IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘‘රටේ නිෂ්පාදිත ආර්ථිකයක් ගොඩනඟනවා‘‘

(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එම් විතානගේ)

අපි ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාවය දෙන්නේ රටෙිි නිශ්පාදන ආර්තික ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන ව්‍යවසායකයාටයි. විදේශ ආයෝජකයාට දෙන සහනම දේශීය ආයෝජකයාටත් ලබාදෙන්නවා. තරුණ ව්‍යවසායකයා හා රටෙි ව්‍යාපාරිකයන් ශත්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා යැයිද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා බියගම මාකොලදී පැවසීය .

නාමල් රාජපක්ෂ මහතා එසේ කීවෙි පෙරේදා (30) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම මාකොල නගරයේ පැවති ජන හමුවෙිිදීය.

පොදු ජන පෙරමුණේ බියගම ප්‍රධාන සංවිධායක බියගම ප්‍රාදේශීය සභාවෙිි හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා  මෙම රැස්වීම සංවිධානය කළේය .

එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය

එන්න එන්නම රටෙිි රැකියාව වැඩිවෙනවා. තරුණ පරමිිපරාවකට රැකියා ප්‍රශ්ණයට විසදුමක් ලබාදිය යුතුයි.

සමහරැ ආර්තිවිකය බෙිිරගත්තා කිවවට ආර්ථික ප්‍රතිලාභ ගමට ගිහින් නැහැ. ආර්තිකයේ ප්‍රගතියක් තියනවා නමිි රැකියා උත්පාදනය විය යුතුයි . රැකියා උත්පාදනයක් නැහැ කියන්නේ ඉහල මටිිටමෙිි ආර්ථික ප්‍රතිලාභ ගමට ගිහින් නැහැ.

ඒ නිසා අපි පැහැදිලිවම ඊළඟ වසර පහ තුළ රැකියා ලක්ෂ 10 කුත් ඊලග වසර 10 ට රැකියා ලක්ෂ 20 කුත් නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා යැයි පැවසීය .

අළුත් පරමිිපරාව උතුරේද දකුණේද කියලා නෙමෙයි දකුණේ තරුණයාට තියන විරැකියා ප්‍රශ්නමය තමා උතුරේ තරුණයාටත් තියෙන්නේ. අධ්‍යාපන ආර්ථික ගැටළුත් එසේමයි.

රටක් ගැන හිතලා හරි දේශපාලන තීන්දු ගත්තා නමිි උතුරේත් දකුණේත් තරුණයාගේ ප්‍රශ්නය විසදෙනවා. සමහරවිට ඒ තීන්දුව ගත්තම දේශපාලකයාගේ ප්‍රශ්නය විසදෙන්නේ නැතිව ඇති.

පැහැදිලිවම අපි හදන ප්‍රතිපත්ති තුළ දෙවුන්දර තුඩුවෙිි සිට පේදුරු තුඩුව නියෝජනය කරන මෙිි මහ පොලවෙිි පය ගහලා ඉන්න තරුණයින්ගගේ විරැකියාවෙිි ප්‍රශ්නය විසදුමිි ගෙන එනවා.

 



අදහස් (20)

‘‘රටේ නිෂ්පාදිත ආර්ථිකයක් ගොඩනඟනවා‘‘

Rata Perata Saturday, 31 August 2024 12:54 PM

දැන් බලාගෙන ගියාම ඔක්කොම පක්ෂ NPP වගේ වෙලා. හැම පක්ෂයම කියන්නේ NPP ප්‍රතිපත්ති.

:       71       50

priyanka Saturday, 31 August 2024 01:14 PM

ඉතින් මෙච්චර කල් මොනවාද කළේ? අපි වට්ටපු රට හදන්න එන්නේ මේ අය... කාලකණ්ණි...!

:       30       45

MOHOMED Saturday, 31 August 2024 02:17 PM

අවුරුදු 15 අප්පච්චි... බාප්පා එකතුවෙලා පොල් ගැහුවද? තිබුණේ නෑ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. ඔය බයිලා වලට රැවටෙයි අපි...

:       22       43

Chathuri Saturday, 31 August 2024 02:40 PM

මේක රටක් මිසක් ළදරු පාසලක් නෙමේ. මෝඩ බේබිල්ස්ට පාලනය කරන්න. අප්පා දුන්නු පත්වීම් විතරයි. කෝ අධ්‍යාපන සුදුසුකම්. අප්පා රජවෙලා ඉද්දී තමන් මන්ත්‍රි ඊට පස්සේඇමති නමුත්‍ රටේ දේපල විනාශ කරමින්. මුදල් හොරාකෑවා මදිවාට නාස්ති කරපු හැටි... මෙයා වගේ කෙනෙක් කුඹුරු හාන්න මෙයාගේ කතා අහන්න ඇවිත් ඉන්නේ....

:       11       38

බද්රානි Saturday, 31 August 2024 02:51 PM

ආයේ අමුතුවෙන් කවුරුවත් මේ රටේ නිෂ්පාදන ආර්ථිකය නංවන්න දඟලන්න ඕනෑවෙන්නේ නැහැ. රාජපක්ෂ හොර කල්ලියෙන් මේ රට බේරා ගත්තොත් රට ඉබේටම දියුණු වෙයි. තක්කඩිකමට දෙකට බෙදිලා, එකට එකතුවෙලා හොරාකන මේ එකම කාසියේ දෙපැත්ත මෙන් සිටින කම්බා හොර කල්ලිය ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා.. තමන්ගේම ජාතිය මරා බලය ලබාගත් මිනීමරුවන් ගැනත් මේ රටේ ජනතාව දන්නවා... ඒ ලේවල ශාපය නුඹලා මත පතිත වෙන්න වැඩි දවසක් නැහැ.. එතෙක් වතුර හැලිය රත්වෙන තුරු තව හොඳට නටා පල්ලා..

:       26       32

චතුර Saturday, 31 August 2024 03:25 PM

කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂණය කිරීම සඳහා ඔබගේ පියාණන් විසින් දරන ලද උත්සාහය අපි අත් දුටුවෙමු. බීජ බෙදා දෙමින් ගෙවතු වගාවලට ද එදිනවල ජනතාව උනන්දු කළ අයුරු අපි දුටුවෙමු. සමස්ථයක් වශයෙන් රට භෞතිකමය දියුණුවක් ලැබූ අයුරු ද ඇසට පෙනෙන දේය... ඉන්පසු ජවිපෙය ප්‍රධාන විපක්ෂය විසින් රටේ ජනතාව තුළ වයිරය, ක්‍රෝධය මතු කරමින් ඔවුන් ඊනියා හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියකට යොමු කළේය. 2010 දී ආරම්භ කළ මේ බොරු පැල කිරීමේ ව්‍යාපාරය යම්තාක් දුරකට 2015 දී මල් ඵල ගැන්විණි. 2019 දී රට නැවත යහපත් ගමනක් ආරම්භ කළත්, ලෝක වශයෙන් ව්‍යාප්ත වූ කෝවිඩ් වසංගත තත්වයත්, යහපාලනයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හරහා උච්ච වූ ආර්ථික අර්බුදය හමුවේ එය පරාජය විය. නොසන්සුන් වූ ජනතාවකට වුනේ මොකක්ද කියා හෝ වෙන්නේ මොකක්ද කියා හෝ අවබෝධයක් නැත. එම නිසා නැවතත් ඔබට සිදුවන්නේ 2005-2015 දක්වා කාලය තුළ රටේ පැවැති ප්‍රබෝධය මතු කරලීමේ අභියෝගයයි. බොරුකාර විනාශකාරින් අභිබවා යාමේ අභියෝගයයි.

:       5       1

කලෝයි Saturday, 31 August 2024 03:50 PM

භද්‍රානි නෝනා තුළ ඇත්තේ ජවි පාක්ෂිකයන් තුළ ඇති රාජපක්ෂ ක්‍රෝධයයි. වයිරයයි. ඉරිසියාවයි. ඇයගේ කොමෙන්ටු පුරා නින්නාද වන්නේ එය පමණි. ඉන් රටකට ඇති වැඩක් නැත. අවැසි වන්නේ වඩාත් ඉදිරිවාදී විවේචනයන්ය. රාජපක්ෂවරුන් විසින් මේ රටට කර ඇති සේවය මෙවැනි නෝනා මහතුන්ගේ සිවල් නාදවලින් වැසිය නොහැකියි...!

:       3       0

සෑම් Saturday, 31 August 2024 04:36 PM

බාප්පත් ඕකමනේ කළේ...

:       3       21

Saman Saturday, 31 August 2024 04:55 PM

නාමල්ට රටක් කරන්න පුලුවන්... කතා අහලා බලන්න. වැදගත් විදිහට කථා කරන තරුණයෙක්...!

:       28       6

පොඩිඑකා Saturday, 31 August 2024 07:16 PM

පව් අප්පා, මෙයා මේ වචනවල තේරුමවත් හරියට දන්නවද මන්දා?

:       4       16

රම්සි Saturday, 31 August 2024 09:43 PM

නැතුව නැතුව, ඔය ළඟදී අතුරුගිරිය පැත්තේ අයිසුත් නිශ්පාදනේ කරලා තියෙන්නේ...!

