IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


රාජිත රනිල් දිනවන සම්මුතියකට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව අද (13) දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න මහත්වරුන් අතර " රාජිතගේ තීරණය" සම්මුතියට ද මෙහිදී අත්සන් කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතා ද තමා මෙන්ම රැඩිකල් තීරණ ගැනීමට ඉදිරිපත් වන හෙයින් තමා සමග එක්වීමට තීරණය කළ බවයි.

ජනතා බලාපොරොත්තු අනුව ඉදිරියට යනවා නම් රටේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසූයේ රනිල්ට තව වසර පහක් දුන්නොත් ලංකාව ලෝකයේ නූතන දේශයක් බවට පත්වන බවට කිසිම සැකයක් නැති බවයි.

ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය දෙන බව කී රාජිත සේනාරත්න මහතා සැප්තැම්බර් 22 වැනිදා වන විට රටේ නියත ජනපති වන්නේ රනිල් බවට කිසිම සැකයක් නැතැයි කීය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජකතුමන්ද,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර,එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන,එජාප ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී සාගල රත්නායක, එජාප ජාතික ලේකම් රවී කරුණානායක මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය:-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුන් ගංගාරාම සීමා මාලකයේදී සම්මුතිය අත්සන් කළ අවස්ථාව.

ඡායාරූපය:-ළහිරු හර්ෂණ

 



අදහස් (20)

රාජිත රනිල් දිනවන සම්මුතියකට අත්සන් කරයි

sukitha Tuesday, 13 August 2024 06:01 PM

තරහ නොගිහින් හිනා ගිය අය ලයික් කරන්න.

:       1       7

Rata Perata Tuesday, 13 August 2024 06:27 PM

නොදකින් මෙහෙමත් මිනිස්සු..!

:       0       4

යෝගා Tuesday, 13 August 2024 06:30 PM

දැන් රාජිතටයි, රෝහිතටයි කරට අතදාගෙන කලුතර කැම්පේන් එක කරන්න පුළුවන්. බලන් ඉන්න අයටයි ලැජ්ජ...

:       0       6

Remal Tuesday, 13 August 2024 06:37 PM

මාර ෂෝ එක...!

:       0       3

fairoos Tuesday, 13 August 2024 06:41 PM

හැමෝටම අබ සරණයි...!

:       0       3

Dharmatileke Tuesday, 13 August 2024 06:44 PM

එකට ගෙදර යමු.., කලාතුරකින් රනිල්ට තිබුණේ ඡන්දෙ සේරම සජිත්ට...!

:       0       4

NWS KUMARA Tuesday, 13 August 2024 06:45 PM

එයාලා දිනලා කියලා හිතුවට අපිනේ එයාලාව පරද්දන්නේ...!

:       0       6

රෙක්ස් Tuesday, 13 August 2024 07:53 PM

මෙදා පාරත් කිඹුලා වන්නම සහ වඩිගපටුන නටවයිද දන්නේ නැහැ!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 07:57 PM

එක මල්ලේ ලුණු කෑ එවුන් එකට එකතු වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද ?

:       0       6

පොඩිඑකා Tuesday, 13 August 2024 09:18 PM

රැඩිකල් තීරණ කියන්නේ බැන්කු කඩන වගේ ඒවාද?

:       0       6

Rohana Tuesday, 13 August 2024 11:12 PM

රාජිත දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම වුවමනාවෙන් කැඳවා ගත්බව පෙනේ...!

:       0       5

Sanjaya Tuesday, 13 August 2024 11:17 PM

රැඩිකල් තීරණ බලාගන්න පුලුවන් 22ට පස්සේ, මන්ත්‍රීලා හිතන් ඉන්නේ පනින පනින අතට ජනතාව ඡන්දෙ දේවි කියලා..!

:       0       6

චතුරි Wednesday, 14 August 2024 02:37 AM

මොවුන්ට ගිය රට. රනිල්ට තව අවුරුදු පහක් දෙන්න. ගෙවල් දොරවල් සේරම හිර ගෙවල් කරලා රටේ සෙනඟ. කුඩුවල ඉඳියි. කොයිතරම් අමාරුවකින්ද? මේ ජනාධිපතිවරණය පවත් වන්නේ... නාකින් ටික ගැට කීයක් ගැහුවාද? මෙවර ඡන්දෙන්. අවුරුදු 70 ක් කාපුවා වමාරන්න වෙයි. ඒ බයට රනිල්ව රජ කරවනවා. නාමල් බේබිත් බොරු රඟපෑමක් කරන්නේ. ඡන්ද ටිකක් එකතු කරන් ගිවිසුමකට එයි. ඉහළ තනතුරක් ගන්න අනුර කුමාරව ගේන්නේ රටට ආදරේ කරන දරුවන් ගැන හිතන බුද්ධිමත් ජනතාව. සරම් ගලවලා. කොටකලිසම් මහගන්න ප්‍රතිඵල කියනකොට. කීදෙනෙක්ගේ මොලේ විකුර්ති වෙයිද දන්නේ නැහැ බයට. රනිල්ට හිර ගෙදර ලොකු තනතුරක් ලැබෙයි...!

:       2       7

anuradhaThursday, 15 August 2024 01:06 PM

ඔයාට අනික් ඔක්කොම නරකයි, එක්කෙනෙක් හොදයි. සිහින ලෝකෙ ඉන්න එපා කයිය ගෑහුවට ඕකුන් ඔක්කොම එකයි.......

:       0       0

Saman Wednesday, 14 August 2024 06:20 AM

රනිල් ඊලඟ පාර රට කනවා මේ වගේ මිනිස්සු එක්ක.

:       2       7

Kazi Shajahan Wednesday, 14 August 2024 07:33 AM

පොහොට්ටුවෙන් 90 ආවත් කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ ,සිරිපාල ,අමරවීර ආවා .මොනවත් නැහැ .ඒත් බලන්නකෝ රාජිත එනකොට මල්මාලා දාලා ,පිරිත් කියලා ,ලොකුවට ගත්තා .අනික් එවුන්ට වස ලැජ්ජාව

:       0       6

Dilshan Wednesday, 14 August 2024 08:14 AM

මට හිනා වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. රංගේ බණ්ඩාර අතුරුදහන් වෙලා. සියලු කොල්ලකරුවන් එහි වාඩි වී සිටිති.

:       1       7

පිනා Wednesday, 14 August 2024 09:40 AM

රනිල් ට මෙච්චර දවසක් පච කිඹුලාගේ අඩුපාඩුව තමයි තිබුනේ , දැන් වජිරට පොඩි නිවාඩුවක් ගන්න පුළුවන්

:       3       8

anton Wednesday, 14 August 2024 01:06 PM

කවුරු කෙසේ කීවත් රාජිත වැඩ්ඩා. කිසිවක් හොයා බලන්නේ නැති අය තමයි ඔය පිස්සු කියවන්නේ.., 69 ලක්ෂයේ අය... රට බංකොළොත් කරපු අය.

:       6       3

Raman Wednesday, 14 August 2024 04:17 PM

@anton. ඔව් ඔව් රාජිත වැඩ්ඩා තමයි. ධීවර ඇමැති කාලේ නැවු පිටින් ගිල්ලේ. ඒ මදිවාට ලංකාවේ බෙහෙත් මිල අඩු කරන්න ක්‍රමයක් හැදුවා කියන්නේ ඔක්කෝම හොඳ වර්ග ගේන එක නවත්වලා කරන ඉන්දියාවෙන් ලාබ බෙහෙත් ගෙන්වන්න වැඩේ කළා... මිනිස්සු රැවටුනා ලාබය නිසා නමුත් ගුණය? ඒ වගේම ඒ ලාබ බෙහෙතෙන් ලැබුණු සන්තෝෂම්. ඔක්කෝමත් හරි ලොකුම වැඩේ තමයි 1990 ගණන්වල අපේ හමුදාවට කල් ඉකුත්වූ බෙහෙත් විකුණුව හැටි හොරට කොන්ත්‍රාත් අරන්. අර විජේදාස රාජපක්ෂ නඩු දාලා අන්තිමට වැඩ්ඩාගේ මන්ත්‍රී තනතුරත් උසාවියෙන් තහනම් කරා. කොහොම හරි හිරගෙදර බත් කෑවේ නෑ. ඉතින් වැද්දෙක්ම තමයි. ගිය පාර ඡන්දෙ සමගි ජන බලවේගයේ තුන් වෙනියට ඉඳලා හිටපු ගමන් පළවෙනියා වුණේ කොහොමද කියලා අහන්න ඕන කුමාර වෙල්ගමගෙන්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 867 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1105 22

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7141 4

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 847 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2052 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3757 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site