IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ලොව පළමු අගමැතිනිය මෙරටින් බිහි වූ හැටි


සිය ගෘහය පමණක් නොව කාන්තාවකට මුළුමහත් රටක් වුවද පාලනය කළ හැකි බව මුලින්ම ලෝකයාට පෙන්වා දෙනු ලැබූවේ අන් කිසිවෙකුත් නොව සිරිමාවෝ බණ්ඩාරනායක විසිනි. සිය රට දේ සිරි සැප දේ යන්න තේමා කරගනිමින් දේශීය ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරමින් දේශපාලනයේ අමරණීය නාමයක් තැබූ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක වන්නීය. 


විදෙස් සංචාරයක් නිමවා...

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව සිරිමාවෝ රත්වත්තේ නමින් 1916 වර්ෂයේ අප්‍රේල් 17 වැනි දා උඩරට රදල පවුලක උපත ලැබූ ඇය බලංගොඩ විදුහලේ බාලාංශයෙන් මූලික අධ්‍යාපනය ලැබ රත්නපුර පරිගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් සිය අධ්‍යාපනය ලබා ගත්තාය. 

එතුමිය බාල සහෝදරියක් හා සහෝදරයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූවාය. පවුලෙන් ලැබුණු දේශපාලන ආභාසය ඇයට  දේශපාලනයට පිවිසීමට වටපිටාව නිර්මාණය කෙරිණ. සිය පියා සෙනෙට් සභාවේ හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වීම ඊට බලපෑ  ප්‍රධානම සාධකය විය. 

1940 ඔක්තෝබර් මස තුන්වැනි දින එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  සමඟ විවාහපත් වන සිරිමාවෝ දරුවන් තිදෙනෙකුට මවක් වෙමින් සිය සැමියාගේ දේශපාලන දිවියට අත්වැලක් වූවාය. බණ්ඩාරනායක විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු වලට ද ඒ වෙනුවෙන් දියත් කළ ජනතා සටනට ද බණ්ඩාරනායක ගේ ආසනය වූ අත්තනගල්ලේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද ඇය විශාල දායකත්වයක් ලබා දුන්නාය. 

සිය විවාහයෙන් කෙටි කලක් තුළ සමාජ සේවයට පිවිසි ඇය, වර්ෂ 1941 දී ලංකා මහිලා සමිතියේ සාමාජිකත්වය ලබා ගැනිණ. දිළිඳු භාවය අවම කිරීම හා ග්‍රාමීය සංවර්ධනය පදනම් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වල මෙන්ම බොහෝ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරමින් එකී ප්‍රදේශවල වෙසෙන ජනතාව හා මුසු වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගනිමින් ලංකා මහිලා සමිතිය පාදකව ඔවුන්ගේ ජීවන තත්‍ත්වය උසස් කරගැනීම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන ලදී. වෛද්‍ය ‍මේරි රත්නම්  විසින් ආරම්භ කරන ලද ලංකා මහිලා සමිතියේ සාමාජිකාවක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කළ ඇය වසර අටක් එහි භාණ්ඩාගාරික ලෙස ද, දෙවසරක් උප සභාපතිනිය ලෙස ද කටයුතු කළාය. අග්‍රාමාත්‍ය ධූරය ලැබීමෙන් අනතුරුව ඉල්ලා අස්වෙන තුරුම එහි සභාපතිනි ධූරය හෙබවූවාය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  1956 වසරේ දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දී තෙවසරක් ගෙවී යන්නට මත්තෙන්  වෙඩි පහරකට ලක්ව 1959 වසරේ සැප්තැම්බර් 26 වැනි දින මෙලොවින් සමුගැනිණ. 

කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක සිදුවූ මෙම ඛේදවාචකය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් බරපතළ අභියෝගයක් එල්ල විය. පක්ෂ සාමාජිකයින් විසින් සිය පක්ෂයේ නායකත්වය වෙත පැමිණෙන ලෙස සිරිමාවෝ ට ආරාධනා කරනුයේ එවන් පසුබිමකය.  

