IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


යුද්දෙ කාලෙත් සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු කළේ කී‍්‍රඩාවයි

(අංජුල මහික වීරරත්න, නාමල් පතිරගේ සහ ක‍්‍රිෂාන් ජීවක ජයරුක් මාතර සිට)

”ජාතීන් ලෙස බෙදී යුද්ධ කළ අඳුරු යුගයේදීත් ජාති -ආගම් බේද මොහොතකට පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස සැවොම එකතු කළේ ක‍්‍රීඩාව” යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාතර දී පැවැසීය.

අනාගත ශ්‍රී ලංකාවේ ජාතීන් ආගම් ලෙස බෙදෙන්න අවශ්‍යතාවක් නැති බව කී අග‍්‍රාමාත්‍යවරයා, ක‍්‍රීඩාව සමඟ ශ්‍රී ලාංකික අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් කරන බව ද අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ 43 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

මාතර - කොටවිල ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති අභිමානවත් උත්සවයකින් ජාතික ක‍්‍රීඩා උළෙල ඇරැඹිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

”1967 වසරේදී මා පාසලේ උසස් පෙළ විභාගයට සූදානම් වන අවස්ථාවේ ඩඞ්ලි සේනානායක අගමැති තුමා එතුමාගේ ඇමති මණ්ඩලය සමග යළිත් දිවුරුම් දී අලූත් අමාත්‍යාංශය ස්ථාපිත කළා. ඒ අමාත්‍යාංශය නම් ජනසතු සේවා සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයයි.

එවකට උතුරු කොළඹ මන්ත‍්‍රී වී.ඒ සුගතදාස මහතා ඒ අමාත්‍යාංශයට පත් කළා. වී.ඒ. සුගතදාස මහතා දේශපාලනයට දක්‍ෂයි. කිසි විටෙක පරාජය වුණේ නැහැ. පාපන්දු ක‍්‍රීඩාවටත් දක්‍ෂයි. කිසි විටක පැරදුනේ නැහැ.

1960 සිට 65 දක්වා කොළඹ නගරාධිපති ලෙස කොළඹ නගරයේ ක‍්‍රීඩාව දියුණු කිරීමටත් එතුමා කටයුතු කළා. සුගතදාස මහතා ක‍්‍රීඩා අමාත්‍යාංශය බාරගෙන කුඩා ක‍්‍රීඩා දෙපාර්තමේන්තුව ආරම්භ කළා. එදා හිටියේ නිලධාරින් අතළොස්සක් පමණයි. අද දියුණු වී ඇත්තේ එලෙස පටන් ගත් ක‍්‍රීඩා අමාත්‍යාංශයයි. එදා කිසිම පහසුකමක් මේ අමාත්‍යාංශයට තිබුණේ නැහැ. ඒ නිසා සුගතදාස මහතා කොටහේන ප‍්‍රදේශයේ ක‍්‍රීඩාංගණයක් සහ ගෘහස්ථ ක‍්‍රීඩාංගණය ආරම්භ කළා. සුගතදාස ක‍්‍රීඩාංගණය සහ ගෘහස්ථ ක‍්‍රීඩාංගණය ලෙස අද හඳුන්වන්නේ එයයි.

ජාතික ක‍්‍රීඩා උත්සවය ආරම්භ කළේ කේ.බී. රත්නායක මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වූ පසුවයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාත්, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත්, පාසල් අවධියේ සිට ක‍්‍රීඩා කළ අයයි. ඔවුන්ගේ යුගවලදීත් ක‍්‍රීඩා සඳහා මුදල් වෙන් කර යටිතල පහසුකම් දියුණු කළා.

පේ‍්‍රමදාස ජනපති පාපන්දු ක‍්‍රීඩාවේ සිටි නිසා පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති කණ්ඩායම යනුවෙන් එතුමා පාපන්දු තරග සංවිධාන කළා. සමහරුන් ඊට සහභාගී වුණා. ඒ නම් පැත්තක බලාගෙන ඉඳිමින් පාර්ලිමේන්තු කණ්ඩායමට අත්පුඩි ගැසුවා. මේ ආකාරයට නොයෙක් අංශවලින් ක‍්‍රීඩාව දියුණු කිරීමට කටයුතු සිදු වී තිබෙනවා.

