1897 පෙබරවාරි 13 වැනි දින ලෙනින්ට නැගෙනහිර සයිබීරියාවට අවුරුදු 3ක් පිටුවහල් කරහැරීමේ දණ්ඩනයක් පනවන ලදී. ඔහුගේ විප්ලවීය කටයුතු සඳහා සාර්වාදී බලධාරීන් විසින් ලෙනින්ට නියම කරනලද දඬුවම එය විය. 1897 මැයි මස ලෙනින් පිටවහල් කර හරිනු ලැබූ ස්ථානය වූ යෙනිසි ගුබේරිනියාවේ, මිනුසින්ස්ක් දිස්ත්‍රික්කයේ ෂුෂෙන්ස්කොයේ නමැති ගමට ළඟා විය. මෙය දුම්රිය මාර්ගයෙන් සැතපුම් සිය ගණනාවක් ඔබ්බෙන් පිහිටා තිබුණි.
එය ලෙනින්ට දුෂ්කර කාල පරිච්ඡේදයක් විය. ‘‘මා පිටුවහල් කරනු ලැබ ගත කළ මුල් කාලය තුළ යුරෝපීය රුසියාවේ හෝ යුරෝපයේ සිතියමක් දෙස නොබැලීමට තීරණය කළා. මා එම සිතියම් දිගහැර ඒවායේ තිබූ විවිධ කළු තිත් දෙස බැලූ සෑම වතාවකම මගේ කටට බලවත් අමිරසක් දැනුණා.’’ යයි ඔහු සිය සොහොයුරිය වෙත එවන ලද ලිපියක සඳහන් කළේය. කෙළින්ම විප්ලවවාද කටයුතුවලින් ඈත් කරනු ලැබුවත් ඔහුගේ ධෛර්යය, ශක්තිය හා යහපත් දැක්ම මඳකුදු අඩුනොවීය. ඔහු සිය සුපුරුදු උද්‍යෝගයෙන් වැඩ කළ අතර සයිබීරියානු ගැමි ජීවිතය සහ ගොවි ජනතාවගේ තත්වයන් පිළිබඳ සමීප ලෙස අධ්‍යයනය කළේය. ප්‍රදේශවාසී ජනතාව අතර ලෙනින් ඉමහත් ගෞරවයට පාත්‍ර විය. ඔවුහු නිතරම පාහේ ලෙනින්ගෙන් උපකාර හා උපදෙස් ලබා ගැනීමට ආවෝය. එක් අවස්ථාවක ඔහු කම්කරුවකුට තම හාම්පුතාවූ රන් ආකර හිමියෙකුට විරුද්ධව පැවැති නඩුව දිනාගැනීම සඳහා උදව් කළේය. ඉන්පසු ඔහු වෙත ඒමට වූහ. ‘‘මා සයිබීරියාවට පිටුවහල් කරනු ලැබ සිටි අවධියේ මට නීතිඥයකු වශයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණි. මම බලපත්‍ර සහිත නීතිඥයෙකු නොවීමි. ලඝු ලෙස පිටුවහල් කරනු ලැබ සිටි හෙයින් මට නීතිඥ වෘත්තියෙහි යෙදීමට ඉඩ නොලැබුණි. එහෙත් ප්‍රදේශයේ වෙනත් නීතිඥයෙකු නොසිටි හෙයින් මිනිස්සු මා වෙත අවුත් ඔවුන්ගේ කරදර මට කියා සිටියෝය.’’ යි ලෙනින් විසිපස් වසරකට පසු කියා සිටියේය. ලෙනින් ඔවුන්ට උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය බලධාරීන්ගේ බලහත්කාරකම්වලින් හා පොහොසතුන්ගෙන් ආරක්‍ෂාවන්නේ කෙසේදැයි ඉගැන්වීය.
වසරකට පසු කෲස්ප්කයා ෂුෂෙස්කොයේ හිදී ලෙනින්ට එක්විය. අරගල සංගමයේ නඩුව සම්බන්ධයෙන් ඇය ද සිරභාරයට ගෙන උෆා ගුබේර්නියාවට පිටුවහල් කරනු ලැබ සිටි නමුත් ලෙනින්ගේ මනාලිය වශයෙන් ඈට ෂුෂෙන්ස්කෝයේ හිදී සිය දණ්ඩන කාලය ගෙවීමට අවසර ලැබුණි. එහිදී ඔවුහු විවාහ වූහ. කෲප්ස්කයා ලෙනින්ගේ බිරිඳ වූ අතර ඔහුගේ ජීවිතාන්තය දක්වාම ඈ ඔහුගේ හිතෛෂි සගයකු හා භක්තිමත් සහායිකාවක වූවාය.
පිටුවහල් කරනු ලැබ සිටි කාලය තුළ මිතුරන්ගේ හා නෑයන්ගේ උදව්වෙන් ලෙනින්ට අවශ්‍ය පොත් සහ සඟරා ලබාගති. ඔහු මාක්ස් සහ එංගල්ස් ගේ කෘතීන් හැදෑරීම දිගටම කරගෙන ගියේය. පුවත්පත් කියෙව්වේය. විදේශීය පොත් රුසියන් බසට පරිවර්තනය කළේය. බොහෝ විට ඔහුගේ ජනේලයෙන් නිකුත් වූ ආලෝකය අඳුරු රාත්‍රිය අතරින් ඈත නින්දේ පසුවන ගම්මානය දක්වා විහිදුනි.
පිටුවහල් කරනු ලැබ සිටියදී ලෙනින් පක්‍ෂය සඳහා වැඩපිළිවෙළක් කෙටුම්පත් කළේය. පොත් සහ පත්‍රිකා තිහකට අධික සංඛ්‍යාවක් ලිවීය. ‘‘රුසියන් සමාජ - ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කර්තව්‍යයන්’’ නමින් ඔහු විසින් ලියන ලද පොත් පිංච මේවා අතර වැදගත් තැනක් ගනී. මෙම කෘතියෙන් ඔහු රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කාර්යයන් විස්තර කළේය. එක්සත් කම්කරු පක්‍ෂයක අවශ්‍යතාව ඔප්පු කළේය. මාක්ස්වාදයේ සතුරන්ට පහර දුන්නේය. මෙහිදී ලෙනින් ‘‘රුසියාවේ ධනවාදී සංවර්ධනය’’ නමැති සිය ග්‍රන්ථය ද අවසන් කළේය. එය 1899 දී මුද්‍රණය කරන ලදී. රුසියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ලියවුණ මෙම ප්‍රධාන විද්‍යාත්මක කෘතිය මාක්ස් ගේ ‘‘කැපිටල්’’ (ප්‍රාග්ධනය) නමැති ග්‍රන්ථය කෙලින්ම ඉදිරියට ගෙන යාමකි.
මාක්ස්වාදය ජීවමාන හා සංවර්ධනය වන ධර්මයක් ලෙස ලෙනින් නිතරම සැලකීය. යමෙකු එය ව්‍යවහාරයට නැගිය යුත්තේ කෙසේද යන්න පමණක් නොව එය විස්තාරණය කරන්නේ හා සංවර්ධනය කරන්නේ කෙසේද යන්න දත යුතුය. ‘‘මාක්ස්ගේ න්‍යාය පරිසමාප්ත කළ හා නොකැඩිය යුතු එකක් යයි අපි නොසලකමු. අනෙක් අතින් බලන කල, සමාජවාදීන් ජීවිතයත් සමග පියවර තැබීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් මුල්ගල පමණක් මාක්ස්වාදය විසින් තබා ඇති බව අපට විශ්වාසයයි’’ ඔහු පිටුවහල් කරනු ලැබ සිටිය ද ලිවීය. මාක්ස්වාදී න්‍යාය කෙරෙහි එවැනි නිර්මාණාත්මක ප්‍රවේශයක් තිබීම ලෙනින්ගේ සියලු කටයුතුවලදීම දැකිය හැකි ලක්‍ෂණයකි.
