(නිමල කොඩිතුවක්කු)
මිලේනියම් චැලේන්ජ් කෝපරේසන් ගිවිසුම ඇමරිකාවේ සී. අයි. ඒ ආයතනය විසින් හදපු මර උගුලක් නොවන බවත් එය 2008 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් ඇති කරපු, විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් වශයෙන් නිකුත් කරපු ජාතික භෞතික සැලැස්ම විද්‍යාඥයෝ එකතුවී කළ යාවත්කාලීන කිරීමක් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (4) පැවසීය.
ඇතැම් මාධ්‍ය සහ බාකොලොත් වූ දේශපාලඥයන් පවසන පරිදි මෙම ගිවිසුමෙන් රටේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නෙවෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලූම අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ කීය.
‘‘ මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කියන්නේ 2008 දී මහින්ද රාජපක්ෂ විසින් අති කරපු, විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් වශයෙන් නිකුත් කරපු, ඒ ජාතික භෞතික සැලසුම, විද්‍යාඥයෝ එකතුවෙලා කරපු යාවත්කාලීන කිරීමක්.
මේකේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් නැහැ. රටේ සියලූම අයාතනවල මෙමගින් මාර්ගෝපදේශයක් ඇති වෙනවා.
මේ දවස්වල මාධ්‍ය මගින් තවත් කාර්යක් කරගෙන යනවා. මම ඒකට කියන්නේ, ”මාධ්‍ය පැසිට්වාදය” කියලා, ඒමගින්, ”ජනතාව තුළ, බිය, සැක, අනාරක්ෂිතභාවය, ඇතිවන ආකාරයෙන් කිසි පදනමක් නැති තොරතුරු ජනගත කරමින් ඒ හරහා, ජනතාවගේ ඡන්දය දිනාගැනීමේ ක‍්‍රියාවලියක මාධ්‍යයය නිරතව සිටිනවා.
යෝජිත ගිවිසුම පිළිබදව ඇතිකර තිබෙන පදනම් රහිත, අසත්‍ය ප‍්‍රචාර, හරහා ජනතාව තුළ බියත් සැකක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා.
රට හරහා කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා වැටක් ගහන්න යනවා කියලා, සමහරු කියනවා ඒ වැට අතුලේ, ඒ ගොල්ලෝ කියන ඔය කොරිඩෝවට හමුදාව බස්සන්න යනවා කියලා, ඒ හමුදාව අපේ කානතාවන් දූෂණය කරන්න ඉඩ තියනවයි කියලා, මේවා ඉතා නින්දිත පදනම් විරහිත කතා.
මේ ජාතික භෞතික සැලැස්ම ආඩම්බර වෙන්න ඔන දෙයක්, මේක ගොඩක් රටවල නෑ, මෙම ක‍්‍රියාවලිය ආරම්භ වුනේ වසර 2000 දි, ඒවකට ග‍්‍රාම සහ නගර සැලසුම් දෙපාර්තමේන්තුව පරිවර්තනය කළ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව නමින්, ඒහි මූලික සැලසුම වුනේ, විධිමත් අධ්‍යනයකින් පසු, ජාතික භෞතික සැලැස්මක් පිළියෙළ කිරීමයි.
ශ‍්‍රී ලංකා රජය සහ ඇමෙරිකාවේ සහස‍්‍ර අභියෝගතා සංස්ථාව විසින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇති බාධා ලෙස ගැනෙන, ප‍්‍රවාහන කේෂ්ත‍්‍රයේ පවතින දුර්වලතා සහ යටිතල පහසුකම් සහ ඉඩම් පරිපාලන ක‍්‍රීයාවලියේ පවත්නා දුර්වලතා මගහැරීමට සැලසුම් කර ඇති වැඩසටහනක් මේ මගින් ඇ.ඩො.මිලියන 480 ක් හෙවත් කෝටි 8600ක ප‍්‍රදානයක් අපට ලැබෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන පාඨලී කියයි