(රන්න චන්ද්‍රසේන ගමගේ)
හැත්තෑ වසරක දේශපාලන ඉතිහාසය තුළ මේ රට විවිධ දේශපාලන පක්ෂ විසින් පාලනය කළා.නමුත් අපේ රට පාලනය කළ කිසිම නායකයෙකුට රටට හිතකර දේශපාලන පරිසරයක් මේ රට තුළ නිර්මාණය කිරීමට නොහැකි වීම පිලිබදව මා තුළ තිබෙන්නේ මහත් කළකිරීමක් බව කෘෂිකර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා අද (22) සවස බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන හමුවකදී පැවසීය.
එහිදී අමාත්‍යවරයා ‘‘අද මේ රටට අවශ්‍ය තමන් ගැන නොහිතන රට ගැන හිතන උගත් පරපුරක්. මේ රටේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන එහෙම මිනිසුන්ගෙන්. අද මේ රටට සිදු වෙලා තියෙන්නේ කුමක්ද ? මේ රටේ කාන්තාවන් විදේශගත වෙලා බැල මෙහෙවර කම් කරල එවන ඩොලර් ටිකෙන් යැපෙන ජාතියක් බවට අද මේ රට පත් කරල තියෙනවා. මේ රටේ මොනවද වගා කරන්න බැරි ? නමුත් මේ රටට මොනවද නොගෙනෙන්නෙ? සියළු දේම ගෙන්වනවා. කුඹුරු ටික කපා පෑගෙන කොට පිටරටින් හාල් ගේනවා. ලූණු ටික ගලවන කොට පිටරටින් ලූණු ටික ගේනවා. ඉතින් මේ රටේ ගොවියා රැකෙයිද?මින් පසු අස්වැන්න නෙළන කාල සීමාවේදී එහ ආහාර ද්‍රව්‍ය මේ රටට ගෙන එන්නට නොහැකි ලෙස ඒවාට අධික බදු ගහනවා. එහෙම නොකර මේ රටේ ගොවියා රකින්න බැරි බව මම මෙහිදී සදහන් කරන්න කැමතියි.‘‘ ලෙසින් සඳහන් කළේය.
මුල්ගිරිගල ආසනයේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස වශයෙන් පත් කරන ලද නීතිඥ උපාලි මෙහොට්ටි මහතා පිළිගැනීම සදහා බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ පැවති උත්සවයේදී ඇමති වරයා එසේ අදහස් දැක් වීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේ කිසිම නායකයෙක් රටට හිතකර දේශපාලනයක් ගෙනාවේ නැහැ - ඇමති අමරවීර
Raveendra Saturday, 22 September 2018 04:36 PM
මේ උන්දා අද ඉපදුනා වගේනේ කතාව අම්මපා....? දැන් ඔය කියන නායකයන් පස්සේ ගොට්ට අල්ලාගෙන ගියේම නැද්ද ??? අහසින් පාත් උනාද ?? අපේ රටේ දේශපාලකයා යනු බොරු මවන්නන් යන්න මෙයද කදිම උදාහරණයකි.
Bamunuarachchi Sunday, 23 September 2018 12:27 AM
"මේ කිසිම නායකයෙක් රටට හිතකර දේශපාලනයක් ගෙනාවේ නැහැ - ඇමති අමරවීර" එහනම් මොන බම්බුවකටද එවැනි නායකයින් සිටි හා සිටින නායකයින් යටතේ දේශපාලනයට සම්බන්ධ උනේ. බයිලා තමයි
Senarath Sunday, 23 September 2018 04:32 AM
ඔබතුමාගේ කියමන වඩාත්ම අදාළ වෙන්නේ මේ රජයට. මේ රජය තමා රට අස්ථාවර කලේ සෑම අංශයකින්ම. අද ආර්ථික වශයෙන්, කාර්මිකවශයෙන්, අනෙකුත් නිෂ්පාදන වලින්, රට පස්සට ගිහින්. කොටින්ම කියනවනම් අපේ රටේ ඉතිහාසේ පළමු වරට පොල් පිටරටින් ගෙනාවා. ඒ විතරක්ද අද කිසිම දේක ස්ථාවර බවක් නැහැ. රුපියල දවස ගානේ පහළට යනවා, හැමතැන වැඩ වර්ජන, පාතාලයට ඕනේ විදියට මිනිස්සු මරනවා. රටේ රජයක්තියෙනවද කියල හිතන්නවත් බැහැ. මෙහෙම කියලාද 2015 දි රට බාරගත්තේ.....