හර්ෂණ තුෂාර සිල්වා
යුද්ධයෙන් පසු සියල්ලෝම ඒකරාශී කරගන්නා වූ ශ්‍රී ලංකාවක් උදෙසා දැක්මක් නිර්මාණය කරගැනීමට අපට නොහැකි වූයේ යැයි කතානායක කරු ජයසූරිය මහතා අද (19) ප්‍රකාශ කළේය.
දේශමාන්‍ය අල්හාජ් බාකීර් මාකර් මහතාගේ 21 වන ගුණ සමරු දෙසුම පවත්වමින් කතානායක කරු ජයසූරිය මහතා ඒ බව සඳහන් කළේය.
ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකර් පදනම වාර්ෂිකව සංවිධානය කරන දේශනය මෙවර ‘සියල්ලෝ ඒකරාශී කරගන්නා වූ ශ්‍රී ලංකාවක් උදෙසා දැක්ම’ යන තේමාව යටතේ කොළඹ පදනම ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.
“අප සියලු දෙනාම මිනිසුන් නිසා ජාතිය ආගම කුලය කුමක් වුවත් අප මිනිසුන් ලෙස ජීව විද්‍යාත්මක ලෙස එකම සත්ව කොට්ඨාසයක්. එය අවබෝධ කරගැනීම ඉතා වැදගත්. වර්තමාන ලෝකයේ අප දකින කණගාටුදායක තත්ත්ව බොහෝමයක් අත්විඳින්නේ මේ සත්‍යයට පිටුපා කටයුතු කරන නිසයි.
එක් අයකු තවත් අයකු අභිබවා යෑමට පෙන්වා දෙන හේතු ඉතාමත් ඛේදනීයයි.
ආගමක් තවත් ආගමකට වඩා ඉහළින් සැලකීම, ජාතියක් ලෙස තවත් ජාතියකට වඩා ඉහළින් සැලකීම, කුල ගෝත්‍රයක් තවත් කුල ගෝත්‍රයකට වඩා ඉහළින් සැලකීම වැනි අවාසනාවන්ත සාධක තුළ අද ලෝකය හැම තැනම ගැටුම් නිර්මාණය වී තිබෙනවා. මේවාට දේශපාලනය, බලය ලබාගැනීම වැනි සාධක එක්වීම තුළින් සිදුවන්නේ මහා විනාශයක්.
දශක තුනක කුරිරු යුද්ධයකට පසු ශ්‍රී ලංකාවේ අපි අද මුහුණ දී සිටින අර්බුදය කුමක් ද ? සැබැවින්ම ඔබ අප හමුවේ තිබෙන මාතෘකාව එයයි. සියල්ලෝම ඒකරාශී කරගන්නා වූ ශ්‍රී ලංකාවක් උදෙසා වන දැක්මක් නිර්මාණය කර ගැනීමයි.
වසර 2009 යුද්ධය නිමා වූ පසු අපට මේ ජයග්‍රහණය හිමි කරගැනීමට හැකියාව ලැබුණා ද ? අප එය මඟ හැර කටයුතු කළා යැයි මා විශ්වාස කරනවා”.
ඡායාරූප ශාන්ත රත්නායක
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුද්ධයෙන් පසුව අපට දැක්මක් තිබුණේ නෑ - කථානායක