අද දයාසිරි ජයසේකර ඇමතිතුමා ක‍්‍රීඩාව ඊළඟ මට්ටමට ගෙනයාම සඳහා කටයුතු කරනවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනපති පවසා ඇත්තේත් මේ සඳහා අවශ්‍ය මුදල් දෙන ලෙසයි. අප ක‍්‍රීඩාව දියුණු කළ යුතුයි. ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩා, කලාපීය මට්ටමේ ක‍්‍රීඩා දියුණු කරන අතර ග‍්‍රාමීය ක්ෂේත‍්‍රයේ ක‍්‍රීඩාව දියුණු කිරීමටත් වැඩ කරනවා.

පළාත් සභාවලින් විශේෂයෙන්ම ඒ සඳහා උපකාර කරන්නේ ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහායි.

ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා පුළුල් වැඩසටහනක් තිබෙනවා. ක‍්‍රීඩාවට දක්ෂ අය එක් කිරීම, ඒ අයට අවශ්‍ය සහයෝගය දීම, මුදල් ආධාර දීම විශාල වගකීමක් වෙනවා. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඒ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් සිටිනවා.

හැම පළාතකටම දිස්ත‍්‍රික්කයකටම ක‍්‍රීඩා පහසුකම් දීම සඳහා එතුමා ගන්නා පියවර සම්බන්ධයෙන් ප‍්‍රසංශාව පළ කළ යුතුයි. අපේ බලාපොරොත්තුව වන්නේ ඉදිරියේදී මීටත් වඩා ක‍්‍රීඩා දියුණුව ඇති කිරීමයි.

හැම දෙනාම ක‍්‍රීඩාවට කැමතියි. ක‍්‍රීඩා නරඹන්න කැමතියි. එමෙන්ම ක‍්‍රීඩාවට සහභාගි වීමට කැමතියි. සහභාගි වී ඡායාරූප ගන්නන් කැමතියි. ඒ නිසා ක‍්‍රීඩා කණ්ඩායම්වලට ඉදිරියට යාම සඳහා වන මාර්ග අප විසින් නිර්මාණය කළ යුතුයි

තවමත් බලාපොරොත්තු වන මට්ටමට ජාත්‍යන්තර පදක්කම් ජයග‍්‍රහණය කර නැහැ. ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වය දිනෙන් දින තියුණු වෙනවා. සහභාගි වන රටවල් ප‍්‍රමාණය වැඩිවෙනවා එයට තරගකාරීත්වය තවත් වැඩිවෙනවා.

මහජන චීනයට මෙතරම් රන් පදක්කම් ජයග‍්‍රහණය කරන්න හැකි වේවි යැයි අප පාසල් යන සමයේ කිසිවකුත් සිතුවේ නැහැ. ජපානය රගර් ක‍්‍රීඩා කරනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැහැ.

ලංකාවට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් තැනක් ලැබෙනු ඇතැයිද එකල සිතුවේ නැහැ. නමුත් අප ගත් උත්සාහය නිසා ඒ තැනට එන්න හැකි වූවා. අපට පසුව නිදහස ලැබූ රටවල්ද ඒ තැනට පැමිණියා. අපේ බලාපොරොත්තුව ක‍්‍රීඩා ඉසව් කීපයකින් හෝ රන් පදක්කම්, රිදී පදක්කම් ගැනීමයි.

අද ජාත්‍යන්තර වශයෙන් රටක ආර්ථිකය දෙස අවධානය යොමු කරනවා. අතීතයේදී යුද්ධ කරමින් ජයග‍්‍රහණය කළ විට දක්‍ෂයින්, ශූරයින් යැයි කියනවා. නමුත් අද යුද්ධ කරන්න පෙළඹෙන්නේ නැහැ. ප‍්‍රශ්න විසඳන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය තිබෙනවා.

දැන් අප තරග කරන්නේ ක‍්‍රීඩාවෙනුයි. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ඔලිම්පික් තරග තිබෙනවා. කලාපීය මට්ටමේ ක‍්‍රීඩා තිබෙනවා. ආසියා ක‍්‍රීඩා තරග තිබෙනවා. දකුණු ආසියා ක‍්‍රීඩා තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තිබෙනවා. ක‍්‍රිකට් ක‍්‍රීඩා තිබෙනවා. ලෝක පාපන්දු කුසලතාව තිබෙනවා. යුරෝපීය පාපන්දු කුලසතාවද ප‍්‍රධාන තරගයක් වනවා. මේ ආකාරයට ක‍්‍රීඩාවෙන් ජයග‍්‍රහණය කරනවා නම් පදක්කම් දිනනවා නම්, රන් පදක්කම් දිනනව නම් රටක ඇති ශක්තිය මනින්නේ ඒ අනුවයි. අපත් ඒ ශක්තිමත් ජාතින් වශයෙන් ජාත්‍යන්තරය දිනාගත යුතුයි. ක‍්‍රීඩාව දියුණු කිරීමේ එක් අරමුණක් වන්නේ එයයි.

