(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි හිස එසවීමට ඉඩදිය යුතු බවට රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (03) පැවැසීය.
ඒකාධිපතියකු වී එම කටයුතු කළ නොහැකි බව කී කතානායකවරයා ඊට අදාළ හඬ පටි පරීක්ෂා කිරීමට තිබෙන බවද කීය.
වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (3) පස්වරු 1.00 ට රැස්විය.
වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.
එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිතුමිය ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ජාතිද්‍රෝහී ප්‍රකාශයක් කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඒකට විරුද්ධ වෙනවා. මේක රජයේ මතයද එජාපයේ මතයද කියලා එජාප මහලේකම්වරයා සහ රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ඔබතුමා මොකද කියන්නේ.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා:- එජාපය විදියට අපි ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එජාප මහලේකම් ලෙස මා එතුමියට දුරකථනයෙන් කතා කර මේ ගැන ඇසුවා. එතුමිය කිව්වේ යාපනයේ දැරියක් ඝාතනය වීමේ සිද්ධියට අදාළව ඒ වෙලාවේ ඇතිවූ හිතේ අමාරුවට ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා. පසුගිය දවස්වල හිට්ලර්වත් නායකයන්ට උදාහරණයට ගත්තා. ඒ වගේ එකක් තමයි මේක.
කතානායක:- මේකට වාදයක් යන්න බැහැ.
එස්.එම්. මරික්කාර් මහතා:- එයාට හිතේ අමාරුවක් තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙන අංගොඩ මානසික රෝහලට යවන්න පුළුවන්.
ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා:- ඔබතුමාම ඒක එතුමියට කිව්වා නම් හොඳයි.
කොළඹ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න රටේ ඒකීයභාවය රකින්න දිවුරුම් දෙනවා. ප්‍රතිඥා දෙනවා.
ඒ වගේම ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්නත් දිවුරුම් දෙනවා.
මේ ප්‍රකාශය කළ මන්ත්‍රීතුමිය රාජ්‍ය අමාත්‍යවරියක්. ඇමැතිවරු දෙදෙනෙක් සිටි වේදිකාවකදී එල්.ටී.ටී.ඊ. ය නැවත ගොඩනගන්න ඕනෑ යැයි කියමින් ත්‍රස්තවාදීන් ප්‍රවර්ධනය කිරීමක් කර තිබෙනවා. ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.
ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමියට අයිතියක් නැහැ. මේ සභාවේ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්න බැහැ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න.
කුරුණෑගල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-
විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු කාරණයක් සමග මම මතුකරන්න කැමතියි.
එතුමියට විරුද්ධව සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණයක් කරලා නීතිමය පියවර ගන්න. පාර්ලිමේන්තුවට එන එක තහනම් කරන්න ඕන. විනාශ කරලා දාපු එල්.ටී.ටී.ඊ. එක නැගිටුවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා නම් ඔවුන් මේ පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕන.
කළුතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- මේ ප්‍රකාශය නිසා අද මුළු රටම ඇවිලිලා තියෙන්නේ.
එස්.එම්. මරික්කාර් මහතා:- අපි මේකට විරුද්ධ වෙනවා වගේම මේ ගැන උඩ දාගෙන ගහන අයගෙන් අහනවා. චීනෙන් ගත්ත සල්ලි ගැන මොකද කියන්නේ.
පුත්තලම දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අසෝක ප්‍රියන්ත මහතා:- ඒක එක පැත්තක මතයක් පමණක් නොවෙයි. අපි යුද්ධයක් නිසා දුක් විඳපු රටක්. එවැනි ප්‍රකාශයක් කරල ආණ්ඩුවේ ඇමැති ධුරයක් දැරීම ගැන විරුද්ධයි. අපි කියන්නෙත් ඇමැති ධුරයෙන් අයින් වෙන්න කියලයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේසවලට තට්ටු කරමින් ප්‍රසාදය පළ කරති.
කතානායක:- මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක් කියලා දන්නවා. මට මේ පුටුවේ ඉඳගෙන ඒ ගැන තීරණයක් ගන්න බැහැ. තර්ජනය කරල කරන්න බැහැ. පාර්ලිමේන්තුව නවත්වන්න සිදුවෙනවා. පක්ෂ නායකයෝ සමග කතා කරල ඉතා බරපතළ තීරණයක් ගන්න වෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සභා ගැබට පැමිණ ඝෝෂා කිරීමට වීම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. කතානායකවරයා සභාව කල් තැබූ අතර නැවත ආරම්භ වූයේ විනාඩි 15 කට පසුවය.
කතානායක කරු ජයසූරිය මහතා:- සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන අපි කනගාටුවෙන්න ඕන.
මේ සිද්ධීය කතානායකවරයාට බලපාන එකක් නොවෙයි. ඒ සඳහා දේශපාලන පක්ෂ සහ නායකයන් ඉන්නවා. මම අගමැතිතුමාට කතා කළා. එතුමා විශේෂ පරීක්ෂණයක් කර අවශ්‍ය පියවර ගන්නවා කිව්වා.
