IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘විජයකලාගේ ප්‍රකාශය පෙඩරල් මෙහෙයුමේ එක් ජවනිකාවක්‘

(විනීතා එම් ගමගේ)

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කොටි යළි නැගිට්ටවන්නට උවමනා බව කීවේ අහම්බයක් හෝ ඇමතිවරියගේ දඩබ්බර කමක් හෝ හිතේ අමාරුවක් නිසා නොව දැනට කි‍්‍රයාත්මක වන පෙඩරල් මෙහෙයුමේ එක් ජවනිකාවක් ලෙස පමණකැයි  ජාතික නිදහස් පෙරමුනේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

 
එකම උවමනාවක විවිධ මුහුණුවරයන් ලෙස ඇය කොටි ශක්තිමත් කරන්න  ඕනැ බව කියන අතර විග්නේෂ්වරන් මැයි 19 දා සංහාරක සති පවත්වනවන බවත් සිවාජිලිංගම් පාසැල් සිසුන් සමඟ ගොස් පළමුව සයනයිඩ් කෑ කොටි සාමාජිකයා වන මෝගන් ෂිව කුමාර් සමරන බවත් කී සමරවීර මහතා ක්ලේමෝ බෝම්බ දුරස්ථ පාලක හමුවන්නේත් අනුර දිසානායක 20 වන සංශෝධනය ගෙන එන්නේත් රනිල් සිරිසේන ආණ්ඩුව සම්පාදක සභාව අටවන්නෙත් නව බෙදුම්වාදි ව්‍යවස්ථාවක් ගෙන්නෙත් මේ මෙහෙයුමේ කොටස් ලෙස යැයි ද කීය.


මන්ත‍්‍රීවරයා මේ අදහස්  පළ කළේ ජාතික නිදහස් පෙරමුනේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේ ද කීය.  


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැර ගෙන එන පෙඩරල් මෙහෙයුමේ විජයකලා එක චරිතයක් නිරුපණය කරනවා. විග්නේෂ්වරන් සුමන්තිරන් සිවාජිලිංගම් වෙන වෙනම චරිත නිරූපණය කරනවා. 


පරිපාලන තින්දු අරන් හමුදාව ගෙදර යවනවා. මේ වෙන්නේ බෙදුම්වාදි කොටින්ට උවමනා විදියට කොටි පරදවලා අපේ හමුදාව දිනාගත් මේ රටේ ඒකිය භාවය අතුරුදන් කර එකිනෙකා මරාගන්නා ඇන කොටා ගන්නා කැඩී බිදි විනාශ වු රටක් වන පෙඩරල් මෙහෙයුමයි මේ කි‍්‍රියාත්මක වෙන්නේ. 


මේ ගැන දැනුම්වත් කරන්න අපි සුදානම් මහනායක හිමිවරු අන්‍යාගමික නායකයන් හමු වන්න.  


එදා කොටි නිසා හමුදාවේ දරු පවුල් දුක් ගිනි ඉහිලූවා. අද මේ ආණ්ඩුව  නිසා ඒ දරුපවුල් ම දුක් ගිනි උහුලනවා. මේ මහ පොළව නුහුලන අපරාධකාරි මෙහෙයුම වහා නවත්වන්න කියා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාගෙනුත් අගමැති වික‍්‍රමසිංහ මහත්තයාගෙනුත් ඉල්ලනවා. 


තව දුරටත් තොග වශයෙන් කඳවුරු බල ඇණි නිලධාරින් ඇතුළු බෙදුම්වාදි ත‍්‍රස්තවාදින් කම්මුතු කළ හමුදාව ඉවත් කරන්න ගැසට් කිහිපයක් ගෙනත්. මේ හමුදා නියෝග තුනක් තියෙනවා. 


‘පළමුවැන්න ජුනි 13 වැනිදා මේජර් ජනරාල් වල්ගම අස්සන් කරනු ලැබු නිවාඩු නොලබා නොපැමිණිම කියන හමුදා නිලධාරින් විශ‍්‍රාම ගැන්වීම සඳහා 


ඔහුට අයිති නිවාඩු වලට වඩා නිවාඩු ගත්තොත් ඔහු මේකට අසුවෙනවා. ක‍්‍රියාන්විතයේ සිටි සොල්දාදුවන් සේවයට නොපැමිණ සිටි විශාල පිරිසක් පසුව යළි සේවයට එක්කරගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීමෙන් පසු උසස් වීම් පවා  ලබමින් යළි සේවයේ කටයුතු කළා.

