IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“මා ජනපති වූ පසු රජවෙන්නේ පොඩි මිනිසා ඇතුළු සමස්ත ජනතාවයි“

(අංජුල මහික වීරරත්න, මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි, වතුපිටිවල - එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන, මොරොන්තොට - එන්. ආරච්චි සහ රුවන්වැල්ල - විමලරත්න සමරකෝන්)

“ජනාධිපති ධුරයට පත්වූ පසු රජවන්නේ මෙරට පොඩි මිනිහා ඇතුළු සමස්ත ජනතාව බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දැරණියගල - නිට්ටඹුව - රුවන්වැල්ල - මීරිගම සහ දඹදෙණිය ජන රැලි අමතමින් පැවැසීය.

“තමා පාලනය කරන්න හෝ හසුරුවන්න හෝ කිසිවකුටත් හැකියාවක් නැති බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පොදුජන ජනපති වන තමන් පාලනය කරන්න හැකි එකම බලවේගය වන්නේ මහ පොළොවේ ජීවත් වන පොඩි මිනිහා පමණකැයි” ද අවධාරණය කළේය.
 
ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ජන රැලි පැවැත්විණි.

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැරණියගල ජන රැලියෙන් මෙදින ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.
“ත්‍රස්තවාදය විනාශ කළා සේම කුඩු දේශපාලනයත් රටින් තුරන් කරනවා යැයි” ද ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.

ජනාධිපතිවරණ ජන රැලි මාලාවේ දැරණියගල - රුවන්වැල්ල ඇතුළු ජනහමුවලට සහභාගි වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

“මහ පොළොවේ පය ගසා ජීවත් වන ජනතාවට නොවැම්බර් 17 දාට රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා ජනාධිපති කරනවා කියන විශ්වාසය තිබෙනවා. ජනාධිපතිවරණය ගැන කතා කරද්දි මා අපේ කණ්ඩායමත් සමග ඉදිරිපත් කරන්නේ අලුත් ගමනක්, අලුත් වැඩපිළිවෙළක්. නවීනත්වය නූතනත්වයට ගැළපෙන ප්‍රගතිශීලී ගමනක්.

මෙය ඩිජිටල් තාක්ෂණය දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්. දැනුම මත පදනම් වූ ආර්ථික සංවර්ධනයක්. මගේ ඉලක්කය මාතෘ භූමියට නවීන ක්‍රමෝපායන් හරහා අලුත් සංවර්ධන රටාවක්, ජනතාවගේ දුක නිවන යුගයක්, ජනතාවට සංවර්ධිත යුගයක් ජනතාව වෙනුවෙන් ඇති කිරීමයි.

රටේ අති මහත් බහුතරයකට පවුල් පාලන බලය නැහැ. ධන බලය නැහැ. රටේ බහුතර ජනතාව ජන බලය අතේ තියාගෙන ඉන්නවා. ඒ, හරි වෙලාවට හරි දේ කරන්නයි.

දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන රූකඩයක් නොවෙයි මා. එක් එක්කෙනා පාලනය කරන එක් එක් කෙනාට යටත් වුණු වහල් ජනාධිපතිවරණ අපේක්ෂකයකු නොවෙයි. රටේ ජනාධිපති ලෙස ජනතාව මා දිනවනකොට මාව හසුරුවන්න කවුරුවත් නැහැ. මාව පාලනය කරන්න කවුරුත් නැහැ. මාව හසුරුවන්නේ මාව පාලනය කරන්නේ මහ පොළොවට පය ගසා ජීවත් වන පුංචි මිනිසුන් වන ජනතාවයි.

අපේ ප්‍රතිවාදී කණ්ඩායම් කොහොමද හැසිරෙන්නේ කියා දැන් හැමෝටම දැකගන්න පුළුවන්. හැම දෙයක්ම දැන් පටන්ම පාලනය කරනවා. මාධ්‍යවේදීන් ළඟට ඇවිත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් තහනම්. මොකද කට වරද්ද ගනීවි කියා බයයි.

