මෙවර මහමැතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වැදීමට - රත්නපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ජනක සේනාරත්න ද ඉදිරිපත් වී සිටියි. සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් සිය වෘත්තීය දිවිය ඇරඹූ ඒ මහතා, පශ්චාත් උපාධි ලැබීමෙන් අනතුරුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස කන්තලේ, කහවත්ත හා රාගම රෝහල් තුළ ද සිය සේවාව සපයා තිබේ.
රත්නපුර පොතුපිටිය මහා විද්‍යාලය හා සීවලි මැදි විදුහලේ ආදි සිසුවෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථයෙකු වන ඔහු ජාජබ රත්නපුර දිස්ත්‍රික් විධායක සභිකයෙකු, ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකුද වේ.
වෛද්‍යවරයෙක් ලෙස යහපත් සමාජ සේවයක් සිදුකරමින් සිටි ඔබ දේශපාලන මඩ ගොහාරුවට බහින්න හිතුවේ ඇයි?
දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක් නෙවෙයි. ඇත්තටම දේශපාලනය මඩ ගොහොරුවක් බවට පත්කළේ මේ රට මෙතෙක් කල් පාලනය කළ පාලකයන් විසිනුයි. වෛද්‍යවරයෙක් ලෙස මේ රටේ පවතින සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදය දිනපතාම වාට්ටුව තුළදී දකින්න ලැබුණා. උදාහරණයක් ලෙස මෑතකදී රත්නපුර ශික්ෂණ රෝහලේ 10 වාට්ටුවට අවුරුදු 75ක විතර පුද්ගලයෙක් එනවා කන්න දෙයක් නැතුව බඩගින්නට කොස් ගහක නැගලා කොස් කඩන්න යද්දි ඇද වැටිලා ශරීරයේ ස්ථාන හත අටක අස්ථි බිඳීගිය. ඒ වගේම අවුරුදු 20ක විතර විශ්වවිද්‍යාල යන්න සුදුසුකම් ලබපු දරුවෙක් බස් දෙකක් රේස් යාමේදී අත බසයෙන් එළියට දමාගෙන යද්දි උරහිස ගාවින් අතගැලවිලා. ඉතින් මේ රටේ හැම ක්ෂේත්රයකම අර්බුදයක් තියෙනවා. ප්‍රවාහන, කෘෂිකර්මය, අධ්‍යාපන, සෞඛ්‍ය අර්බුද වගේම මත්ද්‍රව්‍ය අර්බුදයත් රටේ පවතිනවා.
මේ අර්බුදවලට හේතුව දේශපාලනිකයි. ඒකට උත්තරයත් දේශපාලනිකයි. රුඩොල්ෆ් වර්චෝ කියන දාර්ශනිකයා කියලා තියෙනවා “දේශපාලනය යනු අන් කිසිවක් නොව මහා පරිමාණයෙන් වෛද්‍ය විද්‍යාවයි“ යනුවෙන්. ඒ නිසා වෛද්‍යවරු ලෙස මේ සමාජයේ දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස දේශපාලනය කිරීමේ ශුද්ධ වූ අයිතියක් තියෙනවා.
දේශපාලන ක්ෂේත්රයේ අත්දැකීම් නැතුව ජනතාව අපේක්ෂා කරන වෙනස ලබාදෙන්න ඔබට පුළුවන් ද?
දේශපාලනය කියන්නේ බලය ලබාගැනීම හා බලය පවත්වාගැනීම වෙනුවෙන් කරන අරගලය. දේශපාලනය පිළිබඳව දර්ශනයක්, අධ්‍යයනය කිරීමක් මා සතුව තිබෙනවා. විශ්ව විද්‍යාල සමයේ සිට දශක දෙකක පමණ කාලයක් දේශපාලන අධ්‍යයනයේ සිටිමින් භාවිතයේ යෙදෙමින් සිටිනවා.
