මැතිවරණ වියදම් නියාමන නීතියක් පැවතීම හේතුවෙන් මෙතෙක් මැතිවරණවලදී සිදුකෙරුණු ප්‍රමාණයෙන් අසීමිත අධික වියදම් මෙවර මැතිවරණයෙහිදී සාපේක්ෂව සිදුනොවුණු බව නිරීක්ෂකයන් ඇතුළු බොහෝ දෙනා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම අපේක්ෂකයන් ද මේ සම්බන්ධයෙන් යම් තරමක හෝ අවධානයෙන් යුතුව කටයුතු කරනු දක්නට ලැබුණු අතර ආරම්භයක් ලෙස එය ඉතා වැදගත් පියවරකි.
මැතිවරණ වියදම් නියාමන නීතිය හඳුන්වාදීමෙන් පසුව මේ වනවිට මැතිවරණ තුනක් පවත්වා තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හැරුණු විට ඉන් මැතිවරණ දෙකක් ජාතික මට්ටමේ මැතිවරණ වේ. ඒවා නම් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි. මෙම මැතිවරණ තුනෙහිදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාමත්මක වූ ආකාරය අනුව එහි යහපත් අයහපත් පැති මෙන්ම දුෂ්කරතා පිළිබදව ද පැහැදිලි චිත්‍රයක් ගොඩනැගී ඇත. ඒ අනුව මෙම නීතිය ශක්තිමත් කිරීමට තවදුරටත් කළ යුතු කාර්යය සම්බන්ධයෙන් නීති සකස් කරන්නන් මෙන්ම සිවිල් සමාජය ද පුරවැසියන් ද අවධානය යොමු කළ යුතුව ඇත.
සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව අපේක්ෂකයන් අතර මනාප සඳහා ඇතිවූ තරගය නිසාම මැතිවරණ වියදම් නියාමනය කළ යුතු බවටත් ඒ වෙනුවෙන් නීති සකස් කළ යුතු බවටත් දීර්ඝ කාලයක් පුරා කතාබහක් ඇතිවී තිබුණු අතර, කුමන ආකාරයකින් හෝ මැතිවරණ වියදම් නියාමනය සඳහා නීතියක් හඳුන්වාදීම පිළිබඳ සතුටුවිය හැකිය.
මැතිවරණ තුනක් පැවැත්වීමෙන් පසුව පනතෙහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබාගැනීමට
හැකිව තිබේ.
අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදුන් මහමැතිවරණ අපේක්ෂකයන් 1042 දෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකුගේ තොරතුරු නඩු පැවරීම සඳහා මැතිවරණ පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බව පසුගිය සතියේ දී කොමිසම ප්‍රකාශ කෙළේය.
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21 ක පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයාගේ ආදායම් හා වියදම් සම්බන්ධ වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතුය.
එහෙත් පසුගිය මහමැතිවරණය හා අනුගත මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාරදීම මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් ගණන 1042 කි. ඔවුන් සම්බන්ධ වාර්තා මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා වෙත යොමු
කර ඇත.
ජනාධිපතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් ඇතුළු 13 දෙනෙකු සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් නඩු
පවරා තිබේ.
මැතිවරණ වියදම් නියාමන නීතියක් පැවතීම හේතුවෙන් මෙතෙක් මැතිවරණවලදී සිදුකෙරුණු ප්‍රමාණයෙන් අසීමිත අධික වියදම් මෙවර මැතිවරණයෙහිදී සාපේක්ෂව සිදුනොවුණු බව නිරීක්ෂකයන් ඇතුළු බොහෝ දෙනා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම අපේක්ෂකයන් ද මේ සම්බන්ධයෙන් යම් තරමක හෝ අවධානයෙන් යුතුව කටයුතු කරනු දක්නට ලැබුණු අතර ආරම්භයක් ලෙස එය ඉතා වැදගත් පියවරකි.
එසේ වුවද ජාතික මට්ටමේ මැතිවරණ දෙක අවසානයෙන් පසුව අපේක්ෂකයන් ඔවුන්ගේ වියදම් වාර්තා ලබාදුන් ආකාරය, ඒවායේ අන්තර්ගතව තිබූ වියදම් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේ දී ඇතැම් වියදම් වාර්තා පිටු දෙකකට සීමා වී තිබෙන අයුරු ලියුම්කරු ද
නිරීක්ෂණය කළේය.