අපට තවත් අරමුණක් තිබෙනවා. ක‍්‍රීඩාවෙන් අප සියලූම දෙනා එකතු වෙනවා. ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු වෙනවා.

වසර 30ක යුද්ධය පැවති අවස්ථාවේ, ජනවාර්ගික වශයෙන් බෙදී සිටි අවස්ථාවේ, ආගම් ලෙස බෙදී සිටි අවස්ථාවේ ශ්‍රී ලාංකිකත්වයට වඩා ජාතිවාදය - ආගම්වාදය දියුණු වූ අවස්ථාවේදී අප එකට එකතු කළ එක් ක්ෂේත‍්‍රයක් වූයේ ක‍්‍රීඩාවයි.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදුණා නම්, ඔලිම්පික් තරගයකට ගියා නම් ජාතිවාදය දිහා බැලූවේ නැහැ. සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා බැලූවේ නැහැ. බෞද්ධද, ක‍්‍රිස්තියානිද, හින්දු ද කියා සලකා බැලූවේ නැහැ.

ක‍්‍රීඩාවේදී අප සියලූම දෙනා ලාංකිකයන් බවට පත් වුණා. අප සැවොම එකට වැඩ කළා. අපේ ක‍්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටියා. අමාරුම යුගයේ දී ක‍්‍රීඩාව නිසා අප එකට එකතු වුණා.

අතීත සිද්ධියක් මෙහිදී මට මතක් වෙනවා. මට හින්දු ආගමික උත්සවයකට ආරාධනා කර තිබුණා. මා ආගමික උත්සවයට සහභාගීවීම සඳහා කෝවිලට ගියා. එහිදී සිංහල පුද්ගලයන් කීප දෙනකු කෝවිලේ සිටින අයුරු මා දුටුවා. කෝවිලට පැමිණියේ ඇයිදැයි මා ඔවුන්ගෙන් විමසුවා. අප ආවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ජයග‍්‍රහණය සඳහා කරන පූජාවටසහභාගි වීමට යැයි ඔවුන් මා සමඟ පැවසුවා. ක‍්‍රීඩාව නිසා එකට එකතු වීමට සිංහල අය එදා ද්‍රවිඩ  කෝවිලට පැමිණ සිටියා.

ක‍්‍රීඩාව නිසා අප සැවොම ලාංකිකයන් ලෙස එකතු වෙනවා. අනාගතයේ දී අප ජාතීන් වශයෙන් බෙදෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. ආගම් ලෙස බෙදෙන්න අවශ්‍ය නැහැ. අපට පළාත් හැටියට, පාසල් මට්ටමින්, ක‍්‍රීඩා සංගම් වශයෙන්, බෙදී තරග කරන්න හැකියාව තිබෙනවා. ක‍්‍රීඩාව නිසා ශ්‍රී ලාංකික අනන්‍යතාව තව තවත් දියුණු කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

මෙරට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ලටම එකතු වී ජනවාර්ගික ප‍්‍රශ්නයට ජාතික ප‍්‍රශ්නයට විසඳුම සොයා ගැනීමට ක‍්‍රීඩාවට සහභාගිවීම නිසා හැකියාව ලැබිලා.

ක‍්‍රීඩාවෙන් අප ශක්තිමත් වෙනවා. ක‍්‍රීඩාව නිසා අප දුර්වල වන්නේ නැහැ. උතුරු පළාතේ ක‍්‍රීඩකයන් අද ලබා ඇති ප‍්‍රතිඵල ගැන ඇමතිතුමා මට පැවසුවා. ඒ පිළිබඳව මා සතුටට පත්වෙනවා. ඉතා කෙටි කාලයකින් උතුර සහ නැගෙනහිර යළිත් ක‍්‍රීඩාවේ යෙදීම මගේ සතුටට කාරණයක් බව කිව යුතුයි.

අපගේ ක‍්‍රීඩකයන් ජාතික ක‍්‍රීඩා උළෙළට සහභාගි වන්න සිටින අවස්ථාවේදී සැමට සුබ පැතුම් පිරිනැමීමට මෙය අවස්ථාව කර ගන්නවා” යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:-

”43 වැනි ක‍්‍රීඩා උළෙල ක‍්‍රීඩා අංක 30ක් අන්තර්ගත දැවැන්ත ක‍්‍රීඩා උළෙල බවට පත් වී තිබෙනවා. ක‍්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ගේ ආගමක් බවට පත් වෙලා.

