(අජිත්ලාල් ශාන්ත උදය සහ රත්නපුර පී.ඒ.කේ. විජයසුන්දර)
රත්නපුරේ පරිසර හානිය වැළැක්වීමට සියලූ දෙනා තම වගකීම් ඉටු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රත්නපුරයේදී ඉකුත්දා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්නපුර මහ රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය සහ මහජන රථගාල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
රත්නපුරේ දානපති ව්‍යාපාරිකයන් වූ පුන්සිරි තෙන්නකෝන්, ප‍්‍රියන්ත ද සිල්වා, සුභාෂ් කරුණාරත්න සහ ඇමරිකන් ජාතික ලූවිස් ඇලන් යන මහත්වරුන් විසින් මෙම දෙමහල් ළමා වාට්ටු සංකීර්ණයට රුපියල් මිලියන 100ක් වැයකර තිබුණි.
ශ‍්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පිරිස පංචශීලයෙහි පිහිට වූහ.
උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙසේද පැවැසීය.
ප‍්‍රදේශයේ පරිත්‍යාගශීලීන් එක්ව රත්නපුර මහ රෝහලේ සංවර්ධනයට හේතුවන රෝගී ජනතාවට ප‍්‍රයෝජනවත් වන මේ ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වීමට අවස්ථාව ලැබීම ගැන මම බොහෝම සතුටු වෙනවා. රත්නපුර රෝහල මට අලූත් ස්ථානයක් නොවෙයි. පසුගිය වසර කිහිපය තුළ මේ රෝහලේ සංවර්ධනය සඳහා ගතයුතු තීන්දු තීරණ අරගෙන ප‍්‍රමුඛ සංවර්ධනයක් කරලා තියනවා.
මේ මාසේ මම රත්නපුරයට ආව දෙවැනි වතාව මෙයයි. ආපදා හේතුවෙන් ඉතා කටුක තත්ත්වයට පත් රත්නපුරේ ජනතාවට ලබාදිය යුතු සහන සම්බන්ධයෙන් සොයා බලන්නත් මේ මාසේ ආවා. ඇත්තටම රටක් විදියට අපි ජයගත යුතු අභියෝග රැසක් තියන බව අපි කවුරුත් දන්නවා.
ඩෙංගු මර්දනය සහ කැළිකසළ ඉවත් කිරීම ගැන ගම්පහ දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමට උදේ ගම්පහ රැස්වීමකට සහභාගි වුණා. ඊට පෙර කොළඹ දිස්ත‍්‍රික්කයේ පැවැත්වූවා. මේ සියලූ කටයුතු හමුවේ අපි හැමෝම සතුව අධිෂ්ඨානය, කැපවීම, ඕනෑකම තියනවා නම් මේ සියලූ ගැටලූ නිරාකරණය කරගත හැකි වෙනවා.
මේ රට හොඳ රටක් ලෙස ගොඩනගන්න දේශපාලනය සහ සමාජය ඇතුළු හැම ක්‍ෂෙත‍්‍රයකම විශේෂ කැපවීම අවශ්‍ය වෙනවා. රත්නපුර දිස්ත‍්‍රික්කයේ පාරිසරික තත්ත්වයන් සහ ඩෙංගු උවදුර ගැන රෝහල් අධ්‍යක්‍ෂතුමා කිව්වා. අද වනවිට ඩෙංගු රෝගීන් 527ක් මේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නවා කියලා. මේ තත්ත්වයන් මත ඉදිරි අවුරුදු විසිපහ තුළ රත්නපුර දිස්ත‍්‍රික්කය පවත්වාගෙන යාමේදී රත්නපුරේ ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු ජනතාවගේ කැපවීම කොතෙක් විය යුතු ද කියලා අපි සැලකිල්ලට ගත යුතු වෙනවා.