:       0       2

ගමේ එකාලා Sunday, 01 September 2024 01:03 AM

පව්ලේ ඔක්කොම එකතුවෙලා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම බන්කොලොත් කෙරුවා. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි අය. කිසිම ලැජ්ජාවක් නැතිව ඡන්දේ ඉල්ලනවා මදිවට බොරු බේගලුත් ගහනවා...!

:       0       3

Wije Sunday, 01 September 2024 05:23 AM

හොරු හදාපු රටක් කොහේද මිත්‍රයා?

:       0       2

Swene Haputhantirige Sunday, 01 September 2024 05:39 AM

මම නම් හිතන්නේ මෙවර නාමල් ඉල්ලන්නේ දිනන්න බලාපොරොත්තුවෙන්ම නොවේ. තම නායකත්වය විශේෂයෙන් පොහොට්ටුව තුළ ස්ථාවර කරගන්න...

:       0       0

Priyantha Sunday, 01 September 2024 07:10 AM

ඔබලා කළේ ඔබලාගේ බඩට... රට කාපු ඔබලා ආයිනම් කවදාවත් මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න එපා..

:       0       2

Saththaya Sunday, 01 September 2024 08:15 AM

කිසිම ලැජ්ජා බයක් නැතුව රටම හිනස්සන එක ලෝක පුදුමයට කාරණයක්...!

:       0       1

ලක්ෂ්මන් Sunday, 01 September 2024 09:50 AM

අප්පා 1970 සිටම පාර්ලිමේන්තුවේ හිටියා... ඒත් නුගේගොඩ හාමුදුරුවෝ කිව්වේ අවුරුදු තිස් ගණනක් හිටියා කියලා තමයි... අපි හිතමුකෝ 1970 සිටි අප්පට හරියට අධ්‍යාපනය නැතුව හිටපු කෙනෙක් වුණත් අවුරුදු 5 පාර්ලිමේන්තුවේ හිටපු නිසා රටේ සංවර්ධනය වෙන්න ඕනෑ කොහොමද කියලා ඉගෙන ගන්න තිබුණා... ඒත් ඉගෙනගෙන තිබුණේ සෑම දේටම තමන්ගේ නම් ගසා ගැනීම පමණයි... ඒත් 1994 සිට බලවත්ම ඇමැති තනතුරු කීපයක් දැරූ අප්පට රටේ සංවර්ධනය ගැන අදහසක් තිබුනේ නැහැ... තිබුණේ කොහොම හරි මුදල් යටිමඩි ගහන්න පමණයි. පළමු උදාහරණය සුනාමි ආධාර ගසාකෑම.... ඉන් පස්සේ වුණත් කොමිස් කුට්ටි ලැබෙන දේවල් මිස විදේශ විනිමය ගන්න පුළුවන් කිසිම වැඩක් කලේම නැහැ. දැන් තමුන් කියනවා මහින්දෝදය විද්‍යාගාර තියෙන පාසල් විශ්ව විද්‍යාල කරනවා කියලා.. දැනට ලංකාවේ තියෙන විශ්ව විද්‍යාල හරියට නඩත්තු කරන්න බැරුව පාසල් විශ්ව විද්‍යාල කරන්නේ කොහොමද? ඉතින් එහෙම අනුවණයෙක් රටේ පාලනය ගතහොත් ලංකාවට දෙයියන්ගේම පිහිටයි...!

:       0       1

Dayasena Sunday, 01 September 2024 10:41 AM

රැස්වීම සඳහා ඇවිල්ලා ඉන්න පිරිස් දැක්කාම ලොක්කන්ට බැලමෙහෙවර කරන පිරිසක් කියලා හිතෙනවා... එහෙම නැති කිසිවෙකුට රට කාපු අයගේ රැස්වීම් සඳහා එන්න සමහර විට හිතෙනවා මොවුන් ගෝඨාභය කාලයේ රැකියා ලැබුණු නූගතුන් පිරිසක්ද කියලා...

:       0       1

Perera Sunday, 01 September 2024 11:06 AM

තව අපතයින්ව නිෂ්පාදනය කරලා ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්නද?

:       0       2

ගමේ එකාලා Sunday, 01 September 2024 02:59 PM

පවුලේ අය එකතුවෙලා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට ලෝකෙම හිඟාකන ජාතියක් බවට පත්කරලා හමාරයි. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වැරැදිකරුවන් වූ, අරගලයෙන් ජනතාව පන්නපු පවුලේ කෙනෙක්. ලැජ්ජාවක් නැතුව ඡන්දෙත් ඉල්ලනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 6160 35

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 4805 23

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 10244 24

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 884 6

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 514 9

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 1109 12

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17768 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site