IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මේ රට හදන්නේ මා නොව අපියි

(මුදිතා දයානන්ද)
(ඡායාරූප - ඉෂාන් සංජීව)

“මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. අපේ පාලනයක් යටතේ මේ රට හදන්නේ මා නොව අපියි. මානව සමාජය මෙතෙක් අත්පත් කරගත් සංවර්ධනය සේම රටක් ලෙස හෙට දවසේ අපි අත්පත් කරගන්නා ජයග්‍රහණයන් සියල්ලත් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵල මිස මාගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවේ“ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි පැවති ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්විමේ අවස්ථාවට එක්වෙමිනි.

තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

“මැතිවරණ ප්‍රකාශන හුදු ලියවිල්ලක් වීම වළක්වා එය ජනතාවත් සමග බද්ධ වූ නිතීමය ලියවිල්ලක් බවට පත්කෙරෙන නීති අපි සම්පාදනය කරනවා. එවිට පොරොන්දු කඩකරන්නන්ට එරෙහිව අධිකරණයට යාමට ජනතාවට අවස්ථාව උදාවෙනවා.

අපි අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න මූලික කරගෙන ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල ප්‍රතිපත්තින් 8ක් පසුගිය දිනවල ඉදිරිපත් කළා. දැන් අපෙන් අහනවා මේවා ක්‍රියාත්මක කරන්න ඔබලාට කෝ බලවේගයක් කියලා. මම සහතික වශයෙන්ම කියනවා මෙතෙක් මේ රට පාලනය කළ සියලු දෙනාටම වඩා හොඳින් මේ රට හදන්න පුලුවන් බලවේගයක් අප සමග සිටිනවා. මෙතෙක් මේ රටේ මුදල් ඇමතිවරු බවට පත්වු සියලු දෙනාටම වඩා අධ්‍යාපනික දැනුමෙන් ප්‍රායෝගික දැනුමෙන් නවීන දැනුමෙන් පෝෂිත වූ විද්වතුන් අපි සමග ඉන්නවා.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවා වගේම මේක ක්‍රියාවට නැංවීමේදීත් ඒ සියල්ල අපි සිදුකරන්නේ හුදු තනි පුද්ගලයෙකුගේ කාර්යයක් ලෙස නොවේ. මේ හැම දෙයක්ම සාමූහික ප්‍රයත්නයක්. ඒ සාමූහික ප්‍රයත්නයන් මාගේ දක්ෂතාවයන් ලෙස දක්වන්න මා සූදානම් නැහැ. මිනිස් සමාජය දඩයම් යුගයේ සිට අද දක්වා ඉදිරියට ආවේ සාමූහික ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵල ලෙසයි. එදා සතෙක් දඩයම් කරගත්තෙන් සාමූහිකවයි. දරුවන් බලාගත්තේ සාමූහිකවයි. අදත් අපි ආර්ථීකමය සාධකවලින් නිෂ්පාදන ක්‍රියාවලියෙන් එකිනෙකාට බැඳිලා.

ජාතින් වශයෙන් ගම නගරය වශයෙන් වගේම රට රටවල් ලෙසත් අපි එකිනෙකා එකට බැඳිලා. ඒ නිසා අපි කාටවත් හුදෙකලා මිනිසුන් ලෙස කිසිවක් සාර්ථක කරගන්න බැහැ. අපේ මේ වැඩපිළිවෙල එවැනි සාමූහික ප්‍රයත්නයක් තුළින් මේ රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට සමත් වැඩපිළිවෙලක්..“ යැයි වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (15)

මේ රට හදන්නේ මා නොව අපියි

Fernando Saturday, 26 October 2019 09:40 AM

මැතිවරණ ඉතිහාසයේ පළමු වරට තමා මේ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා අපි දකින්නේ... මේ වැඩපිළිවෙලට අපේ සහයෝගය නොදෙන්න කිසිම හේතුවක් තියෙනවද මිත්‍රවරුනි..

:       0       318

විද්වත් වෘත්තිකයෝ Saturday, 26 October 2019 09:41 AM

මා දන්නා තරමින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර ඇත්තේ විශ්විද්‍යාල මහාචාර්යවරු 200 දෙනෙකුට අධික පිරිසක් ඇතුළු ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ රට ගොඩනගන වැඩ පිළිවෙලක් මූලික කරගනිමින්... මෙවැනි යථාර්ථවාදී වැඩපිළිවෙලක් මේ වනතෙක් කිසිම පාර්ශවයක් විසින් ඉදිරිපත් කර නැහැ.

:       0       176

දේශප්‍රිය Saturday, 26 October 2019 09:44 AM

ඔබේ නිහතමානී කමට මගේ ආචාරය. 2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසේන - රනිල් යුගලය පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමට නම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි.