ජාතික ගොඩනැගිලි ඉදිකිරීමේ පර්යේෂණායතනය පසුගිය මාසයක කාලය තුළ නායයාම් සහ ගංවතුර පිළිබඳව රත්නපුර දිස්ත‍්‍රික්කයේ කරන ලද, පර්යේෂණයන් අපිට වාර්තා කළේ නුසුදුසු ස්ථානවල පතල් කැපීමෙන් ඇතිවෙලා තියන භෞතික වෙනස්වීම්වල තත්ත්වයන් ප‍්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියනවා කියලා.
අද මේ විපතින් හානියට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ දී මෙන්ම ඒ ජනතාව පදිංචිව සිටි තැන්වල අස්ථිරභාවය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියනවා. නව නිවාස ඉදිකිරීම් අලූත් ඉඩම් තෝරා ගැනීමේ දී රත්නපුර දිසාපතිනිය ඇතුළු කණ්ඩායම මොන තරම් ප‍්‍රශ්නවලට මුහුණ දීලා තියනවා ද?
සුන්දර රත්නපුරේ ජනතාවගේ ජීවන රටාවන් තුළ ඇති අස්ථිර බව, දුගී දුප්පත් බව ජන ජීවිතයේ අසුන්දරත්වයට හේතුවක්. මැණික් කර්මාන්තය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක් වගේම ඒ කර්මාන්තයේ යෙදෙන සෑම කෙනෙක්ම යුතුකමක් තිබෙනවා තමන් ජීවත්වන ප‍්‍රදේශයේ ජනතාවගේ ඉදිරි අවුරුදු සියය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම ගැන හිතන්න. තමන්ගේ ජීවත්වීම ගැන මෙන්ම අනෙක් අයගේ එම අයිතිය ගැනත් සිතන්න රත්නපුර දිස්ත‍්‍රික්කයේ සිදුවන පාරිසරික විනාශය බරපතළ තත්ත්වයක ඇති බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.
රත්නපුර සහ කළුතර දිස්ත‍්‍රික්කවල මේ ගංවතුර උවදුර ගත්විට පසුගිය ආණ්ඩු ගණනාවක් ඊට විසඳුම් දෙන්න අවශ්‍ය යෝජනා සහ ව්‍යාපෘති සකස් කරලා තියන බව ඔබ සැම දන්නවා. මේ සම්බන්ධ පළමු ක්‍ෂෙත‍්‍ර අධ්‍යයනය 1968 ඇමරිකන් රජය විසින් කරලා තියෙන්නේ. ඒවා ක‍්‍රියාත්මක කරන්න ක‍්‍රියා කළ අවස්ථාවල විරුද්ධ නොවුණා නම් රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල මේ ව්‍යවසනයන් ඇති නොවන්න ඉඩ තිබුණ බව පැහැදිලි කරුණක්. මේ කියන්නේ මම නෙවෙයි. තාක්‍ෂණ ශිල්පීන් ඇතුළු පිරිසයි එහෙම කියන්නේ.
රෝහල ගැන කතා කරනවිට රෝගීන් වැඩි නම් රෝගීන් අඩු කරන්න පරිසරය තුළ ඇතිකළ යුත්තේ කුමක් ද යන්න ගැන අපේ අවධානය යොමුවිය යුතුයි. රෝහලේ වෛද්‍ය සහ අනෙකුත් කාර්ය මණ්ඩල විසින් විශිෂ්ට සේවයක් ඉටුකරනු ලබනවා. මේ රටේ සෞඛ්‍ය පිළිබඳව කතා කරනවිට වෛද්‍ය සහ අනෙකුත් සේවාවවල තියන ඉහළ කැපවීම මම අගය කරනවා.
මීට දවස් හතරකට ඉස්සර ගම්පහ රෝහලට මම රාජිත ඇමැතිවරයා සමඟ ගිය විට ජීවිතයේ නොදුටු අමිහිරිම දසුන දැක්කා. වාට්ටුවලට ගියාම දැකපු දසුන් මගේ ජීවිතයටම දැක්කේ නෑ. ඉඩ මදිකම නිසා රෝගීන් විශාල අපහසුතාවන්ට පත්ව හිටියා ලොකු තදබදයක් තිබුණා.
අපි කඩිනම් තීරණයක් අරගත්තා. තාවකාලික වාට්ටු දෙකක් හදන්න හමුදාව බාරගත්තා. රෝගීන් කිව්ව දේ තමයි ටොයිලට් නෑ කියන එක. අපි එදාම ටොයිලට් ටික හදන්න ගත්තා. යුද, ගුවන් සහ නාවික හමුදාවේ වෛද්‍ය හෙදි කණ්ඩායම් වහාම එම රෝහලට අනුයුක්ත කළා. අපි ගිහිං පැය හතළිස් අටකට පසු මීගමුව රෝහලේ තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
රත්නපුරේ පාරිසරික විනාශයන්, රටක් විදියට ගත්විට කැළිකසළ ප‍්‍රශ්නය වගේම අනෙකුත් බොහෝ කාරණාවල දී අපට තියෙන්නේ රටේ සියලූ දෙනාගේ විනය සහ ශිෂ්ටත්වය පිළිබඳ ප‍්‍රශ්නයක්. මේ රට උසස් සංවර්ධනයක් තුළ යහපත් ආර්ථිකයක් ගොඩනගන්න, තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම සහ වගකීම ඉටුවනවාද කියන එක තම තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු කරුණක්.
හැමදාම හවසට රූපවාහිනිය දිහා බලා ඉන්න කෙනකුට හිතෙන්නේ මේ රටේ රටක් නෑ කියලා. ආණ්ඩුවක් නෑ කියලා හිතෙනවා. රූපවාහිනිය දිහා බලාගෙන හිටියම හෙට දවසේ මොනවා සිද්ධවෙයිද කියලා හිතෙන්නේ. ඒ විදියට අද මාධ්‍යයක් විදියට ආණ්ඩුව කරන සංවර්ධන කටයුතු ජනතාවගේ යහපත් ජනජීවිතය, යථා තත්ත්වය ඒ බොහෝ දේවල්, කණපිට හරවලා වඩාත් ආකර්ෂණය සඳහා මාධ්‍ය ආයතනත් අද කරන්නේ බොහොම නොසන්සුන්තාවන්, විනාශයන් පෙන්වන්නේ.
රටක් ගොඩනගන්න පාසල් දරුවාගේ සිට සියලූ ජනතාව දක්වා, උදේට නැගිට්ටාම පත්තරයක් බලන විට මාධ්‍යයක් නරඹන විට අහනවිට ප‍්‍රබෝධමත් දෙයක්, යහපත් දෙයක් තියෙන්න ඕනෑ. වටිනාකමක් තියන දෙයක් වෙන්න ඕනෑ. ආත්ම විශ්වාසයක් ඇතිකරගෙන තමන් ගොඩනැගිය යුත්තේ කෙසේ ද කියලා හිතන්න දෙයක් තියෙන්න ඕනෑ.
රාජ්‍ය සේවයේ සේවය කරන අයට හොඳින් සේවය කළ හැකි ආකාරයේ පණිවිඩයක් මාධ්‍යය තුළින් දෙන්න ඕනෑ. රටක් ගොඩනගන්න තමන්ගේ යුතුකම් කෙසේ විය යුතු ද කියලා පුරවැසියාට හොඳ පණිවිඩයක් මාධ්‍යයෙන් රටේ ජනතාවට දෙන්න ඕනෑ. නමුත් අද තියෙන්නේ ඒකේ අනික් පැත්ත.