අප සර්ව සම්පූර්ණ පුද්ගලයන් නොවෙයි. මමත් අංග සම්පූර්ණ පුද්ගලයෙකු නොවෙයි. මගෙනුත් යම් යම් අවස්ථාවලදී අඩු පාඩුකම් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. හැබැයි වැරදිලාවත් අඩුපාඩුකම් සිද්ධ වුණොත් ජනතාව ළඟට ඇවිත් සමාව ඉල්ලන්න මට පිට කොන්ද, කශේරුකාව තිබෙනවා. මට ඒ හැකියාව තිබෙනවා.
 
මගේ ළඟ මහන්තත්ත්වය නැහැ. මා ළඟ ආඩම්බරකාරකම නැහැ. නමුත් මගේ ළඟ එක දෙයක් තිබෙනවා. පොදු ජනතාවගේ හද ගැස්ම. මගේ පපුවේත් තිබෙනවා. රටේ හැම කෙනෙකුම බලාපොරොත්තු වන්නේ සුබවාදී අනාගතය රටේ දරු පරපුරට දෙන්නයි. මතු පරපුර වෙනුවෙන් ශක්ති සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනගන්නයි. අපේ රටේ හැම මව්පියකුගේම බලාපොරොත්තුව එයයි.

එවැනි රට ගොඩනගන්න නම් විනයගරුක ජන සමාජයක් බිහි කරන්න ඕනෑ. යුක්තිගරුක, නීතිගරුක ජන සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. රට පාලනය කරන පවුලේ පරපුරේ ළමයින්ට එක නීතියකුත් ගමේ බණ්ඩයියාගේ දූ දරුවන්ට තව නීතියකුත් යනාදී ලෙස දෙවිදියක නීතිය ක්‍රියාත්මක වෙන්න බැහැ. එදා එවන් යුගයක් තිබුණා. නැවතත් එවන් නීතියක් ඕනෑද රජ පවුල්වල දරුවන් රජ කරන යුගය නැවත ඕනැද? එසේ නම් සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කරනකොට රජ වෙන්නේ වෙන කව්රුවත් නොව රටේ සමස්ත ජනතාවයි.

දැරණියගලට එද්දිම මට හිතට ලොකු ආඩම්බරය දැනුනා. නගරයට ඇතුළු වෙද්දි මගේ තාත්තා හදපු පවුල් 3000 ක් ජීවත් වන ඇඟළුම් කර්මාන්තශාලාව පසු කරද්දි ලොකු සතුටක් හිතට දැනුණා.

තාත්තා කර්මාන්තශාලා ආරම්භ කළා සේම පුතා කර්මාන්ත පුර ආරම්භ කරනවා. ජනාධිපතිවරණයෙන් මාව ශක්තිමත් කරනකොට තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම වෙනම කර්මාන්ත පුරවර වැඩසටහනක් ආරම්භ කරනවා. දැරණියගලටත් දෙහිඕවිටටත් කර්මාන්තපුර දෙද්දි මුළු රටේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න කර්මාන්ත පුර රට පුරාම ඉදි කරනවා.

රට ඉදිරියට යන්න නම් අලුත් තාක්ෂණය, නව දැනුම පදනම් වූ ආර්ථිකයක් වෙනුවෙන් රට පරිවර්තනය කරන්න ඕනෑ. නව තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබාදෙන්න ඕනෑ. අගනුවර හෝ තදාසන්න හෝ නගරයක සිටින තරුණ පරපුර පමණක් නොව රටේ සමස්ත තරුණ පරපුරටම එය දිය යුතුය කියන ශක්තිමත් මතයේ මා ඉන්නවා.

මගේ ජනාධිපතිවරණය ආරම්භ කළේ ඓතිහාසික ජන රැලිය ගාලු මුවදොර පිටියෙන් පවත්වලයි. ඉන්පසුව ආසන මට්ටමේ රැස්වීම් මාලාව වැල්ලවායෙන් ආරම්භ කළා. මා එහිදී කළ කතාවේ අත්‍යවශ්‍යම කොටස් රටටම ඉදිරිපත් කරන සමහර මාධ්‍ය හෙමිහිට කපා හැරියා.