සමහර කාල වලදී ජනාධිපති පොදු සමා කාල වලදී මේ ටික වුණා. මේ නියෝගය යටතේ දැන් එදා නිවාඩු නොමැතිව නොපැමිණීම යටතේ සේවයට නොපැමිණ සිටි සොල්දාදුවන් විශ‍්‍රාම ගන්වනවා. දැනට ඉන්න තනතුරේම තබා කිසිදු වරප‍්‍රසාදයක් නොදී විශ‍්‍රාම  ගන්වනවා. සේවා කාලය අවුරුදු දහයට අඩු නම් විශ‍්‍රාම වැටුපවත් ලැබෙන්නේ නැහැ.


මේ වනවිට බුද්ධි අංශ නිලධාරින් සියයකට වඩා විශ‍්‍රාම ගැන්වීමට නියමිතයි.


මේ සමඟම තවත් වක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජුනි 13 නිකුත් කළ මේ නියෝගය අනුව නිලධාරින් අවුරුදු 45 දි විශ‍්‍රාම ගන්වනවා. අවුරුදු 20 සිට 24 දක්වා වයසේ දී සේවයට එක්වෙන නිලධාරියෙක් අවුරුදු 20 කට පස්සෙයි අණ දෙන තත්ත්වය ලබන්නේ. මේ නිලධාරියෙක් අධිකාරි ලත් නිලධාරියෙක් ලෙස බැඳුණම  අවුරුදු 20 කට පසසේ අණදෙන නිලධාරි තනතුර ලබා එතැන සිට ඉදිරියට යනවා. 


අද සේවයේ සිටින යුද හමුදාපතිතුමාත් එහෙමයි. ඔහුගේ හමුදා සේවය අවුරුදු 23 විතර ගතවුනාට පසුවයි මේ තත්ත්වය ලැබුණේ. මේ නියෝගය නිසා මොකද වෙන්නේ? අවුරුදු 24 දි සේවයට බැදෙන නිලධාරියෙක් තව අවුරුදු 20 කට පසු අණදෙන නිලධාරි  තත්ත්වය ලබනවා. ඔහුට අණදෙන නිලධාරි තනතුරක් ලබන්න බැහැ. මේ බෙදුම්වාදි ත‍්‍රස්තවාදය පරදවන්නට මුහුණට මුහුණලා සටන් කළ නිලධාරින් අද මේජර් නිලයේ සිටිනවා නම් ඔවුන්ට අණදෙන නිලධාරි තනතුරක් ලබන්නට කවදාවත් ලැබෙන්නේ නැති නිසා ඔවුන් බලෙන් විශ‍්‍රාම යනවා. 


තවත් චක‍්‍රලේඛ්‍යක් තියෙනවා. එය පෙර වැරදි සමාලෝචනය කර දඬුවම් දීම. මේ අනුව යම් නිලධාරියෙක් පෙර වරදක් කර තිබුණා නම් එදා ඒ වරදට දඬුවම් දී තිබුණා වුණත් අද යළිත් එම වරදට දඬුවම් දෙන්න පුළුවන්. ඒ යටතේත් හමුදා නිලධාරින් සිය ගණනක් විශ‍්‍රාම ගැන්වීමට නියමිතයි

.
මේ මොකක්ද වෙන්නේ? හමුදා කඳවුරු සිය ගණනින්  ගැලවෙනවා. නිලධාරින් සොල්දාදුවන් සිය ගණනින් සේවය එපා වී යනවා. නැත්නම් එළියට වැටෙනවා. උසස් වීම් සීමා කරනවා. පෙර දඬුවම් වලට යලි දඬුවම් දෙනවා. එක වරදකට දඬුවම් දෙකක් දෙන්න බැහැ. නමුත් දැන් ඒකත් කරන්න පුළුවන්. ඉර හඳ යට තියෙන කුමන දඬුවමක් හෝ දී බෙදුම්වාදි සටන නිමා කළ සොල්දාදුවන් මර්දනය කිරීමේ උත්සායකයි අද යුද හමුදාව යෙදී සිටින්නේ. 



අදහස් (0)

‘විජයකලාගේ ප්‍රකාශය පෙඩරල් මෙහෙයුමේ එක් ජවනිකාවක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site