තම සැමියාටත්, එතුමන් විසින් ගොඩනැඟූ පක්ෂයටත් එක ලෙසින් ආදරය කළ ඇය ජනතා අදහස්වලට කන් දෙමින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය තකා නායකත්වය භාර ගත්තාය. එතුමියගේ නායකත්වය යටතේ 1960 වසරේ ජූලි මාසයේ පැවති මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් මෙරට ප්‍රථම ආග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දෙනු ලැබූවේ ලොව ප්‍රථම අගමැතිනිය වශයෙන් ද දේශපාලනය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරමිනි. අග්‍රාමාත්‍ය ධූරයට අමතරව ඇය ආරක්ෂක හා විදේශ කටයුතු ඇමැතිනිය වශයෙන් ද කටයුතු කෙරිණ. 

අමාත්‍යවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් ලෙස බණ්ඩාරනායක  ජනතාවට කළ සේවය සහ සැමියාගේ ක්‍රියාකාරී දේශපාලනය පිළිබඳව මනා අවබෝධයකින් දේශපාලනයට අවතීර්ණ වුවද ඇයට මුහුණ දීමට සිදු වූ අභියෝග සුළුපටු නොවීය. නව යුගයක් ජනතාවට උදාකිරීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍ය ධූරය භාරගත්ත ද ඇයට විරුද්ධව ක්‍රියාත්මක වූ බලවේගයන් ද අඩුවක් නොවීය. ඇය දේශපාලනයට පිවිසී මුල් අවධියේ එනම් 1962 දී පළමු දේශපාලන කුමන්ත්‍රණයට මුහුණදීමට සිදු විය. 1964 දෙසැම්බර් මස 4 වැනිදා ඇගේ රජයේ රාජාසන කතාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වීම, 1971 අප්‍රේල් කැරැල්ලට මුහුණ දීමට සිදුවීම යන සෑම අභියෝගයකටම ඇය නොබියව මුහුණ දුන්නාය. 

1964 දෙසැම්බර් 17 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවිය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව 1965 මාර්තු 22 වැනි දා පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 61ක් දිනාගනිද්දී, අත්තනගල්ල ආසනයෙන් ඉදිරිපත් වු මැතිනිය වැඩි ඡන්ද ප්‍රමාණයකින් සිය ආසනය ජය ගත්තාය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 41ක ජයග්‍රහණය හිමි වූ අතර මැතිනිය නායකත්වය දැරූ සමගි සන්ධානයට ආසන 55ක් ලැබිණ. ඒ අනුව ඇය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් වූවාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව එක්සත් පෙරමුණ පිහිටුවා ගනිමින් එහි නායකත්වයට පත්වූ මැතිනිය 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක්, ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් හිමිකරගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් අතිවිශිෂ්ට ජයක් ලැබුවාය. 

තවද මෙරටට නාමිකව ලැබී තිබූ නිදහස යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කිරීමද, 1972 වසරේ මැයි 22 වැනි දා මෙරට ජනරජ ව්‍යවස්ථාව නීත්‍යනුකූලව පිළිගැනීමත් සමඟ ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් මිදී සම්පූර්ණයෙන්ම නිදහස් රටක් බවට පත්කිරීමේ ගෞරවය හිමි වේ. 1977 මැයි මාසයේ දී ප්‍රථම ජාතික රාජ්‍ය සභාව විසුරුවා හැර 1972 ජුනි 21 වැනි දින පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්විය. 

