IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා

(නිමල කොඩිතුවක්කු)

යහපාලන රජය යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවකයන්ට දී ඇති ස්වාධීනත්වය ගම්පහ දිසා වන නිලධාරිනියගේ හැසිරීමෙන් පෙන්නුම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ, පොලිසියේ, අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමා ඒකාධිපතිත්වයකට රට ගෙන යාම වත්මන් රජයේ අරමුණ වී ඇතැයිද?  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ගේත්, පොලිසියේත්, අධිකරණයේත් ස්වාධීනත්වය දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සියලු කණ්ඩායම් ඒකරාශී විය යුතු යැයි  කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා   මහතා මෙසේද කීවේය.

“පහුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය සේවකයන්, ස්වාධීන ආයතන  සියල්ලක්ම දේශපාලනීකරණය වෙලා තිබුණා. ඒ හොල්මන්  දැන් අපට ආපහු දකින්න ලැබෙමින් තිබෙනවා.

රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා  ස්වාධීන ආයතන සියල්ලම නැතිකර එක පුද්ගලයෙකුට එක පවුලකට සම්පූර්ණ බලය ගෙන රට පාලනය කළ යුගය අපට අමතක නැහැ.

2015 න් පසු නැවත අප 19 වැනි  සංශෝධනය ගෙනල්ලා මේ ආයතන ස්වාධීන කර රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් බවට පත් කරන්න  පුළුවන් වුණා. ඒ වගේම රාජ්‍ය ආයතන ස්වාධීන කිරීමටත්, පොලීසිය, අධිකරණය ස්වාධීන කිරීමටත් අපිට හැකිවුණා. එක විධායක ජනාධිපතිවරයෙකු යටතේ තිබූ බලතල පාර්ලිමේන්තුවට, ස්වාධීන කොමිෂන්වලට දීමටත් අපට හැකිවුණා.

දිසාවන නිලධාරීතුමිය දේශපාලන අධිකාරිය ඉදිරියේ නොබියව කතා කරනවා අප දැක්කා. රාජ්‍ය සේවය ශක්තිමත් කර අප පහුගිය අවුරුදු හතරේ බලාපොරොත්තු වූ කාරණාව දැන් ඉටු වෙමින් තිබෙනවා.  දැන්  2015 ට පෙර වගේ රාජ්‍ය සේවකයන් පාගගෙන කටයුතු කරන්න බැරි වෙලා.

නමුත් දැන් යළිත් 2015 ට පෙර තිබූ තත්ත්වයට රාජ්‍ය සේවකයන් පත්කරමින් යනවා. රාජ්‍ය  සේවකයන් ගස් බැන්ද, රාජ්‍ය ආයතන වලට කඩා පැන ප්‍රහාරයට ලක්කරපු,  රාජ්‍ය සේවකයන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරපු ක්‍රමවේදය යළි ඇති කිරීමට මේ රජය උත්සාහ කරනවා.

අද මේ අයට තිබෙන ලොකුම හිසරදය 19 වැනි සංශෝධනයයි. මේක වෙනස් කරන්න හදන්නේ රටට සෙතක් සලසන්න නෙවෙයි මේ අයගේ ඒකාධිපතිත්වය තහවුරු කර ගන්නයි.

ජනතාවට සහන  දෙන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. අය වැයක් හෝ මුදල්  පනතක් හෝ ඉදිරිපත් කරන්න. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න අප සූදානම්.

ජනතාවට සහන මල්ලක්  දෙනවා කියා ගෙන ආපු ආණ්ඩුව එක සහනයක් දීලා නැහැ.  අප ගැබිණි මාතාවන්ට දීපු පෝෂණ  මල්ලත් දැන් නතර කරලා. දූ - දරුවන්ට ඇදුම් කට්ටල දෙකයි, සපත්තුයි දෙනවා කිව්වා.  ඒවා තියා අප දීපු වවුචරේ මිල ගානත් අද අඩුකරලා.  පොහොර නොමිලේ  දෙනවා කිව්වා. සල්ලි දීලා ගන්නවත් අද පොහොර කඬේ නැහැ. දැන් ජනතාවට එදා වේල කාලා ඉන්න බැරි තත්ත්වයට ජීවන මිල ඉහළ ගිහිල්ලා.

ඇත්තටම ජනතාවට සහන දෙන්න අවශ්‍ය නම්  ආන්ඩුවට ඒ සඳහා  හොද අවස්ථාව දැන් තිබෙනවා. ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල සීයට 20 කින් අඩුවෙලා. අපේ ආණ්ඩුව තිබුණා නම් මිල සූත්‍රය යටතේ ඉන්ධන ලීටරයක් රුපියල් 10ත් - 12ත් අතර ගණනකින් අඩු කරනවා. කරුණාකරලා මේ සහනය ජනතාවට දෙන්න කියා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරගත්ත ලොකුම වැරුද්ද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නොදීමයි. ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය අපට සහාය දුන්නානම් මල්මාලා දාලා පිළිගන්නවා. පොහොට්ටුවට සහය දෙන්න ශ්‍රීලනිපය තීන්දු කළවිට ඒ අය පිළිගත්තෙත් හූවෙනුයි. පොහොට්ටුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දීගය හරියට සැමිය බිරියට තඩි බාන එක බිරිඳ අහක බලාගෙන ඉන්නවා වගේයි.

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය කියන්නේ වටිනා පක්ෂයයි. අප හදන නව සංධානයට එකතු වෙන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරනවා. අපි එකතුවෙලා සහෝදරත්වයෙන් මේ ගමන ඉදිරියට යමු කියලා අපි ආරාධනා කරනවා.  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය මෙහෙම පොහොට්ටුවෙන් බැනුම් අහ- අහා ඒ අයගේ පස්සෙන් යන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන තින්දුව ගත යුතුයි” යයිද ඔහු එහිදී පැවැසීය.

මතුගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජගත් විතාන  මහතා :
“පසුගිය ජනාධිපතියවරණයේදී ගෝඨාභය රාජපක්ෂ  මහත්තයා ලංකාව වටේ වට දෙකක් දිව්වට පස්සෙ තමයි  අපට අපේක්ෂකයා කවුද කියා කිව්වේ.  ඊට පසු අප කඩිමුඩියේ බෙල්ල කඩාගෙන ගිහින් ලක්ෂ 56 කට ආසන්න ගානක් ඡන්දය දුන්නා.

මුදලට පක්ෂය පාවාදෙන, රාජපක්ෂලත් එක්ක  ඩීල් දාන  කණ්ඩායමක් අදටත් අපට ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරන්න  පූර්ණ සහයෝගය මේ අයගෙන් අදටත් අපට ලැබෙන්නේ නැහැ.

දෙපාර්ශවයේම ජාතික ලැයිස්තුව බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. නෝනයි -මහත්තයයි දෙන්නම පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියකුත් ඉන්නවා. මේක නතර කළ යුතුයි. මේ අයට  මෙදා සැරේ  මහ මැතිවරණයේදී ජනතාව හොද උත්තරයක් දේවි කියා අප විශ්වාස කරනවා” යයිද ඔහු එහිදී පැවැසීය.        

                                                                                                                           
මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීවේය.

ප්‍රශ්නය : ඇයි ඔබතුමන්ලා  අලියා ලකුණින්  ඡන්දය ඉල්ලන්න අකමැති?

පිළිතුර : අලියා ලකුණින් ඡන්දය ඉල්ලන්න අප සියලු දෙනාගේ කිසිම ගැටලුවක් නැහැ. අලුතින් හදන සන්ධානයට අලියා ලකුණ දෙනවනම් ප්‍රශ්නය අවසන් වෙනවා.

දැන් මේ ප්‍රශ්නය හොදටම ඇති. මේ සතිය අවසන් වෙන්න පෙර අවසාන තීන්දුව ගත යුතුයි. සිකුරාදා දිනය වෙන විට අවසන් තීන්දුව ගන්නා ලෙසට අප සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්ෂයේ පිරිස අයින් කරගෙනද ගමන යන්න හදන්නේ?

පිළිතුර : අපට කාවවත් අයින් කර යන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය විදියට සියලුදෙනා එකතු කරගෙන ගමන යා යුතුයි.

ඊයේ දිනයේදීත් සජිත් ප්‍රේමදාස මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කළා. හෙට දිනයේදීත් දීර්ඝ සාකච්ඡාවක් වෙනවා. සකච්ඡා වලින් ගන්න තීන්දුව සිකුරාදා වෙනවිට අවසන් විය යුතුයි කියන එක තමයි, අපේ ස්ථාවරය වන්නේ.

ප්‍රශ්නය : හෙට ගන්න තීරණය මොකක්ද?

පිළිතුර : මේක වහෙන් ඔරෝ කියන්න දෙයක් නොවෙයි. මේ මැතිවරණයේදී අප කණ්ඩායම් දෙකක් විදියට ඉල්ලනවද, එක කණ්ඩායමක් හැටියට ඉල්ලනවද කියන තීන්දුව ගත යුතුයි.



අදහස් (6)

යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා

saradiyel Saturday, 15 February 2020 01:23 AM

යහපාලනය දුන්න නිදහස.

:       0       0

ධම්ම Saturday, 15 February 2020 01:32 PM

තව ටික දවසකින් කියාවි මෙතුමිය සම්බන්ධ හඬපටත් මෙයාලගේ ඊනියා වීරයා ළඟ තියෙනවා කියලා.

:       0       7

අනුර Sunday, 16 February 2020 10:18 AM

අපෝ ඔය දේ එතරම් ගණන් ගන්න එපා. ඔයිට වැඩියේ හොදට පෙන්නුවේ රන්ජන් රාමනායක නඩුකාරයන්ට කතා කරලා. එත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස නිසා නේද ? ලජ්ජා නැතුව කියන තවත්.

:       12       16

Bamunuarachchi Sunday, 16 February 2020 03:11 PM

අපට කාවවත් අයින් කර යන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය විදියට සියලුදෙනා එකතු කරගෙන ගමන යා යුතුයි." ඒවුනාට ප්‍රශ්නය ඒ ගොල්ලෝ අපෙත් සමග ගමන යාමට කැමති නැහැ අපි අන්ත පරාජයක් ලබන බව දන්නා නිසා

:       0       0

haramanis Saturday, 07 March 2020 07:28 AM

මෙයා දන්නේ අදද?

:       0       0

Bamunuarachhi Monday, 09 March 2020 01:57 AM

"යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා" හලෝ යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන්නු බම්බුවක් නැහැ. නිලධාරිනියගේ ක්‍රියාවෙන් පෙන්නුවේ ඝෝඨාභය මහතා නිසා ලැබුව පන්නරයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5540 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 654 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1995 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3686 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 315 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 983 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site