එමෙන්ම ඇතැම් වියදම් වාර්තාවල වියදම් විස්තර නොමැතිව පොදු වියදම් පමණක් සඳහන් කර තිබුණි. මැතිවරණ ප්‍රචාරණ කාලසීමාවේ දී ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු දෙස විමසිලිවන්තව බැලීමෙහි දී ඔවුන් ලබාදී ඇති වාර්තාව සත්‍යය ද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතුවී තිබිණ. එසේ වුවද මැතිවරණ වියදම් නීතිය සම්මත කරගෙන ඇති ආකාරයට මේ කිසිවක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වගවීමට නඩු පැවරීමට කිසිදු ආයතනවලට භාරකාරිත්වයක් නොමැත. ඒ වගකීම පනත මගින් පටවා ඇත්තේ මහජනතාව වෙතය. එනම් වියදම් වාර්තා ලබාදුන් පමණින් එය සත්‍යය ද අසත්‍යය ද යන්න පරීක්ෂා කිරීමකින් තොරව භාරගැනීමට පමණක් පනත මගින් මැතිවරණ කොමිෂන් සභාවට පවරා ඇත. වියදම් වාර්තා ලබා නුදුන් පිරිසට එරෙහිව පමණක් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පනත මගින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී ඇත. මැතිවරණ වියදම් නියාමය යහපත් කාරණයක් වුවද එහි ප්‍රායෝගික තත්ත්වය එසේය. අවසන් වූ මැතිවරණවල දී අපේක්ෂකයන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයෙන් ම එය මනාව
පිළිබිඹු වෙයි.
කෙසේ වෙතත් මැතිවරණ වියදම් නියාමන නීතියක් රට තුළ නොතිබුණු සමයක පවා වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කළේය. එහි එවකට ජාතික සංවිධායක ලෙස කටයුතු කළ වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන මංජුල ගජනායකගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී හෙතෙම සඳහන් කළේ, මෙවැනි නීතියක් පැවතීම පිළිබඳව සතුටුවිය හැකි වුවද නීතිය ශක්තිමත් වීමට නම් එය තවත් සංශෝධනය සිදුවිය යුතු බවය.
“පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය යන මැතිවරණ තුනකට මැතිවරණ ප්‍රචාරණ වියදම් නීතිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මෙවැනි නීතියක් හඳුන්වාදීම විප්ලවීය පියවරක්. මෙවැනි නීති ලංකාවට අවශ්‍යයි. මෙවැනි නීතියක් පැවතීම ගැනම සතුටුවෙන්න පුළුවන්. මෙවැනි නීතියක් තිබෙන නිසාම තමයි අපට අඩුපාඩු පෙනෙන්නේ. එය තවත් බලාත්මක කරන්න හිතෙන්නේ සහ මැතිවරණ සංස්කෘතිය බලාත්මක කරන්න මෙය ශක්තිමත් කිරීම වැදගත් කියලා අපිට හිතෙන්නේ ඒ නිසයි.
මැතිවරණයක් හඳුන්වාදුන් පළියට ඒ නීතියෙන්ම සෑම දෙයක්ම සාර්ථක ද නැද්ද කියලා අපිට බලන්න බැහැ. අනෙකුත් කාරණා පරිපූර්ණ විය යුතුයි. මැතිවරණ කොමිෂන් සභාවේ සක්‍රීයත්වය, පුරවැසියාගේ උනන්දුව හා නීති බලාත්මක කිරීමේ ආයතනවල පවත්නා උත්සාහයන් යන හැම දෙයක්ම මෙයට අදාළව බලපානවා. වර්තමාන නීතියෙහි මැතිවරණ කොමිෂන් සභාවට ලොකු බලයක් අත්පත්කරලා දීලා නැහැ. පනතේ ආකාරයට පුරවැසියෝ තමයි ලොකු මැදිහත්වීමක් දරන්න අවශ්‍ය වෙන්නේ.
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා. මෙයට අදාළව මැතිවරණ වියදම් නියාමනයෙන් කුමක්ද සිදුවුණේ කියලා කවුරු හරි අහන්න පුළුවන්. කවුරුත් නඩු දැම්මේ නැහැ වගේ කතා කියන්න පුළුවන්. පනත දෙස විවිධ අය බලන දෘෂ්ටිකෝණය අනුව විවිධ දේ කියනවා වුණත් එය සැබෑ
තත්වය නෙවෙයි.
මේ පනත හඳුන්වාදීලා තියෙන්නේ නඩු දාලා මන්ත්‍රීවරුන් ඉවත්කරලා දේශපාලන පක්ෂවල කකුලෙන් අදින්න නෙවෙයි.