මම අහලා තියනවා මේවා දකින ඇතැම් අය කියනවා මේවා මේ රටේ විතරයි වෙන්නේ ඒ වෙන්නෙත් රට කරවන අයගේ ග‍්‍රහචාරය අනුවයි කියලා. ඊයේ පෙරේදා අපි දැක්කා පකිස්තානයේ තෙල් බවුසරයක් අනතුරට පත්වෙලා තියනවා. ජනතාව තෙල් ගන්න එතැනයට ගියා. තෙල් බවුසරය පිපුරුවා සිය ගණනක් මියගියා. ගිය සතියේ චීනයේ නායයාමක් වුණා.
ජීවිත දෙසිය ගණනක් විනාශ වුණා. ඊට ඉස්සර ලන්ඩන් නගරයේ තට්ටු නිවාසයක් ගිනිගෙන ජීවිත සිය ගණනක් විනාශ වුණා. තවත් රටක ලැව් ගින්නකින් සිය ගණනක් මියගියා. ජපන් මුහුදේ චීන ජපන් අධිතාක්‍ෂණ නැව් දෙකක් හැපුණා. ජීවිත සිය ගණනක් විනාශයි. මිල කරන්න බැරි භෞතික සම්පත් කෝටි ගණනක් ඉවරයි. මේක තමයි ලෝකයේ තත්ත්වය.
අද ලෝකයේ කාලගුණය සහ දේශගුණය ගැන කතාකරන විට, අපේ රටේ එකපැත්තක ගංවතුර අනෙක් පැත්තක නිය`ගය. අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව උතුර ගත්තහම බොන්න වතුර නෑ. දකුණු ඉන්දියාවේ අද කෝටි ගණනකට බොන්න වතුර නෑ. අපේ කලාපය ගත්තාම රටක පැත්තක නියඟය අනික් පැත්තේ ගංවතුර. මේක තමයි සිද්ධවෙලා තියෙන්නේ. ගෝලීය උණුසුමත් එක්ක ස්වභාවධර්මයාගේ ඇතිවන මේ වෙනස්කමට අපි හැමෝම මුහුණ දියයුතු වෙනවා. අපිට ස්වභාවධර්මය පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ස්වභාවධර්මයා හැටියට අපි අනුගත වෙලා අපේ ප‍්‍රශ්න ගැටලූ විසඳාගන්න හැකියාව කැපවීම අපට තියෙන්න ඕනෑ.
විශේෂයෙන්ම රත්නපුර මහ රෝහලට මේ පරිත්‍යාගය කළ දානපතියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ආර්ථික වශයෙන් දියුණු රටක් ගොඩනගන්න, සමෘද්ධිමත් රටක් ගොඩනගන්න, සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගන්න ඔබේ සහාය ගෞරවයෙන් ආයාචනා කරනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා:
රුපියල් මිලියන සියයක් වැය කරලා මේ ගොඩනැගිල්ල සහ අනිකුත් සම්පත් ලබාදුන් පුන්සිරි තෙන්නකෝන්, ප‍්‍රියන්ත ද සිල්වා, සුභාෂ් කරුණාරත්න සහ ඇමරිකන් ජාතික ලූවිස් ඇලන් යන මහත්වරුන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා.
අද අපි රටේ දළ දේශීය ආදායමෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවාවට වෙනත් කිසිදු ආණ්ඩුවකින් නොකළ තරමේ විශාල මුදල් ප‍්‍රතිශතයක් වෙන් කරලා තියනවා. ඉතාම දියුණු රටක් මේ අංශ කෙරෙහි වියදම් කරන තරම් මුදලක් අපි වියදම් කරලා තියනවා. සීයට 1.75ක් මීට කලින් අධ්‍යාපනයට වෙන් කරලා තිබුණේ. අපි ඒක සීයට 6.6 දක්වා වැඩිකළා. සෞඛ්‍යයට වෙන්කරගෙන ආ සීයට 1.8 අපි සීයට 3.8 වැඩිකළා.
පාලම්, බෝක්කු, අධිවේගී පාරවල්වලට විතරක් නෙමෙයි අපි මුදල් වෙන් කළේ. උතුරේ පාරවල් හැදුවට ඒ මිනිස්සුන්ට යන්න වාහන තිබුණේ නෑ. අපේ වාහන යන දිහා බලා ඉන්න වුණේ. විදුලිය දුන්නට, වතුර දුන්නට මිනිස්සුන්ට ඒවා ගන්න සල්ලි තිබුණේ නෑ. රටක අනාගතය පැවතෙන්න අධ්‍යාපනයට, නිරෝගී බව රැුකෙන්න සෞඛ්‍ය සේවාවට මුදල් වැය කරන්න ඕනෑ. ඒවාට මුදල් වැය කළාට පිටට පෙනුමක් නෑ. නමුත් එහි ප‍්‍රතිඵල එන්නේ දිර්ඝ කාලීනවයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එන එක නිදහස් අධ්‍යාපනයට බාධාවක් කියලා අද කියනවා. ඉස්සර පිළිකා රෝගියෙකුට ආණ්ඩුව වියදම් කළේ රුපියල් ලක්‍ෂ පහළොවයි. ඊට පස්සේ ඒ රෝගියාට අත්වුණේ මරණයයි. අද අපි ලක්‍ෂ 150ක් පිළිකා රෝගියෙකුට වැය කරනවා. ජිවිත දානය දෙනවා. ඒක යහපාලනය ගත්ත පියවරක්. නිදහස් සෞඛ්‍ය කියන්නේ මේක නොවෙයිද?
හදවත් රෝගියෙකුට දෙන ස්ටෙන්ත් එකක් ලක්‍ෂ තුන හමාරයි. ස්ටෙන්ත් තුනකට මිලියනයක් යනවා කිව්වාම කනත්තට යන්න ඒ ලෙඩාට වෙන්නේ. අද අපි මේවා ලෙඩුන්ගෙන් මුදල් අය කරගන්නේ නෑ. ඒ නිසා එදා මියගිය හෘද රෝගියෙක් අද මිය යන්නේ නෑ. මේක නිදහස් සෞඛ්‍ය නෙවෙයිද?
එදා ඇස් රෝගීන්ට කාච දාන්න රුපියල් 30,000ක් කාච ගන්න ගෙවන්න වුණා. ඒ තත්ත්වය අපි නැති කළා. ඇස් කාචවලට මුදල් ගන්න එක අපි නැවැත්තුවා. නොමිලේ ඇස් කාච දෙන්න පටන් ගත්තා. වාර්ෂිකව ඇස් කාච 89000ක් අපි දුන්නා. නොමිලේ කරන නිසා නැතිබැරි අය ඇස් කාච දාන්න එන්න පටන් ගත්තා දැන් වාර්ෂිකව ලක්‍ෂයක් ඇස් කාච ඉල්ලූම තියනවා. අපි ඒක දෙනවා. මේක නිදහස් සෞඛ්‍ය නෙවෙයිද?
දින සියයේ ආණ්ඩුවෙන් කොළඹ ජාතික රෝහලට හොඳම රසායනාගාර පහසුකම් දුන්නා. තත්පර 30ක් ඇතුළත රුධිර පරීක්‍ෂණ 16ක ප‍්‍රතිඵල දෙන ඔටෝ ඇනලයසිර් එකක් දුන්නා. රෝහලේ ලේ පිටට ගෙනියන එක නැවැත්තුවා. රෝහල වටේට රසායනාගාර දාගෙන හිටපු අයට වැදුණා.
කිසිම රෝහලක ඖෂධ හි`ගයක් නෑ. ඔන් ලයින් තුළින් නැති ඖෂධය ළ`ගම රෝහලෙන් ගෙන්නා ගන්න වැඩපිළිවෙළක් හැදුවා. ඖෂධ නැත්නම් රෝහල් අධිකාරියේ අඩුපාඩුවක්. මේක නිදහස් සෞඛ්‍ය නෙවෙයි ද?
එදා මිලියන 350ක ඖෂධ කල් ඉකුත් වුණා. අද එහෙම නෑ. දුර ඈත පළාත්වල රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට අපි අර්ධ සුඛෝපභෝගී නිවාස සංකිර්ණ හදන්න ලබන සුමානේ ටෙන්ඩර් දානවා. ඊළ`ගට අනික් ශ්‍රේණිවල අයටත් ඒ ආකාරයේ නිල නිවාස හදන ව්‍යාපෘතියක් සකසනවා.
එදා තැලසීමියා රෝගීන්ට අත්වුණේ මරණය. අද අපි ඒ අයට ජීවිතදානය දීලා තියනවා. ඒ අයට නිසි ප‍්‍රතිකාර අපෙන් ලැබෙනවා. එදා ලිව්කේමියාව වැළඳුණු රෝගියෙකුට මරණය හැර විසඳුමක් තිබුණේ නෑ. අද ඔවුන් කිසිවෙකුට මිය යන්න ඉඩ තියන්නේ නෑ. මේක නිදහස් සෞඛ්‍ය නැති කිරීමක් ද?
එදා කොළඹ සහ පේරාදෙණියේ විතරයි වෛද්‍ය පීඨ තිබුණේ. අපි දැන් සබරගමුව විශ්වවිද්‍යාලයටත් වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න පියවර ගත්තා. භූමිය පවරාගෙන මූලික අවස්ථාවන් අවසන් කරලා. ඒ වගේ වෛද්‍ය පීඨ ගණනාවක් අපි පිහිටුවනවා. රෝගීන් ලක්‍ෂයකට වෛද්‍යවරු දෙසීයක් සිටිය යුතු නමුත් ඉන්නේ හැටයි. ඒ තත්ත්වය අපි වැඩි කළ යුතුයි. සමාජවාදය ගැන කතාකරන චීනයේ රජයේ විශ්වවිද්‍යාල 1200යි, පෞද්ගලික විශ්වවිද්‍යාල 1400යි.
අපේ රටේ බොහෝ දෙනෙක් පිටරට තියන තුට්ටු දෙකේ වෛද්‍ය විද්‍යාලවලට ගිහිං රුපියල් මිලියන 122ක් වැය කරලා ඉගෙනගෙන එනවා. ඉදිරියේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වගේ පහසුකම් සහිත රෝහලක් අපේ රටේ ස්ථාපිත කරනවා. යාපනය, නුවර සහ කරාපිටියේ පිළිකා රෝහල් ඇති කරනවා.
මේ තත්ත්වයන් හිතන්න. අපි තමයි නිදහස් සෞඛ්‍ය පහසුකම් ජනතාවට දුන්නේ. මේක නිදහස් සෞඛ්‍ය කප්පාදුවක් නෙවෙයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා:
එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්තයා මුල්ගල් තියපු මේ ගල්කඩුව ඉස්පිරිතාලේ මමත් රෝහල් අධ්‍යක්‍ෂ වෙලා හිටියා. මේ රෝහල ගොඩනගන්න පවිත‍්‍රා මන්ත‍්‍රීතුමිය කැට හෙල්ලූවා. කිසිදු ජාති, ආගම්, කුල භේදයක් නැතිව මෙහි සේවය ජනතාවට සැලසෙනවා. මැණික්වලින් රත්නපුරේ පිරුණත් සමස්තයක් ලෙස රත්නපුරේ දිළිඳුයි. අද මේ දෙමහල් වාට්ටු සංකීර්ණය වගේම අතිශය නවීන ලේ බැංකුවක් ලැබුණා. එහි සිංහල ලේ, දෙමළ ලේ, මරක්කල ලේ තියෙනවා. මේ ලේවලට අපි බෙදුනොත් ඒක අපේ අපලේ. එහෙම වුණොත් අපට අකාලේ මැරෙන්න වේවි. අපි ඩෙංගුවලින් තොර දේශයක් ගොඩනගන්න එක්වෙමු.
රත්නපුර මහ රෝහල් අධ්‍යක්‍ෂ එස්.පී.ඒ.එල්. රණවීර මහතා:
වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිව ඉන්න කාලේ මේ රෝහලට තුන් වතාවක් ආවා. 2014දී ව්‍යාපාරික පුන්සිරි තෙන්නකෝන් සහ ප‍්‍රියන්ත ද සිල්වා මහත්වරු දෙන්නා තමන්ගේ ලක්‍ෂ 400ක ධන පරිත්‍යාගයෙන් ඉදිකළ ශල්‍ය වාට්ටු දෙක විවෘත කරන්න එදා ආවේ.
අද ජනාධිපති වෙලා ආවේ ඒ මහත්වරු දෙන්නා සමඟ සුභාෂ් කරුණාරත්න සහ ඇමරිකන් ජාතික ලූවිස් ඇලන් මහත්මයා යන හතර දෙනා ලක්‍ෂ 1000 වැය කරලා හදපු දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කරන්න.
රෝහල් කමිටුවේ නියෝජ්‍ය සභාපති යූ. චන්ද්‍රසේන මහතා.:
රෝහල් කමිටුව 2008 ඉඳලා මේ වනවිට රුපියල් ලක්ෂ 2000ක වටිනාකමකින් යුතු පරිත්‍යාග රෝහලට ලබාදීලා තියනවා. පසුගිය මහ ගංවතුරට රත්නපුරේ ව්‍යාපාරික ප‍්‍රජාව විපතට පත් ජනතාවට දින දහයකට ඇතිවෙන්න ආහාර බෙදලා දුන්නා. පාසල් ළමයින්ගේ පාඩම් පිටපත් කරලා දුන්නා. දැන් ගෙවල් අහිමි 25 දෙනෙකුට අංග සම්පූර්ණ ගෙවල් හදලා දෙන්න ක‍්‍රියා කරනවා. අපේ රෝහල් කමිටුවේ නිල කාලය දැන් අවසන්. හොඳ කට්ටියක් ඉදිරියට පත් කරන්න.
ඇමැති ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, ඇමැතිනි තලතා අතුකෝරළ, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.ඒ. විජේතුංග, පවිත‍්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද රත්නපුර දිස්ත‍්‍රික්කයේ ව්‍යාපාරික ප‍්‍රජාව ද ඇතුළුව විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය)
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
’’රූපවාහිනිය බලද්දි හිතෙන්නේ මේ රටේ ආණ්ඩුවක් නෑ කියලා’’
minipe Wednesday, 05 July 2017 02:53 PM
සර්, මට නම් රුපවාහිනී නොබලත් ඕකම හිතෙනවා.
anura Friday, 07 July 2017 06:58 AM
ඔබතුමා හැම දේම දැන ගන්නේ රූපවාහිනියෙන් හරි පත්තරෙන් බලලනේ. ඇයි ඔබතුමාට තොරතුරු දැන ගන්න වෙනත් ක්‍රමයක් නැද්ද? අර වළගම්බා රජතුමා වගේ වෙස් වළාගෙන රටේ ඇවිදින්න. එතකොට පෙනෙයි රටේ ඇත්ත තත්වය.
Senarsth Friday, 07 July 2017 09:21 AM
ආණ්ඩුවක් තියෙනවා නම්.., අවුරුදු 2 ට කරපු වැඩකුත් තියෙන්න ඕනෑ නේ. කට්ටියම එකතුවෙලා රටේ සම්පත් ටික නම් කොල්ලකනවා නේද?