කතාව මාධ්‍යයෙන් කපා හැරියාට මා යන යන තැන්වලදී. ඒ කතාව කියනවා. මා සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරනවා වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනසවියත් යළි දෙනවා. මා කියන දේ කපා හරින්නේ ඒ ඇත්තන් සහාය දෙන අපේක්ෂකයන් කඩාගෙන වැටේවි කියලයි. ප්‍රතිවාදී අපේක්ෂකයන් ජනසවි මුද්දරයවත් සමෘද්ධි මුද්දරයවත් දැක නැහැ.

දැන් එයාලට මෙන්න බොලේ ජන සවි මුද්දරය මෙන්න බොලේ සමෘද්ධි මුද්දරය කියා උගන්වනවා. මට ඒවා උගන්නන්න අවශ්‍ය නැහැ. මොකද මා මහ පොළොවේ පය ගහපු ජනතාවගේ හද ගැස්ම හඳුනන අපේක්ෂකයායි. ඒ නිසා පොදුජන හද ගැස්ම ගැන මට කාගෙන්වත් ටියුෂන් ගන්න අවශ්‍ය නැහැ. මා ජනාධිපති වුණාට පසු සමෘද්ධියත් දෙනවා ජන සවියත් දෙනවා.

බලංගොඩ රැස්වීමේ කියපු වැදගත් දේත් ඇතැම් මාධ්‍ය පෙන්නුවේ නැහැ. ඇයි. ඒ බය නිසයි. මා කියන දේ ජනතාව පිළිගන්නවා.

පොරොන්දු දෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා ඇතැම් මාධ්‍ය ඒවා කපා හරිනවා. මාධ්‍යයෙන් කපන නිසා මුහුණුපොතේ මගේ කතාව සජීවීව දෙනවා.

මගේ තාත්තා දෙපැත්ත පත්තු වන විලක්කුවක් වැනි රට බාර ගත්ත ද පාසල් දරුවන්ට නිල ඇඳුම් දුන්නා. දිවා ආහාරය දුන්නා. අපේ ප්‍රතිවාදීන් පාසල් දරුවන්ගේ දිවා ආහාරය කැපුවා. දිවා ආහාරය කපපු අය අද දරුවෝ වඩාගෙන දරු සුරතල් පෙන්නමින් ඡන්ද ගන්න හදනවා. හැබැයි ජනතාව දිවා ආහාරය කපා දරු සුරතල් පෙන්නන අය ප්‍රතික්ෂේප කරනවා.

සැබෑ දරු කැක්කුම තිබෙන සජිත් ප්‍රේමදාස දුවා දරුවන්ට දිවා ආහාරය දෙනවා. මගේ කතා ඇතැම් මාධ්‍ය කපන්නේ මා උඩට ඉස්සෙයි කියා බයටයි. ඒ අයට මා කියනවා ජනතාව මාව උඩට උස්සලා හමාරයි. රටට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවෙකුට දවසකට ලැබෙන්නේ රුපියල් 700ක සොච්චම පමණයි. ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ජීවත් වෙන්න රුපියල් 50,000 ත් 55,000 ත් අවශ්‍යයි කියනවා. ඒ නිසා සොච්චම් මුදලක් ලැබෙන වතු කම්කරුවාගේ වැටුප වැඩි කරනවා කියා මා පොරොන්දු වෙනවා.

රටම වෙලාගෙන තිබෙන කුඩු ජාවාරමට මා ඉඩ තබන්නේ නැහැ. මාතෘ භූමියේ කඩු කුඩුකාරයන්ට තැනක් නැහැ. දේශපාලන ක්‍ෂේත්‍රයටත් කුඩුකාරයෝ ඇවිල්ලා. ඔවුන් බලවතුන් ධනවතුන් වෙලා. මා හොඳම පුද්ගලයා ආරක්ෂක ඇමැතිකමට පත්කර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය තුරන් කර කුඩුකාරයාවත් මෙරටින් අතුගා දමනවා. ඔවුන් රටේ මහා භාණ්ඩාගාරයේ අයිතිකරයෝ ද වෙනවා.