1977 ලැබූ පරාජයත් සමඟ ජේ. ආර්. ජයවර්ධන  බලයට පත්වීමත් සමඟ ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මඟින් අගමැතිනිය වශයෙන් කටයුතු කළ සමයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඇය බලය අවභාවිත කළ බව තීන්දු කරමින් ඇයගේ ප්‍රජා අයිතීන් අහිමි කරනු ලැබිණ. 1986 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන  විසින් ආඥාවක් නිකුත් කරමින් ඇගේ ප්‍රජා අයිතිය ප්‍රතිස්ථාපනය කරන තුරු ඇයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට නොහැකි විය. ප්‍රජා අයිතිය ප්‍රතිස්ථාපනය වීමෙන් අනතුරුව යළිත් වරක් විපක්ෂ නායිකාව ලෙස පාර්ලිමේන්තුවට පත් වූ ඇය, 1994 දී බණ්ඩාරනායක ආණ්ඩුවේ කාර්ය නියමයක් නොමැති අමාත්‍ය ධූරයට පත්වූවාය. 

ඇයගේ දේශපාලන ගමන් මගෙහි ගනු ලැබූ විවිධ තීන්දු තීරණ සහ ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේ දී සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේදී ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් ගණනාවක් සිදුවිය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  ආරම්භ කර තිබූ සමාජීය ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සම්බන්ධතාවලදී කටයුතු කිරීමේ දී අපක්ෂපාතීත්වය, බෞද්ධ ආගම නඟා සිටුවීමේ ප්‍රතිපත්තිය ද ඇය විසින් එලෙසින්ම ක්‍රියාවට නංවන ලදී. සිංහල භාෂාව හා සංස්කෘතිය නඟා සිටුවීමෙන් එකී ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවූවාය. එතුමියගේ පාලන කාලය තුළ විවිධ වෙළෙඳ ව්‍යාපාර රජයට පවරා ගැනීමද සිදුවිය. සියලු‍ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීම සිදුවූයේ ද එතුමියගේ පාලන කාලය තුළය. මෙම ක්‍රියාමාර්ගය එක් පසකින් තවත් පිලක ආගමනයට පාදම නිර්මාණය කරන්නක් විය.

පවුලේ අය සමග

ඉන්දීය අගමැති ශ්‍රී නේරු සමග

පුත් අනුර සමග විදෙස් සංචාරයක

මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා ආනයන ආදේශන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇය කටයුතු කටයුතු කළ අතර 1960ට පෙර පැවැති මූලික නිෂ්පාදන හා අපනයන සැකසුම් කර්මාන්ත වෙනුවට කාර්මික ව්‍යාපාර ආරම්භ කිරීමට මූලිකත්වය ගැනිණ. චීනය සහ සෝවියට රුසියාව අතර සම්බන්ධතා තරකිරීමද ඒ අතර ප්‍රධාන විය. 

පිටරටින් ගෙන්වන නිෂ්පාදනය අවම කොට දේශීය නිෂ්පාදන නංවාලීමේ අරමුණ පෙරදැරිව මෙම ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීය. දේශීය කර්මාන්ත දියුණු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රජය විසින් ගෙන්වූ අතර 1970 වෙන විට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහා පරිමාණ කර්මාන්ත ශාලා විසිහතරකට ආසන්න ප්‍රමාණයක් ඇති කරන්නට ඇය සමත් වූවාය. 

මීට අමතරව මෙරට බැංකු, සංස්ථා ආයතන වශයෙන් බහු විෂයික ආයතන පිහිටවමින් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමටත්, රැකියා ප්‍රශ්නවලට විසඳුම් දීමටත් කටයුතු කළාය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත, කම්කරු පනත වැනි පනත් බලාත්මක කිරීම, පසළොස්වක පොහොය මුල්වලට රජය නිවාඩු දිනයක් බවට පත්කිරීම, අනුරාධපුර, කතරගම, මහියංගණය පූජා නගර බවට පත් කිරීම යනා දී ප්‍රතිසංස්කරණයන් ඇය විසින් සිදු කෙරිණ.

