(නිමල කොඩිතුවක්කු)
පසුගිය වසර තුනක කාළය තුළ ජාතික රජය රට වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළ ගැන විසිල් බල්ටි, කටවුට්, පෝස්ටර් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද(22) පැවසීය.
රජය රට වෙනුවෙන් සිදුවන කාර්යභාරයට එරෙහිව බිල්ලන් මවා ඉන් මහා වින්දනයක් ආශ්වාදයක් ලබන පිරිසක් සිටින බවත් රටේ අනාගතය විනාශ කිරීම ඔවුන්ගේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීවේය.
රටේ සංවර්ධනය ගැන බඩු මිළ ගැන අද විපක්ෂය ලොකුවට බිල්ලො මවමින් සිටිනවා. ඩොලරය, ස්ටලිං පවුමේ අගය වැඩිවනවිට මේ අය ගොඩක් හයියෙන් කෑ ගැහනවා.
දැන් අද වනවිට රුපියල ස්ථාවර විමක් දක්නට තියෙනවා. 220ට තිබුණ පවුම දැන් රුපියල් 200ට පමණ අඩු වෙලා තියෙනවා. රුපියල හිමින් හිමින් ස්ථාවර වෙමින් යයනවා. අද මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.
අද වෛද්‍යවරුන්ට තමයි සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන විශාල වශයෙන් ප‍්‍රශ්න තියෙන්නේ. ලංකාවේ ඖෂධ මිල සම්බන්ධයෙන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා මට පහුගියදා වාර්ථාවක් ලබා දුන්නා.
අත්‍යවශ්‍ය ඖෂධ 42ක මිළ පාලනයක් අපි සිදු කළා. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අනුව පැරසිටිමෝල් එකේ සිට අත්‍යශ්‍ය ඖෂධ මිළ අපි අඩු කරලා තියෙනවා.
අධි රුධිර පීඩනය, දියවැඩියාව තියෙන රෝගියකුට ඖෂධ සදහා දිනකට රුපියල් 262ක් පමණ වැයවනවා.ඔඅපි මේක රුපියල් 103කට අඩු කරලා තියෙනවා. ඒ අනුව එක මනුස්සයකුට මාසයකට රුපියල් 4500කට වඩා ඉතුරු වෙනවා. යතුරු පැදියක යන පුද්ගලයකුට මේ මුදලින් ඉන්ධන මිල ඉතුරු කර ගන්න හැකියාව තියෙනවා.
අපි මේ ගැන කතාකලේ නැහැ. මට දුක මේ ගැන වෛද්‍යවරුන් පවා කතා නොකිරීමයි. වෛද්‍යවරුන් රෝගින්ට බෙහෙත් දෙන්නේ නැතුව දේශපාලඥයන් සමඟ හැප්පි හැප්පි ඉන්නවා. මේ හොද දේවල් වලට උදවු කරා නම් හොද නැද්ද කියන එක අපි ඒ අයගෙන් අහනවා.
ණය වෙච්ච අදුරු අතීතයක හිටපු අපි රටක් විදියට ඉදිරියට යන්න සුබවාදිව හිතන්න ඕන. අපේ විය හියදම් තියෙනවනම් ඒවා අඩු කරගන්නවා වගේම අපි අලූත් වෙළඳපොළවල්, ආර්ථිකයන් හොයා ගන්න වෙනවා.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රජය රට වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළහි විසිල් බල්ටි නෑ‘
senarath Friday, 24 August 2018 03:42 AM
මෙයා හීනෙන් නං දොඩවනවද කොහෙද . එහෙම නැත්නම් ඉන්නේ ලංකාවේ නෙමෙයි . රුපියල ස්ථාවර වෙලාලු. ඒ වුනාට රුපියලේ බැස්ම ගැන නිතරම පත්තර තියෙනවා . ඊයේ වෙනකොට ඩොලරයට රුපියල් 161.93 ක් ගෙවන්න වෙලා. මේක 2015 දී තිබුනේ 132 ට . රටේ සංවර්දනය , මේ අවුරැදු 3 ඇතුලතම තිබුනේ 4% ට අඩුවෙන්. ඒ වුනාට කියනවා " අපි විසිල් බල්ටි ගැහුවේ නැහැ " කියල. රටේ ජනතාව හමුවෙලා බලන්න , ජනතාව ගහන විසිල් වලට , මැරුණු සියාට ආච්චිටත් කෙම්බිහිලි යනවා ඇති. අමතිලට මන්තිරිලට 225% ක පඩි වැඩිවීමක් ගන්න සුදානම. ලජ්ජා නැතිද ? රජයේ බැංකුවක සාමාන්‍යාදිකාරිගේ වැටුප ලක්ෂ 21 ක් .මෙහෙම ගෙවන්නේ ඒ බැංකුවත් කොල්ල කන්නද . මේකද යහ පාලනය.