මැතිවරණ සංස්කෘතිය සුපිළිපන්න කිරීම එක පියවරක්. එහි එක කොටසක් තමයි අධිකරණ ක්‍රියාමාර්ග හරහා යම් පියවරක් ගැනීම. නමුත් මෙලෙස නීතියක් තිබෙන නිසාම අපේක්ෂකයන් යම් ප්‍රමාණයට මුදල් වියදම් කිරීම පිළිබඳව සැලකිලිමත් වෙනවා. මේ තුළින් ඉදිරි පියවරක් තබන්න
අපට පුළුවන්.
මෙවර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ මාධ්‍යවල මැතිවරණ වියදම් පිළිබඳව අදාළ කාලසීමාවෙහි පැය 24 පුරා ම අපි නිරීක්ෂණය කළා. 2019, 2020 මැතිවරණවල දී මේ නීතිය නොතිබ්බත් වියදම් පිළිබඳව අපි නිරීක්ෂණය කළා. එයට සාපේක්ෂව මෙවර වියදම් කරන ලද ප්‍රමාණය අඩුයි. සියලු විස්තර ලබාදිය යුතු නිසා අපේක්ෂකයෝ මූලාශ්‍ර හෙළිවන නිසා වියදම් කළේ නැහැ. නඩු 100 ක් දාලා මන්ත්‍රීවරුන් 100 පන්නනවාට වඩා ඒක ප්‍රබලයි. එය අසුබවාදීව බලනවාට වඩා සුබවාදීව බැලීම හොඳයි. ඒවගේම මේ පනතේ වෙනස් විය යුතු තැන් බොහොමයක් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී ඇති බලය වැඩි කළ යුතුයි. වියදම් වාර්තා ලබා නොදුන්නොත් වසර තුනක් යන තුරු දේශපාලන හිමිකම් අහිමි කිරීම වැනි දේ සඳහා නඩුපැවරීමකින් තොරව කොමිෂන් සභාවට කටයුතු කළ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම පනතේ අපහැදිලි තැන් බොහොමයක් තිබෙනවා. ඒවා සංශෝධනය විය යුතුයි. ඒ වගේම තමයි මේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා පරීක්ෂාකර බලා නීතිය ඉදිරියට යාම පුරවැසියන්ට භාරකර තිබෙනවා. ලංකාවේ පුරවැසියන්ට නීතියට ප්‍රවේශවීමේ මිල අධිකයි. ඒනිසා එය පහසු නැහැ. මේ නිසා සිදුවිය යුතු සංශෝධන සිදුවිය යුතුයි. කොහොම නමුත් මෙම නීතිය හදුන්වාදීම ලංකා ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්” යැයි මංජුල ගජනායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මැතිවරණ වියදම් නියාමන පනත ශක්තිමත් කිරීමේදී නීති සංශෝධනයේ දී මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල වැඩි කළ යුතු බව මැතිවරණ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ප්‍රකාශ කරයි.
“වියදම් නියාමන පනත සම්මත කිරීම කාලෝචිත කාර්යයක්. ඇතැම් අපේක්ෂකයෝ පුළුවන් තරම් සල්ලි වියදම් කරලා මැතිවරණ ජයග්‍රහණය කරන්න කටයුතු කරන ක්‍රමවේදයක් අපේ රටේ තිබුණා. ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්විය යුතුයි. වියදම් නියාමන පනත යටතේ මැතිවරණයක දී අපේක්ෂකයෙකුට ලැබෙන සියලු ලැබීම් සහ ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදීම අවශ්‍යයි. මේ වාර්තා ලබාදෙන ආකාරය පිළිබඳව පනතේ නිශ්චිතව ප්‍රතිපාදන දක්වලා නැහැ. මේ නිසා මේ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පනතේ උපලේඛනයකට ඇතුළත් කිරීම සුදුසුයි කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම මේ වාර්තා ලබාදීමේ දී තොරතුරු අඩුවෙන් ලබාදීම හෝ කිසිවෙකුට බොරුවක් කළ නොහැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගත යුතුව තිබෙනවා.