ගමේ දරුවන් ජාත්‍යන්තරයට ගෙන යාම මෙහි අරමුණයි. ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අප නව ගමනක් ඇරඹුවා.

පසුගිය කාලය පුරා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ තිබූ අඩුපාඩු සපුරා ගනිමින් ඉදිරි ගමන අරඹා තිබෙනවා. ක‍්‍රීඩාවේ තාක්‍ෂණික අගය ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

කොටවිල ක‍්‍රීඩාංගණයත් තව මාස කීපයකින් කෘත‍්‍රිම ධාවන පථය බවට පත් වෙනවා. පළාත් නවයටම එවැනි දියුණු කෘත‍්‍රිම ධාවන පථ ඉදිකරනවා.

සමාරම්භක අවස්ථාවට අගමැතිතුමාගේ සම්ප‍්‍රාප්තිය අපට සතුටට කරුණවක් බව කිව යුතුයි.

දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා:-

”ක‍්‍රීඩාව ගැන සහජ හැකියාව ඇති පළාත් නවයෙහිම ක‍්‍රීඩකx ක‍්‍රීඩිකාවන් දකුණට පැමිණියා. ක‍්‍රීඩාව පුරාණයේ සිට අපේ ජීවිතය සහ බද්ධ වී තිබෙනවා.

ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඞී.එම්.ආර්.බී. දිසානායක මහතා පිළිගැනීමේ කථාව කළේය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද රාජ්‍ය නිලධාරිහුද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (5)

යුද්දෙ කාලෙත් සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු කළේ කී‍්‍රඩාවයි

mahee Monday, 25 September 2017 06:05 AM

ඇත්ත, සියලුම ජාතිකයන් කිසිම ජාති භේදයකින් තොරව, එක අරමුණකට බැඳ තබා ඉදිරියට ගෙනයාමට හැකි හොඳම ගාමක බලවේගය ක්‍රීඩාවයි. හරියටම කියනවා නම්, සියලුම දේශපාලකයින් කිසිම පක්ෂ භේදයකින් තොරව, එක අරමුණකට බැඳ තබා ඉදිරියට ගෙන යාමට හැකි හොඳම බලවේගය 'වරප්‍රසාද' වෙනවා වගේ.

:       0       13

Pansilu Monday, 25 September 2017 06:41 AM

කාලීන අදහස් ටිකක්. හොඳ දර්ශනයක්....

:       111       7

ජයරත්න Monday, 25 September 2017 02:13 PM

මගේ නම් අදහස ඔය ජාත්‍යන්තර පදක්කම් පස්සේ යනවට වඩා හැම පුරවැසියාටම සහභාගී වෙලා තමන්ගේ සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් ක්‍රීඩා පද්ධතියක් හොඳයි කියලයි. කිහිප දෙනෙක් ක්‍රීඩා කරද්දී ලක්ෂ ගාණක් මිනිස්සු ටෙලිවිෂන් එක ඉස්සරහ ඉන්න එක තවත් නාට්‍යයක් මිසක් ක්‍රීඩාවක් නෙමෙයි.

:       0       14

lalith Friday, 29 September 2017 01:50 AM

යුද්ධ කාලේදී ඔබතුමාලා ක්‍රීඩා කලාට, ලෝකේ වටේ ඔරු පදින්න සංචාරයේ ගියාට, මේ රටේ මිනිස්සු නම් පණ බයේ උන්නේ, ක්‍රීඩා කෙසේ වෙතත් ඇටබෝල ගහන්නවත් එලියට ගියේ නැහැ. රටට ජාතියට තියෙන කැක්කුම නිසා තමයි හැමෝම එකා වගේ උන්නේ? අර ඊයේ පෙරේද ප්‍රදර්ශනෙකදී දාල බලපු ගැජට් එක නිසා වෙන්න ඇති ඔහොම මොලේ ජිල්මාට් වෙන්න ඇත්තේ?.

:       0       2

daham Friday, 29 September 2017 04:15 AM

ඇත්ත . යුද්ද කාලේ ඔක්කොම එකට එකතු උනා නේන්නම්. තොප්පිගල කියන්නේ කැලෑවක්. කිලිනොච්ච් යනවා කියල මැදවච්චි යන්නේ. අලිමංකඩ යනවා කියල පාමංකඩ යන්නේ. ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්. එහෙමනේ එකතු උනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2191 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1921 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site