තවද සිරිමාවෝ මැතිණිය ප්‍රමුඛ ආණ්ඩුව සමාජයේ පැවැති විසමතාවන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිංහල බෞද්ධ ජනයාගේ සුබ සිද්ධිය උදෙසා ද විශාල සේවාවක් සිදු කළේය. දේශීයත්වය රැක ගනිමින් රට සංවර්ධනය කිරීම ඇයගේ  පරම අපේක්ෂාව වූ නමුත් කූට දේශපාලන බලධරයන් ඊට ඉඩක් තැබුවේ නැත. 

රටේ උන්නතිය තකා රජයේ වගකිව යුතු  නායිකාව වශයෙන් ගනු ලැබූ තීරණ අතර විදෙස් ප්‍රතිපත්තිය ඉතා වැදගත් විය. ඇය අනුගමනය කළ නොබැඳි විදෙස් පිළිවෙත නිසා ඉතා සුළු කාලයක් තුළ තුන්වැනි ලෝකයේ  රටවල් අතුරින් ප්‍රබල දේශපාලන නායිකාව බවට පත්වීමට ඇයට හැකි විය. 1961 බෙල්ග්‍රේඩ්, 1964 කයිරෝ, 1979 ලු‍සාකා, 1973 ඇල්ජියර්ස් යන නගරවල පැවති නොබැඳි සමුළුවලදී ඇය පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය නිසා 1976 අගෝස්තු මස මෙරටදී පැවති නොබැදි සමුළුවේදී සමස්ත ලෝකයේ විශිෂ්ටතම රාජ්‍ය නායිකාවක් වශයෙන් නොමැති සමුළුවේ නායකත්වය දැරීමට අවස්ථාවක් උදාවිය. 

1994 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ නැවත වරක් සිරිමාවෝ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අතර 2000 අගෝස්තු 10 වැනි දින සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වෙන තුරු එම ධූරයේ කටයුතු කළාය. 

1980 දී ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි වීම සහ පාර්ලිමේන්තුව තහනම් වීම වැනි අතිශය කටුක දේශපාලන අභියෝගවලට මුහුණ දුන්නද ඒ සියලු‍ අභියෝග මැද වුව ඇය මෙරට පාර්ලිමේන්තුවව තුළ තෙවරක්ම අග්‍රාමාත්‍ය පදවියට පත් එකම කාන්තා නියෝජිතවරිය වූවාය.

සිය ස්වාමියාගේ ඝාතනයත් සමඟ බිරිඳක, මවක වශයෙන් ඉතා අසීරු තත්වයකට මුහුණ දුන්නද සැමියාගේ ඝාතනයෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් නොබියව පක්ෂයේ වගකීම සිය අතට ගනිමින්  සිය පෞද්ගලික ජීවිතය කැප කරමින් පූර්ණකාලීනව දේශපාලනය නිරතවෙමින් ලාංකීය දේශපාලනය තුළ නොමියන නාමයක් බණ්ඩාරනායක මැතිනිය තැබුවාය.  

ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “මැතිනිය” වූයේ ලෝක දේශපාලනය තුළ කිසිවෙකුටත් කිසි කලෙක නොබිඳිය හැකි වාර්තාවක් තබමිනි. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්වූ ඇය, මෙරට දේශපාලනය තුළ ස්වර්ණමය සලකුණක් තබමින් මෙරට දේශපාලනයට ද කාන්තා නියෝජනයට ද මහත් අාදර්ශයක් සැපයූ එතුමිය එදා මෙදා තුළ සියල්ලන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙන්නේ ඇගේ පරිණත දේශපාලන දිශානතිය සර්වකාලීන වූ නිසාය.

ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග


 

චීන අග්‍රාමාත්‍ය චෞ එන්ලායිගේ ලංකා සංචාරය


 


  • මනීෂා වීරසිංහ

 



අදහස් (0)

ලොව පළමු අගමැතිනිය මෙරටින් බිහි වූ හැටි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 2111 6

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
2024 දෙසැම්බර් මස 17 2781 8

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 3962 8

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?
2024 දෙසැම්බර් මස 17 2290 12

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 630 4

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 6327 9

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 38 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 29 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site