හැබැයි පාර්ලිමේන්තුවට ගිහින් රට විනාශ කිරීම හෝ හොරාකෑමේ අත්දැකීම් නම් නෑ තමයි. නමුත් දේශපාලනය පිළිබඳ හැදෑරීමක්, ඒ පිළිබඳ උවමනාවක්, ඒ පිළිබඳ විභවයක් තියෙනවා. එහෙම විවිධ වෘත්තිකයන් පිරිසක් සිටිනවා.
අවුරුදු 40, 50 පාර්ලිමේන්තුවේ ඉදලා ධනය හා බලය රැස්කරමින් මේ රට කාබාසිනියා කිරීමේ අත්දැකීම් තියෙන අය හොඳටම කරලා තියෙනවානේ.
මන්ත්‍රීවරයෙක් ලෙස ඔබව පත්කරගත යුත්තේ ඇයි?
වෘත්තීය ජීවිතය තුළ වසර 14ක් ජ්‍යෙෂ්ඨ නේවාසික ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ලංකාවේ පළාත් 4ක රෝහල්වල සේවය කරලා ලත් අත්දැකීම් තුළින් ජනතාව විඳින දුක්ගැහැට, පීඩනය, ගැටලු පිළිබඳව සැළකියයුතු අවබෝධයක් මට තිබෙනවා. ඒ වගේම වසර 20කට අධික කාලයක් තිස්සේ වාමාංශික දේශපාලනය ඇසුරු කරමින් සංවිධානාත්මකව සාමුහිකව ජනතාව වෙනුවෙන් කැපවීමෙන් සමාජ පරිවර්තනය සිදුකිරීමේ උවමනාව හා සාමූහික බව තිබෙනවා.
රත්නපුරයේ ජනතාව වෙනුවෙන් ඔබ සතු සැලසුම් මොනවා ද?
ජාතික ජන බලවේගය ලෙස හා ජාතික විද්වත් සංවිධානය ලෙස අපට රත්නපුර දිස්ත්රිත්කකය වෙනුවෙන් සැලසුමක් තියෙනවා. ජනාධිපතිවරණයට පෙර අවස්ථා ගණනාවක් සාකච්ඡා කළා, රත්නපුරේ ප්‍රධාන අර්බුද හා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර ගැන.
ඉන් ප්‍රධාන කාරණයක් තමයි තේ කර්මාන්තය. කුඩා තේවතු හිමියන් ලක්ෂ 5න් ලක්ෂයක් ජීවත්වෙන්නෙ රත්නපුරයේයි. ඒ ආශ්‍රිතව අර්බුද රැසක් තියෙනවා. විශේෂයෙන් මිලක් නෑ, ඵලදායිතාව අඩුයි, තේ අපනයනය සම්බන්ධ ගැටලු තිබෙනවා. අපි ඒ සම්බන්ධව අධ්‍යයන ගණනාවක් සිදුකරලා තියෙනවා.
මැණික් කර්මාන්තය ආශ්‍රිතව ගැටලු ගණනාවක් තිබෙනවා. මැණික් කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ජීවිත සුරක්ෂිතතාව ගැන ගැටලු තිබෙනවා. මැණික් වලට නිසි මිලක් රටට ලැබෙනවද කියන ගැටලුව තිබෙනවා.
ඒ වගේම උඩවලව මිරිදිය ධීවර කර්මාන්තය, කොලොන්නේ එනසාල් වගාව ඇතුළු සුළුඅපනයන භෝග ගැන ගැටලු රැසක් තිබෙනවා.
රත්නපුර කියන්නේ සංචාරක තෝතැන්නක්. නමුත් එහි විභවය ඉතාමත් අවමයෙන් තමයි භාවිත කරලා තියෙන්නේ.
ඒ නිසා අපි මේ සියලු ක්ෂේත්‍ර ගැන අධ්‍යයනයක් සිදුකළා. ඒ අනුව විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටේ විශේෂතා සැලකිල්ලට ගෙන ඒ එක් එක් දේවල් ගොඩනගන්නේ කොහොමද හා මිනිසුන්ගේ ජීවිත උසස් කරන්න කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන මූලික අධ්‍යයනයක් කරලා තියෙනවා හා ඒ වෙනුවෙන් වැඩ කළ හැකි පිරිසක් අප සමග සිටිනවා.
ජාජබට ජනාධිපතිවරණයේ දී තිබුණු මහජන කැමැත්ත අඩුවෙමින් යන බව ඇතමුන් පවසනවා නේද?
ඔය ඇතමුන් කියන්නේ අවුරුදු 76ක් රට පාලනය කරලා රට බංකොලොත් කරලා හොරකම්, මැරකම්වලට සම්බන්ධ පිරිසුයි. ඔවුන්ගේ ක්‍රියාවලට දඬුවම් ලැබෙයි කියන බයට දැන් උත්සාහ කරනවා ජාජබ ආණුඩවක් එන එක වැළැක්වීමට හෝ ජාජබට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුකරන්න. මේ සඳහා තම හෙන්චයින් හා ඔහුන් සතුසමාජයට බලපෑම් කිරීමේ හැකියාවන් භාවිතා කරලා උත්සාහ කරමින් ඉන්නවා බිල්ලෙක් මවන්න.
ඔවුන්ගේ පැරණි පාලනයේ අවතාර හොල්මන් කරන ආයතන කිහිපයක් තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් පස්සෙ රත්නපුරයේ ඉතා වේගයෙන් පතල් වටලමින්, අත්අඩංගුවට ගැනීම් හා නඩු දැමීම් සිදුකරන්න ගත්තා. එසේම වෙළඳසල්වලට ඉතා සීඝ්රයෙන් නඩු දමමින් ගියා. පහුගිය වසර ගණනාවක් තුළ නොදැමූ නඩු ප්‍රමාණයක් සතියක් තුළ දාන්න ගත්තා. ජනතාව ඉතා පැහැදිලව අවබෝධ කර ගනිමින් සිටිනවා මේ පැරණි පාලනයේ අවතාරවල හොල්මන් කිරීමක් බව. ඒ නිසා ඇතැම් හොරුන් කියන දේවල් පිළිගන්න ජනතාව සූදානම් නෑ.
ජනතාවගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද? රත්නපුරේ ප්‍රතිඵලය කෙසේ වේවි ද?
ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. රත්නපුරේ ආසන අට තුළම ජනාධිපතිවරණයේදී වෙනත් පක්ෂවලට ඡන්දය දුන් පිරිස් අපිට ඇවිත් කියනවා, ඔවුන්ට බොරු බිල්ලෙක් මැවූ බව සහ මහ මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ජාජබ වෙනුවෙන් ලබාදෙන බව.
ජනාධිපතිවරණයටත් වඩා ලොකු ප්රබෝධයකින් ජනතාව ජාජබ වටා එක්වෙමින් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා, රත්නපුරේ ආසන 11න් 8ක් ජාජබට ලැබෙයි කියලා. සමහර විට ඒක ඊට වඩා වැඩි වෙන්නත් ඉඩ තිබෙනවා.
අවසාන වශයෙන් ජනතාව කිවයුතු දේ කුමක් ද?
අවුරුදු 76ක පවුල් 5ක මජර පාලනයෙන් රට බංකොලොත් කිරීමට විරුද්ධව ඔබ විසින් අනුර සහෝදරයා රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ කාර්යභාරය සම්පූරණ කිරීම වස් නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයේ දී ජාජබට වැඩි බලයක් සහිත ශක්තිමත් ආණුඩවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගතකිරීමට අනාගත පරපුරට අවස්ථාව සලසා දීමට සියල්ලන්ම පෙළ ගැසෙමු.
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.
ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා
මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය ම
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රත්නපුරේ ජන ජීවිතය උසස් කළ හැකි පිරිසක් අපට සිටිනවා - ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනක සේනාරත්න