IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘රජය අයවැය වහන්න බියර් ප්‍රශ්නයක් මතු කළා‘

(චමිල් රුපසිංහ)

අයවැයේ ඇති භයානක බව වහන්නට රජය විසින් බියර් ප්‍රශ්නය මතුකරන ලද බවත් එහි ඇති දේශය විදේශීයකරණය කිරිම සම්බන්ධව කතා නොකරන බවත් එය යට ගැසිමට බියර් ප්‍රශ්නය මතුකරන ලද බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(19) ගැටඹේදි පැවසිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් ගේ සුවදුක් බැලිම සඳහා ගිය අවස්ථාවේදී හිටපු ජනපතිවරයා එසේ කීවේය.

‘‘පක්ෂ කිහිපයක් එකතුව එක පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වීමට කැමැතිනම් ආණ්ඩුවේ අයටද මේ සඳහා එකතු විය හැකියි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩල නෑ. කැඩුවෙ ඒගොල්ලන්මයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු ආණ්ඩුව කඩලා එක්සත් ජාතික පක්ෂයට දුන්නෙ මම නෙවෙයි. අගමැතිකමත් දුන්නා‘‘ යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කිය.

‘‘දැන් ආණ්ඩුවෙන් බැසිල් රාජපක්ෂ මහත්තයට නඩු දාන්න යන්නෙ රුපියල් 2500 ක් මිනිස්සුන්ට බෙදුවා කියලා. ආණ්ඩුවෙ සල්ලි අරන් ලිතක් ගහල දුන්න කියලා එක ලිතකට රුපියල් 1 ශත 50 ක් යන්න ඇති. නමුත් කැලැන්ඩර් ගහලා බෙදපු අයට මොනවත් නෑ.‘‘ යැයිද හිටපු ජනපති වැඩිදුරටත් කියා සිටියේය.

ආන්ඩුවේ සැම කතාවකම අවසානය මහින්ද රාජපක්ෂ ගෙ හොරකම බවත් ආණ්ඩුව අරගෙන හොරු අල්ලනවා කියල කියද්දි යමක් කරයි යැයි තමන් සිතූ බවත් නමුත්  ඊට වඩා  බැඳුම්කරය වැනි විශාල හොරකමක් කළ ලෝක හොරු ආණ්ඩුව ඇතුළේම සිටින බවත් සිරිවිමල හිමියෝ එහිදී කීහ.

‘‘මේ වනකොට ගාල්ලෙ විශාල ප්‍රශ්නයක්. බැඳුම්ක‍රේ තව හොරකමක්. රටේ මෙහෙම ප්‍රශ්න ඇතිවෙච්ච කාලයක් නම් කවදාවත් දැක්කෙ නෑ.‘‘ යැයි ද ඒ හිමියෝ කීහ.



අදහස් (3)

‘රජය අයවැය වහන්න බියර් ප්‍රශ්නයක් මතු කළා‘

Rajah Tuesday, 21 November 2017 04:45 AM

ඇ ආයුබෝවන්, හොරකමට හොඳම ආවරණය තමයි චීවරය වගේ!

:       10       0

rehan Tuesday, 21 November 2017 05:04 AM

මේ වනකොට ගාල්ලෙ විශාල ප්‍රශ්නයක්. බැඳුම්ක‍රේ තව හොරකමක්. රටේ මෙහෙම ප්‍රශ්න ඇතිවෙච්ච කාලයක් නම් කවදාවත් දැක්කෙ නෑ.‘‘ යැයි ද ඒ හිමියෝ කීහ. අපේ හැමදුරුවනේ, දර්ගා නගරයේ ප්‍රශ්නේ ඇතිඋනේ එතකොට මොන කාලේද දන්නේ නැහැනේද?

:       10       0

Bamunuarachchi Friday, 24 November 2017 01:38 AM

"දර්ගා නගරයේ ප්‍රශ්නේ ඇතිවූනේ එතකොට මොන කාලේද දන්නේ නැහැනේද?" මම හිතන්න 2014 දී පමණ ඉතින් මොකක්ද ප්‍රරශ්නය ? දර්ගා නගරයේ ප්‍රශ්නේ රටේ ආර්ථිකයට බිලියන ගණනින් පාඩු උනේ නැහැනේද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 695 7

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 920 20

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6621 3

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 782 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2040 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3746 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 613 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 317 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site