IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ලොව අගමැති තනතුරු දෑරු කාන්තාවෝ

 

  • ඇනෙලි ජාටීන්මාකී - ෆින්ලන්තය

1955 දී උපත ලැබූ ඇනෙලි, ෆින්ලන්තයේ 37 වැනි අගමැති තනතුර දැරූ කාන්තා චරිතය වන්නීය. අගමැතිවරිය වීමට පෙර අධිකරණ කටයුතු පිළිබඳ ඇමතිවරිය ලෙස කටයුතු කළ ඇය, ෆින්ලන්තයේ අගමැති තනතුර දැරූ ප්‍රථම කාන්තාවය. ඇයගේ පාර්ලිමේන්තු ගමන පටන් ගෙන තිබුණේ 1987 දීය. 

අගමැතිවරිය වීමට පෙර මධ්‍යස්ථ පක්ෂයට නායකත්වය දුන්නේද ඇයයි. 2004 සිට 2019 දක්වා යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකාවක සහ උපසභාපතිවරිය ලෙස ද කටයුතු කර තිබේ. මෙම වසරේදී පැරීසියේ පැවැත් වූ ජාත්‍යන්තර කාන්තා සමුළුවේ දී ඇය, ඉරානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ කතාව ලොව බොහෝ දෙනාගේ අවධානයට නතු  විණි. 

ඉරානයේ කාන්තාවන් හට අඩු වැටුපක්, නිදහසක්, මානව ගරුත්වයක් ඇත්තේ යැයි ඇය එහිදී සඳහන් කර සිටියාය. 2003 දී ඇය ෆින්ලන්ත දේශපාලනයෙන් සමු ගත්තේ, මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් දේශපාලනයට බොරු කීවේ යැයි ඇය හට එල්ල වූ චෝදනා නිසාය. ඉන්පසුව ජාත්‍යන්තරව ඇයගේ සේවය ලෝකයට ලබාදෙමින් සිටින වග දැක ගත හැකිය.

  • යූලියා ටියිමෝෂෙන්කෝ - යුක්රේනය 

යූලියා ටියිමෝෂෙන්කෝ උපත ලබා ඇත්තේ, 1960 වසරේදීය. 2004 දී නිල නොලත් අගමැතිවරිය සහ 2005 දී නිල වශයෙන් පත්වූ අගමැතිනිය ලෙසත් කටයුතු කළ ඇය යළි 2007 සිට 2010 දක්වා අගමැතිවරිය ලෙස පත්වූවාය.  ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වෙන ඇය, ව්‍යාපාරික පවුලකට අයත්ය. 

ඇයගේ පරම්පරාව සියයට සීයයක්ම යුක්රේන සම්භවයක් ඇති අය නොවේ. යුක්රේන, රුසියානු, ලත්වියානු සහ යුදෙව් මිශ්‍රණයක් ඇති පවුලක් යැයි සඳහන් වේ. ඇය දෙවතාවකදීම පාර්ලිමේන්තුවට පත් වූවේ බහුතර බලයකිනි. සමාජ ක්‍රියාකාරිනියක ලෙස  එරට මානව හිමිකම් උද්ඝෝෂණ ඇතුළු ජනතාව වෙනුවෙන් සංවිධානය කෙරුණු අරගල වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි නිර්භය කාන්තාවකැයි එරට බොහෝ දෙනාගේ අදහස වෙයි. 

2005 වසරේදී ෆෝබ්‍ස් සඟරාව, ලොව බලගතුම කාන්තාවන්ගේ ලැයිස්තුවට ඇයගේ නාමය ද ඇතුළත් කර තිබුණි. අගමැතිවරියක වූ යුක්රේනයේ ප්‍රථම හා එකම කාන්තා චරිතය ඇයයි.

  • මරියා ඩෝ කාමෝ සිල්වෙයිරා - සාවෝ ටොමේ ප්‍රින්සිපේ 

අප්‍රිකානු කලාපයට අයත් සාවෝ ටොමේ ප්‍රින්සිපේ කුඩා රටේ අගමැති තනතුර දැරූ දෙවැනි කාන්තා චරිතය ලෙස සඳහන් වෙන්නේ මරියා ඩෝ කාමෝ සිල්වෙයිරාය. 

ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක මෙන්ම, මහජන පරිපාලනය යන අංශයේ ආචාර්යවරියක වෙන ඇය, එරට මහ බැංකුවේ  තෙවැනි අධිපතිනිය ලෙස ද කටයතු කර තිබේ. අගමැතිවරිය ලෙස කටයුතු කරන අතරේ, සැලසුම් හා මූල්‍ය අංශයේ ඇමතිවරිය ලෙසද කටයුතු කර ඇත. 2005 ජූනි සිට 2006 අප්‍රේල් දක්වා ඇය අගමැතිවරිය ලෙස කටයුතු කළේ එරට 13 වැනි අගමැති ලෙසය. 

  • පෝෂියා සිම්ප්සන් මිලර් - ජැමෙයිකාව 

ජැමෙයිකාව ගැන කී පමණින් අපට සිහි ගැන්වෙන්නේ ලෝ ප්‍රකට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය, රෙගේ සංගීතයේ පියා ලෙස හැඳින්වෙන බොබ් මාලේ ගේ නිජබිම වෙන්නේද ජැමෙයිකාවය. 

ජැමෙයිකාවෙන් ලෝ ප්‍රකට තරු වූ තවත් අය සිටිති. එරට හත්වැනි අගමැති තනතුර දැරුවේ පෝෂියා සිම්ප්සන් මිලර්ය. එරට මහජන ජාතික පක්ෂයේ නායිකාව වූ ඇය, දෙවරක් විපක්ෂ නායිකාව ලෙස ද කටයුතු කළාය. 

