(නිමල කොඩිතුවක්කු)
රට තුළ පවතින අර්බුධ හමුවේ වත්මන් රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරු දඩයම වෙනත් මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවිර මහතා පැවසීය.
රජයේ මෙම කූට උපක්‍රම පැරදවිමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අද(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවිර මහතා මෙසේද කීය.
‘‘මේ ආණ්ඩුව රණවිරුවන්ව දඩයම් කිරීම දැන් නව වටයකින් ආරම්භ කරලා තියෙනවා.තෙල්දෙනියේ ගින්න අසේසෙයි ෆේස් බුක් තහනම අසසේ තමයි මේ කටයුතු සිද්ධවෙන්නේ. බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදහන් කිරීම වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නොතකා, මන්තී‍්‍රවරුන්ගේ විරෝධතාවය නොතකා මෙම සම්මුතිය ලංකාවේ නීතියට ඇතුළු කළා.
ලෝකයේ කිසිම රටක් එක තමන්ගේ රටේ නීතියට ඇතුළු කරගෙන නැහැ. ඒ වගේම නිමල්කා ප්‍රනාන්දුව දාලා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සිදු කළා.
දැන් බුද්ධි අංශ දඩයම් කිරීම ආරම්භ කරලා තියෙනවා. සිංහල මුස්ලිම් ලේ ගලාගෙන යන්න ආණ්ඩුව සලස්සලා තියෙනවා. බුද්ධි අංශ මේවා අනාවරණය කර ගැනීමට අසමත්වෙලා තියෙනවා කියලත් කියනවා.
ඒ විදිහට බුද්ධි අංශ වලට චෝදනා කරන ගමන් කොටි ත්රස්තවාදීන් පරාජය කරන්න දිවි නොතකා කටයුතු කළ රණවිරුවන්, බුද්ධි අංශ දඩයම් කිරීමත් ආරම්භ කරලා තියෙනවා.
මංගල සමරවීර , සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව පිළි ගෙන එහි කොන්දේසි එකින් එක කි‍්‍රයාත්මක කරනවා. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් මේ යපාලන ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ඒවා ක්‍රියාත්මක කර ගැනීමටයි.
ඇමරිකානු තානාපති කාර්යාලයත්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පෙබරවාරි 10 වැනිදා නොනිදා කටයුතු කළේ ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමටයි. මේ හංසපූට්ටුව තවදුරටත් යන්න ඕනේ කියලා ඔවුන් බලකරලා තියෙනවා. ඔවුන්ගේ උවමනාවන් මත අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම දැන් එක පැත්තකින් සිදු කළා.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරුවන් දඩයම් කරනවා - ජනිපෙ කියයි
rocky Friday, 16 March 2018 01:50 PM
කට තිබුණු පලියට නිකං මිනිස්සුන්ව අවුස්සන්න එපා මහත්තයෝ! රණ විරුවන් කියන්නේ කාටද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. මොන විරුවා වුනත් අපරාධ කරලා තියනවා නම් ඒවාට නීතියෙන් කටයුතු කරන්න ඕනෑ. ඒවා ඔය ලේබල් ගහලා ඔහෙට ඕන විදිහට අහෝසිකර්ම කරන්න බැහැ නෙව... ඒ ඇරත් තමන් වැරදි කරලා නැත්නම් ජාත්‍යන්තර මැදිහත්වීම් වලට ඇයි බය? ඒවාට එකඟ වුනේ ඔහෙලගේ ලොකු උන්නහැම නේද?
Chandra Saturday, 17 March 2018 02:10 AM
රණවිරුවන් නැති කරන්න ත්රස්තවාදීන්ට සල්ලි දුන්නු අය තවමත් නිදැල්ලේ නේද?