IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රට බෙදන්න ඕන නෑ නමුත් බලය බෙදාගමු - එම්.ඒ.සුමන්තිරන්

සිරංගිකා ලොකුකරවිට

"අපිට මේ රට බෙදන්න ඕන නෑ. අපි මේ රට ඒකීයව තියාගමු නමුත් බලය බෙදාගමු" යැයි දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද (30) ගාල්ලේ දී පැවසීය.

නව ව්‍යවස්ථා වැඩපිළිවෙළ හා 20වන සංශෝධනය මැයෙන් ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ පැවති වැඩසටහනකදී ඒ මහතා එසේ පවසන ලදී.

එහිදී සුමන්තිරන් මහතා මෙසේ ද පැවසීය.

      "රටේ ප්‍රචාරයක් යනවා නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ආවොත් රට දෙකට කැඩෙනවා කියලා, අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන ප්‍රධාන කාරණාව තමයි රට එකට තියෙන්න ඕන කියන එක.

නමුත් ආණ්ඩු බලය බෙදා හරින්න ඕන. අපි දැන් වෙනම රාජ්‍යයක් ඕන කියන ඉල්ලීම අතහැරලා තියෙන්නේ. දිගු කාලයක් තිස්සේ පැවති මේ ප්‍රශ්නය දැන් නිරාකරණය කරන්න කාලය ඇවිත් දැන් තියෙන සමගි ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි වුනොත් කවදාවත් අවස්ථාවක් එන්නේ නැහැ.

අපිට මේක කරන්න පුළුවන් උනොත් ඉන් පසුව ජනවාර්ගික ප්‍රශ්නය කියලා දෙයක් නෑ"

එක්සත් වාමාංශික පෙරමුණේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න,ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ, ව්‍යවස්ථාව සම්බනධ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (10)

රට බෙදන්න ඕන නෑ නමුත් බලය බෙදාගමු - එම්.ඒ.සුමන්තිරන්

Bamunuarachchi Thursday, 30 August 2018 11:22 PM

එතකොට ඉබේම රට බෙදිලානේ හලෝ. ඔහෙලාට වෙනම බලයක් අපිට වෙනම බලයක්. එකම රටේ එකම බලයක් වියයුතුයි. මේක සිංහලයාගේ රට. ඔහෙලගෙ රට ඉන්දියාව.

:       0       68

K,A,K Perera Thursday, 30 August 2018 11:27 PM

ශ්‍රී ලංකාව කෑලි නවයකට ජේ.ආර්. බෙදුවේ ඔබගේ වුවමනාවට... දැන් මොනවද බලය ඉල්ලන්නේ? ඔය ඉල්ලන්නේ ප්‍රභාකරන් ඉල්ලපු බලය නේද?

:       0       45

Bamunuarachchi Thursday, 30 August 2018 11:31 PM

බලය බෙදිලා නමින් ඒකීය වෙලා මොකටද හලෝ? මේ සිංහල රටේ බලයත් එ්කීයයි, රටත් එ්කීය විය යුතුයි.

:       0       64

Bamunuarachchi Thursday, 30 August 2018 11:38 PM

මුලින් ඉල්ලුව දේටම යන්න වෙන ක්‍රමයක් නේද? වෙනම රටක් දෙන්නෙත් නැහැ වෙනම බලයක් දෙන්නෙත් නැහැ.

:       0       20

Bamunuarachchi Thursday, 30 August 2018 11:42 PM

ඔව් ඔව් යහපාලකයෝ ඉන්නකොට තමයි රටින් කෑල්ලක් ගත්තොත්... නැතිනම් වෙන කාගෙන් වත් හම්බවෙන්නේ නැහැ.

:       0       45

surath Thursday, 30 August 2018 11:52 PM

රටත් නොබෙදා, බලයත් නොබෙදා හිටියා වගේ ඉන්න සිංහල, දෙමළ ජනතාවට ඉඩදීලා ඔයාලා පැත්තකට වුනානම් නේද හොඳ?

:       0       44

ranjith Friday, 31 August 2018 12:18 AM

පළමුව බලය බෙදාගමු. දෙවනුව බටහිර රටවල් සහ ඩයස්පෝරාවේ උදව් ලබාගෙන රට කඩා ගෙන ඊලම පිහිටුවා ගනිමු.

:       0       95

සරත් Friday, 31 August 2018 08:03 AM

උඹලට වෙනම කෑල්ලක් දුන්නොත් දකුණේ ඉන්න දෙමළ සන්හරේම ගෙනියනවද? කියපන් බලන්න. වෙනම පාලනයක් ඕනේ නම් මෙහෙ ඉන්න දෙමළ අය සියල්ලම ගෙනියන්න.

:       0       71

l.t wasalage Friday, 31 August 2018 08:41 AM

ඒක හරියට නරියට කුකුළන් බාරදීලා බලාගනින් කියලා කිව්වා වගේ වැඩක්...

:       0       53

anura Friday, 31 August 2018 09:41 AM

ඔය දෙකේ වෙනස මොකක්ද කියලා පැහැදිලි කරලා දෙනවාද? අනෙක ශ්‍රී ලංකාවේ අගනුවර වාසය කරන්නේ බහුතරයක් කථා කරන භාෂාව භාවිතා නොකරන ජනතාවකි. එසේනම් කොළඹත් බලය බෙදීමකට ලක්කළ යුතුද? ලෝකයේ රටවල් බලය හෝ වෙනත් පදනමක් මත බෙදා වෙන් කළවිට සිදුවන්නේ විරුද්ධ පාර්ෂව අතර සදාකාලික අරගලයක් ආරම්භ වීමය. රටක පාලනබලය ප්‍රධාන ජාතිය සතුවීම නොවැළැක්විය හැකි කරුණකි. එසේ නොවුණහොත් අතීතයේ දකුණු අප්‍රිකාවේ සිදු වුණා වගේ සුළුතරය (සුදු ජාතිකයන්) රටේ පාලනය ගතහොත් භයානක කැරළි රටතුළ ඇතිවීම සිදුවේ. ලංකාවේ සමහර දේශපාලකයින් තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට මෙවැනි අදහස් ඉස්මතු කරගෙන දැඟලුවාට සාමාන්‍ය ජනතාව බලාපෙරොත්තු වන්නේ සහයෝගයෙන් එක්ව ජීවත් වීමයි.

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 571 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 783 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6317 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 732 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site