මඩ  ඉවත් කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය ලැයිස්තු මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරනවා. ඒ හරහා ගමේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජල අවශ්‍යතා ඉටු වෙනවා. මේ වැඩ කිරීම සඳහා මුදල් පැමිණෙන්නේ ගමටයි. සේවකයන් කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාම තම ගම්මානයේ වන නිසා ව්‍යාපෘති වෙනුවෙන් ලැබෙන සියලුම මුදල් ගම තුළට ගලා එනවා. 

එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා හරහාත් මුදල් ලැබෙන්නේ ගමේ සිටින කුඩා ව්‍යවසායකයන්ටයි. එවිට ගමේ මුදල් පරිහරණය 20% පමණ ඉහළ යනවා. ණය ගෙවීමට පමණක් අප අවධානය යොමු කළේ නැහැ. ගමේ ආර්ථිකය දියුණු කිරීමටත් අප අවධානය යොමු කළා. එමෙන්ම ගමේ සමෘද්ධිලාභීන් ප්‍රමාණය වැඩි කිරීමටත්, උපාධිධාරීන්ට රැකියා දීම ඉහළ දැමීමටත් ඉදිරි වසර තුළ කටයුතු කරනවා. සියලුම පියවර ගන්නේ ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් දියුණු කරමින් ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහායි. අප ගමට මුදල් දෙන්නේ ඒ බලාපොරොත්තුව සහිතවයි. 

ඉතිහාසයේ  සඳහන් වන්නේ වෙල්ලස්ස වී වගාවට වෙන්වූ බවයි. නමුත් ලෝකයේ නව තාක්ෂණයට එක් වෙමින් කර්මාන්ත හා තාක්ෂණික නිෂ්පාදන ආර්ථිකය ඉදිරි වසර 30-40 තුළ ඇතිකළ යුතුයි. අප එක්වී සිටින්නේ රට වෙනුවෙන් වගකීම ඉටු කිරීමටයි. යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය. 

නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා:  මහා සංඝරත්නය ආශිර්වාදය උපකාරය අපට හැමදාම නොඅඩුව ලැබුණා. වෙල්ලස්සේ කැරැල්ලට වසර 200ක් පිරෙන අවස්ථාවේ වෙල්ලස්සේ සෑම විහාරයකටම උපකාර කිරීමට අපට හැකි වුණා. 

වෛරී දේශපාලනය නැති කිරීමට පක්ෂ දෙක එකතු කළ යුතු යැයි මුලින්ම කිව්වේ අගමැතිතුමායි. අප දේශපාලන භේදයකින් තොරව වෙල්ලස්ස දියුණු කරමින් සිටිනවා.  

ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා: 

අප හැකි සෑම විටම ප්‍රදේශයේ ජනතාවටත් විහාරස්ථානවලටත් උපකාර කරනවා. මේ ප්‍රදේශයේ ජනතාව බහුතරය ඡන්දය නොදුන් මේ ප්‍රදේශය වෙනුවෙන් යහපාලන රජය විශාල වැඩකොටස කරනවා. වැව් හදනවා. ඇළවේලි හදනවා. අද ජනතාව කන්න දෙක වැඩ කරනවා. 

අප ඡන්දය නොදුන්නත් ආණ්ඩුව අප තියාගෙන  ඉන්නේ ඇයි? සම්මුතිවාදය යනු එයයි. බෞද්ධ දර්ශනය අනුව මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. 

හෙට අනිද්දා වන විට මේ පන්සලටම වර්තමානයේ  නායකත්වය බලාපොරොත්තු වන අය ඒවි. නමුත් යහපාලනය අමතක කරන්න එපා.  

 විහාරාධිපති මහඔයේ ශ්‍රී දේවරක්ඛිත ජිනරතන හිමි: 

මේ විහාරයේ පෞරාණික පූජා භාණ්ඩ සොරුන් විසින් කලින් කලට ගෙන ගියා. ඉතිරි වූ කෞතුක භාණ්ඩ රැක ගැනීම මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මූලික අරමුණයි.  විහාරය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට විශාල මෙහෙවරක් කරනවා. ඉංග්‍රීසි යුගයේදී අපේ ප්‍රදේශවලට විශාල හානියක් වුණා. 

නාගල රජමහා විහාරාධිපති බදුල්ල ගම්මන සුමනසාර හිමි: 

ඩඞ්ලි සේනානායක අගමැතිතුමා එකල මේ ප්‍රදේශයට ආවා. මෙවැනි ප්‍රදේශ දියුණුවී තිබෙනු දැකීම පාලකයන්ගේ එකම සතුට බවත් එතුමා එදා කිව්වා. අදත් මේ ප්‍රදේශ නොදියුණුයි. පාලකයන් මේ ප්‍රදේශ නොසලකා හැරලා.  පොළොන්නරුවේ විවෘත කිරීම් 100කට වඩා කළ බව ජනාධිපතිතුමා පසුගිය දිනෙක පැවසුවා. එසේ කරන විට වෙල්ලස්සෙත් විවෘත කිරීම කළ යුතුබව මගේ අදහසයි. සුද්දා අපට අහිමි කළ සියලු දේ මේ ජනතාවට දිය යුතුයි. බිබිල, මැදගම, පොතුබන්දන විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම සහ බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථාන භූමියේදී සිදු කෙරිණි. 

ඉන් අනතුරුව බිබිල පොදු වෙළඳපොළ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම ද එදින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විණ.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ  සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීහු රැසක් ද සහභාගීවී සිටියහ. 

 



අදහස් (8)

මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි

Adam Friday, 13 July 2018 11:18 PM

ඒ ගැන මොකට කියනවද රටේම සල්ලි ටික හොර කාල දැන් අහිංසක අපිව උලා කනවා අනේ මෙහෙමත් නායකයෙක් , රට විනාශ කරනවා හැර වෙන දන්නා දෙයක් නැ

:       1       72

Bamunuarachchi Saturday, 14 July 2018 06:21 AM

දැන් අනික් මහපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි. ඒ බව ඔප්පුකර හමාරයි. එම නිසා සිරිසේන පැත්තකින් තියා මහින්ද මහතා ගැන කතා කරමු. ප්‍රතිපත්තිවලින් වෙනස් පක්ෂ දෙකක් කොහොමද එකතුවෙලා වැඩ කරන්නේ. දෙමල ත්‍රස්තවාදය ගැන ඔබලා දරපු අදහස් වලින්ම අපිට එ්ක පෙනෙනවා. ඔබ රට ගැන සිතන ආකාරයට වඩා මහින්ද මහතා සිතන ආකාරය බොහොම වෙනස් ඒ වගේම මහින්ද මහතා සහ අපි දරන අදහස් එක සමානයි. ඒ නිසයි මහින්ද මහතාගේ පරාජයෙන් පසුත් ඒ මහතා සොයාගෙන ජනතාව ඔහුගේ ගෙදරට ගියේ. ඔබගේ ගෙදරට මිනිසුන් ජනතාව ආවාද? බොහොම කෙටියෙන් කියනවානම් " යාදෙක නොරත රත සමග පෑහීමක් නැත." කරුණාකර 2020 ගෙදර යන්න සූදානම් වෙන්න

:       7       214

V.warnakulasuriya Saturday, 14 July 2018 10:12 PM

තවමත් ශ්‍රී ලංකා නි. පක්ෂයේ හිඳිමින් මහා පක්ෂ ගොඩ නගා ගත් මහත්වරුන්ට ලැජ්ජාවක් නැති එක අපට නම් පුදුමයකි. රටකට වැදගත් වෙන ප්‍රතිපත්ති මිස පක්ෂවල ප්‍රතිපත්ති ගැන පුරසාරම් දොඩන අය තවමත් රටේ සිටීම තවත් පුදුමයකි. හිරගෙවල්වල ලගින්න වෙන අයට ඉන් ගැලවීමට බලය ලබා ගැනීමට ජාති ප්‍රේමය නැතිවම බැරිය. එක් කෙනෙක් හොරු ගැන කියා බලයට පැමිණෙන අතර තව කෙනෙක් දෙමළ ත්‍රස්තවාදය කියා බලය ලබති. මහා බැංකු හොරා වගේම සුනාමි හොරාද අපිට නම් සමාන හොරු වන්නෙමු. බැලකම් කළ වහලුන් ගොස්තරය වෙනුවෙන් වහල්හිමියා සොයායාම පුරාණ කාලයේ සිටම අපි දකින්නෙමු.

:       0       35

BamunuarachchiSunday, 15 July 2018 04:39 AM

ලංකා දෙයපාලනයේ සිටින බොහෝදෙනා හොරුයි සම්මතයක් ඇත. අපි හොයන්නේ හොරු අතරින් මේ රටට සේවයක් කල හොරුය. මහත්මයා ලංකාදීපයේ සහෝදර පුවත් පතක් වන ඩේලි මිලර් පුවත් පතේ පලවූ මයිකල් රොබට්ස් ගේ "2009 ඊළාම් යුද්ධයේදී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හැදු හැටි" කියන ඉංග්‍රීසි ලිපිය කියෙව්වොත් ඔබ කතා කරන හොරු ගැන ඔබතුමාටත් හොඳ අවබධෙයක් ලැබේවි කියා සිතමි. අපි හොරු කියන අය රටට කල සේවය මොකද කියා බලා ගන්න. ඊට ආපසු අපි නැවත හමුවෙමු. ඔය කියන හොරු 2009 හරි තීරණ නොගත්තානම් අපි තාමත් යුද්දයේ බව ඔබට ඔය ලිපිය කියවුවිට තේරේවි.

:       0       72

Bamunuarachchi Saturday, 14 July 2018 06:31 AM

කතානායකකම මොනරාගලට දුන්නා කියා ජනතාවට වෙන සෙත මොකක්ද? ඔය කතාව මොනරාගලටම හොඳයි. "එක්වී සිටින්නේ රට වෙනුවෙන් වගකීම ඉටු කිරීමටයි... යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය." නමුත් සිදු වුනේ විජාතිකයෙකුට මහා බැංකු අධිපතිකමදී මහබැංකුව කොල්ල කන්න ඉඩදීමයි. දැන් රටින් පැන්න හොරාගැන කිසිම කතාවක් නැත. නැවතත් රට ඔබට බාර දෙන්නේ නම් ඩෙල්ෆ් පමණක් නොව මුළු රටම එවැනි දිවයිනකි..

:       0       144

Bamunuarachchi Sunday, 15 July 2018 12:19 AM

ඩෙල්ෆ් දිවයිනට බූරු දිවයින කියනබව කවුරුත් දන්නවානේ නේද?

:       0       18

V.warnakulasuriya Sunday, 15 July 2018 10:16 AM

බමුණුආරච්චි මහතා සඳහන් කරන පරිදි, මයිකල් රොබට්ස් ඉංගිරිසි මහතාට අනුව 2020 ජනාධිපතිවරණයෙන් අප තෝරා පත්කර ගත යුත්තේ හොරුන් අතරින් හොඳම හොරා තේරිමක්ද? සටනක් තිබුණොත් එහි ජය පරාජයක්ද ඇත. කාලය විසින් බලවතා සැලසුම් සහගතව ජය ලැබීම ලොව සිදුවන්නකි. අප කළේද එයයි. රාජ්‍ය නායකත්වය, හමුදාපතිවරු, සෙබළුන් වගේම ජනතාවද එයට වගකීමෙන් දායක වී ඇත. මෙහිදී අතපය අහිමිකරගත් සෙබළෙකුට හෝ නැවත එම රාජ්‍ය තුළ, රාජ්‍ය දේපළ මංකොල්ල කෑමට සහ නීතිවිරෝධී ක්‍රියාවක යෙදීමට හැකිවන්නේ නැත. වංචාව, දූෂණය ලෝකයේ ඉහළම රටවල් අතරට අප පැමිණීම අතරින් ලබා ඇති දියුණුවක් ගැන කතා කිරීම විහිළුවකි. යුද්ධයකින් පසු අප විසින් ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ ජීවිත පූජා කළ සෙබළුන්, අතපය අහිමිකර ගත් රණවිරුවන්, තුවාලවලට තවමත් වේදනාව උහුලන අය, දෙමාපියන් දරුවන් අහිමි කරගත් ජනතාව, දේපළ උන්හිටිතැන් අහිමිකරගත් ජනතාව නොවන්නේද? එහෙත් අද බොහෝ කැපකිරීම් කර ලබාගත් ජය එක පවුලක් සහ හොරු කණ්ඩායමක් වෙත පමණක් ලගු කිරීමට යාම කවරනම් අරුමයක්ද යන්න තේරුම් ගත නොහැකියි.

:       13       1

BamunuarachchiSunday, 15 July 2018 04:42 PM

"බමුණුආරච්චි මහතා සඳහන් කරන පරිදි, මයිකල් රොබට්ස් ඉංගිරිසි මහතාට අනුව 2020 ජනාධිපතිවරණයෙන් අප තෝරා පත්කර ගත යුත්තේ හොරුන් අතරින් හොඳම හොරා තේරිමක්ද?" ඔන්න ඇසුවා ගොන් ප්‍රශ්නයක්? මහත්තයෝ ඉස්සෙල්ල ලිපිය කියවන්න එය තෙරුම් ගත්තාම මගෙන් ප්‍රශ්න කරන්නේ නැත. එතකොට ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරාවි. "2009 ඊළාම් යුද්ධයේදී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හැදු හැටි" ලිපියේ මාතෘකාව දැක්කමවත් එය කියවන්න හිතෙන්නේ නැද්ද?

:       30       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1666 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4120 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1884 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5438 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3643 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site