IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘රටේ ඉහළ තනතුරු දරන්නන් විහිළු සපයන්නන් බවට පත්වෙලා’


 
 
විනීතා එම් ගමගේ
          
රටේ ඉහළ තනතුරු දරණ පුද්ගලයන් විහිළු සපයන්නන් බවට පත්වීමෙන් රටේ ගෞරවයටත් ජනතාවගේ ගෞරවයටත් හානි සිදුවන්නේ යැයි ශ‍්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවැසූහ. 


ශිෂ්‍ය නායක නිල ලාංඡන  පැළඳවීමකට ආරාධනා ලැබ ගිය පොලිස්පතිවරයාගේ හැසිරීම ඉතා පහත් තත්ත්වයේ බවත් මෙයින් ඉදිරියට හෝ එවැනි හැසිරීම් නවතා රාජකාරියේ ගෞරවය රකින පරිදි කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය. 


සෝමානන්ද හිමියෝ මේ අදහස් පළ කළේ නෙළුම් පෙදෙස පිහිටි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කියා සිටියහ. 
 

 ‘‘වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය ගැන කණගාටුවක් තියෙන්නේ. මහා සංඝරත්නය ආණ්ඩුවේ කටයුතු නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ වනවිට ස්වාමින්වහන්සේලා 48 නමක් සිරගත කරගෙන සිටිනවා. විහාරස්ථාන පවත්වා ගෙන යාමට  නොහැකි තත්ත්වයට පත්වෙලා. 


මේ රටේ භික්ෂුන් වහන්සේ හෝ වේවා ගුරුවරුන් හෝ වේවා කවර වෘත්තිකයන් හෝ වේවා ඒ අයගේ වෘත්තිය ගෞරවය රැකගෙන ක‍්‍රියාකිරීම  ඉතා වැදගත් වෙනවා. ඒ ඒ තනතුරු වල ගෞරවය රැකෙන පරිදි සියලූ දෙනා කි‍්‍රයා කළ යුතුයි.  


ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමකට පොලිස්පතිවරයා ගෙන්වලා තියෙන්නේ. එහි දී එම උත්සවයේ ගෞරවය අභිමානය රකින්න කටයුතු කරන එක පොලිස්පතිගේ වගකීමයි. අර ශිෂ්‍ය නායක දරුවන්ගේ මනසට පොලිස්පතිගේ කථාවෙන් යන්නාවු අදහස කුමක් ද කියා අපි අහන්න කැමතියි. 


විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා වේවා අනෙක් පුද්ගලයන් වේවා මේ අය පොලිස්පතිතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මෙවැනි ක‍්‍රියා නොකරයි කියා. වැදගත්  විදියට හැසිරෙන්න කියා අපි පොලිස්පතිගෙන් ඉල්ලා සිටිනවා.’’ යැයි ද උන්වහන්සේ පැවසූහ.  


බණ්ඩාරගම වික‍්‍රමශිලා පරිවේණාධිපති බණ්ඩාරගම චන්ද්‍රරතන හිමියන්, අකුරැස්සේ අරියසාගර හිමියන් සහ කන්දයායේ දේවානන්ද හිමියන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.    



අදහස් (0)

‘රටේ ඉහළ තනතුරු දරන්නන් විහිළු සපයන්නන් බවට පත්වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site