2006- 2007 අගමැතිවරිය වූ ඇය, යළි 2012-2016 අගමැති තනතුර දරා ඇත. ඊට පෙර තොරතුරු තාක්ෂණ, ආරක්ෂක, කම්කරු, සමාජ ආරක්ෂණ, ක්‍රීඩා, සංචාරක යන අංශ ගණනාවක ඇමතිවරිය ලෙස කටයුතු කළ කාන්තාවකි. ඇමෙරිකාවේ සිට සරසවි අධ්‍යාපනය හැදෑරූ ඇය ‘‘මමා පී’’, සහ  ‘‘සිස්ටා පී’’ යන අන්වර්ථ නාමයන්ගෙන් එරට ජනයා අතර ප්‍රකටය. 

  • සිනෙයිඩා ග්‍රැසියෙනි - මොල්දෝවා 

මොල්දෝවා රාජ්‍යයේ ප්‍රථම වරට කාන්තා අගමැති ධූරයක් දැරූ කාන්තාව වන්නේ ඇයයි. ඇය  අගමැතිනිය ලෙස කටයුතු කළේ දින 167 ක් පමණි. එරට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක ලෙස දේශපාලනයට පැමිණි ඇය හට එම තනතුරින් සමුගැනීමට සිදුවූයේ එරට තරුණ කොටස් කොමියුනිට්ස්වාදී දේශපාලනයට තව දුරටත් විරුද්ධ වූ බැවිනි. 

ඇයගේ පාලනයට එරෙහිව තරුණ පිරිස් නැගී සිටීමත් සමග නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදු වූ අතර, එවර කොමියුනිට්ස්වාදී කඳවුරට බලය ලබාගැනීමට නොහැකි විණ. 

ඇය උපත ලබා ඇත්තේ එවකට සෝවියට් සංගමයට අයත්ව තිබූ සයිබීරියාවේ ටොම්ස් ඔබ්ලාස්ට් හිදීය. මොල්දෝවා චිසිනෝවා නගරයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය හා ආර්ථික විෂය සම්බන්ධව උපාධිධාරිනියකි. අගමැතිවරිය වීමට පෙර ඇය මූල්‍ය අංශයේ ඇමතිවරිය ලෙස සහ මූල්‍ය සම්බන්ධ තනතුරු ගණනාවක් දැරූ කාන්තාවකි. පසුව ඇය එරට ජනපතිවරිය ලෙසද කටයුතු කළාය. 2019 සිට 2021 දක්වා ඇය එම තනතුර දැරීය.

  • මිෂෙල් පියර් ලුවිස් - හයිටි

හයිටි රාජ්‍යයේ අගමැති තනතුර දැරූ දෙවැනි කාන්තාව වෙන්නේ ඇයයි. නිදහස සහ දැනුම මුල් කර ගෙන කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානයකට නායකත්වය ලබා දී කටයුතු කළ නිසා ඇය ජනප්‍රිය චරිතයක් වුණි. ඉනික්බිතිව අගමැති ලෙස ඇය හට තරග කිරීමට ඉල්ලීම් ගලා ආයේය. 

අගමැති තනතුර සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලැබුණු පසු ඇය 2008 සිට 2009 දක්වා එම තනතුරෙහි කටයුතු කර තිබේ. බටහිර අර්ධ ගෝලයේ ඇති දුප්පත්ම රට වූ හයිටිය ගොඩගැනීම මෙන්ම ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඇය සුවිශේෂි මෙහෙවරක් කළ බව බ්‍රිතාන්‍යයේ ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව විශේෂ ලිපියක්  පවා පළ කර තිබිණ. හයිටියෙහි අලුත් ගමනකට අවශ්‍ය මාවතක හැරවුම් ලක්ෂ්‍ය ඇති කරනු ලැබුවේ ඇය යැයි දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

  • ජොහේනා සිගුරේඩාටර් - අයිස්ලන්තය 

අයිස්ලන්තය වෙනුවෙන් 2009 සිට 2013 දක්වා අගමැතිවරිය වූ ඇය එරට පළමුවරට එම තනතුර දැරූ කාන්තාව වන්නීය. අයිස්ලන්තය ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අවදියක එයින් යම්තාක් දුරකට රට මුදවා ගැනීමට නායකත්වය දීමට ඇය හට හැකිවිණ. 

අයිස්ලන්තයේ රෙයික්ජාවික් නගරයේදී උපත ලැබූ ඇය වානිජ අංශයේ උපාධිධාරිනියක වන්නීය. එරට වාණිජ ක්ෂේත්‍රයේ ආයතන සහ සංගම් කීපයක තනතුරු දරා ඇති ඇය සමලිංගික ප්‍රජාවට අයිතිවාසිකාම් පවරා දුන් පළමු රජයකට නායකත්වය දුන් කාන්තාව ද වන්නීය. 

ඇය කෙතරම් බලගතු කාන්තා චරිතයක්දැයි කිවහොත්, 2009 දී ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාවේ  ලෝකයේ බලගතුම කාන්තාවන් 100 දෙනා අතරට ඇයගේ නාමය ද ඇතුළත් විය.


සඳුන් ගමගේ


 



අදහස් (0)

ලොව අගමැති තනතුරු දෑරු කාන්තාවෝ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 2089 6

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
2024 දෙසැම්බර් මස 17 2771 8

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 3946 8

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?
2024 දෙසැම්බර් මස 17 2281 12

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 630 4

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 6326 9

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 29 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site