IMG-LOGO

2024 ජුලි මස 02 වන අඟහරුවාදා


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා

(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

“එක්ව ජයගමු - අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි. රට පෙරට - පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.



අදහස් (20)

මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා

mangala Sunday, 30 June 2024 07:55 PM

මාර ගවසම්පතක්නේ මාතර ඉන්නේ. කොහෙන් හරි ගෙනත් බාලාද මේ...?

:       173       98

මංගල Sunday, 30 June 2024 07:58 PM

පහුගිය ටිකේ ඉස්සරහට ආවා නම් ඒ රනිල්ගේ බඩ විතරයි...

:       160       94

Achini Sunday, 30 June 2024 08:04 PM

එතුමා නිතරම කියනවා රට ගොඩගන්නවා කියලා.. බැඳුම්කර මගඩිය මෙන්ම දේශීය වෙළෙන්ඳාගේ මුදල මෙන් දෙගුණයක් මිල දී ගත් සුළං විදුලි කොන්ත්‍රාත්තුව අදානිට දීමට ඔහු උත්සාහ කළේය. එහෙම දෙයක් කරලා කොහොමද රටක් ගොඩගන්නේ? ඔහු රට බර කර ඔහුගේ වංචාකාරයින් පොහොසත් වනු ඇත. ඔහු එම මුදල් අයකර ගැනීම සඳහා සාමාන්‍ය පුරවැසියෙකුගේ බදු වැඩිකරයි...

:       151       88

Shaf Sunday, 30 June 2024 08:07 PM

ඔහු සති 2කට පෙර බැඳුම්කර මගඩියට සමානව ආදානි සමාගමට සුළං විදුලිය කොන්ත්‍රාත්තුවක් දී හොඳ ආදර්ශයක් දුන්නේය. ඔහු තම ආධාරකරුවන් ධනවත් කර ශ්‍රී ලංකාවේ මිනිසුන් තවත් බදු වලින් දුප්පත් කරනු ඇත.

:       156       80

Shafraz Sunday, 30 June 2024 08:10 PM

දේශපාලකයෝ මංකොල්ල කාපු සල්ලි අයකර ගත්තොත් අවුරුදු 1කින් රට ගොඩගන්න පුළුවන් නමුත් මහ බැංකුවටත් ඒ දේම කරපු නිසා එහෙම කරන්නේ නැහැ... මංකොල්ලකාරයෙක් කොහොමද රටක් දියුණු කරන්නේ? දුප්පත් මිනිස්සුන්ට බදු වැඩි කරාද?

:       144       68

චන්දිම Sunday, 30 June 2024 08:42 PM

පේන විදියට නම් රටටයි රටේ මිනිස්සුන්ටයි කරන්න පුළුවන් සේරම අසමජ්ජාති වැඩ කරපු සෙට් එකක්නේ ඉස්සරහ පුටු පේලියේ පත බෑවිලා ඉන්නේ. මේ අය එක්ක යනවා කියන්නේ ඉතින් කෙලින්ම අපායට තමයි මකබැවිලා යන්නේ.

:       150       69

Dharmatileke Sunday, 30 June 2024 09:22 PM

කොහෙන් ආවාද දන්නේ නැ

:       155       49

Akila Sunday, 30 June 2024 09:31 PM

හොරු සමග හෙළුවෙන් දැන් පෙනවනවා , සාදර අනුග්‍රහය සිරිකොත

:       151       64

sukilaMonday, 01 July 2024 04:20 AM

අකිල දන්නවද 88 - 89 කාලේ ගෙවල් වලට පැනලා රත්තරං හොරකම් කරගෙන ගිහින් දැන් ඩිසයිනර් ෂර්ට් ඇඳලා දේශපාලන වේදිකාවල කයිවාරු ගහන තව හොරු ජාතියක් ඉන්නවා කියල . අනුන්ට ඇඟිලි දික්කරන්න කලින් කන්නාඩියක් ඉස්සරහට ගිහින් මුණ බලන්නකෝ . එතකොට පෙනෙයි තමන්ගේ ඇඟපුරාම තියෙන්නේ කුහක කම කියල .

