(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ළිඳක් ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා රුපියල් 20,000 ක මුදලක්ද, සිදී ඇති වැවක වගා ළිඳක් කපා ගැනීම සඳහා රුපියල් 30,000 ක් ද පොදු පානීය ළිඳක් අලුතින් ඉදි කිරීම සඳහා රුපියල් 30,000 ක් ද , පවතින පානීය ළිඳක් සුද්ධ පවිත්‍ර කරලා මඩ ඉවත් කර ගැනිම සදහා රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළි දැක්වීම හා පවතින ආපදාවන්ට මුහුණ දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා සහන සේවා නිළධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.
නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ළිං ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය, සිදී ඇති වගා ළිං ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.
නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වැව් හා වගා ළිං යථා තත්වයට පත් කිරීම පිළිබඳව අමාත්‍යය මණ්ඩල අනුමැතිය ලැබුණා.
පවතින නියං තත්වය හේතුවෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා වගා ළිං ආණ්ඩුව මගින් කපාදීම සිදු කළ යුතුයි කියලා අමාත්‍යය මණ්ඩලයට යෝජනා කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය මිලියන 200 ක් ඒ සඳහා වෙන් කරන්න අනුමත කළා.
ඉන් රුපියල් මිලියන 50 ක් මේ වන විටත් ලබා දී තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින් වගාවන් බේරා ගන්න අවශ්‍යය කරන වගා ළිං ටික ඉදි කරන්න.
ඒ වගේම පානීය ජල ප්‍රශ්නයත් අපිට තියෙනවා, අපි කොච්චර ජලය බෙදුවත් ඇතැම් ප්‍රදේශවල ජනතාවට ස්නානය කටයුතු වලට පවා ජලය නොමැති වී තිබෙනවා.ඒ නිසා මේ හරහා පානීය ජල අවශ්‍යතා සපයා ගැනීමටත් මේ හරහා යම් මුදලක් ලබා දෙනවා. නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ළිං ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කර ගැනීමට මේ මුදල් අපි වෙන් කරලා තියෙනවා.
ඒ නිසා ගොවි සංවිධානයට මේ මුදල් ලබා දුන්නා නම් ඒ අය ගොවි සංවිධානයේ මුදලුත් මේ සඳහා වැය කරලා තමන්ගේ අවශ්‍යතාවට ප්‍රමුඛතාවය ලබා දීලා මේ වැඩ ටික කරයි. ළිං සුද්ධ පවිත්‍ර කරන අවස්ථා වලදී බැකෝ යන්ත්‍ර යොදා ගන්න බැරි නම් ශ්‍රමයෙන් හෝ එය සුද්ධ කර ගත්තාට ගැටලුවක් නෑ, අපිට මේ වෙලාවේ අවශ්‍යය කරන්නේ වගාව බේරා ගැනීම වගේම පානීය ජලය ජනතාවට සැපයීමත් යැයි පැවසීය.
මෙම අවස්ථාවට අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කිර්ති ගමගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) අනෝමා මානෙල් කාවින්ද දිසානායක යන මහත්ම මහත්මිහු ඇතුළු දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වගා ළිං ප්‍රතිසංසකරණය කරන්න මුදල් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය