IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු

(අංජුල මහික වීරරත්න)

මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩි වීම ලබා දීමට සැලසුම් කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා අදාල  පඩි වැඩිවීම දෙන්නට බැරි නම් ඊට වෙන් කෙරුණු මුදල් කොහිදැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ අද (23)පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අප රජය විසින් රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ නීත්‍යානුකූල භාවය ගැන මා කරුණු පැහැදිලි කරන්නට මා සිතුවා.රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අප ගනු ලැබූ කැබිනට් තීරණය ගැන පැහැදිලි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 43 වගන්තිය යටතේ එම කාර්ය කර තිබෙනවා.

 අප එම වේතන වැඩිවීම සිදු කළේ සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.එම වේතන වැඩි කිරීමේ ඉල්ලීම සාධාරණයි. 2022 වසර වන විට  ජනතාවගේ වේතන වල වටිනාකම සියයට පනහකින් අඩු වුණා. ඔවුන් ජිවත් වුණේ අමාරුවෙන්.

ඔවුන්ට ණය වෙන්නට සිදු වුණා.සමහර අයට දේපොළ විකුනන්නට සිදුවුණා.මා පාලනය බාර ගත් මුල් යුගයේදී ඔවුන්ට සහනයක් දෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. මා එය රටට ප්‍රකාශ කළා. සමහරු විසි දහසකින් පඩි වැඩි වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.

2024 වසරේදී මා රුපියල් දස දහසකින් වේතන වැඩි කළා.නමුත් එම රුපියල් දසදහස ප්‍රමාණවත් නැහැ.  මුදලේ වටිනාකම සියයට පනහකින් අඩු වූ විට ජනතාවට ප්‍රශ්න ඇති වෙනවා.සමහර දරුවන් උදෑසන කෑම නොගෙන පාසල් පැමිණි අවස්ථා තිබෙනවා.බොහෝ පවුල් වල දරුවන් ටියුෂන් පන්ති යෑම නතර කළා. හොඳ හෝ නරක හෝ අද ටියුෂන් පන්ති අවශ්‍යයි.

 මෙම සමාජ පද්ධතීන් කඩා වැටෙනවට මා කැමති වුණේ නැහැ. ඒ අනුව  රාජ්‍ය සේවක පඩි වැඩිවීම සම්බන්ධයෙන් සොයා බැලීමට මා උදය සෙනෙවිරත්න කමිටුව පත් කළා. ඔවුන්ට තීරණයක් ගැනීමට මාස තුනක කාලයක් ලබා දුන්නා. නමුත් කමිටුව ඊට පෙර වාර්තාව ලබා දුන්නා. මා කමිටු සභාපති උදය සෙනෙවිරත්න මහතාගෙන් ඒ පිළිබඳව විමසුවා.මෙය විශාල ප්‍රශ්නයක් බැවින්  ඊට උපකාර කළ යුතු බව ඔහුත් සඳහන් කළා.

අදාළ වේතන වැඩි කිරීම සඳහා කොපමණ මුදලක් වැයවෙනවා දැයි මා විමසුවා.ඔහු කියූ මුදල ලබාදෙන්නට හැකියාව තිබේදැයි මා භාණ්ඩාගාර ලේකම්ගෙන් විමසූ විට ඔහු පැවසූයේ එතරම් මුදලක් ලබාදීමට නොහැකි බවයි.අපගේ අයවැයට මෙතරම් මුදලක් දරාගන්නට නොහැකි වනු ඇතැයි ද භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දුන්නා. ඒ කාරණය උදය සෙනෙවිරත්න මහතාට දැනුම් දෙන ලෙස මා පැවසුවා. එමෙන්ම ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කොට අදාල පඩි වැඩිවීම කරන්නේ කෙසේදැයි සොයා බලන ලෙසත් මා පැවසුවා.

ඒ පිළිබඳව සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණ තිබෙන බවත් පඩි වැඩි වීම එකවර නොදී එක වසරකදී සියයට පනහක් ලබාදී අනෙක් වසරේදී ඉතිරි පනහ ද ලබාදීමට හැකියාව තිබෙන බවත් පසුව ඔවුන් මට දැනුම් දුන්නා. 

ඒ අවස්ථාවේදී මා මගේ ලේකම්ව සිටි සමන් ඒකනායක සමග පළමුවෙන් සාකච්ඡා කළා.එමෙන්ම මගේ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග සමගත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සමගත් මා සාකච්ඡා කළා. අවසානයේදී අප මෙලෙස පඩි වැඩීම ලබාදීමට එකඟතාවයට පැමිණියා.

අපි එකඟ වූ අයුරින් පඩි වැඩි වීම කළත් මුදලේ වටිනාකම අඩු වීමේ අවාසිය පියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ.නමුත් මේ තීරණය නිසා යම් සැලකිය යුතු පමණකට අස්වැසිල්ලක් ලැබෙන බව අප දැනගෙන සිටියා.

ඒ අනුව රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව මා ඉදිරිපත් කළා. එම කැබිනට් පත්‍රිකාවට මා අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියටයි.ඒ අනුව මෙම තීරණයට භාණ්ඩාගාරයේ අදහස් වුවමනා වන්නේ නැහැ.කැබිනට් මණ්ඩලයට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්.අප දැන් සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ එක්සත් රාජධානියේ කැබිනට් අත්පොත අනුවයි.

සාමූහික තීරණය කුමක්ද යන්න සාරාංශ කිරීම අමාත්‍ය මණ්ඩලයේ සභාපතිවරයාට පැවරෙන අතර එය අමාත්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලය විසින් සටහන් වලින් නියම කර ඇත යනුවෙන් එහි සඳහන්ව තිබෙනවා.

ඒ කියන්නේ අප යම් තීරණයක් ගැනීමට ඡන්ද විමසන්නේ නැහැ.කැබිනට් මණ්ඩලයේ සභාපතිවරයා විසින් තීරණය ප්‍රකාශයට පත් කරනු ලබනවා.එය 4:3 වගන්තියෙහි සඳහන්ව තිබෙනවා.

එම තීරණය අප වාර්තා කර තිබෙනවා.

4:7 වගන්තියෙහි තිබෙන්නේ සාමූහික තීරණ ගැනීමේ නිශ්චිත විධිවිධාන තීරණය කිරීම වත්මන් රජය සතු කාර්යයකි, යනුවෙනි.

සමහර විට පත්‍රිකා නොමැතිව අප තීරණ ගන්නවා.විෂය භාර ඇමතිවරයාගේ අදහස් වලට විරුද්ධ අදහස් ලබා ගන්නවා.

මා මිත්‍ර විජිත හේරත් මහතා කැබිනට් මණ්ඩලයක මීට පෙර හිටියා කියා මා හිතන්නේ නැහැ. අප ආණ්ඩුව විසින් ගත් රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි.

අමාත්‍යංශයක් කියන්නේ සංවිධානයක්.සංවිධානයට පනත් නැහැ.අමාත්‍යංශය  ගෙන යන්නේ ව්‍යවස්ථාවේ 52 වගන්තිය යටතේ ඇමතිවරයායි. ඇමතිගේ නියෝගය යටතේ ලේකම්වරයා විසින් අමාත්‍යංශය ගෙන යනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශ යෝජනා අනුව කැබිනට් මණ්ඩලයට යැවීමට පත්‍රිකා එවන විට ඇතැම් විට මා ඊට එකඟ වී අත්සන් කරනවා. ඇතැම් පත්‍රිකා වලට එකඟ නොවේ නම් ඊට මගේ අදහස කියනවා.

ජනාධිපතිවරයා ලෙස මා අදාළ පඩි වැඩි කිරීමේ යෝජනාවට අත්සන් කරන විට මා එලෙස අත්සන් කරන්නේ ජනාධිපතිවරයා ලෙස පමණක් නොවේ.ජනාධිපතිවරයාට අයත් අමාත්‍යංශ සියල්ලේම ඇමතිවරයා ලෙසයි.

මා මේ පඩි වැඩිවීම ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ලෙසයි.ජනාධිපතිවරයා ලෙස අදාළ පත්‍රිකාවට අත්සන් කරන විට නැවත මුදල් අමාත්‍යාංශය ලෙස ලිපි ශීර්ෂ ඉදිරිපත් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ජනාධිපතිවරයා ලෙස අත්සන් කිරීම නීත්‍යානුකූලයි.

ඒ අනුව අදාල රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගෙවිය යුතුයි.ඒ වැටුප් වැඩිවීම ලබාදෙන්න අපට පුළුවන්. මෙම වැටුප් වැඩිවීම අප අනුමත කළේ ඒ සම්බන්ධව සලකා බැලීමෙන් පසුවයි.

එමෙන්ම මේ වැටුප් වැඩිවීම ලබා දීමේදී මා සලකා බැලූ තවත් කාරණයක් තිබෙනවා. ඒ අපගේ රාජ්‍ය ආදායම සියයට දොළහේ සිට ලබන වසර වන විට සියයට දහතුනක් කිරීමට අවශ්‍ය බවයි.මා ඒ අනුව මේ වැටුප් වැඩිවීම අනුමත කර තිබෙනවා.

අදාල වේතන වැඩිවීම ලබාදීමට මුදල් තිබෙනවා. මුදල් නැතැයි කියනවා නම් ඒක පුදුම කතාවක්. එලෙස පඩි වැඩි කිරීමට තිබූ මුදල් කොහිදැයි ආණ්ඩුව විස්තර කළ යුතුයි.

මේ පඩි වැඩි වීම කල් දාන්න එපා.මොකද ජනතාවට ජීවත් වන්නට හැකියාවක් නැහැ.

මාලිමාව දුන්න පොරොන්දු ඉටු කරන්න බැරි නම් අප දුන්න පොරොන්දු හරි ඉටු කරන්න.

මේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ යුතුයි.

මගේ අදහස තිබුණේ මා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් දෙසැම්බර් මාසයේදී හෝ ජනවාරි මාසයේ මුල් සති දෙකේදී මෙම වැටුප් වැඩිවීම සම්මත කොට ජනවාරි අවසානයේ වැටුප ලබාදීමටයි. දැන් මේ වැටුප් වැඩිවීම ලබාදීම කල් දාන්න උත්සාහ කරන්න එපා.

ජනතාවට සිංහල අවුරුද්ද සමරන්න මුදල් අතේ තිබිය යුතුයි.මේ වැටුප් වැඩිවීම නීත්‍යානුකූලයි.

දැන් රාජ්‍ය සේවකයන් මේ සටන ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා.මේ සටන දැන් තිබෙන්නේ ඔබේ අතේ.දැන් සජබෙ ගිහින්  අනුර දිසානායක ජනාධිපතිතුමාට සහාය දෙන බවත් හැප්පෙන්නේ නැති බවත් කියා තිබෙනවා.ඉතින් මේ වගකීම ඔබ භාරගෙන ඉදිරියට ගෙන යා යුතු යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (15)

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු

විජිත් Wednesday, 23 October 2024 07:26 PM

මුළු රටටම හොරෙන් ඊශ්‍රාෙයල් හමුදා භටයින්ට මානසික සුවය ලබන්න කියලා අරුගම්බේ පැත්තේ තැනක් හදලා රටේ නැති ප්‍රශ්නයක් ඇතිකරලා දැන් තවත් ප්‍රශ්නයක් හදන්නද ලැහැස්ති වෙන්නේ...? ගරු අනුර කුමාර ජනාධිපතිතුමනි මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට අරගෙන ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කිරීම ගැන ප්‍රශ්න කරන්න. ආරක්ෂක අංශ වලට නියෝග කරන්න. මෙයා තව මොනවා කරලද කවුද දන්නේ?

:       40       115

sirisena Wednesday, 23 October 2024 09:13 PM

කාන්තවන් එක මිටට ගෙන්වා ජන්ධිපතිවනයේ දී පොරොන්දු වූ පරිදි මහා මැතිවරණයෙන් පසු වැටුප් වැඩිවීමක්, ඉන්දන සහ ගෑස් මිල අඩුවීමක් , ජල විදුලි බිල අඩුවීමක්, vat බදු 10% දක්වා සහනයක් ලබා දෙන්න,

:       16       28

shantha Wednesday, 23 October 2024 07:27 PM

ඕවාට මිනිස්සු අහුවුන කාලේ ඉවරයි සීයේ , ඔයාට එක ආසනයක්වත් නැහැ.

:       35       124

Indhika Wednesday, 23 October 2024 07:34 PM

පරදින බව දැනදැන ඉටු කරන්න බැරි පොරොන්දු දුන්නු බව නොතේරෙන තරම් මෝඩයෝ ලංකාවේ ඉන්නේ කියලා හිතන්න තරම් රනිල් මෝඩයි වගේ..

:       31       116

Nimal Wednesday, 23 October 2024 08:21 PM

වෙන් කරපු සල්ලි කොහෙද කියලා අහගන්න අර්ජුන මහේන්ද්‍රන්ගෙන්.

:       21       73

Rohana Wednesday, 23 October 2024 08:39 PM

ඒ දවස්වල වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් මහ පාරේ උද්ඝෝෂනය කරන විට කදුළු ගෑස්වලින් ජල ප්‍රහාරවලින් පිලිතුරු නොදී වැටුප් වැඩි කරන බව කිව්වෙ නැත්තෙ මොකද? ඉන් පස්සේ ඡන්දය ආපසු කඩිමුඩියේ වැටුප් වැඩි කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කළේ මැතිවරණයෙන් වාසිගන්න නේද?

:       18       70

Rata Perata Wednesday, 23 October 2024 08:44 PM

දැන්වත් මේ ජරා ජීර්ණ කාලක්න්නියාව පන්නලා දාන්න ඕනේ. නැත්නම් අපේ රට කවදාවත් ගොඩදාගන්න බෑ.

:       21       75

Asela Wednesday, 23 October 2024 09:07 PM

නිකං ෂෝ දාන්නේ නැතුව ඉන්නවා හලෝ. පැරදිලත් ඉත්තෑවෝ දුවනවද කොහෙද. ලෑස්ති වෙලා ඉන්නවා බැදුම්කර වංචාවට සාක්කි දෙන්න කූඩූවට නගින්න.

:       20       68

Praba Wednesday, 23 October 2024 09:16 PM

ජාතියේ සීයාට ජයවේවා.

:       21       26

chinthaka Thursday, 24 October 2024 08:54 AM

තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලද ? ඔයාලගේ රැගුම් සදහටම ඉවරයි සීයේ , ජනතාව රවට්ටගෙන තම පැලැන්තිය රැකගත්තු ඔයාල දැන් යන තැනකට පිනක් දහමක් දන්නවනම් ඒක කරගෙන ගෙදර ඉන්න .

:       5       23

Jayamanna Thursday, 24 October 2024 09:08 AM

AKD හංස ගීතයෙන් ඔහුගේ අවසන් ගීතය ගායනා කරන නිසා රනිල් මෙතැනදී නහය නොදැමිය යුතුයි. ඔහුව ගැලවුම්කරුවා ලෙස ප්‍රශංසා කළ අයම ඔහුව තවත් අදක්‍ෂ හා කටකාර විකට නළුවෙක් බව ඔප්පු කර පෙන්වමු

:       9       14

de silva Thursday, 24 October 2024 03:37 PM

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා කියලා ඔවුන් පගාව ගහන එක නවත්වාවිද ? අපිව රස්තියාදු කරන එක නතර කරාවිද ? සිලින්ඩර් සීයේ රජයේ සේවකයෝ උඹට ඡන්දෙ දුන්නේ නැහැ. දුන්නේ අනුරට , උන් අනුරත් එක්ක ඒවා බේර ගනීවි , විශ්‍රාමික ජනපතිලා දෙන දෙයක් අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ. මුන් විශ්‍රාම නොගිහින් දිගින් දිගටම රටේ දේශපාලනයට මැදිහත් වෙනවා නම් මුන්ට විශ්‍රාම වැටුප්, නිල නිවාස, සේවකයෝ , වාහන දෙන්න අවශ්‍ය නැහැ.

:       1       6

don Thursday, 24 October 2024 04:05 PM

1988/89 වගේ දැන් බටලන්දඩ යමුද පරණ නාවාතැන බලන්න?

:       1       5

don Thursday, 24 October 2024 04:07 PM

මේ රජය බලයට පත් වුණේ රජේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න කියලා නෙමෙයි. මේ රජය බලයට පත් වුණේ අකාර්යක්ෂම රජයේ සේවකයන්ව ගහලා එලවන්න. අපි ඡන්ද දායකයෝ හැටියට මේ රජය බලයට ගෙනාවෙත් ඒ දේ වෙනවා බලන්නයි.

:       1       4

ගමේ එකාලා Thursday, 24 October 2024 04:09 PM

සූත්තර පුංචා පහුගිය කාලේ ප්‍රකාශ නිකුත් කරනවා වැඩී වගේ? 47 වසරක් දේසපාලනේ කරපු තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. පවතින ආණ්ඩුව වැඩේ කරගෙන යයි. තමුන්ගේ උපදෙස් අහවල් දේකටද? උපදේසකයෝ තියාගෙන තමුන් කරපු දේකුත් නැහැ.

:       1       6

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු
2024 ඔක්තෝබර් මස 23 3519 15

මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘
2024 ඔක්තෝබර් මස 22 1148 0

’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ම


ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 2751 10

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 3272 9

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 11394 41

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 7399 24

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 163 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site