සභානායක:- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- මේ ගැන ඉදිරි පියවර ගන්න අපි අගමැති සමග සාකච්ඡා කළා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යළි සභා ගැබ මැදට පැමිණෙති.
කතානායක:- විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියා ගන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හිටපු අය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කියපු අය ඉන්නවා. මට ඒවා නතර කරන්න බැහැ. මගේ යුතුකම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමයි.
පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:- මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවැයි කියපු සිද්ධිය වගේ නොවෙයි. මේ වගකිවයුතු ඇමැති ධුරයක් දරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ මන්ත්‍රීවරියක් තවත් ඇමැතිවරුන් දෙදෙනකු ඉදිරියේ කළ ප්‍රකාශයක් ගැනයි.
කතානායකතුමනි, ඔබතුමාට වගකීමක් තියෙනවා මේ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවන්න.
කතානායක:- ඒවා කරනවා ස්වාමීන් වහන්ස.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරති.
කතානායක:- පාර්ලිමේන්තුව විහිළුවක් කර ගන්න එපා. වීරවංශ මන්ත්‍රීතුමා මෙතැනට ඇවිත් සෙල්ලම් කළා. විනයක් තියෙන්න ඕනෑ.
විමල් වීරවංශ මහතා:- ලැජ්ජයි
කතානායක:- මෙතැන ලැජ්ජා වෙන්න ඕන මම නොවෙයි.
විමල් වීරවංශ මන්ත්‍රීතුමා මට නම් කරන්න සිදුවෙනවා. මම ඒකාධිපතියෙක් නොවෙයි. මට මේ ගැන පරීක්ෂා කරන්න අවස්ථාව දෙන්න.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතානායකවරයා දෙසට අත දික්කරමින් යමක් කීය.
කතානායක:- වීරවංශ මන්ත්‍රීතුමා කට පරිස්සම් කර ගන්න. ඔබතුමාගේ මුඛය පරීක්ෂා කර ගන්න. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාම කැත විදියට කතා කරනවා.
මට මේ සභාව කරගෙන යන්න ඉඩ දෙන්න.
විමල් වීරවංශ මහතා:- අපට කතා කරන්න ඉඩ දෙන්න.
කතානායක:- ඔබතුමාට කතා කරන්න ඉඩ දුන්නොත් පාර්ලිමේන්තුව තවත් අවුල් වෙනවා.
සභානායක:- මේ සිද්ධිය ගැන විනය පරීක්ෂණයක් තියලා සියලු දෙනාටම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනවා.
ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියට නැවත පැමිණ යම් යම් දේ කිීහ.
කතානායක:- මම කරන දේ මම දන්නවා. මෙතැන ඇවිත් අශෝභන විදියට කතා කළා. ඔබතුමා ලජ්ජා වෙන්න.
වීරවංශ මන්ත්‍රීතුමාගේ හැසිරීම ඉතාම නින්දිතයි. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාම පහත් විදිහට හැසිරුණා. මුළු සභාවම අපහාසයට ලක් කරන විදියට හැසිරුණා. කතා කරන්න මිනිත්තුවයි ඉල්ලුවේ. ඉතාම නින්දිත විදියට හැසිරුණා.
විමල් වීරවංශ මහතා:- ඇහෙන්නේ නැහැ.
කතානායක:- ඇහෙන්නේ නැත්නම් කන සුද්ද කර ගන්න.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙංකෝලය උදුරා ගැනීමට සැරසෙයි.
කතානායක:- කැලණියේ ඒවා මෙහේ කරන්න බැහැ. ඔබතුමා මන්ත්‍රීවරයෙක් විදියට හැසිරෙන්න. මොකද මේ චණ්ඩි විදියට හැසිරෙන්නේ. අත උස්සන්නේ ඇයි. හැසිරෙන්න දැනගන්න.
පාර්ලිමේන්තුව දක්වා කල් තැබිණි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නවා
Senarath Thursday, 05 July 2018 07:26 AM
අපි බලමු මෙයාගේ ගන්න බරපතල තීරණය මොකක්ද කියල. දේශපාලනයෙන් සමුගන්නවත් හිතාවිද ? අනේ එහෙම නම් හිතන්නවත් එපා. මේ යෝජනාවත් කොහොම හරි අනුමත කරගන්න ඕනෙනේ බටහිරයන්ට. එහෙම නැතිව කොහොමද උතුර වෙන් කරන්නේ.
shan saudi Thursday, 05 July 2018 07:55 AM
මේ සිදුවීම මතින් රටට ආදරය කරන හා රටේ සිවිල් අයිතිවාසිකම් රැක ගන්නේ කෙලෙසද කවුරුන් විසින්ද යන්න හොදින් බලා ගත හැකිවන අතර වන්නේ කුමක්ද යන්න පිලිබදව අප අවදියෙන් සිටින බව හොදින් මතක තබා ගන්න