(එෆ්.අස්ලම් )
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව එම සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.
රාජ්‍ය අනුග්‍රහාය මත දෙමළ විමුක්ති අරගලයට සහ දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහී වූවෝ විවිධ පක්ෂවලින් උතුරු නැගෙනහිරෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔවුන්ට පාඩම් ඉගැන්වීමට නම් දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධනය හා එක්විය යුතු බවත් සම්බන්ධන් මහතා කීය.
ඡන්ද අයිතිය දෙමළ ජනතාවට ඉතිරිව ඇති අවිය බවත් තරගකාරීත්වයකින් යුත් මහ මැතිවරණයේ දී දෙමළ ජනතාව කල්පනාකාරීව ඡන්දය පාවිච්චි කළ යුතු බවද හෙතෙම සදහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ දෙමළ ජාතික සන්ධානයේ සූදානම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත(4) අදහස් පලකරමින් සම්බන්දන් මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්දන් මහතා මෙසේද කීය,
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණයක් වෙනවා.ඒ නිසා සුදුසු අපේක්ෂකයින් අප මෙම මැතිවරණය සදහා ඉදිරිපත් කරනවා.කාන්තාවන්ට සහ තරුණයින්ට අපි නිසි ලෙස ඉඩකඩ ලබාදී තිබෙනවා.උතුරු නැගෙනහිර පළාත් පුරාවටම අපි මැතිවරණ ව්‍යාපාරය ගෙන යනවා.ගමින් ගමට ගොස් අපි අපේ ස්ථාවරය වැඩපිළිවෙල ගැන දෙමළ ජනතාව දැනුවත් කරනවා.ජාත්‍යන්තරය අද අපේ පසුපස සිටිනවා. සත්‍ය,සාධාරණය,යුක්තිය මෙන්ම දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි කියන ස්ථාවරයේ ජාත්‍යන්තරය සිටිනවා.
මහ මැතිවරණයේ දී ආසන 20ක් දිනා ගන්න සියළුම දෙමළ ජනතාව දෙමළ සහාය ලබා දිය යුතුයි.අපට ඉතිරිව ඇති එකම අවිය ඡන්ද අයිතිය විතරයි.ඒ අවිය දෙමළ ජනතාව නිසි පරිදි පරිහරණය කළ යුතුයි.
යම් අවස්ථාවක පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය දෙමළ ජාතික සන්ධානය වන්නේ නම් අපට අපගේ අයිතිවාසිකම් සහ දේශපාලන විසදුම් දිනා ගැනීමට අප ඒ අවස්ථාව පරිහරණය කළ හැකියි.
දෙමළ ජාතික සන්ධානයට ලැබෙන ආසන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණින් රාජ්‍ය අනුග්‍රහාය සහිතව බාහිර බලවේග කිහිපයක් මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගතව දේශපාලන පක්ෂ රැසක් තරග කරවනවා.දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහිකම් කළ අය,ද්‍රවිඩ විමුක්ති අරගලයට ද්‍රෝහිකම් කළ අය ඒ ආකාරයට මෙවර මහ මැතිවරණයට තරග කරනවා.මෙවන් අයට දෙමළ ජනතාවට මැතිවරණයෙන්ම හොද පාඩමක් ඉගැන්විය යුතුයි.
එමෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්,අර්බුදවලට විසදුම් ආදී පොරොන්දු වලින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී එළිදක්වනවා යැයිද සම්බන්ධන් මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි