(ජයන්ත සමරකෝන්)
අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වුවද, ඉන් ජයග්‍රහණ රාශියක් ලැබී ඇති බවත් ආණ්ඩුවේ අත්තනෝමතික හිතුවක්කාර තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට තිබූ තුනෙන් දෙකේ බලය අහිමිවීම ඉන් ප්‍රධාන බවද, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (8) පැවසීය.
ඒ අනුව, ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ආණ්ඩුවේ හිතුවක්කාර තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවද, කොළඹ 10, පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
මෙම විශ්වාසභංගයේ පරාජය ගැන විවිධ මත තියෙනවා. ඒ පරාජය වීම නිසාම නොවෙයි. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විශ්වාසභංග 46ක් ඉදිරිපත් වී තිබෙනවා.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක හා රනිල් වික්‍රමසිංහ යන අගමැතිවරුන් තුන් දෙනාද ඒ අතර වෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවලින් ඒ. අමිර්තලිංගම් මහතාට එරෙහිව ඉදිරිපත්වුණු විශ්වාසභංගය හැර අනෙක් සියල්ලම පරාජය වී තිබෙනවා.
අපට තිබෙන ප්‍රශ්නය මේක සාර්ථකද? නැද්ද? කියන එක නෙවෙයි. එයින් ඇතිවී තිබෙන ප්‍රතිඵල මොනවාද යන්නයි වැදගත් වන්නේ. මේ වනවිට ආණ්ඩුව තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා. විධායක ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග දෙස රටම බලා ඉන්නවා.
එදා ඡන්ද අවස්ථාවේදී එජනිසයට ඡන්ද 96ක් තිබුණා. ජවිපෙ 6ක්ද සමග 102යි. එජාප 19න්ද පක්ෂව ඡන්දය දෙන්නට හිටියා. ඒ අනුව ඡන්ද 113ක් ගන්නටයි. අපි සැලසුම් කර තිබුණේ. තුන්වැනිදා රාත්‍රී වනතුරුම මෙම තත්ත්වය තිබුණා.
සියල්ල අන්තිම මොහොතේ වෙනස් වුණා. පහුගිය ඡන්දයෙන් අත හා බුලත්කොළයට මොකද වුණේ. මහින්ද රාජපක්ෂ යන සාධකය පමණයි මිනිස්සු ඉල්ලුවේ. ඡන්ද ප්‍රතිඵලයෙන් එළියට ආ සත්‍යය එයයි.
අද ආණ්ඩුව තුළ මතු වී තිබෙන දේශපාලන අර්බුදයේ ඇත්ත තත්ත්වය නම් විශ්වාසභංගයට එකඟ වූ ශ්‍රීලනිප 16 දෙනා ඉවත් කරන්නට රනිල් කියනවා. ඒ දේ කරන්නට ජනාධිපතිවරයා එකඟවෙලා නැහැ.
මේ විශ්වාසභංගයේ ජය පරාජය තියෙන්නේ ජනාධිපතිවරයා අත බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණා. මෙම පරාජයට දේශීය විදේශීය බලවේගවල මැදිහත්වීමක් තිබුණා. මේවා හැමදාම වෙන දේවල්. ඒත් සිද්ධ වූ දේ ගැන බලනවිට එය සත්‍යයක්ම නොවන බව පෙනෙන්නට තිබෙනවා.
එදා විශ්වාසභංග විවාදයට පෙර පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණු බවද අමතක නොකළ යුතුයි. ඒ අනුවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වෙන්නට කීවේ. පක්ෂයේ එකඟතාවක් නැත්නම් එහෙම වෙන්නේ නැහැ.
දේශපාලන පක්ෂවල වගකීම් දරන පිරිසක් ඉන්නවා. එම කමිටුවලින් ගන්නා තීරණ දැනුම්දීම පමණයි අපට ලැබෙන්නේ. මෙම විශ්වාස භංගයෙන් පස්සේ ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් නැහැ. මේ කිසිදු අර්බුදයක් මහ මැතිවරණයකින් තොරව විසඳන්නට බැහැ. එහිදී ජනාධිපතිවරයා ඉන්ද්‍රඛීලයක් ලෙස නොසැලී සිටිය යුතුයි. අද වනවිට අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් ආණ්ඩුවක් අලුත් කැබිනට් එකක් සඳහා මහ මැතිවරණයකට යා යුතුයි. ජනතාව ඉල්ලන්නෙත් එයයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනා ජනතාවගේ පැත්තේ හිටගන්නට නම් ඒකාබද්ධ විපක්ෂයට ආ යුතුයි. විපක්ෂනායක ආර්. සම්පන්දන් විපක්ෂයේ කාර්යභාරය කරන්නේ නැහැ. ආණ්ඩුවේ ඩීල් හා කොන්ත්‍රාත් වෙනුවෙන් පමණයි පෙනී සිටින්නේ. ඒ නිසයි, දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායකකම ඉල්ලා සිටියේ. අද විපක්ෂයේ භූමිකාව කරන්නේ කවුද කියා අද රටම දන්නවා.
මේ අවුල් ජාලාව තුළ තනතුරු නොගෙන දිගටම විපක්ෂයේ සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිව පමණයි අපේ කාර්යභාරය ඉටුකරන්නේ.
ටී.එන්.ඒ. එකත් එක්ක දෙමළ ජනතාව කලින් පැවැති තත්ත්වය අද නැහැ. අපේ දෙමළ විරෝධයක් නැහැ. අපේ ආණ්ඩුව එදා උතුරු නැගෙනහිරට විශාල වැඩ කොටසක් කළා. ඒ සියල්ල කළේ සද්භාවයෙන්. ඉකුත් ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කොටසක් අපට ලැබුණේ ඒ නිසයි.
රෝගීන්ගේ කිළිටි රෙදි සේදීම දැන් ඉන්දියාවට දෙන්නට සියලුම සැලසුම් හදලා. එක්ටා ගිවිසුම ගෙනෙන්නට බැරිකමට පිටින් කරන මේ දේවල් නිසා පාරම්පරික ස්ව ජාතිකයන්ගේ ස්වයංරැකියාවලට කණකොකා හඬලා ලක්ෂ 4ක් පාරට වැටෙනවා. මේක වහාම නවත්වන්නට කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.
කිළිටි රෙදි ටිකවත් සෝදාගන්නට බැරි ජාතියක් විදියට අපේ රට ලෝකයේම පිළිකුලට භාජනය වෙනවා. මෙවැන්නක් සිදුවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය. දැන් ආණ්ඩුව නොනිල අන්දමින් එක්ටා ගිවිසුම ක්‍රියාත්මක කරන්නට හොර රහසේම කටයුතු කරලා. රෝහල් රෙදි සෝදන එකත් ඉන්දියාවට දෙන්නට හදනවා. මෙහෙම වුණොත් අපේ ඇමැතිවරුත් අපුල්ලලා ගන්නම වෙනවා.
මේ ආණ්ඩුවේ අවසානය අත ළඟයි. එළඹෙන අලුත් අවුරුද්ද අවුරුදු නැති අවුරුද්දක්. ඇල්මැරුණු මළානික වූ කොහා කොහේද කියලා සොයාගන්නට බැහැ. නියං සායෙන් ජනතාව දුක් විඳිනවා. තුන්වේල කන්නට නැතිව තවත් පිරිසක් නොමැරී ජීවත්වෙනවා.
අටු කොටු පිරුණු රටක්, අවුරුද්දක් අද නියංසායෙන්, දරිද්‍රතාවෙන් පීඩා විඳිනවා. නකල්ස් කඳුවැටිය කෑගල්ල පැත්තේ දේශපාලනකයින්ගේ හිතවතුන් පිරිසක් අක්කර 21000ක් බෙදා වෙන්කරගෙන. තවත් පැත්තකින් බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරු දඩයම ටී.එන්.ඒ. වුවමනාවට හොඳින්ම කරගෙන යනවා.
ටී.එන්.ඒ. ඉල්ලීම් 10 අතර රණවිරු දඩයමත් තියෙනවා. විශ්වාසභංගය පරාජය කරන්නට සහාය දුන්නාට දෙන සන්තෝෂම් තමයි ඒවා. ජනබල අරගය ආරම්භ කළ යුතු යැයිද කීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විශ්වාසභංගය පැරදුණත් ජයග්‍රහණ රැසක් ලැබුණා
sanath Monday, 09 April 2018 08:34 AM
කබරයා තලගොයා කරන නියාය පෙරලුනු අත හොදයි නොකියා වෙන මොනවා කියන්න ද හැමදාම මහජනයා මෝඩයින්ට අන්දන්න හිතන්න එපා .
shan saudi Monday, 09 April 2018 12:32 PM
තවත් ගම් කබරයෙක්.. මහජන මුදල් ගසා කමින් රටට කිසිම සේවයක් නොකරපු කෙනෙක්..
Ajith Nissanka Monday, 09 April 2018 05:50 PM
ඒක නේන්නම්! රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් වීමත් කොච්චර ලොකු ජයග්‍රහණයක්ද?
saththaya Tuesday, 10 April 2018 01:46 AM
දිගටම බලන්නේ රට අගාදයට පත් කරලා දුෂිතයන්ව නඩු වලින් බේරන්න. නියම දේශපාලුවෝ. මෙතෙක් කල් රටට කරපු සේවය ඕනෑම දෙයකට අත උස්සපු එක විතරයි.
Saman Sunday, 15 April 2018 08:29 PM
නරියා සහ මිදී වැල