:       13       67

Don perea Monday, 01 July 2024 12:14 AM

දකුණ _ ගාව සහ හොරු සම්පත

:       62       10

gunapaala Monday, 01 July 2024 01:49 AM

මේ කොමෙන්ටු ටික දැක්කම තේරුම් යන්නේ ජෙප්පෝ ටික සෑහෙන්න බයවෙලා වගෙයි . ඔහොම යං ඔහොම යං . කුහක සෙට් එක මෙදාපාරත් හොම්බෙන් ඇන ගන්න තෙක් . ජෙප්පෝ කියන විදියට මෙතන ඉන්නේ සල්ලි වලට ආපු සෙනග නම් ජෙප්පන්ගේ රැස්වීම් වලත් ඉන්නේ ඒ වගේ අයම තමයි.

:       10       65

ගමේ එකාලා Monday, 01 July 2024 02:27 AM

රටම හොරාකාලා විනාශ කරන්ඩ දායකත්වය සැපයූ දූෂිත දේසපාලුවෝ ඔක්කොම එකතුවෙලා ජනතාව අන්දවන්ඩ හැදුවාට වැඩක් වෙන එකක් නැහැ .

:       64       12

PUPPA Monday, 01 July 2024 03:47 AM

පට්ට හොරු මකබෑවෙන දවස ළඟයි

:       59       13

sam Monday, 01 July 2024 04:42 AM

සේරටම ඉස්සෙල්ලා රටේ ජාතික ධනය හොරාකාපු දේශපාලුවන්ට නීතිය ඉස්සරහට ගෙනල්ලා හොරා කාපු ධනය නැවත රටට අය කරගන්නඩ එතකොට මුලු රටටම ඔබලා එක්කයි

:       4       9

sam Monday, 01 July 2024 04:45 AM

ඔය ඉදගෙන සහ හිටගෙන ඉන්න අයගේ රටේ ජාතික ධනය හොරාකාපු නැති කට්ටිය උස්සගන්ඩ බලන්න එතකොට අපි දන්නවා මෙන්න මෙයාලා පිරිසිදු දේශපාලකයෝ කියලා

:       48       9

Ravi Monday, 01 July 2024 07:18 AM

හදිස්සියේම මට මේ පැත්තෙන් යන්න සිදුවුනා. මම මෙතන හිටපු කීප දෙනෙක්ගෙන් ඒගොල්ලෝ ගැන ඇහුවා. එක්කෙනෙක් කීවා එයාගේ යහළුවෙක් කීවා මෙතනට ඇවිත් කාන්චනව හම්බවෙන්න කියලා.ඒ නිසාලු ආවේ තවම හම්බවෙන්න බැරිවුනා, මිටින් එකෙන් පස්සේ හම්බවෙනවා කිව්වා. විදුලි බලමන්ඩලයේ ජොබ් වගයකටලු.මිනිහා කිවේ සීරියස් පිට.මාතර කෙනෙක් නොවේ අගුනකොලපලස්සේ කීවා.මිනිහානම් සාමාන්‍ය විදිහට හිටියේ, නමුත් අපිට ටිකක් එහායින් හිටපු උන් වගයක්නම් හොඳටම බිලා හිටියේ.

:       47       14

Kirthi Monday, 01 July 2024 07:54 AM

බලාගෙන ගිහාම මාතර ඉන්නේ අමු ගවයෝ නේ !

:       54       14

fairoos Monday, 01 July 2024 10:58 AM

මෙහෙමත් මිනිස්සු ..පොල් පිත්තක් තිබ්බොත් චන්දෙ දෙනවා

:       48       8

Third Eye Monday, 01 July 2024 11:29 AM

විදුලිබල මණ්ඩලයේ රස්සාවල් ගන්න ආපු උදවිය ලු. පව් කියලත් හිතෙනවා

:       43       11

Third Eye Monday, 01 July 2024 11:38 AM

මෙයාලගෙම කට්ටියක් තමයි අර මුහුදේ පාවෙලා ආපු සැර බීම බිව්වෙත්. රටේ අනාගතයේ තීරණය කරන්න පිං පඩි රස්සාවක් ‌හොයනවා. බය වෙන්න දෙයක් නෑ. මේ ලංකාවෙන්ම හොයාගන්න පුලුවන් ඔක්කොම තමයි.

:       42       8

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 97 0

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3574 20

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1518 3

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1195 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2616 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1388 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 510 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1555 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3383 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site