IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රනිල් වික්‍රමසිංහ එක්ක කරන සටන අපි හරියට කරන්නම්

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 

 එස්.එම්. මරික්කාර් 

රටේ අලුත් දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියා මාර්ග විමසමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි. 


ප්‍ර: ආණ්ඩුවට විරෝධය පළ කරන්න කොළඹ ඇවිත් බේරේ වැවේ වතුර නාන්න වෙච්ච එක විතරයි නේද වුණේ ?


අපිට බේරේ වැවේ වතුර නම් නාන්න වුණේ නෑ. කඳුළු ගෑස්වලින් තමයි ආණ්ඩුවේ මුග්ධ ප්‍රතිපත්තිය ලෝකෙටම පෙන්වන්න පුළුවන් වුණේ.


ප්‍ර: ඒ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට මොන විදියේ බලපෑමක් වුණා කියල ද හිතන්නේ ?


ආණ්ඩුවට එල්ලවෙන බලපෑම් පේන්නේ දැන් නොවෙයිනේ. ඒකට ඡන්දයක් එන්න ඕනෑ. එච්චර මහ සෙනඟක් එන්නේ නෑනේ ජනතාවට පීඩනයක් නැත්නම් ? බදු බරින්, බඩු මිලෙන්, තෙල්වලින්, බිල්වලින්, ටැක්ස්වලින් ජනතාව හිර කරලා තියෙන්නේ. ඒ නිසානෙ ඔච්චර මහ සෙනඟක් ආවේ. ජනතාවගේ පීඩනය වගේම ආණ්ඩුවේ මුග්ධ ප්‍රතිපත්තිය, ඒ කියන්නේ මර්දනකාරී ප්‍රතිපත්තියක් හොඳට පෙනුණා. ඔන්ලයින් පනත, ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා ආණ්ඩුව මර්දනය මුදාහරින ආකාරය හොඳටම පෙනුණා. ඒකේ බලපෑම ඡන්දෙ දී පෙනේවි.


ප්‍ර: මෙතැන තියෙන්නේ ආණ්ඩුවට විරෝධය පෑම ද? එහෙම නැත්නම් මාලිමාව අභිබවා යාමේ උත්සාහයක් ද?


මාලිමාව අපට මොකක්ද? කොහොමත් රතු අලි පැටව් දැන් විරෝධතා ව්‍යාපාර කරන්නේ නෑනේ. ඒ ගොල්ලෝ දැන් ජනාධිපතිවෙලා ඉවරයි. ඇමැතිකම් බෙදාගෙන ඉවරයි. ආණඩු පිහිටුවලා ඉවරයි. ඒ ගොල්ලෝ දැන් කතා කරන්නේ ජනතාවගේ පීඩනය ගැන නොවෙයි.


සටනකින් තොරව ජනතාවට ජයග්‍රහණ ලැබෙන්නේ නෑ. අනික් එක මතක තියාගන්න. ඒ ගොල්ලෝ පටන් ගන්නේ සියයට තුනෙන්. අපි පටන් ගන්නම සියයට හතළිස් තුනෙන්. 


ප්‍ර: ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා කියලා ඔබ හිතන්නේ නැද්ද?


යම් වර්ධනයක් වෙලා තියෙනවා. මම ඒක නෑ කියන්නේ නෑ, එහෙම නෑ කියන්න තරමට මම මෝඩයෙකුත් නොවෙයි. නමුත් අපට සටනක් නෑ ඒ මාලිමාවත් එක්ක.


ප්‍ර: ජනාධිපති රනිල් මොන වගේ දේශපාලන උපාය මාර්ග අනුගමනය කරයි කියල ද ඔබගේ තක්සේරුව?


කිසිඳු උපාය මාර්ගයක් නෑ එතුමට. එතුමට පිනට ලැබුණු ජනාධිපතිකම ඔක්තෝබර් 16 වැනිදා වෙනකම් තියෙනවා. ඊට පස්සේ ඉතින් ගෙදර යන්න වෙනවා.