රජ පවුල් සමග ගජ මිතුරු සබඳතා මට නැහැ. මා පාට පක්ෂ භේදයෙන් තොරව කුල මල භේදයෙන් තොරව එකතු වෙන්නේ රටේ තැළෙන පොඩිවෙන වැඩ කරන ජනතාව සමගයි. ප්‍රේමදාසගේ පුතාට හයිය දී අලුත් යුගයක් අලුත් ගමනක් ආරම්භ කරමු. රට ලෝකයේ අංක එකේ රට බවට පත් කරනවාමයි” යයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා
2015ට පෙර පැවැති කාලය මතක් වනවිට ඇඟ කිලිපොළා යනවා. කකුල් වෙව්ලනවා. අද නිදහසේ ඉන්න අදහස් ප්‍රකාශ කරන්න කැමති දේශපාලනය කරන්න රැකියාව කරන්න නිදහස ලැබිලා.

දේශපාලකයින්ට වඳින්නේ නැතිව බියක් සැකක් නැතිව ජීවත්වන්න රට හදා තිබෙනවා. නමුත් එදා මට නඩු පිට නඩු දැම්මා. මාව හිරේ අරින්න එල්ලුම් ගස් යවන්න කටයුතු කළා.

රාජපක්‍ෂ කාලයේ පාන් ගෙඩිය රුපියල් හැට වුණා. පොල් ගෙනාවේ ඉන්දියාවෙනුයි. කුකුල් මස් ගෙනාවේ පිටරටිනුයි, කන්න නැතිව තාත්තෙකුයි දුවෙකුයි වස බීලා මැරුණා. කරවිලයි බතුයි කාපු අය හිටියා. නමුත් රාජපක්‍ෂල කාපු හැටි ජනතාව දන්නවා. ජනතාවට දුක් දීලත් ඔවුන් කීවේ රට ආසියාවේ ආශ්චර්ය කියලයි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රුවන්වැල්ල එ.ජා.ප. සංවිධායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය:-
“2015 ජනාධිපති මැතිවරණයේදී අපට රැස්වීමක් තියන්නවත් තැනක් දුන්නේ නැහැ. අද එවැනි තත්ත්වය නැහැ. යහ පාලන රජය පිහිට වූ කොමිෂන් සභා නිසා කාටත් නිදහස ලැබිලා.

2018 ඔක්තෝබර් මාසයෙන් පසු අපේ රජයට සංවර්ධන වැඩ වේගවත් කරන්න අවස්ථාව ලැබුණා. එතෙක් අප සංවර්ධන කටයුතු කළ ද සමහරුන් කකුලෙන් ඇද්දා. දැන් මේ වනවිට විශාල වැඩ කොටස කරලා. සජිත් ජනාධිපති කර ඒ කටයුතු ඉදිරියට ගෙනයාමට සැම දෙනාගේම සහාය අවශ්‍යයි”.

එක්සත් ජාතික පක්ෂ යටියන්තොට ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර තුසිතා විජේමාන්න, බී. රාධා ක්‍රිෂ්ණන්, දැරණියගල එ.ජා.ප. සංවිධායක රංජිත් පොල්ගම්පල, අරණායක සංවිධායක නීතිඥ ලලිත් දිසානායක යන මහත්ම මහත්මීහු ද ජන රැලි ඇමතූහ.

 



අදහස් (2)

“මා ජනපති වූ පසු රජවෙන්නේ පොඩි මිනිසා ඇතුළු සමස්ත ජනතාවයි“

ආන්ජලෝ නුගාරා Thursday, 17 October 2019 05:16 AM

රටේ පුරවැසියන් දුක් මහන්සි වී රස්සාවල් කළයුතු නෑ.සජිත් සියලු දෙනාගේ ලගට ඇවිත් සියලු ප්‍රශ්න විසදනවා.ශ්‍රි ලංකාවේ පාසැල් සහ විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාව ඉගැන්වීම නතර කළ යුතුයි.ඒ වෙනුවට සජිත්ගේ නිකමා විද්‍යාව අන්තර්ගත කළ යුතුයි.

:       10       1

sam Friday, 18 October 2019 04:55 AM

"ත්‍රස්තවාදය විනාශ කළා සේම" - ඔය ශ්‍රී මුඛයෙන් කිව්වානම් කාගේ පාලන කාලයේද ඒක කරේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site