වෙහෙසී වැඩ කරන්නෙකු වූ ලෙනින් විවේකය ගත කරන්නේ කෙසේදැයි දැන සිටියේය. විවේක කාලයේදී හේ හිම ක්‍රීඩාව කිරීම, දඩයමේ යාම හෝ වනරොදවල් හා තණ පිට්ටනි හරහා බොහෝ දුර ඇවිදීම කළේය. ඔහු ඉතාමත් ප්‍රියකළ ස්ථාන වූයේ වන ළැහැබින් ගැවසී ෂුෂා ගං ඉවුර හා ප්‍රදේශයේ තිබූ චමත්කාරජනක විල්ය. ඔහු සයිබීරියන් භූමිභාගයේ හා සුවිසල් යෙනිසි ගඟෙහි චමත්කාරය අගය කළේය. නුදුරු පෙදෙස් හි වාසය කළ පිටුවහල් කරනු ලැබූ සහෝදරවරුන් කලාතුරකින් පැමිණීම හෝ ඔවුන් බැලීමට යාම මගින් පිටුවහල් ජීවිතයේ කම්කටොලු සැහැල්ලු විය. ලෙනින් මිනුසින්ස්කේ, තෙසින්ස්කොයේ ගම්මානය හා ක්‍රස්නොයාර්ක්ස් බලා ගියේය. මිතුරු හමුවල දී ලෙනින් ඔවුන් හා එක්ව සිංදු කීමට හවුල් විය. ඔහු විශේෂයෙන්ම ‘‘දරුණු වහල්භාවයට ගොදුරු වූවෙක්, සොයුරනි රණබෙර අපට හඬගසයි, සහ වර්ෂවියන්කා වැනි විප්ලවීය ගීතවලට රුචිකත්වයක් දැක්වීය.
ඔහු ඉමහත් ආදරයක් දැක්වූ සිය මව් වෙත යවන ලද ලිපි විශේෂයෙන්ම සෙනෙහබර ඒවා විය. ඔහු ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඉතාමත් සැලකිලිමත් විය. ඔහුගේ ජීවිතය හා සැලසුම් ගැන සියලුම දේ සඳහන් කරමින් ඈට ඔහු ගැන කරදර නොවන ලෙස ඉල්ලා සිටියේය. ලෙනින් හා ඔහුගේ ඥාතීන් අතර පැවතුණේ නෑකමේ බැමි පමණක් නොව පොදු දේශපාලන මත සහ අවබෝධයේ බැඳීමකි. මේ හේතුකොටගෙන ඔවුන් සමඟ ඔහු කරන ලද ලිපි ගනුදෙනු පෞද්ගලිකත්වයට වඩා වෙනස් ස්වරූපයක් ඉසිලීය. ඒවා පුවත් පාලනයට යටත් කරන ලද ලිපිය අඩංගු කළ හැකිතාක් දුරට මාක්ස්වාදී න්‍යායයේ, ව්‍යවහාරයේ හා දේශපාලනයේ දැවෙන හා කාලීන බොහෝ ගැටලු පිළිබඳ සඳහන් කර තිබිණි.
ඉතා දුරබැහැර සිය පිටුවහල් ජීවිතයේ දී පවා ලෙනින් කම්කරු පංති ව්‍යාපාරයේ වර්ධනයන් සුපරීක්‍ෂාකාරීව අධ්‍යයන කළේය. ඔහු රුසියාවේ හා එතෙර කම්කරු පංති නියෝජිතයන් හා සමග විශාල වශයෙන් අදහස් හුවමාරු කර ගත්තේය. එහෙයින් සමාජ - ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවල තත්වයත්, ඔවුන්ගේ දුෂ්කරතා හා අවශ්‍යතා පිළිබඳවත් මනාව දැන සිටියේය.