ප්‍ර: ජනාධිපතිවරණය තියයි ද? මොකද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සංවාදයකුත් ඇවිත් තියෙනවා?


අපි පැහැදිළිවම කියලා තියෙනවා මේ වෙලාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවකට අපි සහාය දෙන්නේ නෑ කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුයි, ජනමත විචාරණයකුයි ඕනෑ. මේ පාර්ලිමේන්තුවෙන් ඒ තුනෙන් දෙක ලැබෙන්නේ නෑ, ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි පැහැදිළිව තියෙනවා සැප්තැම්බර් 16යි ඔක්තෝබර් 16යි අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියලා.


ප්‍ර: විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ආරම්භයේ සිටම සමාජයෙන් මතු වුණා. ජවිපෙ ඉන්නෙත් ඒ ස්ථාවරයෙමයි ?


අපිත් ඒ ස්ථාවරයේ ඉන්නවා. නමුත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහට බලයේ ඉඳීම සඳහා හා පොහොට්ටුවේ හොර නඩය ආරක්ෂා කිරීම සඳහා පාර කපන කිසිම වැඩකට අපි පාර්ලිමේන්තුවේ අත උස්සන්නේ නෑ. මතක තියාගන්න පාර්ලිමේන්තුව තුළ ජේවීපී එකට තියෙන්නේ මන්ත්‍රී ආසන තුනයි. ඒ තුනෙන් මොකක්වත් කරන්න බෑ. 


ප්‍ර: පළාත් පාලන ඡන්දය කල් දැම්මේ සල්ලි නෑ කියලා. ඒ සූත්‍රයම ජනාධිපතිවරණයටත් ගෙනාවොත්?


මැතිවරණ කොමසාරිස් ජනරාල් එනවුන්ස් කළානේ ජනධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා කියලා. මොකද මැතිවරණ දෙපාර්තමේන්තුව තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ. අනික් මැතිවරණ වගේ නොවෙයි හරිද? ඒ නිසා ජනාධිපතිවරණය පවත්වන්න අවශ්‍ය මුදල් ලැබිලා තියෙනවා කියලා. ඔවුන් පැහැදිළිවම කිව්වා. මේක කොහොමටවත් කල් දාන්න බෑ. මොකද හේතුව, 1982 දීත් ජේ.ආර්. ජනාධිපතිවරණය කල් දැම්මේ නෑ. ජේ.ආර්. කොබ්බෑකඩුව එක්ක තරග කළා. පාර්ලිමේන්තු මැතිවරණය තමයි කල් දැම්මේ. ඒ තුනෙන් දෙකේ බලයෙන් හා ජනමත විචාරණයක් තියලා.


ප්‍ර: ඡන්ද තියන්න සල්ලි තියෙනවා නම් සල්ලි නැති නිසා කල් දාපු පළාත් පාලන මැතිවරණය තියන්න කියලා ඔබලා ඉල්ලන්නේ නැත්තේ ඇයි ?


පළාත් පාලන මැතිවරණය ඇත්ත වශයෙන්ම අපි තමයි සටන් කළේ තියන්න කියලා. එදා මැතිවරණ දෙපාර්තමේන්තුවට සල්ලි දුන්නේ නෑ. නමුත් මේ මොහොතේ ඉතිහාසයේ අන් කවරදාටවත් වැඩිය අද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට පාලකයන්ට පාඩමක් උගන්වන්නයි. ඒ නිසා මේ මොහොතේ අවශ්‍ය ආණ්ඩු මාරු කරන මැතිවරණයක්.
ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය තමයි ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව. එහෙම මැතිවරණයක් කියලා ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන්ම අපි පළාත් පාලන මැතිවරණයයි පළාත් සභා මැතිවරණයයි දෙකම තියනවා.


ප්‍ර: ජනාධිපති රනිල් එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් විපක්ෂයේ නෑ කියලා සමහරු කියනවා?


ඒ සමහරු කවුද කියලා කියන්න. මොකද ඔය කියන සමහරුන්ගෙන්ම තමයි එහෙම අහන්න වෙන්නේ. මොකද මට නම් එහෙම පේන්නේ නෑ, අපි තරම් කවුද රනිල් වික්‍රමසිංහව අඳුරන්නේ නේද? පොහොට්ටුවේ අයවත් රනිල් වික්‍රමසිංහව හරියට අඳුරන්නේ නෑ.


ප්‍ර: බලය ගන්න දැන් සටන් කරන්න වෙන්නේ නෑ ආරාධනා කරපු වෙලාවේ බාර ගත්තානම්? 


එක එක්කෙනා කියන විදියට අපි සටන් කරන්නේ නෑ. අපි සටන් කරන්නේ අපේ කලාව අනුව. ඒක නිසා රනිල් වික්‍රමසිංහ එක්ක කරන සටන අපි හරියට කරන්නම්.


ප්‍ර:  මගේ ප්‍රශ්නය වුණේ ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කරපු වෙලාවේ බාරගන්න තිබුණා කියලයි ?


අපි මේ පස්ස දොරෙන් හරි, ජනමතය විකෘති කරගෙන හරි ආණ්ඩු බාරගන්න සූදානම් නෑ. හරිද? ඔව්! අපි බාර ගත්තේ නෑනේ. අපට එහෙම චෝදනා කරනවනේ. එහෙමනම් ඡන්දය තියන්න කියන්නකෝ. එතකොට ජනතාව මොකක්ද කියන්නේ කියලා බලාගන්න පුළුවන්නේ.


අනිත් එක අපි ඒ වෙලාවේ ආණ්ඩුව ගත්තනම් අපිට පොහොට්ටුවේ ත්‍රාඩ නඩයක් එක්ක තමයි ආණ්ඩුව කරන්න වෙන්නේ. ඒක මේ රටේ ජනතාවගේ ඉල්ලීම්වලට පිටුපාන වැඩක්. ඒ වගේ වැඩ කරන්න අපි සූදානම් නෑ.


ප්‍ර: සමගි ජන බලවේගයේ නායකයෝ එක මතයක ඉන්න බවක් පේන්නේ නෑ. එක එක්කෙනා එක එක දේවල් කියන්නේ ?


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. කවුරු මොන මතය දැරුවත් අවසානයේ දී බහුතර මතයට එකඟ වෙන්න ඕනෑ.


ප්‍ර: හිටපු හමුදාපති දයා රත්නායක සජබෙට සම්බන්ධ කර ගැනීම ගැන සරත් ෆොන්සේකා විපක්ෂ නායක සජිත්ගේ පළු අරිනවා?


ඇත්ත වශයෙන්ම දයාරත්නයක මැතිතුමාව ගැනීම ගැන මම සම්බන්ධ වුණෙත් නෑ. මම ඒක දැනගෙන හිටියෙත් නෑ. නමුත් මෙහෙමයි. සන්ධානයක් ගහන්නේ නැතිව දිනන්න බැරි බව දේශපාලනය ගැන දන්න ඕනෑම කෙනෙක් තේරුම් ගන්න ඕනෑ.


1990 න් පස්සේ මේ රටේ සන්ධානවලින් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට කෘත්‍රිමව හදපු රැල්ල තුළ පවා ඒ වෙලාවේ ඒ ගොල්ලොත් සන්ධානයක් ගැහුවා. සන්ධාන ගහන්නේ නැතිව දිනන්න බෑ කියන යථාර්ථය තේරුම් ගන්න ඕනෑ, මොකද මොන දේ කරන්නත් ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්නත් රටේ අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර ආදී ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බලය තියෙන්න ඕනෑ. බලය ගන්න නම් සන්ධානයක් ගහන්න ඕනෑ.


ප්‍ර: සරත් ෆොන්සේකා පක්ෂයේ ඉන්නව ද?


ඔව්! එතුමා අපේ පක්ෂයේ සභාපතිවරයා.


ප්‍ර: සභාපතිත් නොදැන කොහොමද පක්ෂයක් ඇතුළේ වැඩ කෙරෙන්නේ ?


දැන් මෙහෙමනේ. විවිධ විධ අය, විවිධ විවිධ කොටස් බාර අරගෙන තියෙනවා. ඉතින් සන්ධානයක් ගහන්න නායකතුමාට බලය පවරලා තියෙනවා. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් දෙකකින්ම අනිත් එක සන්ධාන කියන ඒවා ඔබ දන්නවා දේශපාලන තුළ හැම වෙලේම කතා කර කර කරන්න බෑනේ. ඒ නිසා තමයි පක්ෂයක් තුළ නායකයාට බලය පවරන්නේ.
අපි එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්නකොට 2001 දී එක්සත් ජාතික පෙරමුණ හැදුවා. ඒ වෙලාවේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය පැවරුවා. 2015 දී අපි සන්ධානයක් හැදුවා. ඒ වෙලාවෙත් බලය පැවරුවේ පක්ෂ නායකයාට. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එනකම් අපි දැනගෙන හිටියෙත් නෑනේ. නමුත් අපි ජයග්‍රහණය කළා. 


ප්‍ර: සරත් ෆොන්සේකා කියනවා දයා රත්නායකව ගත්තා වගේ ගෝඨාභය රාජපක්ෂවත් ගනියි කියලා?


ඒක එතුමාගේ මතය. දයා රත්නායක හොරෙක්, දූෂිතයෙක් කියලා හංවඩු ගැහිලා නෑ කියලා තමයි මගේ අදහස. අපට මෙතැනදී පොහොට්ටුවෙන් යම් පිරිසක් ගන්න වෙනවා. ජාතිවාදය, ආගම්වාදය වපුරපු අය හැර දූෂණ සොරකම්වලට චෝදනා තියෙන අය හැර.


මම හැමදාම කියපු දෙයක් තමයි හැම දේශපාලන පක්ෂයකම පිරිසුදු මිනිස්සු ඉන්නවා. එහෙම අය අරගෙන සන්ධානයක් ගහන්න ඕනෑ. එහෙම නැතුව ටෝක් දිදී ඉඳලා හරියන්නේ නෑනේ.


ප්‍ර: ඔබ කිව්වා මාලිමාව දිනලා ඉවරයි කියලා හිතාගෙන ඉන්නවා කියලා. ඔබලා ඉන්නෙත් ඒ මානසිකත්වයෙන්මයි ? 


සිහින දකින්න ඒ ගොල්ලන්ට තියෙන අයිතියට අපි ගරු කරනවා කියන එක තමයි මම ඒකෙන් අදහස් කළේ. දිනලා ඉවරයි කියලා අපි කිසිසේත්ම හිතන්නේ නෑ. අපිට බලයට එන්න සෑහෙන්න අවස්ථාව තියෙනවා කියලා අපි කියන්නේ.


ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කරමින්, ජනතාව සංවිධානය කරමින්, ශාඛා සමිති හදමින්, විවිධ සම්මන්ත්‍රණ පවත්වමින්, අපි මේ සංවිධාන කටයුතු කරන්නේ ජයග්‍රහණය ඕනෑ නිසා. ජයග්‍රහණය කරලා ඉවරයි කියලා හිතනවා නම් අපි ඒවා කරන්න අවශ්‍ය නෑ.


චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මෛත්‍රීපාල සිරිසේන නායකත්වයෙන් අලුත් සන්ධානයක් එනවා.


ප්‍ර: හා හා එහෙමද? 

එහෙම සන්ධාන හැදෙන එක ඔබලාට තර්ජනයක් නොවෙයි ද?


අනේ ඔය වගේ සන්ධානවලට උත්තර දෙන්න මගේ කාලය ගැනීමත් ඔබේ වටිනා පත්තරයේ ඉඩ වෙන්කිරීමත් අපරාධයක්.

 

 

     සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

රනිල් වික්‍රමසිංහ එක්ක කරන සටන අපි හරියට කරන්නම්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 2230 3

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 3116 9

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 11006 41

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 7275 24

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 15721 28

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 1173 7

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 628 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site