(නිමල කොඩිතුවක්කු)
විනයක්, හැදියාවක් නැති, ව්‍යවස්ථාවක් අනුව වැඩ කළ නොහැකි ඇගේ හයියට කටේ හයියට වැඩ කරන දේශපාලන පක්ෂවලට ඡන්දය පාවිච්චි නොකළ යුතු බව සමස්ථ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
එවැනි පිරිස් පාලනයකට පැමිණීම රටකට කරන බරපතල ඛේදවාචකයක බැවින් පාක්ෂිකයන් සියලු දෙනාම සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
‘‘එක්සත් ජාතික පක්ෂය මේ දක්වා කළ හැකි කැපකිරීම් සියල්ලම කර තිබෙනවා. සියලු පාර්ශවයන් එකට තබාගෙන එක කණ්ඩායමක් විදියට ක‍්‍රියාකරන්න විශේෂයෙන් ම නායකයා උත්සාහ කළා.
උදාහරණයක් විදියට ජාතික වශයෙන් සියලුදෙනා එකට එකතුකරගෙන මහා සංධානයක් නිර්මාණය කරලා ජනාධිපතිවරණයට මුහුණදීමට තමයි අපි සැලසුම් කර තිබුනේ. ජනාධිපතිවරණය ආරම්භ වන අවස්ථාවේදිත් පක්ෂය සුගතදාස ක‍්‍රීඩාංගනයට මුදල් ගෙවලා එම කටයුතු සූදානම් කර තිබුනා.
එවැනි සැලැස්මක් තිබෙන අවස්ථාවකත් අපේ පක්ෂයේ සහ අපේ පක්ෂයේ නොවන කණ්ඩායමක් ඒ සන්ධානය සකස් කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය කරලා පක්ෂයේ විනය නීතිරීති සියල්ල කඩකරමින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත්තා. සෑම කණ්ඩායමක් ම පක්ෂයට වැදගත් නිසා ඒ ක‍්‍රියාවලියේදිත් පක්ෂ නායකතුමන් තවදුරටත් පක්ෂයේ එකමුතුව වෙනුවෙන් ක‍්‍රියා කළා.
ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට පස්සෙත් පාර්ලිමේන්තු විපක්ෂනායක ධුරය සඳහා අරගලයක් ඇති නොවීමට වගබලා ගනිමින් පක්ෂ නායකයා විදියට අග‍්‍රාමාත්‍ය ධුරයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඔහු ඉල්ලා අස්වුණා. මේ කතාකරන මොහොත වනවිටත් මේ රටේ තවමත් පැවතිය යුතු ආණ්ඩුව එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවයි. මේ කණ්ඩායමේ පිරිස් විටින්විට ඇමතිධුර වලින් ඉල්ලා අස්විමෙන් උත්සාහ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් පළිගැනීමයි. දැන් ඒ කරපු ක‍්‍රියාවලියෙන් පාඩුව සිදුවුනේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ටයි.
ගමේ වහලක් හදන්න 50,000ක් දීලා තිබුණා නම් ඉතුරු මුදල ගන්න බැරිවුණා. ගමේ පාරක් බාගෙට හදලා තිබුණා නම් පාරේ ඉතුරු බාගේ හදන්න බැරිවුණා. මේ තත්වය ඇතිකළේ එජාපයේම කණ්ඩායමක්. එහෙම නැතුව එජාපයේ සාමාජිකයන්ට හානි කළේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ නෙමෙයි.
දැන් මේ සිදුවීම් වලින් පසුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණා. මේ පාර්ශවය මාධ්‍ය හරහා දැනැවත් කරන්නෙ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත වාර්තා සහ ඒවායින් ගත්ත කරුණු කාරනා නෙමෙයි. මීළඟ මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂ මහලේකම්වරයා ඒ ගත්තු තීන්දු තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරාවි.
එක්සත් ජාතික පක්ෂය විදියට වෙනත් දේශපාලන පක්ෂයක් හදන්න අපේ සාමාජිකයන්ට බලයක් නැහැ. කෙසේවෙතත් තවදුරටත් ඒකරාශීව එකමුතුව ගමන් කළ යුතු නිසා පක්ෂ නායකතුමන් සංධානයක් හදන්න අවසර ලබාදුන්නා. සංධානයේ නායකත්වය, නාමයෝජනා මණ්ඩලය නියෝජය නායකතුමන්ට බාරදුන්නා. හැබැයි දේශපාලන පක්ෂයක් හදන්න අවසරයක් කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබාදුන්නේ නැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ සියල්ලටම අවසර දුන්නා, කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ සියල්ල අනුමත කළා යනුවෙන් දැන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට මතයක් ඇතුළු කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරනවා. එය සම්පූර්ණයෙන්ම බොරුවක් අසත්‍යයක් කියලා තමයි කියන්න වෙන්නේ. එවැනි අවසරයක් කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබාදුන්නේ නැහැ’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
‘ව්‍යවස්ථාවකට වැඩකරන්න බැරි පක්ෂවලට ඡන්දය දෙන්න එපා’