IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රටේ ගිනි නිවූ තනි අලියා බලයට පත්වී අදට වසර දෙකයි

ජනපති තරගයෙන් දිනූ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙතැන් සිට බෙදුණු අවස්ථාව අවසන් කර, සියලු‍දෙනා එකට එක්වී වැටුණු  රට ගොඩගැනීමට සහයෝගයෙන් කටයුතු කරමු යන්නයි. ගෝල්ෆේස් අරගලකරුවෝ පැවසුවේ, රනිල් ජනපති ලෙස පිළිනොගන්නා බවයි.

ප්‍රතිපත්තිගරුක  බෞද්ධයා කිසි විටෙකත් බොරු නොකියයි. බලය ලබාගැනීමට, රටවැසියා නොමඟ නොයවයි. බලය ලබාගන්නට වඩා, සත්‍යය කියා බලය අතහැරීමට මැළි නොවෙයි. තමාට අපහාස උපහාස කළ අයට, තමාට ගැරහු - අවමාන කළ අයට, පසුපස නොඑළවා    
පහර නොදී, ඔවුන් අමාරුවේ වැටුණ විට බේරාගැනීමට  ඉදිරිපත්  වෙයි. 
රනිල් වික්‍රමසිංහ නම්  දේශපාලනඥයාට, උපතින්ම හිමිව ඇත්තේ එවන් චරිතයකි. 2015 වසරේ ජනාධිපතිවරණයෙන්  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවා අගමැති ධුරය භාරගත් රනිල්, ජනතා ජයග්‍රාහී අණපනත් රාශියක් සම්මත කරවා, ජනපතිගේ පාලන කාලය වසර 6 සිට 5 දක්වා අඩුකර, හිතුවක්කාර පාලකයෙකු බිහිවීමට තිබූ බොහොමයක් මං අහුරා දැම්මත් - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් රනිල්ගේ ආණ්ඩුව මංකොල්ලකා, වෙනත් අගමැතිවරයෙකු  හා ඇමති මණ්ඩලයක් බලයට පත්කර,  දින 52ක් සෙල්ලම් කළේ ,විධායක බලයෙන් ඔළුව උදුම්මවාගෙන මිස, ජනතා පරමාධිපත්‍යය ජන සම්මතවාදය ප්‍රජාතන්ත්‍රවාදය  ආදී මේ කිසිවක් තඹයකට මායිම්  නොකරය. 


මෙම තත්ත්වය අධිකරණය මඟින් විභාග කොට ලබා දුන් නියෝගයන් නිසා, යළිත් රටේ අගමැති වීමට රනිල්ට ඉඩකඩ ලැබුණි. මේ අතරතුර ඇතිවූ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා රටේ සාමය, ආර්ථිකය,  යනාදී සියල්ල උඩුයටිකුරු වී ගිය අතර, ඊට පසු පැවති ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරදවා ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින් බලයට පත්කළේ 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙනි. 
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ නමුත්, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් ක්‍රියා කිරීමට හැකියාව තිබුණි. ජනපතිවරණ පරාජයෙන් මානසිකව ඇදවැටුණ අත්දැකීම් විරල රජයේ මැති ඇමතිවරු  එකා දෙන්නා ඇමති ධුරවලින් ඉවත් වෙමින්, රනිල් වික්‍රමසිංහ රජය ඇද වැටෙන්නට සැලැස්සුවේ, දේශපාලන කුහකකම් මත බව ඒ දෙස බලා සිටින ලද ඕනෑම අයෙකුට පෙනී ගිය කරුණකි. ඊළඟට පැවැති මහ මැතිවරණයේදී රනිල් පලවා හැර එක්සත් ජාතික පක්ෂයේ බලය අතට ගැනීමට මාන බැලූ අප පක්ෂයේම ඇතැම් අය, පක්ෂය අතහැර වෙනත් දේශපාලන පක්ෂයක් කුලියට ගෙන මැතිවරණයට ඉදිරිපත්වූයේ ,බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන්  ඉවත් වී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත් ආකාරය නැවත පසක් කරමිනි. 1956 මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය වූ එ.ජා.පයට  හිමි වූයේ, මන්ත්‍රී ආසන 8ක් පමණි. 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික  පක්ෂයට පාර්ලිමේන්තුවේ  එක් අසුනක්වත්  ජය ගැනීමට  නොහැකි විය. නමුත් අනුපාත ක්‍රමය මත එක් මන්ත්‍රී පදවියක් ලැබුණේ, දෛවෝපගත සිද්ධියක් ලෙසයි.


මේ සමඟ ලොවම වටකර පැතිරී ගිය කොවිඩ් වසංගතය ලංකාවටත් බලපෑ හෙයින්, මුළු රටම මළගෙදරක තත්ත්වයකට පත්වූයේ, 1930 දශකයේ රට පුරා  පැතිරීගිය මැලේරියා වසංගතයෙන් ජනයා මැරී වැටුණු අයුරිනි. වසරක පමණ කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී  නියෝජනයක් නොමැතිව ඉදිරියට ඇදී ගියේ, එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලනයෙන් සමුගත්තා යැයි යමෙකුට සිතෙන අයුරිනි. නමුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි එකම මන්ත්‍රී තනතුර රනිල් වික්‍රමසිංහ මහතා භාරගත යුතුයැයි ගාලු‍ දිස්ත්‍රික්කයේ සියලු ආසන බලමණ්ඩල කැඳවා අප පක්ෂයටත්, නායකත්වයටත්, පණිවිඩයක් දීමට අපගත් උත්සාහය සාර්ථක වූයේ, රනිල් වික්‍රමසිංහ මහතා නැවත මන්ත්‍රීවරයෙකු ලෙස මැති 
සබයට පිවිසීමෙනි. අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකකමවත් නොමැතිව, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ සිටින විට සතුටු වූයේ, රජයේ මැති ඇමතිවරු නොව, එතුමාම තැනූ ගෝලබාලයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් නායකයන් ලෙස සිටිමින්ය. 
මේ අතරතුර ඇති වූ රටේ  ආර්ථික පරිහානිය නිසා, ආණ්ඩුව නමැති දුම්රිය පීලිපැන්නේ පාලමක ගමන් කරමින් සිටියදී මෙන්ය. පළමුව ඇතිවූ උග්‍ර පොහොර හිඟය ගොවියන් කබලෙන් ළිපට ඇඳ දමා අඟු‍රු යට එරී ගියේ,  සිරිලක සකල ගොවි ජනතාව පාරට බස්සමිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සහල් කිලෝව රුපියල් 300 ඉක්ම විය. දිනෙන් දින කඩා වැටෙන  ආර්ථිකය  මත ගෑස් මිල ඉහළ නැංගේ, කිසිවෙකු නොසිතූ ලෙසය. නිවසට ගෙන එන ගෑස් ටැංකිය නිවස තුළ පුපුරා ගිනි ගනිද්දී, අහළපහල මිනිසුන්ද ගෑස් ටැංකිය දෙස බැලු‍වේ කාල බෝම්බයක් දෙස බලන අයුරිනි. සුපිරි 
වෙ​ෙළඳසැල්වල පුංචි දරමිටි විකිණීමට තබා තිබුණි. ඊළඟට ඇතිවූ තෙල් අර්බුදය සමඟ ගමින් ගම නිර්මාණය වූ වාහන පෝලිම්, කිලෝමීටර් ගණන් දිග්ගැස්සිණි. පැට්ට්‍රල්  ලීටරය  රුපියල් දහස් ගණනකට විකිණිනි. එදිනෙදා ගමන් බිමන් යෑමට මහමඟ  බස් නැතිවිය. විදුලි බලාගාර අක්‍රිය විය. නිවසේ විදුලි ස්වීචය දැමූවිට, විදුලිය  නොතිබුණි. පාරට ගිය විට වාහන නැත. කුඹුරට පොහොර නැත. බතට සහල් නැත.  ලිපට ගිනි නැත.  සියලු‍ දෙනාම මහපාරේය. 


ජනතාව කොළඹට රැස්වී උද්ඝෝෂණයේ යෙදුණි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ජනතාව විසින් වට කෙරුණි. මේ අතරතුර රජයට එරෙහිව දිනපතා බුරබුරා නැගෙන ජනතා විරෝධය නිසා, එය මැඩ පැවැත්වීමට රජයේ පිරිසක් පොලු‍ මුඟු‍රු අතට ගෙන අරගලකරුවන්ට පහරදීම නිසා මන්ත්‍රීවරයෙකු මහමඟ ඝාතනය විය. දේශපාලකයන්ගේ ගම් මට්ටමේ සිට නගර මට්ටම දක්වා ගෙවල් ගිනි තැබිණි.  දිනපතා සිදු වූ දේපළ හානි නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන්  ඉල්ලා අස්වී ගෙදර ගියත්, ගෙදරද විසුමට හැකියාවක් නොලැබිණි. රටේ හිස්වී ඇති අගමැති පදවිය භාර ගැනීමට විපක්ෂනායකයාට ආරාධනා කළත්, ඔහු එය භාර නොගත්තේය. ජ.වි.පෙ.ට ඇරයුම් කළත්, ඔවුහුද සැඟවුණහ. එම තනතුර භාර ගැනීමට රනිල් වික්‍රමසිංහයාට ඇරයුම් ලැබුණේ, එවන් පසුබිමකය. ඔහු කොන්දේසි  විරහිතව රට ගැන සිතා අගමැති ධුරය භාර ගත්තේය. ඔහු රට භාර ගන්නා විට  ලංකාව බංකොළොත් රාජ්‍යයක් ලෙස ලොවට හඬ නඟා පවසා තිබුණි.  දෙකොන පත්තුවෙන විලක්කුවක් වැනි රටක අගමැති  පදවිය භාරගෙන සිටියදී, දිනෙන් දින කොළඹ නගරය මුල්කරගෙන  දැඩි වෙන ජන අරගලය හමුවේ පසුබෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, අරගලකරුවන්ගෙන් තම පණකෙන්ද බේරාගෙන 
රටින් පිටව ගියේ, රනිල් වික්‍රමසිංහයන්ට වැඩබලන 
ජනාධිපතිකම පවරාය. 
ඒ අනුව, 2022 ජූලි 13 වෙනිදා වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති  පදවිය ස්ථිරකර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීමට දින නියම වූයේ, 2022-07-20 වන දාය. එදින  ජනාධිපති වීමට තවත් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. එක් අයෙකු වූයේ, සමඟි ජනබලවේගයේ ආශිර්වාදය මත පැමිණි ඩලස් අලහප්පෙරුම මහතා සහ  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතාය. 
එහිදී අනුප්‍රාප්තික ජනපති තරගයෙන් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 03ක් ලබාගත් අතර, ඩලස් අලහප්පෙරුම මහතා  ඡන්ද  82ක් ලබා දෙවැනි තැනට පත්වූ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබා ගනිමින්, වැඩි ඡන්ද  52කින්  අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස  ඉතිරි අවුරුදු දෙක සඳහා ජනාධිපති ලෙස පත්විය. මෙම ඡන්ද විමසීමේදී  මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය දැමීමට නොපැමිණි අතර, ඡන්ද 4ක් අවලංගු විය. මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය දීමට පැමිණියේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී වීම විශේෂ සිද්ධියකි.
ජනපති තරගයෙන් දිනූ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙතැන් සිට බෙදුණු අවස්ථාව අවසන් කර, සියලු‍දෙනා එකට එක්වී වැටුණු  රට ගොඩගැනීමට සහයෝගයෙන් කටයුතු කරමු යන්නයි. ගෝල්ෆේස් අරගලකරුවෝ පැවසුවේ, රනිල් ජනපති ලෙස පිළිනොගන්නා බවයි.  ගෝල්ෆේස් අරගලකරුවන්ට විසිරී යෑම සඳහා අගෝස්තු මස 05 වෙනිදා සවස 05 වනතුරු කාලය ලබාදුන් නව ජනාධිපතිවරයා, නීතිය ශක්තිමත් කර අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය දුන්හ. 


මේ අයුරින් ගිනිගෙන දැවෙන රටක් - රනිල් වික්‍රමසිංහ මහතා අභීතව භාරගත් නිසා, මිල කළ නොහැකි බුද්ධිමය දේපළවලින් සමන්විත වූ, කොළඹ රාජකීය විද්‍යාලයට තමාගේ ඇවෑමෙන් පසු පවරා තිබූ, එතුමාගේ නිවෙස විරුද්ධවාදීන් විසින් ගිනි දෙවියාට පිරිනැමුවේ සිත්පිත් නොමැති මෘගයන් ලෙසය.
රනිල් ජනාධිපතිවරයා රට භාරගන්නා විට පාසල් වසා තිබුණි. ඔහු පළමුව කළේ වැසූ පාසල් සතියට දින තුනක් විවෘත කිරීමය. ඉතිරි දින දෙක නිවාසයේ සිට උගෙන ගැනීමට ඉඩ සලසා දුන්නේය. ලෝකය සමඟ සාකච්ඡා කිරීමට රටවල් රැසකට ගියේය. එවිට විරුද්ධවාදීන් පැවසුවේ රට සවාරි යනවා කියාය. ඒ සංචාරවලින් තෙල්, බෙහෙත්, සහල්, ගෑස් රටට ගෙන්වා ගත්තේය. ඔහු අවස්ථාවෝචිතව ජාතිය  අමතා රටේ පවතින තත්ත්වයන්, රට ගෙන යන ආකාරය, ජනතාවට කියා පෑහ. එවිට විරුද්ධවාදීන් පැවසුවේ, ජාතිය අමතා වාර්තාවක් තැබීමට රනිල් සූදානම් වන බවය. බදුගැසීමෙන් ජනතාව නොමරා මරන බව කීහ. රටේ දේපළ විකුණන නිසා ‘‘රනිල් යනු වික්කම සිංහයෙක්’’ ලෙස  ප්‍රායෝගික නොවන සෝපාහාසාත්මක දේශපාලන අර්ථනිරූපණ ජනගත කළහ.
ඔහු ගෙවී ගිය වසර දෙක තුළ රජයේ සේවකයාගේ පඩිපත රුපියල් දස දහසකින් වැඩි කළේය. පාසල් ශිෂ්‍යත්ව පිරි නැමීය. උපන් බිමේ අයිතිය ජනතාව සතු කළේය. කුලී නිවැසියන් නිවාස හිමිකරුවන් බවට පත් කළහ. කාන්තාවන් සවිබල ගන්වන පනත් සම්ම්ත කර ගත්හ. නිශ්චිතවම ඔහු රට යළිත් නිවැරදි දිශානතියකට ගෙනැවිත් ඇත. 
අයි.එම්.එෆ්.  මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කොට අවශ්‍ය මූල්‍ය  සහයෝගය ලබා ගනිමින්, සංවර්ධන කටයුතු යළි ඇරඹූහ. ණය ලබා ගත් රටවල් සමඟ  සාකච්ඡා කර ලබා ගත් සහන රැසකි. දැන් තිබෙන්නේ ජනපති පෙන්වූ ගමන් මගෙහිම ගමන් කිරීමය. ඔහු සතුව චාටු කතා නැත. සුරංගනා කතා නැත. රට්ටු අන්දවන අප්‍රයෝගික ව්‍යාජ චූර්ණිකා නැත. ඔහු ඇත්ත දකී. දකින දේ කියයි. ගතයුතු පියවර පහදා දෙයි. 2048 වන විට ලෝකයේ දියුණුම රටකට ඔහු අත්තිවාරම දමා ඇත. එයටද කුහකයෝ සිනාසෙති. ජනතාව මුලා කරති. 2030 වන විට රනිල් ජනපති නිවැරදි බව අදට වඩා ජනතාව පිළිගනු ඇත. 
අද ගිය ගිය තැන රනිල්ගේ ගුණ කියන මිනිසුන් දැකිය හැක.  ඔහු රටේම දුක නිවනු ඇත. මේ ඔහුගේ හෝරාවයි. ඔහුට සවිය බලයදී නැවත පත්කර ගැනීම ඔබේ වගකීමයි. ඒ වගකීම ඔබට මේ වසරේ උදාවනු ඇත. ලොව සත්‍යම ජයගනී. එය නියත දහමකි. එය ඉටුවන දිනය ඉතා දුරක නොව ඉතාම මෑතය. අපි ඔහුට ඉඩ දෙමු.

 



අදහස් (0)

රටේ ගිනි නිවූ තනි අලියා බලයට පත්වී අදට වසර දෙකයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1079 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6361 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6174 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2189 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site