IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘‘විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයින්ට අසීරු දෙයක්‘‘


 

(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

රටට ජනතාවට අවංකව සේවය කරන පිරිසක්ය යන විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයනට ඉතා අසීරු දෙයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රාජ්‍ය ආයතනවල සේවය කරන්නන් සම්බන්ධයෙන් බොහෝ විට වංචා, දූෂණ පිළිබඳ චෝදනා සහ පැමිණිලි තිබුණත් විශේෂ කාර්ය බළකාය වැනි කිසිම චෝදනාවකට ලක් නොවූ පිරිස් ද රාජ්‍ය සේවයේ සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේදී ඉකුත් 5 වැනිදා පැවැති එහි 76 වැනි මූලික වනසටන් පාඨමාලාවේ 274 දෙනකු සේවයට විසිරයෑමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“පොලිස් විශේෂ කාර්ය බළකාය සාමාන්‍ය පොදු ජනතාව අතර ඉහළ ම පිළිගැනීමක් සහ විශාල විශ්වාසයක් දිනාගෙන ඇති කණ්ඩායමක්. රාජ්‍ය ආයතනවල සේවය කරන අය ගැන බොහෝ විට වංචා, දූෂණ පිළිබඳ චෝදනා සහ පැමිණිලි තිබුණත් මා දන්නා පරිදි විශේෂ කාර්ය බළකායේ සේවය කරන ඔබ ඒ කිසිම චෝදනාවකට ලක් නොවූ අයයි. ඔබ දූෂණ චෝදනා නොමැතිව රටට සහ ජනතාවට අවංකව සේවය කරන පිරිසක් බවට ජනතාව තුළ විශාල විශ්වාසයක් තිබෙනවා.
 
ජනතාවගේ විශ්වාසය ලබාගැනීම ඉතාමත්ම අසීරු දෙයක්. විශේෂයෙන්ම එය රාජ්‍ය සේවයේ වැඩකරන අයට අමාරු දෙයක්. ඒ විශ්වාසය ඔබ දිනාගෙන තිබෙනවා. ඒ ඔබේ අවංකකම, කැපවීම, සටන්කාමීත්වය, පරිත්‍යාගශීලිභාවය හා ඔබ ලබා ඇති විශිෂ්ට පුහුණුව නිසයි.
 
රටේ ජාතියේ යහපත සඳහා, අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනයට, නීතිවිරෝධි කටයුතු පාලනයට නායකත්වය දීමෙන් ඔවුන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. මෙවැනි විශිෂ්ට ලංකා පුත්‍රයන් පිරිසක් රටට දායාද කළ ඔබ හැදූවැඩූ ඔබේ ආදරණීය මවුපියවරුන්ට, මම මේ අවස්ථාවේ රජය සහ ජනතාව වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පුදකර සිටිනවා.
   
අද සේවයට විසිර යන විශේෂ කාර්ය බළකා 76 වන  මූලික පාඨමාලාවේ තරුණ නිල දරුවනි, ඔබ දක්ෂයි. අවංකයි. විශිෂ්ටයි. ඒ නිසා ඔබට මාගේ ගෞරවය පුදකර සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය පිළිබඳව දීර්ඝ කාලයක් රටේ ජනතාව තුළ ඇති ගෞරවය සහ විශ්වාසය ඒ ආකාරයෙන්ම ඔබ රකිනු ඇතැයි මා විශ්වාස කරනවා. විශේෂ කාර්ය බළකා 76 වන පුහුණු පාඨමාලාව අවසන් කළ ආධුනික පොලිස් පරීක්ෂකවරුන්, ආධුනික පොලිස් කොස්තාපල්වරුන්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරුන්ගෙන් සමන්විත නිලධාරීන් 274 දෙනෙක් අද මේ අවස්ථාවට එක් වී සිටිනවා.
 
මෙම නිලධාරීන් භූමි උපක්‍රම, අවි සහ වෙඩි පුහුණුව, ප්‍රථමාධාර, සන්නිවේදනය, මහජන සාමය කළමනාකරණය, ප්‍රභූ ආරක්ෂාව සහ ප්‍රායෝගික වන සටන් පුහුණුව යන විෂයන් සහිත නීතිය හා ප්‍රායෝගික පොලිස් විධි සම්බන්ධ මාස 06 ක පුහුණු පාඨමාලාවත්, සති 30 ක වනසටන් පුහුණු පාඨමාලාවත් සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා.
 