:       52       166

Dr. Vajira Fernando Saturday, 26 October 2019 09:46 AM

ලංකා මැතිවරණ ඉතිහාසයේ කිසිම අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් මෙවර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත්කර ඇති ආකාරයේ සවිස්තරාත්මක යතාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. කණගාටුවට කරුණ නම් කිසිම මාධ්‍යයක් විසින් ඒ විශිෂ්ඨ කාර්ය ජනතාව අතරට ගෙනයාමට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදීමයි.

:       0       141

ජානක Saturday, 26 October 2019 09:47 AM

තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර. ගෝඨා, සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉන්නවා. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ. තුන් දෙනාගෙන් වඩාත්ම උගත්, දූෂණ, වංචා, චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා බුද්ධිමත්ව තෝරාගනිමු.

:       0       131

විකල්ප Saturday, 26 October 2019 09:53 AM

හොර කල්ලි දෙකෙන් මේ වතාවේ ඉදිරිපත් කරලා තියෙන කවටයෝ දෙන්නා ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ පරාදයි. අනුර දිසානායකගේ උගත්කම, දේශපාලන දැක්ම, අදුෂිත චරිතය, කැපවීම, අත්දැකීම් සමග සම කල හැකි වෙනත් අපේක්ෂකයෙක් නැහැ.

:       0       175

මාවිල්මඩ වජිර හිමි Saturday, 26 October 2019 09:54 AM

මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එවැනි හැකියාවක් පෙන්වන විකල්ප වැඩපිළිවෙලක් ඇති එකම බලවේගය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි.

:       0       224

Sanath Kandy Saturday, 26 October 2019 09:57 AM

පවතින මජර දේශපාලනය වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සංවිධානාත්මක දැනුවත් ජනතා බලවේගයක් අවශ්‍ය වේ.

:       0       147

චින්තන Saturday, 26 October 2019 10:01 AM

අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂම මන්ත්‍රීවරයා අපේ රටේ කාර්යක්ෂම ජනාධිපතිවරයා වනු දැකීම අපගේ අපේක්ෂාවයි. ජනතා අපේක්ෂාවන්ගේ අපේක්ෂකයා දිනවමු.

:       0       148

fasmy Saturday, 26 October 2019 10:44 AM

සැබෑ දක්ෂයන් කවදත් තනියෙන් නැගිටින්නේ නැත...

:       0       125

samanmalie j Saturday, 26 October 2019 08:38 PM

මෙම උත්සාහයට පොදුජන සහයෝගය ලබා දුනහොත් රටේ ඉදිරිගමන වැළැක්විය නොහැකිය අනාගත පරම්පරාවට උරුමකරදිය යුත්තේ එවන් රටකි . ඒ සදහා පෙළගැසිය යුතුය .

:       0       238

Rata Perata Sunday, 27 October 2019 07:43 AM

කාලෙකට පස්සේ මෙන්න නියම මනුස්සයෙක්...

:       37       121

Dulin Monday, 28 October 2019 11:27 AM

ගෝඨාද? සජිත්ද? කියලා කල්පනා කරකර හිටියේ...

:       1       2

sunil Monday, 28 October 2019 11:40 AM

වර්තමාන තත්වය අනුව, රටේ නායකත්වයට අවශ්‍ය වන්නේ රටේ සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරන කෙනෙක්... මා සිතන්නේ ඒ සජිත් ප්‍රේමදාස කියයි...

:       47       1

විජිත් Tuesday, 29 October 2019 11:24 AM

සුනිල් මල්ලි, ඔබ කියන්නේ අනුර කුමාර මහත්මයා කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නොවෙයි කියලාද...? එක අතකින් ඇත්ත.. ඒ කියන්නේ මෙතෙක් කල් රට කරපු දූෂිත අමන නරි රැල "සාමාන්‍ය" නම් ඔහු "අසාමාන්‍ය" කෙනෙක්. එවැනි අසාමාන්‍ය කෙනෙකුට පමණයි මේ දැන් ඉන්න "සාමාන්‍ය" නරි රැල විසින් විනාශ කරපු අපේ රට ගොඩනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු හොර තක්කඩි අමනයින්ගේ සුරංගනා කතා අහන්න හරි කැමතියි. ඒවා බොරුබව ඔවුන් නොදන්නවාමත් නොවෙයි. නමුත් ටකරමකට, බත් මුලකට, රෙදි කෑල්ලකට, අරක්කු වීදුරුවකට ඔවුන්ගේ වටිනා ඡන්දය හුවමාරු කර ගැනීමට තරම් ඔවුන් බුද්ධි හීනවීම රටේත්, ශ්‍රී ලාංකික ජාතියේත් අවාසනාවයි. අපි බලන් ඉමු මේ සැරේවත් මිනිසුන්ට බුද්ධිය පහළවෙලාද කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 761 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6170 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site