පිටුවහල් ජීවිතය ගතකරන අතර, ලෙනින්ගේ සිත්හි රුසියාවේ විප්ලවීය මාක්ස්වාදී පක්‍ෂයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ජනිත වී තිබුණි. ප්‍රතිගාමි ඒකාධිපත්‍යයේ සැහැසි තත්ත්වයන් හේතුකොට ගෙන මෙය ඉතාමත් රහසිගතව කළ යුතු විය. ලෙනින්ගේ භාරදූර සැලැස්මේ ප්‍රධාන කාර්යභාරය සමස්ත රුසියානු දේශපාලන පුවත්පතක් ආරම්භ කිරීමට පැවරී තිබුණි. මෙම පුවත්පත ප්‍රාදේශීය කමිටු හා කණ්ඩායම් විප්ලවීය මාක්ස්වාදී ස්ථාවරයක් මත ඒකරාශි කොට, දෙවන සමුළුවක් සූදානම් කිරීමේ කටයුතු දියත්කොට, එකම වැඩපිළිවෙළක් හා පක්ෂ ව්‍යවස්ථාවක් සකස් කළ යුතුවිය. කෙසේ වුවද ලෙනින් පුවත්පතෙහි කාර්යභාරය ප්‍රචාරය හා උද්ඝෝෂණයට පමණක් සීමා කළේ නැත. පුවත්පත පක්ෂයේ බලවේගවල සංවිධායකයාද විය හැකි අතර එයටා ප්‍රාදේශීය අධ්‍යයන කව හා සමාජ – ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කණ්ඩායම් තනි සංවිධානයක් තුළට ඒකරාශී කළ හැකි යයිද ඔහු නිගමනය කළේය. මෙය අත්‍යවශ්‍යයෙන්ම මාක්ස්වාදී පුවත්පතක කාර්යභාරය පිළිබඳව නව දර්ශනයකි. එසේම එය සමාජ – ප්‍රජාතන්ත්‍රවාදීන් අතර කලින් කල සඟරා පළ කිරීමේ කාර්යභාරය හා වැදගත්කම පිළිබඳව පෙර පැවැති සියලු සංකල්ප ඉවත් කරන්නක් විය. සීත ඍතුවේ එක් හිම සහිත සැන්දෑවක ලෙනින්, ජී.එම්. ක්ර්ෂිශනොව්ස්කි සමග යෙනිසි ගං ඉවුරේ ඇවිදිමින් සිටිද්දී ඉමහත් උද්‍යෝගයකින් සිය නව හා අභීත සැලැස්ම තමාට හෙළි කළ අයුරු ඔහු සිහිපත් කළේය.
ලෙනින් සිය පිටුවහල් කාලය කෙළවර වනතුරු ආශාවෙන් බලා සිටියේය. පිටුවහලේ ගතකළ අවසන් මාස කිහිපය ‘‘ව්ලදිමීර් ඉල්යිච් කොහෙත්ම නිදා ගත්තේ නැත. එහෙයින් ඔහු භයානක ලෙස වැහැරුණි. සෑම රාත්‍රියකම ඔහු නිදිවර්ජිතව හිඳගෙන සිය සැලැස්ම සවිස්තරාත්මක ලෙස සකස් කළේය. කාලය ගෙවීයත්ම වඩ වඩාත් නොඉවසිලිමත් වූ ඔහු වැඩි වැඩියෙන් වැඩ කිරීමට ආශාවක් දැක්වීයි’’ යි නදේශ්දා කෲප්ස්කයා ලිවීය. මේ සියල්ලටම ඉහළින්, පොලිසිය හදිසියේම පරීක්‍ෂා කිරීමේ වරෙන්තුවක් සහිතව පැමිණියේය. ලෙනින් වැඩියෙන්ම බියවූයේ බලධාරීන් ඔහුගේ පිටුවහල් කාලය දීර්ඝ කිරීමට සමාවට හේතුවක් සොයා ගනු ඇතැයි යන්න පිළිබඳවය. වාසනාවකට මෙන් සියල්ල හොඳින් සිදුවිය.
පිටුවහල් කාලය අවසන් වීමෙන් පසු 1900 ජනවාරි 29 වෙනි දින උදෑසන ලෙනින් සිය පවුලත් සමග ෂුෂෙන්කොයෙන් පිටත්විය. ඔවුන්ගේ ගමන් මග ඉතා දීර්ඝ විය. ඔවුන්ට සැතපුම් 300ක් පමණ අශ්ව කරත්තයෙන් යාමට තිබුණි. දරුණු ලෙස හිම වැටීම පැවතුණ නමුත් ඔවුහු දිවා රෑ දෙකෙහිම ගමන් කළෝය. නැවතත් සක්‍රීය ලෙස විප්ලවීය කටයුතු ආරම්භ කිරීමට ලෙනින්ට ඉස්පාසුවක් නැතිවිය.
රුසියාවේ අගනුවර හා කාර්මික මධ්‍යස්ථානවල ජීවත්වීම ඔහුට තහනම් කරන ලදී. එහෙයින් සාන්ත පීටර්ස්බර්ග් නගරයට වඩා ආසන්නව සිටීමේ අටියෙන් ඔහු ජස්කොව් හි වාසය කිරීමට තීරණය කළේය.
එම්. තාරික්
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ලෙනින්ගේ සයිබීරියානු පිටුවහල් ජීවිතය