ඒ වගේම වාර්තාවල දැක්වෙන කරුණු සම්බන්ධයෙන් සෘජුව මැතිවරණ කොමිෂන් සභාවට කටයුතු කිරීමේ බලය ලැබෙන ලෙස පනත සංශෝධනය විය යුතුයි. වියදම් වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ දී ද එය සිදුවන්නේ සෘජුව මැතිවරණ කොමිෂන් සභාවෙන් නොව නීතිපති දෙපාර්තමේන්තුව මගින් හෝ අදාළ දිස්ත්‍රික්කවල පොලිසිය මගින් තමයි ඒ ක්‍රියාමාර්ග ගන්නේ. එය තරමක් සංකීර්ණ තත්ත්වයක්. මෙම බලයත් මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙන ලෙස නීති සංශෝධනය වීම වැදගත් ලෙස දකිනවා” යැයි දෙහිඅත්තගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මැතිවරණ වියදම් නියාමන නීතිය පැමිණීමෙන් පසුව පැවැත්වූ පළමු මැතිවරණ ත්‍රිත්වය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අත්දැකීම් විමසා බැලූ අතර, ඔවුන් සඳහන් කරන්නේ ද වියදම් නියාමනය සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ බලය පනත මගින්ම යම් ආයතනයකට පවරා තිබුණේ නම් පනතේ කාර්ය වඩාත් සාර්ථක කරගත හැකි බවය. නීති සංශෝධනයකින් හෝ එය සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමේ දී ඔහු පැවසුයේ අපේක්ෂකයන් ලබාදෙන වියදම් වාර්තා විගණනය කර ලබාදෙන තත්ත්වයක් ඇති කිරීම මෙන්ම අපේක්ෂකයකුගේ වියදම් සහ ලැබීම් සියල්ල එකම ගිණුමකින් සිදුවන්නේ නම් එය පරීක්ෂා කිරීමෙහි දී
පහසුවන බවයි.
“සමානුපාතික නියෝජනය හොඳ මැතිවරණ ක්‍රමයක්. නමුත් තවමත් කොට්ඨාසය පිළිබඳ මානසිකත්වය තවමත් තිබෙන බැවින් මනාප ක්‍රමය ඇති වුණා. ඒ සමග මුදල කියන සාධකය බලපෑවා . මුදල කියන සාධකය ඉවත් කරලා දේශපාලනය කරන්න බැහැ. නමුත් මේ සමානුපාතික ක්‍රමයේදී මුදල කියන සාධකය බලවත් වුණා. මුදල් දෙනවා මුදල් පදනම්කරගෙන තවත් දේවල් දෙනවා. මේ නිසා මුදල් තියෙන කෙනාට දිනන්න පුළුවන් කියන දේ පැහැදිලි වුණා. මේ නිසා ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවට මුදල් වියදම්කරලා ජයග්‍රහණය කරන තත්වයට පත්වුණා. ඒවගේම ඡන්ද විකිණීම, මිලදී ගැනීම දේවල් ඇතිවුණා.
ඒ නිසා මේ පනත ගේන්න සිදුවුණා. නමුත් ඒ වෙද්දි අපි කියපු කාරණා ඒ ආකාරයෙන්ම පනතට ඇතුළත් වුණේ නැහැ. වියදම් නියාමන ක්‍රමවේදයට අනුකූලවන ආකාරයේ පනතක් විය යුතුව තිබුණා.
මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගිකව තිබුණු ගැටලු විසඳාගන්න අනෙකුත් රාජ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන සමග එකතුව අප යම් ආකාරයක වැඩපිළිවෙළක් සකස් කරගත්තා.
ඡන්ද අපේක්ෂකයෙක් ලැබෙන මුදල් සහ වියදම් කරන මුදල් එක ගිණුමකින් යා යුතුය කියන කාරණය අපි සඳහන් කර තිබුණත් පනතට එය ඇතුළත් වුණේ නැහැ. එම කාරණය ඇතුළත් කර තිබුණා නම් විමර්ශනයේ දී එය පහසුවෙනවා. පනත අනුව විමර්ශන වගකීම පැවරිලා තියන්නෙ මහජනතාවට. නීතියක වගකීම ආයතනයකට භාරවිය යුතුව තිබෙනවා. නමුත් කොමිසන් සභාවට නඩු පැවරීමේ හැකියාව තිබෙන්නේ වියදම් වාර්තා භාරනොදෙන අයට පමණයි . මේ වනවිට ජනාධිපතිවරණයේ 13 දෙනෙකුටත් පාර්ලිමේන්තු මැතිවරණයේ 1042 දෙනෙකුටත් නඩු පවරන්න කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ අතර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තිදෙනෙක් පක්ෂ ඇතුළු 13 දෙනෙකු සිටිනවා.
නමුත් මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් භාරදුන්න වාර්තාවල අඩුපාඩු සම්බන්ධයෙන් කොමිෂන් සභාවට කිසිවත් ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒ වෙනුවෙන් විමර්ශනය කළ හැකි ආයතනයක් තිබිය යුතුයි. නමුත් පනතට අනුව මේ වාර්තා භාරදුන් පසුව සිවිල් සමාජය පැමිණ ඒවා නිරීක්ෂණය කර පොලිසියට පැමිණිලි කරන ආකාරයට තමයි නීතිය සකස් වෙලා තියෙන්නේ. නමුත් තුන්වැනි ලෝකයේ රටවල එවැනි දේවල් සිදුවන්නේ අඩුවෙන්” යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම මැතිවරණ වියදම් නියාමන නීතිය හේතුවෙන් යම් පාලනයක් සිදුවු බවද පෙන්වා දෙන සමන් ශ්‍රී රත්නායක මෙසේද ප්‍රකාශ කළේය.
“මේ පනත නිසා යම් ආකාරයක පාලනයක් සිදුවුණා. ඒක හොඳ තත්ත්වයක්. ඒවගේම තමයි අපේක්ෂකයෝ මේ පනතට කැමතියි. මුදල නැතිව දේශපාලනය කරන්න පුළුවන් කියලා අපි පිළිගන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ මුදල් නියාමනය කරන්න. පිළිගත් දේශපාලන පක්ෂයක වුණත් අධ්‍යාපන යාන්ත්‍රණයක් නැති තරම්. මේ නිසා ඔවුන් ජනතාව දැනුවත් කරන්නේ ප්‍රචාරණයෙන්. මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂ කටයුතු කරන නිසා එවැනි යාන්ත්‍රණ නැහැ.
පසු විපරමක් කරන ක්‍රමවේදයක් ඇතුළත් විය යුතුයි. ඒ වගේම අපේක්ෂකයෝ සහ පක්ෂ ලබාදෙන මෙම වාර්තා යම් පිළිගත් විගණන ආයතනයකින් විගණනය කර ලබාදෙන තත්වයක් හෝ තිබුණා නම් එය වැදගත්. මෙම වියදම් වාර්තා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව ආදර්ශ පිරවුම්පත් හඳුන්වා දුන්නා. එහෙම නොවුණා නම් වියදම් සංසන්දනය කරන්නවත් ලැබෙන්නේ නැහැ.
වියදම් වාර්තාව ලබාදිය යුතු ආකාරය නීතියේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. මේ නිසා තනිකොළයේ වියදම් වාර්තා දීලා තියෙනවා. ඒවගේම කළු සල්ලි සුදුකරන්න ඇතැමුන් දේශපාලනය කරනවා. එවැනි ක්‍රියා නවත්තන්න මේ හරහා විසඳුමක් ලැබිලා නැහැ. මේ නිසා අඩුපාඩු පිළිබඳ අවධානය යොමුකර පවත්නා රජය අදාළ සංශෝධන කළ යුතුයි. මැතිවරණ වියදම් නියාමනය මෙන්ම මැතිවරණ නීති සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කිහිපයකදීම මැතිවරණ කොමිෂන් සභාව විසින් විස්තර වාර්තා ලබාදී තිබෙනවා. මැතිවරණ කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන්න කියලා එවැනි කමිටුවට කොමිෂන් සභාව යෝජනා කරලා තියෙනවා. එහෙම වුණොත් මෙම කටයුතු බොහොමයක් පහසු වෙයි. නීතිය ශක්තිමත් වෙයි” යනුවෙන් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
මේ අනුව මැතිවරණ වියදම් නියාමන නීතිය තවදුරටත් ප්‍රායෝගිකව භාවිතයට ගැනීමට මෙන්ම එහි අරමුණු සාර්ථක කරගැනීමට නම් අවම වශයෙන් අපේක්ෂකයන් වියදම් සහ ලැබීම් සඳහා එකම ගිණුමක් භාවිත කිරීම, වියදම් වාර්තා ලබාදුන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම යම් ආයතනයකට පැවරීම යන කරුණු දෙකවත් ඉටුකිරීම වැදගත් බව පැහැදිලි වේ. මෙම කරුණු ඇතුළු අදාළ සංශෝධන බලධාරීන් විසින් මීළඟ ජාතික මැතිවරණයට පෙර ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන අතර මැතිවරණ නීති ශක්තිමත් කරගැනීමට මහජනතාව මෙන්ම සිවිල් සමාජ සංවිධාන ද තවදුරටත් සක්‍රියව කටයුතු කළ යුතුව ඇත.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැතිවරණ වියදම් නියාමනය ශක්තිමත් විමට නම්..