Pradeep Liyanage Saturday, 08 July 2017 04:11 AM
ස්වාභාවික විපත්, ව්‍යසන, හදිසි අනතුරු ලෝකයේ අනෙකුත් රටවලත් සිදු වෙනවා තමයි. ඒත් අපේ රටේ වගේ සිදුවීම් සිදුවෙනවා දැයි ප්‍රශ්නයක්. කුණු කඳු කඩා වැටි මිනිසුන් සහ දේපල විශාල ලෙස විනාශවීම, ආයුධ ගබඩා පිපිරී සාමාන්‍ය ජනතාව සහ දේපල විනාශවීම මේවා පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවන දේවල් මිසක් හදිසි අනතුරු නොවෙයි. ජනතාව දුක් විඳිද්දී පාලකයන් සුපිරි වාහන ගෙන්වා ගැනීම, රාජ්‍ය මුදල් අමු අමුවේ කොල්ල කෑම, රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය බෙහෙත් සහ රෝහල් පහසුකම් නොමැති අවධියක පාලකයන් විදේශීය සුපිරි රෝහල්වල ප්‍රතිකාර ගැනීම යනාදී දේවල් ගැනත් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි.
de silva berlin Saturday, 08 July 2017 11:21 AM
ජනතාව ඔබතුමා ජනාධිපති වශයෙන් පත් කලේ රටපාලනය කිරීමට මිසක් වෙනදේකට නොවේ. කරුණාකර දැන්වත් තිබෙන බලතල පාවිච්චි කර කෙලින් තීරණ අරන් රටපාලනය කරන්න. කෙළින් තීන්දු නොගෙන පැලැස්තර ඇලවීමේ ප්‍රතිපත්තියක සිටින නිසා රටේ ප්‍රශ්න දිනෙන් දිනම වැඩි වෙන අතර රටේ අවුල්සහගත වාතාවරණයක් ඇතිවී ආර්ථිකය දිනෙන් දින පිරිහෙන බව නොපෙනේද?
jeewa Saturday, 08 July 2017 02:00 PM
වැඩකට නැති අය රජ වුණාම ඔහොම තමා...
de silva Saturday, 08 July 2017 02:43 PM
ඔව්, ඔබතුමා දන්නේ නැති වුනාට රටේ ආණ්ඩුවක් තිබෙනවා. ඔබතුමා එහි විධායක බලතල සහිත නායකයා.. ඔබතුමාට රටේ අමතිවරු පත් කරන්නත්, ඉවත්කරන්නත් පුළුවන්,.. තව ගොඩක් දේවල් කරන්න බලතල තිබෙනවා ,
de silva berlin Saturday, 08 July 2017 04:33 PM
ජයවර්ධන , ප්‍රේමදාස , රාජපක්ෂ යන ජනාධිපතිවරු ගත්ත සමහර තින්ධු තීරණ ගැන මම සතුටු වෙන්නේ නැහැ , නමුත් ඔවුන් හරි හෝ වැරදි වේවා කෙලින් තීරණ අරගත්තා , ක්‍රියාත්මක කල , එහෙම නැත්නම් ජයවර්ධන ජනාධිපතිට මහවැලි වියාපාරය නිම කරන්න ලැබෙන්නේ නැහැ , ප්‍රේමදාස ජනාධිපතිට නිවාස දස ලක්ෂය සද , ජ වී පෙ කැරැල්ල නිම කරන්න ලැබෙන්නේ නැහැ , රාජපක්ෂ ජනාධිපති තුමාට යුද්ධය දිනන්න ලැබෙන්නේ නැහැ ඔවුන් කවදාවත් ඔයවගේ කතා කියමින් ජනතාව ඉදිරියේ ආඩපාලි කිවුවේ නැහැ , තිබෙන බලතල උපරිමයෙන් පාවිච්චි කරමින් පුළුවන් දෙයක් කරන්න , යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද ?
Dinuka Qatar Saturday, 15 July 2017 05:00 AM
ඒ කතාව නම් ඇත්ත.. මොනවා වුණත් රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා දැනෙන්න නම් කෙළින් වැඩකරන ජනපතිකෙනෙක් එන්න ඕනෑ..