ප්‍රධාන වශයෙන් ම අපේ රටේ දීර්ඝ කාලයක් පැවති යුද්ධය සහ යුද්ධයෙන් පසුවත් අපරාධ මර්දනය, නිතී විරෝධි ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, දූෂිතයන්, විවිධ සමාජ විරෝධීන් මර්දනයට අත්අඩංගුවට ගැනීම් වැනි රාජකාරීවල දී තමාගේ ශරීරයේ අවයව අහිමි වූ ජීවිත පරිත්‍යාග කළ සියලුදෙනාම මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඇතිවුණු රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කරන්න අවිආයුධ පුහුණුව ලැබූ, සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක අවශ්‍යතාව මතුවුණු නිසා, පොලිස් විශේෂ කාර්ය බළකාය පිහිට වූ බව ඔබ දන්නවා. ඒ අනුව 1983 වර්ෂයේ දී සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ ඒකකයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කරන්නට එවක රජය කටයුතු කළා. පොලිස් විශේෂ කාර්ය බළකාය බිහිවීමත් සමග පොලිසියේ රාජකාරී විෂය පරාසය පු`ඵල් වුණා. මේ අතර විශේෂිත දැනුම් ඇති පිරිස් පොලිසිය තුළින් බිහිවුණා. ඒ විශිෂ්ටයන්, දක්ෂයන් සියලුදෙනාම ජාතියේ විශිෂ්ට දරුවන් ලෙස සෑමවිටම අප පිළිගන්නවා.
 
අද මේ ඉතාමත් වැදගත් අවස්ථාවට ඔබ සමඟ එක්වන්න ලැබීම ගැන මාගේ සතුට ප්‍රකාශ කරමින්, ජනාධිපතිවරයා ලෙස නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකායට මාගේ ගෞරවය සහ ප්‍රණාමය පුදකරනවා.
වැඩබලන පොලිස්පති ඩී.ඩී. වික්‍රමරත්න පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

මෙහිදී දක්ෂතම ආධුනික උප පොලිස් පරික්ෂකවරයා ලෙස ආර්.ඒ.ඩී.එස්.එම්. රත්නායකද දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලෙස එස්.එම්.ඩී.පී. අබේරත්නද (93161) දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල්වරිය ලෙස ජී.ඒ.ඩී. සදුනිකාද (11253) මෙහිදී විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ.

උත්සවය ආරම්භවීමට පෙර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා එම පරිශ්‍රයේ ඉඳිකරන ලද රසායනික, ජෛව විද්‍යාත්මක, විකිරණශිලී, න්‍යාෂ්ටික හා පුහුණු ද්‍රව්‍ය ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයද විවෘත කළේය.

පැරෂුට් සංදර්ශනයකින්ද අංගම්පොර සංදර්ශනයකින් හා අසිපත් සංදර්ශනයකින්ද උළෙල වර්ණවත් විය.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් ආණ්ඩුකාර එම්.ජේ.එම්. සුසම්මිල්, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

‘‘විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයින්ට අසීරු දෙයක්‘‘

Chathuri Wednesday, 09 October 2019 04:07 PM

තමන් හිතන් ඉන්නේ විශ්වාසය දිනාගත්තා කියලද? ඒක ලොකු වැරදීමක්... ජනතාව තමුන් විශ්වාස කරලා රට බාර දුන්නේ..., නමුත් ඔය කටින් කිව්වා මිනීමරුවන්ට මේ රට බාර නැවත පාලනය කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. අද මොකද වුනේ? නැවත මිනීමරුවන්ට රට කරන්න සහය දුන්නා. වේදිකාවට නගින්නේ නැත්තේ ජනතාවගෙන් හොඳ කතා ටිකක් අහගෙන... හූ පාරක් කාගෙන එන්න වෙන්නේ. ඒ ලැජ්ජාවට නොයා ඉන්නේ... දුවට කියන්න තව පොතක් ලියන්න කියලා, දේශපාලනය කරන්න එනවා නම් හොඳ කොන්දක් ඕන කියලා“ මහින්දයි, සිරිසේනයි එකතු වුණොත් මුළු ලෝකෙම ගිනි තියන්න පුළුවන්..., කිසිම ලෝක නායකයෙක් මේ මුහුණු දෙක ප්‍රිය කරන්නේ නැහැ. කටුසු, නරි, චරිත තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site