IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘මහජන මුදල් හොරකම් කරන අය ජවිපෙ අය සතුරන් ලෙස පිළිගන්නවා’

(මුදිතා දයානන්ද)

         

මහාපරිමාණයෙන් මහජන දේපළ හා මුදල් හොරකම් කරන්නන් මා ඇතුළු අපේ පක්ෂයේ අයව හතුරන් ලෙස පිළිගැනීම ගැන මා ආඩම්බර වෙනවා. ඇවන්ට්ගාඩ් සභාපතිවරයා අපට එල්ල කරන චෝදනා අපි දකින්නේ ඒ අර්ථයෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණෙ ප‍්‍රධාන කාර්යාලයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.

ජනතා විමුක්ති පෙරමුණ මෙක්සිකන් ක‍්‍රමයට හොරකම් කරන්නේ යැයි ඇවන්ට්ගාඩ් සභාපතිවරයා කිසියම් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.          

‘අපි ගාව කලූ සල්ලි නැහැ. අපිට ආධාර ලැබෙන හැම ආකාරයක් ගැනම වාර්තා තිබෙනවා. බැංකුවට එන හැම සතයක් ගැනම බැංකුවේ වාර්තා වෙනවා. අපි තමයි පක්ෂයක් හැටියට තමන්ට ලැබෙන සැබෑ ආදායම රටට ප‍්‍රකාශ කර තිබෙන්නේ. අපි අපේ සැබෑ ආදායම හා වියදම මැතිවරණ කොමසාරිස් වෙත වාර්ෂිකව ලබාදෙනවා. ඒ නිසා තමයි වැඩිම ආදායමක් සහිත පක්ෂය බවට අපේ පක්ෂය පත්වෙලා තියෙන්නේ. අනෙක් පක්ෂ කලූ සල්ලිවලින් ලැබෙන ආදායම හංගලා තමයි වාර්තා හදන්නේ. නමුත් කරන වියදම අනුව ලැබීම කොයිතරම් වෙන්න පුලූවන්ද කියලා ජනතාවට තේරුම් ගන්න පුලූවන්.     

හොරුන්ගෙන් මුදල් ගත්ත අය හොරු විවේචනය කරන්නේ නැහැ. හොරුන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් හොරුන්ගේ මිතුරන්. ඒ නිසා හොරුන්ගේ හතුරන් බවට මා ඇතුළු අපේ පක්ෂයේ අය පත්විම ගැන මට නම් තිබෙන්නේ ආඩම්බරයක්. ඒ අය නගන අභූත චෝදනාවලට අපි පිළිතුරු දිය යුතුයැයි මා හිතන්නේ නැහැ.‘



අදහස් (6)

‘මහජන මුදල් හොරකම් කරන අය ජවිපෙ අය සතුරන් ලෙස පිළිගන්නවා’

Rohana Wednesday, 29 January 2020 10:48 AM

සම්පුර්ණ ඇත්ත සහෝදරයා.

:       412       212

Chathuri Wednesday, 29 January 2020 10:23 PM

අැවන්ගාඩ් සභාපති දන්නවා අධිකරණයෙන් බේරෙන්න පුළුවන්... ඔබලාගෙන් තමයි බේරෙන්න බැරි කියලා. මේ හොරුන්ට කවදාවත් හැංගිලා ඉන්න ඉඩ තියන්න එපා. අවුරුදු 50ක් ගියත් ඔබ ජනාධිපති වෙන්න. මොවුන්ගේ නඩු නැවත අධිකරණයට අරගෙන හිර කුඩුවට දමන්න. නමුත් හොරකම් කරපු දේපල, මුදල් පවුලේ කට්ටියට තියලා යන්නේ. මේ හැම දෙයක්ම රාජ සන්තක කොට ඉගෙනීමේ හැටියට රැකියාවක් දෙන්න. කිසිම විභාගයක් සමත් නොවී.., උගතුන්ගේ සැලියුට් වලින් වැඩ කරන්නේ මේවා සේරම නතර කර... උගත් තැනැත්තාට නම්බු නාම දියයුතුමයි. මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් රටයි, ජනතාවයි බේරාගන්න ඕනෑ.. නමුත් කවදාහරි මේ රටේ උගතුන් හොයාගන්න බැරිවෙනවා. අසරණ දුගී දුප්පතුන් පමණක් ඉතිරි වෙයි. ඔබට වෙන්නේ බලය ගන්න ආණ්ඩුව පෙරලන්න නෙමේ සුද්දට ගහලා රට බේරාගත්තා වගේ චීනාට ගහලා රට බේරාගන්න. මොකද... හමුලා මුදල් කෑදරකමට රට බාගයක් විකුණලා, පොලියට දීලා තියෙන්නේ..

:       105       34

chris Thursday, 30 January 2020 05:49 AM

පසුගිය කාලයේ මිනීමරු කම්බ හොරුන් සමග යහපාලනය ගෙනෙන්නට සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසිදුභාවය පිලිබදව ගැටළුවක් නම් ගොඩාක් අයට තියෙන බව මැතිවරණ ප්‍රතිඵල වලින් පැහැදිලියි.

:       140       256

nuwanThursday, 30 January 2020 09:35 AM

උත්තරයක් නැතිවුණාම කියවෙන උත්තරය වගෙයි...

:       25       7

Cisco Friday, 31 January 2020 04:27 AM

කවුරුත් දන්නා දෙයක් තමයි ජවිපෙ ප්‍රධාන පක්ෂ හොරකම් කරපු සහ ව්‍යාපාරිකයින්ගෙන් මුදල් වැසිකිළියේදි ලබාගෙන පක්ෂ අරමුදල තරකර ගත්තා කියලා. ඊටපසු එම රජයන්ට වක්‍රව උදව් කළා. තව තවත් හොරකම් කරන්න. ජවිපෙ එහෙම හොයලා බැලුවද එම මුදල් කොහොමද ලැබුනේ කියලා. එ්කේ පිරිසිදු භාවයක් තියෙනවද?

:       0       6

Bamunuarachchi Monday, 09 March 2020 02:11 AM

ඒ වගේම නිකරුණේ 60000ක් ජනතාව මරා දැමීමට හේතුපාද වුණු ජවිපෙ අයව ජනතාව සතුරන් ලෙස පිළිගන්නවා එ් නිසයි ඔබලා 3%ක් වැටුනේ... ඔබලා සිංහල ගීත රචකයෙක් මරා දැමීම ගැන ඔහුගේ බිරිඳ කතා කරන හැටි යූ ටියුබ් එකෙන් බලාගන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 521 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 709 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6057 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 711 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site